fbpx
තවත්

    අයිඩියල් මෝටර්ස් ගෙනෙන Mahindra care fest ලබන 24-25 රත්මලානේදී

    0

    ඉන්දියාවේ ප්‍රමුඛ පෙලේ සමාගමක් වන මහින්ද්‍ර ඇන්ඩ් මහින්ද්‍ර සමාගමේ ශ්‍රී ලංකාවේ අලෙවි නියෝජිත අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම සිය මහින්ද්‍ර පාරිභෝගිකයන් වෙනුවෙන් වාර්ෂිකව පවත්වනු ලබන සේවා කඳවුර (Mahindra care fest) මෙවරද පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    ඒ අනුව මෙම මස 24,25 යන දෙදින පුරා රත්මලානේ පිහිටි අයිඩියල් මෝටර්ස් ප්‍රධාන සේවා මධ්‍යස්ථානයේදී මෙම සේවා කදවුර (Mahindra care fest) පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

    ඉන්දියාවේ මහින්ද්‍ර ඇන්ඩ් මහින්ද්‍ර සමාගම ලොව පුරා සිටින තම පාරිභෝගිකයන් වෙනුවෙන් සෑම වසරකදීම පවත්වනු ලබන මෙම සේවා කඳවුර (Mahindra care fest) බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වන වැඩසටහනක් වීම සුවිශේෂී කාරණාවකි. ශ්‍රී ලංකාවේද එම වැඩසටහන් මාලාව අදියර කීපයක් යටතේ පැවැත්වීමට මෝටර්ස් පුද්ගලික සමාගම තීරණය කර තිබේ.

    තම පාරිභෝගිකයන් හට තත්වයෙන් උසස් සේවාවක් සැපයීමත් ඔවුන්ව ආරක්ෂා කිරීමත් අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගමේ මූලික අරමුණ වේ. ඒ නිසා විශේෂ පුහුණුවක් ලැබූ තාක්ෂණික නිලධාරීන් විසින් මෙම දින දෙකෙහි සියලුම මෝටර් රථ පරික්ෂා කිරීම සිදුකරන අතර නොමිලේ තත්ත්ව පරීක්ෂාවක් මෙන්ම ලබා ගන්නා සේවාවන් සහ අලුත්වැඩියාවන් සදහා විශේෂ වට්ටම් ද ලබාදීමට අයිඩියල් මෝටර්ස් විසින් කටයුතු සූදානම් කර ඇත.

    අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම විසින් දැනටමත් ශ්‍රී ලංකාවේ මහින්ද්‍ර මෝටර් රථ ලක්ෂයේ සීමාව ඉක්මවා අලෙවි කර ඇති අතර ඔවුන් සතුව පවතින සුවිශේෂී අලවියෙන් පසු සේවා ජාලය නිසා තම පාරිභෝගිකයන් හට අවශ්‍ය සේවා සහ අළුත්වැඩියා පහසුකම්ද ලබා දීමට හැකියාව ලැබී තිබේ.

    එමෙන්ම අයිඩියල් ව්‍යාපාර සමූහයට අනුබද්ධ සමාගමක් වන අයිඩියල් ෆස්ට් චොයිස් පුද්ගලික සමාගම විසින් දිවයින පුරා පිහිටා ඇති තම සේවා සහ අළුත්වැඩියා මධ්‍යස්ථානවලදී ද මෙම සේවා කදවුර (Mahindra care fest) සිදු කිරීමට දැනටමත් කටයුතු සූදානම් කර තිබේ. එම වැඩසටහන් ලබන පෙබරවාරි මාසය තුළ දිවයින පුරා පිහිටා ඇති අයිඩියල් ෆස්ට් චොයිස් සේවා මධ්‍යස්ථාන වල පවත්වනු ලබයි. එහි පළමු අදියර මෙන් මස 24, 25 දෙදින පුරා රත්මලානේ ප්‍රධාන සේවා මධ්‍යස්ථානයේදී පැවැත්වෙන අතර දිවයින පුරා පිහිටා ඇති අයිඩියල් ෆස්ට් චොයිස් සේවා මධ්‍යස්ථානවලද මෙම වැඩසටහන පැවැත්වේ. අනුරාධපුර අයිඩියල් ෆස්ට් චොයිස් සේවා මධ්‍යස්ථානය මඟින් මෙම වැඩසටහන ලබන මාර්තු මාසයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. එමෙන්ම මෙම සේවා කදවුර මගින් මහින්ද්‍ර බර වාහන හිමියන් සඳහාද සියලුම සේවා කටයුතු සලසාදීමට සැලසුම් කර තිබේ.

    මහින්ද්‍ර මෝටර් රථ අලෙවිය සහ අලෙවියෙන් පසු සුවිශේෂී සේවා සපයන කීර්තිමත් ආයතනයක් ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම මහින්ද්‍ර අයිඩියල් ලංකා සමාගම 2019 වසරේ ආරම්භ කිරීමත් සමඟ දේශීය කොටස් ද 30% කට අධික ප්‍රමාණයක් එක් කරමින් මෙරටදීම mahindra KUV100NXT එකලස් කිරීම ආරම්භ කරන ලදී. එම කර්මාන්ත ශාලාව මගින් මේ වන විට KUV 100 NXT පෙට්‍රල් රථයට අමතරව KUV 100 NXT ඩීසල් රථය, mahindra bolero City Pik-Up රථයද දේශීය කොටස් එකතු කරමින් එකලස් කිරීම මේ වන විට ආරම්භ කර තිබේ.

    ශ්‍රී ලංකාව තුළ සිටින අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගමේ පාරිභෝගිකයන්ට මෙම අවස්ථාවට සම්බන්ධ වී උපරිම සේවාවක් ලබා ගන්නා ලෙසට අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම සියලුම මහින්ද්‍ර රථවාහන පාරිභෝගිකයන්ට විවෘත ආරාධනාවක් සිදුකරයි.

    දුරකතන ජාලවලින් දෙන රක්ෂණ තහනම්

    0

    ජංගම හා ස්ථාවර දුරකතන සේවා සමාගම් විසින් සිය දුරකතන ජාල උපයෝගී කරගනිමින් රක්ෂණ ඔප්පු අලෙවිය නවතා දැමේ.

    ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව මෙම තීරණය ගෙන ඇත.

    ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් මහජනතාවගෙන් ලද පැමිණිලි සලකා බැලීමෙන් අනතුරුව මෙම පියවර ගෙන තිබේ.

    2021 සැප්තැම්බර් 06 වැනිදා සිට බලාත්මක වන පරිදි, ජංගම හා ස්ථාවර දුරකතන ජාල විසින් රක්ෂණ ඔප්පු අලෙවිය නවත්වන ලෙස සියලුම රක්ෂණ සමාගම් වෙත දැනුම් දී ඇත.

    ඒ අනුව මහජනතාවගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම උදෙසා ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව කරුණු කිහිපයක් අවධාරණය කර සිටී.

    එනම්,

    1. තවදුරටත් ජංගම හා ස්ථාවර දුරකතන ජාල උපයෝගී කරගනිමින් රක්ෂණාවරණ මිල දී ගැනීමෙන් වැළකී සිටින්න.

    2. ඔබ දැනටමත් ජංගම හා ස්ථාවර දුරකතන ජාල මගින් රක්ෂණාවරණ මිල දී ගෙන ඇත්නම්, ඊට අදාළ රක්ෂණ සමාගම සමඟ සෘජුව සම්බන්ධ වී, එම රක්ෂණාවරණයට අදාළ රක්ෂණ ඔප්පුව පිළිබඳව තහවුරු කරගනිමින් එය පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සිදුකරන්න.

    3. ජංගම හා ස්ථාවර දුරකතන ජාල උපයෝගී කරගනිමින් රක්ෂණ ඔප්පු අලෙවි කළ රක්ෂණ සමාගම්, එම රක්ෂණාවරණ ලබාගත් පාරිභෝගිකයන් සඳහා සෘජුවම රක්ෂණ තැරැව්කරුවකු හෝ රක්සණ නියෝජිතයෙකු මගින් තවදුරටත් සේවාවන් ලබාදීමට බැඳී සිටී.

    4. මේ සම්බන්ධ ඕනෑම කරුණක් පිළිබඳ පැහැදිලි කිරීමක් ලබාගැනීමට රක්ෂණාවරණය ලබාගත් සමාගමෙහි ක්ෂණික ඇමතුම් අංකය/ පාරිභෝගික සේවා අංකය ඇමතීම, රක්ෂණ හිමිකරු වන ඔබේ අයිතියකි.

    5 ශිෂ්‍යත්වයට ඉන්න කොවිඩ් ආසාදිත දරුවන්ට වෙනම මධ්‍යස්ථාන

    0

    5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට පැවැත්වේ.

    මෙවර ශිෂ්‍යත්ව විභාගයට ළමුන් 340508 දෙනෙකු පෙනී සිටින බව විභාග කොමසාරිස් ජෙනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පැවසීය.

    මෙවර ශිෂ්‍යත්ව විභාගයේ විභාග මධ්‍යස්ථාන 3051කදී පැවැත්වෙන අතර ඉන් මධ්‍යස්ථානයක 108ක් කොවිඩ් වැළඳී සිටින දරුවන් වෙනුවෙන් වෙන් කර ඇති බව ද විභාග කොමසාරිස්වරයා කීය.

    සෑම අධ්‍යාපන කලාපයකම විශේෂිත විභාග මධ්‍යස්ථානයක් බැගින් ස්ථාපිත කර ඇති අතර කොවිඩ් ආසාදිත දරුවන්ට ළඟම පිහිටි එම මධ්‍යස්ථානයට ගොසිප් අගයට පෙනී සිටිය හැකි බව බවද සඳහන් කළේය.

    නිරෝදායනය වන දරුවන්ට තමන්ට අදාළ විභාග මධ්‍යස්ථානයේම විශේෂිත කාමරයකදී විභාගයට පෙනී සිටිය හැකි බව ද විභාග කොමසාරිස්වරයා කීය.

    මුව ආවරණ පැළඳ දුරස්ථභාවයභාවය රැකගනිමින් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව දරුවන් විභාග මධ්‍යස්ථානවලට යොමු කළ යුතු බවද ඔහු කීය.

    කුඩු ජාවාරම්කාරියකගේ කෝටි ගණනක දේපොල තහනම් කරයි

    0

    මත්කුඩු ජාවාරම්කාරියක් වන නිසංසලා සංජීවනී නොහොත් කුඩු නිසංසලාගේ රුපියල් කෝටි ගණනක් වටිනා දේපොල අධිකරණය හරහා තහනම් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි දේපොල හෝ වත්කම් විමර්ශන කොට්ඨාශය අද පියවර ගත්තේය.

    හතලිස් තුන්වන වියේ පසුවන මෙම සැකකාරිය පිළියන්දලදී 2020 වසරේ අගෝස්තු මාසයේදී හෙරොයින් ග්‍රෑම් 75 ක් සමඟ කොටුවීමත් සමඟ ඇගේ දේපොල සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වී තිබේ.

    ඒ අනුව ඇය මත්කුඩු ඡාවාරමෙන් උපයාගත්බව කියන මොරටුමුල්ලේ ප්‍රනාන්දු මාවතේ ඉඩම් දෙකක්, රන්පවුම් 40 ක්, කුඩා ලොරියක්, ක්‍රී රෝද රථයක් සහ ත්‍රී රෝද රථයක් හඳුනාගෙන ඒවා තහනම් කිරීමට පියවරගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    මෙවැනි මත්කුඩු ජාවාරම්කරුවන් 100 කට වැඩි පිරිසක් සම්බන්ධයෙන් නීති විරෝධි දේපොල හෝ වත්කම් විමර්ශන කොට්ඨාශය මේ වන විට පරීක්ෂණ පවත්වමින් ඇති අතර රත්මලානේ කුඩු අංජු සහ ඇල්ටෝ ධර්මේ සතු දේපොල සම්බන්ධයෙන්ද විමර්ශන ඒ අතර වන බව සඳහන්ය. ඇල්ටෝ ධර්මේ විසින් ආරක්ෂක අංශ සහ දේශපාලනයට සම්බන්ධ පුද්ගලයින්ට මුදලින් මෙන්ම දේපොල වලින් ලබාදුන් සහයන් ගැන තොරතුරු පවා ලැබී ඇති අතර එම තොරතුරුවල ඇත්ත නැත්ත ගැන පවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට විමර්ශන පවත්වන බව සදහන්ය. රුපියල් කෝටි ගණන් වලින් ඇල්ටෝ ධර්මේ විසින් උදව් කල ආරක්ෂක අංශ සාමාජිකයන් ගැන ද ඒ තොරතුරුවල ඇතිබව පොලිස් තොරතුරු සඳහන් කළේය.

    හරක් කටා ඩුබායි සිට වැඩ අල්ලයි

    0

    වැලිගම මිදිගම තුර්කි ගම්මානයේදී පුද්ගලයෙකුට ඊයේ රාත්‍රීෙය්දී වෙඩි තබා ඝාතනයකර තිබේ.

    එම ඝාතනය ඩුබායි හී රැදී සිටින ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙකුගේ නියෝගයකින් ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ මිතුරෙක් විසින් කර ඇතැයි පොලිස් විමර්ශන වලින් අනාවරණය වී ඇත.

    ඝාතනයට ලක්ව ඇත්තේ තුර්කි ගම්මානයේ පදිංචිව සිටි 46 හැවරදි පුද්ගලයෙකි. 2015 වසරේදී මෙම පුද්ගලයාව හරක් කටා ඇතුළු පිරිසක් විසින් පහරදී කපාකොටා තුවාල කිරීමක් සම්බන්ධයෙන් නඩුවක් මාතර මහාධිකරණයේ විභාගවේ. එම නඩු විභාගය ඊයේ පැවති අතර එහිදී හරක් කටාගේ පාර්ශවය නඩුව සමතයකට පත්වීමට අධිකරණයේදී ඉල්ලීමක් කර ඇත. එහිදී ඝාතනයට ලක්වූ පුද්ගලයා රුපියල් ලක්ෂ 10 ක මුදලක් ඉල්ලා ඇති බවත් හරක් කටාගේ පාර්ශවය රුපියල් ලක්ෂ 10 ක මුදලක් ලබාදීමට එකඟවී ඇති බවත් පොලීසිය කියයි. රුපියල් ලක්ෂ 05 ක මුදල ගබාගෙන සමතයකට පත්වීමට ඝාතනයට ලක්වූ පුද්ගලයා එකඟ නොවීම හේතුවෙන් නඩුව කල්ගොස් ඇත.

    එදින උදෑසන සිට ඔහුව යතුරු පැදියේ නන්වාගෙන අධිකරණයට ගොස් නඩුව අවසන්ව නිවස වෙත රැගෙන විත් ඇති මිතුරා විසින් අවසානයේදී ඔහුට වෙඩි තබා ඝාතනයකර ඇති බව පොලිස් විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.

    මේ වන විට එම සැකකරු සැඟවී සිටින බවත් ඔහුව අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවත් පොලීසිය කියයි.

    බොරැල්ලේ නිවාස කිහිපයක ගින්නක්

    0

    බොරැල්ල කිතුල්වත්ත පාරේ නිවාස පහක ගින්නක් හටගෙන ඇතැයි වාර්තා වේ.

    ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ හයක් පිටත් කර යවා ඇති බව කොළඹ ගිනි නිවන ඒකකය පවසයි.

    ඔස්ට්‍රියාවේ කොවිඩ් එන්නත අනිවාර්ය කෙරේ

    0

    ඔස්ට්‍රියාවේ සෑම වැඩිහිටියෙකුම Covid-19 ට එරෙහිව එන්නත් ලබා ගැනීම අනිවාර්ය කෙරේ.

    මෙම පනත් කෙටුම්පත පෙබරවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත ය.

    ගර්භනී කාන්තාවන් හෝ වෛද්‍ය හේතූන් මත නිදහස් වූවන් හැර එන්නත ප්‍රතික්ෂේප කරන අය සඳහා දඩ මුදල් පැනවීම මාර්තු මැද සිට ක්‍රියාත්මක කරන බව එරට වාර්තා පවසයි.

    එන්නත නොගන්නා ඔස්ට්‍රියා පුරවැසියන් යුරෝ 3,600 ($4,000) උපරිම දඩයකට යටත් වනු ඇත.

    COVID-19 ට එරෙහිව එන්නත් කිරීම රටේ සියලුම පුරවැසියන් සඳහා අනිවාර්ය කිරීමට පක්ෂව ඔස්ට්‍රියානු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 137 දෙනෙකු අද ඡන්දය ප්‍රකාශ කළහ.

    පනතට විරුද්ධ වූයේ මන්ත්‍රීවරුන් 33 දෙනෙකු පමණි.

    රටේ නීති සම්පාදකයින්ගෙන් අතිමහත් බහුතරයක් නව නීති සම්පාදනයට සහය දැක්වීමත් සමඟ, පනත දැන් විවාදයට හා අනුමත කිරීමට ඔස්ට්‍රියානු පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයට යයි.

    අනිවාර්ය එන්නත් කිරීමේ පනත සම්මත කිරීම මේවනවිටත් සහතික කර ඇත.

    පාර්ලිමේන්තුවේ මේ සඳහා විරුද්ධ වූ එකම පක්ෂය දක්ෂිණාංශික නිදහස් පක්ෂයයි.

    අද එන්නත් මධ්‍යස්ථාන 121ක් රටපුරා

    0

    අවුරුදු 20 ට වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නත ඇතුළුව කොවිඩ් මර්දන එන්නත් අද දිනයේ ද රට පුරා පිහිටි මධ්‍යස්ථාන 121කදී ලබාදෙන බව ජනාධිපති කාර්‍යාලය නිවේදනය කරයි.

    අද දිනයේදී එන්නත් ලබා දෙන සියලූම මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

    Vaccination Centers on 21.01.2022

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ්

    0

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ්-19 ආසාදනය වී තිබේ.

    ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍යානකියන් රාසමාණික්කම් මහතා කොවිඩ් ආසාදිත බවට අද තහවුරු වී ඇත.

    ඔහු සහ ආශ්‍රිතයින්‌ නිරෝධායනයට ලක් කර ඇති බව මන්ත්‍රීවරයා කීය.

    හිස්බුල්ලාට ඇප දෙනවාට නීතිපති විරුද්ධ නෑ

    0

    පාස්කු ප්‍රහාර සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාට ඇප ලබාදීමට එරෙහි නොවීමට නීතිපතිවරයා තීරණය කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව අභියාචනාධිකරණයට අද දැනුම් දී තිබේ.

    ඒ ඔහු ඇප ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සමක් අද කැදවූ අවස්ථාවේදීය.

    හිජාස් හිස්බුල්ලා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කොට සිටී.

    සපුගස්කන්ද බලාගාර දෙක අද රෑ නවතී

    0

    දැවිතෙල් නිම වීම නිසා සපුගස්කන්ද බලාගාර දෙකේම විදුලි ජනන කටයුතු අද රාත්‍රියේ දී නතර වීමට වෙන බව ලංකා විදුලිබල මණ්ඩල ආරංචිමාර්ග සඳහන් කරයි.

    සපුගස්කන්ද බලාගාර දෙක සඳහා දැවිතෙල් ඉතිරිව තිබෙන්නේ අද රාත්‍රී 8 පමණ වන තෙක් විදුලි ජනනය සඳහා පමණකැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

    සපුගස්කන්ද බලාගාර දෙක නතර වුවහොත් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 100ක පමණ ධාරිතාවක් අහිමි වන බව ද ලංවිම ආරංචිමාර්ග සඳහන් කරයි.

    මේ අතර නතර වී තිබූ කැලණිතිස්ස බලාගාර තුනේ විදුලි ජනන කටයුතු මේ වන විට ආරම්භ වී ඇතැයි ද ලංවිම ආරංචි මාර්ග කියයි.

    ඒලෙවල් විභාගය කල්දාන්නැයි සිසුහු ඉල්ලති

    0

    අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2021 විභාගය තවත් මාස කීපයකින් කල් දමන්නැයි එම විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් පිරිසක් ආණ්ඩුවෙන් ඉල්ලා තිබේ.

    විභාගයට පෙනී සිටින සිසුන් පිරිසක් ජනාධිපතිවරයාට අගමැතිවරයාට සහ අධ්‍යාපන ඇමතිවරයාට ලිපි යවමින් එම ඉල්ලීම කර ඇත.

    අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විෂය මාලාවන් සම්පූර්ණ කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් විභාගයට මුහුණ දීම ගැටලු සහගත බව ද එම නිසා තවත් මාස කීපයකින් විභාගය කල් දමන්නැයි ඉල්ලා සිටින බවද සිසුන් ජනාධිපතිවරයාට සහ සෙසු අයට යවා ඇති ලිපිවල සඳහන් වේ.

    විෂයමාලා සම්පූර්ණ කිරීම සඳහා තවත් මාස තුන හතරක්වත් යනු ඇතැයි එම සිසුන් ලිපි මඟින් පෙන්වා දී ඇත.

    විදේශිකයින්ගෙන් රුපියල් අයකිරීම තහනම්

    0

    විදේශිකයින්ට වීසා සැපයීමේ දී ඒ සඳහා කරන අය කිරීම් විදේශීය මුදල් ඒකකයකින් පමණක් සිදු කළ යුතු යැයි ශ්‍රී ලංකා මහ බැංකුව ලියාපදිංචි සංචාරක ආයතන වලට දැනුම් දී තිබේ.

    ඒ අනුව මින් පසුව විදේශිකයින්ගෙන් රුපියල් අය කිරීම තහනම් වන අතර සපයන සේවාව වෙනුවෙන් ඩොලර් පවුම් හෝ වෙනත් මුදල් ඒකකයකින් අයකිරීම් සිදු කිරීමට ලියාපදිංචි සංචාරක ආයතනවලට සිදුවේ.

    ශ්‍රී ලංකාවේ විදේශ විනිමය හිඟයට පිළියමක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව එම තීන්දුව ගෙන ඇත.

    විදුලිය කපනවද? නැද්ද? ලංවිමෙන් විවිධ කතා

    0

    අද පස්වරු 2.30 න් පසුව විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවත් අද කිසිදු කප්පාදුවක් නොවන බවටත් වන පරස්පර විරෝධී අදහස් ලංකා විදුලි බල මණ්ඩලයෙන් මතුව තිබේ.

    එහෙත් අද පස්වරු 1 ට පෙර ද ඇතැම් ප්‍රදේශවල විනාඩි 45 බැගින් වූ විදුලි බිඳවැටීම් වාර්තා විය.

    ඩොලර් ලබාදීමත් සමගම ඊයේ දිනයේදී නැව් දෙකකින් තෙල් ගොඩබෑම සිදු කෙරුණි.

    එයින් තෙල් මෙට්‍රික් ටොන් දස දහසක් විදුලිබල මණ්ඩලයට ලබාදීමට එම අවස්ථාවේදීම කටයුතු කළ බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවේදී සදහන් කළේය.

    එහෙත් ඊයේ පස්වරුවේ සිටම කොට්ඨාස මට්ටමින් විවිධ පළාත්වල පැයකට අධික විදුලි කප්පාදු කිරීම් වාර්තා විය.

    පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය කියා සිටියේ ඊයේ දිනයේ සිට විදුලි කප්පාදුවක් සිදුවන බවයි.

    දිවා කාලයේ විදුලි කප්පාදුවක් සිදු නොවුනත් පස්වරු 2.30 න් පසු යම් කාල සීමාවකට විදුලි කප්පාදුවක් සිදුවන බව අද දිනයේ ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන ඉංජිනේරු පද්ධති පාලන එරංග කුඩාහේවා මහතා පවසා ඇත.

    රහස් පොලීසියේ ලොකු පුටුවට කාවින්ද පියසේකර නම් කෙරේ

    0

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ලෙස කුලියාපිටිය කොට්ඨාශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාවින්ද පියසේකර මහතාගේ නම පොලිස්පතිවරයා විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයට නිර්දේශකර යවා තිබේ.

    වලානේ පිහිටි මධ්‍යම දූෂණ ප්‍රහාරක බලකායේත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේත් කලක් කටයුතුකර ඇති ඒ කාවින්ද පියසේකර මහතා සංචාරක පොලිස් කොට්ඨාශයේ අධ්‍යක්ෂ ලෙසද සේවය කරනු ලැබීය.

    ශ්‍රී ලංකා පොලීසියේ නිහඩව වැඩකරන චරිතයක් ලෙස ප්‍රසිද්ධ කාවින්ද පියසේකර මහතා දක්ෂ විමර්ශකයෙක් ලෙස පොලීසිය තුළ ප්‍රචලිතය.

    අජිත් රෝහනට නැවතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශ ධූරය?

    0

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස නැවත වරක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පත්කිරීමට අවධානය යොමුව තිබේ.

    ඉදිරි පැය 48 ඇතුලත එම පත්කිරීම සිදුවනු ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග අනාවරණය කළේය.

    අජිත් රෝහන මහතා මෙවර මාධ්‍ය ප්‍රකාශක ධූරයට පත්වීමට නියමිතව ඇත්තේ 06 වැනි වතාවටය.

    ලකී කොඩිතුවක්කු මහතා පොලිස්පතිවරයා ලෙස සේවයේ නිරතව සිටියදී 2000 වසරේදී පොලිස් මහජන සම්බන්ධතා අංශයේ අධ්‍යක්ෂව සිටි එකල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් ලෙස කටයුතුකල රියන්සි පෙරේරා මහතා ශ්‍රී ලංකා පොලීසියේ මාධ්‍ය ප්‍රකාශක ලෙස නිල වශයෙන් නම් කිරීමෙන් අනතුරුව මෙතෙක් වැඩිම කාලයක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතුකර ඇත්තේ අජිත් රෝහන මහතාය.

    2011 වසරේදී මුලින්ම අජිත් රෝහන මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්වන විට ඔහු පොලිස් අධිකාරීවරයෙකි. 2012 වසර දක්වා ඔහු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස සේවය කිරීමෙන් අනතුරුව නැවත වරක් එම තනතුරට ඔහුව පත්කෙරන්නේ 2013 වසරේදීය. 2015 වසර දක්වා අජිත් රෝහන මහතා නැවත මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ අතර 2017 දී නැවතත් මාධ්‍ය ප්‍රකාශක වගකීම කෙටි කාලයකට ඔහුට පැවරුණි. පසුව කොවිඩ් වසංගතයේ ආරම්භක අවස්ථාවේදී පොලිසියේ කොවිඩ් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසත් 2021 වසර දක්වාම අජිත් රෝහන මහතා කටයුතු කළේය.

    මේ වන විට අජිත් රෝහන මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ලෙස අපරාධ, රථවාහන, නීතිය වැනි පොලීසියේ ඉතා වැදගත් අංශ කිහිපයකම ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටී.

    ඉතිහාසයෙන් එක් දවසක – 2022-01-20

    0
    ජාතික සටනේ උදාර නායකයකු වන හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි උපත ලැබුවේ 1827 ජනවාරි 20 දිනයි
    ජාතික සටනේ උදාර නායකයකු වන හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි උපත ලැබුවේ 1827 ජනවාරි 20 දිනයි

    ජාතික සටනේ උදාර නායකයකු වන හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි උපත ලැබුවේ 1827 ජනවාරි 20 දිනයි

    තාප ප්‍රේරණය තාක්ෂණයේ අද කාලයේ ගෘහස්ථ යෙදවුම

    0

    බලශක්ති හීනතාවය මුළුතැන් ගෙට බලපෑ ඇති මෙවන් අවධියක ගෑස් උදුන් සඳහා විකල්ප වලට බොහෝ අය අද වනවිට යොමුවී තිබෙනවා. ඒ අතුරෙන් ප්‍රේරණ උදුන් (Induction stove) වලට බොහෝ පිරිසකගේ වැඩි නැඹුරුතාවයක් දක්වනවා.

    ප්‍රේරණය කියන වචනය කන වැකුනු වහා අපට මතක්වන්නේ භෞතික විද්‍යා පාඩමේ ඉගනගත් විද්‍යුත් චුම්භක ප්‍රේරණයයි. මෙහිදී වට දගරයක් තුලින් චුම්භකයක් දෙපසට චලනය කරවීමෙන් එම වට කොයිල් දඟරයේ විද්‍යුත්ගාමක බලයක් ඇතිවන බව වෙනත් ලෙසින් කිවහොත් ප්‍රේරණය වන බව ඉගෙන ගන්නට ඇත. ඉතින් මෙහිදී තියෙන්න ඕන මුලිකම කොටස් තුන වන චුම්භක ක්ෂේත්‍රයක්, සන්නායකයක් හා චලනයක් යන කොටස් තුන ඇති අතර ඉන් ඕනැම කොටස් දෙකක් තිබේනම් ඉතිරි කොටස ඉබේටම හට ගන්නා බවයි. ඒ වගේම මේ එක එකෙහි ප්‍රබලත්වය අවසාන ඵලයේ ප්‍රභාලතාවය මත රඳා පවතිනවා. 1831 දී මයිකල් ෆැරඩේ ගේ ප්‍රේරන න්‍යාය ලොවට ප්‍රථමවරට එළිදැක්වුනා. මීට සමගාමීව ලෙන්ස් න්‍යායන් හා මැක්ස්වෙල් සමීකරණ වලින් සෛධාන්තිකව ප්‍රේරණය විග්‍රහ කෙරෙනවා. මෙහි එක පැතිකඩක් තමයි තාප ප්‍රේරණය.

    තාප ප්‍රේරණය යනු දැල්ලක් රහිත වුද භෞතික ගැටීමක් රහිත වුද ලෝහ රත්කරන ක්‍රියාවලියක්. මේ සඳහා ප්‍රත්‍යාවර්ථ ධාරා ප්‍රභවයක්, ප්‍රේරන දගරයක්,විද්‍යුත් පරිපථයක් හා රත්කිරීමට බඳුන් වන යකඩ අඩංගු ඇලොයි කොටසක් යන කොටස් හතරක් මුලික වනවා. ලෝහ දගරයක් තුලින් සංඛ්‍යාතය වැඩි ප්‍රත්‍යාවර්ථ(වෙනස්වන) ධාරාවක් ගමන් කරවීමේදී දඟරය හරහා විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක් ඉබේටම ඇතිවනවා. දැන් මෙම දඟරය තුලට යකඩ අඩංගු ඇලොයි කොටසක් ඇතුල් කලවිට එහි පවතින විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රය නිසා යකඩ අඩංගු ඇලොයි කොටස මත විද්‍යුත් චුම්බක බල හටගන්නවා. මෙහිදී සදහන් කලයුතු ප්‍රධාන දේ තමයි ප්‍රත්‍යාවර්ථ ධාරාවක් නොඑසේනම් දිශාව වෙනස්වන, සීග්‍රතාව වැඩි ධාරාවක් අපි යෝදාගන්නා නිසා විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයද නිතැතින්ම වෙනස් වන එක. ඉතින් ෆැරඩේ න්‍යායන්ට අනුව වෙනස් වන විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රය නිසා අර කියන ලද යකඩ මිශ්‍රිත ඇලොයි කොටසේ විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයට ලම්බකව එඩි ලෙසින් හදුන්වන විද්‍යුත් ධාරා (Eddy current) හට ගන්නවා. වෙනත් ලෙසකින් කිවහොත් ප්‍රේරණය වනවා. මෙහිදී එඩි ධාරා නිසාත් වෙනත් අතුරු විද්‍යුත් චුම්බක ක්ෂේත්‍ර ජනිතවෙනවා. දඟරයේ විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රට පටහැනිව ඒවා ක්‍රියා කිරීමෙන් ඇතිවන ප්‍රතිරෝධයෙන් තමයි යකඩ අඩංගු ඇලොයි කොටසේ රත්වෙන්න ගන්නේ.

    යකඩ මිශ්‍රිත ලෝහ බඳුන් වලට හැරෙන්නට වෙනත් භාජන වලට ප්‍රේරණ උදුන ක්‍රියාකාරී වන්නේ නැහැ. ඉතින් ධාරාව සන්නයනය වන චුම්භකයකට අනුගත නොවන උදුන් පමණයි මේ සඳහා භාවිතා කල හැක්කේ. ප්‍රේරණ උදුනක සාමාන්‍යයෙන් තාප හුවමාරු වන සීඝ්‍රතාවය  සියයට හැටක් (60%) වන අතර ගෑස් උදුනක නම් 15% ක් බවයි කියවෙන්නේ. දැලි අඟුරු කොටස් නැති ඉවුම් පිසුම් කර ගැනීමට ප්‍රේරණ උදුන් භාවිතයෙන් හැකිවනවා. තවත් කාරණයක් තමයි ගෑස් උදුනකට සාපේක්ෂව ඒකාකාරීව තාපය පැතිරීමේ වාසිය.

    සිද්ධාන්තය මෙසේ වුවද වෙළදපලේ ඇති ප්‍රේරණ උදුන් සදහා යොදාගැන්නේ ඉලෙක්ට්‍රොනික් පරිපථයක්. මේ පරිපථය බලගැන්වීම සදහා ගෘහස්ථ 240 වෝල්ටීයතාවය භාවිතා කරනවා. එම වොල්ටියතාවය භාවිතයෙන් 5V, 18V, 300V වැනි අනෙකුත් වොල්ටීයතා උත්පාදනය කරගන්නේ ෆෑන් එක, කොන්ටෝල් පරිපථය, මයික්‍රෝ  කොන්ටෝල් කොටස හා දඟර කොටස් බලගන්වා ගැනීමයි. IGBT ට්‍රාන්සිස්ටර (insulated-gate bipolar transistor) උපයෝගී කරගනිමිනුයි අධි වෙගිව ප්‍රත්‍යාවර්ථ ලෙස දගරයට ධාරාව සපයන්නේ. සාමාන්‍යයෙන් IGBT ට්‍රාන්සිස්ටර යොදාගැනෙන්නේ අධි වොල්ටියතා මෙවලම් වල නිබඳව වෙනස්වන සංඛ්‍යාත ඇති ධාරා ස්විච් කිරීමටයි.

    IGBT කොටස ස්විච් කිරීමට නම් ම්යික්රෝකොන්ට්‍රෝල්(MCU) කොටසෙන් පල්ස් එකක් නැතහොත් ධාරාවක් නිකුත්කලයුතු වනවා.

    ප්‍රේරණ උදුනේ අභ්‍යන්තර සැකැස්ම
    Source: https://www.ifixit.com/Answers/View/421262/How+to+repair+this+failed+induction+cooker

    ප්‍රේරණ උදුනේ පරිපථ සටහන
    Source: https://www.electronicsforu.com/resources/induction

    මයිකොන්ට්‍රෝල් කොටසෙන් සඥාවක් නිකුත්කිරීමට නම් DC වොල්තීයතාවය, IGBT උෂ්ණත්වය, දගරයේ ඉහල පවතින උෂ්ණත්වය, පල්ස් ඩිටෙක්ටරයේ සඥාව වැනි බොහෝ  සාධක වල අවශ්‍යතාව සම්පූර්ණ වියයුතු වනවා. ඉතින් මේවා සියල්ලම සිදුවන්නේ ඉලෙක්ට්‍රොනික් පරිපථ කොටස මගිනුයි.

    මිට අමතරව වෙළඳපලේ දකින්නට ලැබෙන බොහෝ ප්‍රේරණ උදුන් වල භාජන පතුලේ විෂ්කම්භය සෙන්ටිමීටර 12 හේ සිට 24 දක්වා උදුන් භාවිතා කිරීමේ හැකියාවක්පවතිනවා.  මේ වාගේම මේ දිනවල තවත් ප්‍රචලිව ඇති වෙළදපලේ දක්නට ලැබෙන උදුන් වර්ගයක් තමයි අධෝරක්ත උදුන් (Infra red cooker). අධෝරක්ත උදුන් වල ඕනෑම බදුනක් රත්කරගත හැකිවුවද ප්‍රේරණ උදුන් වලට සාපේක්ෂාව ශක්ති හානිය ඉහලයි. ඒ නිසා විදුලිය අපතේ යාමක් සිදුවෙනවා. ඝනකම අඩු ලෝහ බදුන් ප්‍රේරණ උදුන් හරහා රත්කරද්දී පිච්චෙන ගතිය ඉහලයි. ඒ වාගේම  පේස් සේටර් (phase setter) උපකරණයක් ශරීරය තුල ඇති හෘද රෝගීන්ට නම් ප්‍රේරණ උදුන් භාවිතය  හානිදායක විය හැක්කේ එහි භාවිතා වන වෙනස්වන චුම්භක ක්ෂේත්‍ර නිසයි. ගෘහස්ථ උදුන් සඳහා මෙම තාක්ෂණය හාවිතා උවත් යකඩ දැඩි කිරීම, යකඩ තියුණු  කිරීම, වෙල්ඩින් කිරීම, බ්‍රේස් කිරීම, ඇනීල් කිරීම, හැකිලීම, මතුපිට යකඩ ආවරණ ඉවත් කිරීමට  වගේම උණු කිරීම යන කාර්යන් සදහා ඇති යාන්ත්‍රික උපකරණ  නොයෙක් කර්මාන්ත වලට යොදාගන්නවා.

    අධි තාපයට ඔරොත්තුදෙන රොබෝ යන්ත්‍ර භාවිතා කරමින් කර්මාන්තශාලාවක තාප ප්‍රේරණය තාක්ෂණය යොදාගන්නා අවස්තාවක්.

    ආචාර්ය ආර් චින්තක එල් ද සිල්වා

    ජේෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ-කාර්මික තාක්ෂණ ආයතනය
    සාමාජික: ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය (SLAAS)
    ශ්‍රී ලංකා භෞතික විද්‍යායතනය (IPSL)

    නොරෙච්චෝලේ අලුත්වැඩියාවට චීනෙන් ඇවිත්

    0

    දැනට අක්‍රිය තත්ත්වයේ පතින නොරොච්චෝලේ තාප බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රය අලුත්වැඩියාව සඳහා චීන විශේෂඥයින් දෙදෙනෙකු දිවයිනට පැමිණි බව ලංකා විදුබල මණ්ඩලය පවසයි.

    ඔවුන් මේ වනවිට ජනන යන්ත්‍රය අලුත්වැඩියා කිරීම ආරම්භ කර ඇතැයිද විදුලි බලමණ්ඩලය සඳහන් කරයි.

    නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රය අක්‍රිය වීමෙන් ජාතික පද්ධතියට මේවනවිට මෙගාවොට් ප්‍රමාණය 300 ක් අහිමිව තිබේ.

    පොලිස් ඇමතිටත් කොරෝනා

    0

    මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතාටත් කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.

    කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ඊයේ පෙරවරුවේ නාරාහේන්පිට පිහිටි පොලිස් රෝහලට පැමිණි අමාත්‍යවරයා එහිදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක් කර ඇති අතර එහි ප්‍රතිඵලයට අනුව කොවිඩ් රෝගියෙක් නොවන බව තහවුරු වී ඇති බව රෝහල් තොරතුරු අනාවරණය කළේය.

    පොලිස් රෝහලේ වෛද්‍යවරයෙක් ලෙස අමාත්‍යවරයාගේ පුතා සේවය කරන බැවින් ඔහුගේ නිර්දේශමත පී.සී.ආර්. පරීක්ෂාවක්ද පසුව කර ඇති අතර එහි ප්‍රතිඵලයට අනුව අමාත්‍යවරයා කොවිඩ් වෙරසය ආසාදිතයෙක් බවට තහවුරු වී ඇත.

    මේ වන විට පොලිස් රෝහලේ නේවාසිකව සිටින අමාත්‍යනවරයා අද දිනය තුළ අයි.ඩී.එච්. හෝ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලට ඇතුළත් කිරීමට නියමිතව තිබේ.

    වසර 2ක් ගිහින් – අද වෙනකල් චාන්ස් නෑ – අපි ඕන වෙලාවක ලෑස්තියි

    0

    අර්ථාන්විත සාකච්ඡා වෙනුවෙන් ඕනෑම අවස්ථාවක සිය පක්ෂය ආණ්ඩුව සමඟ සාකච්ඡා කිරීමට සුදානම් බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

    දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා පැවසුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයට පත් වී මේ වන විට වසර දෙකක කාලයක් ගත වුවද සිය පක්ෂය හා නිල වශයෙන් සාකච්ඡාවක් මෙතෙක් පවත්වා නොමැති බවය.

    පසුගිය වසරේදී සිය පක්ෂයට ජනාධිපතිවරයා විසින් සාකච්ඡාවක් සඳහා ආරාධනා කර තිබුණද එම සාකච්ඡාව දින නියමයක් නොමැතිව කල් දැමුණු බවයි ඔහු සඳහන් කළේය.

    එබැවින් සාකච්ඡා නමින් තවදුරටත් කල්මැරීමට තම පක්ෂය අකමැත්තෙන් පසුවන බවද ආර්.සමිබන්ධන් මහතා වැඩිදුරටත් පැවසීය.

    ඉන්න සභාපති නොයවා අලුත් සභාපති පත්කරලා – ඇමතිට අමතන්නත් බෑ

    0

    මිල්කෝ ආයතනයේ වත්මන් සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කර ඒ වෙනුවට රේණුක පෙරේරා මහතා පත්කර ඇතැයි වාර්තාවේ.

    කෙසේ වෙතත් අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් ලසන්ත වික්‍රමසිංහ මහතා පැවසුවේ තමන් සේවයෙන් ඉවත් කළ බවට මෙතෙක් දැනුම් දී නොමැති බවයි.

    මිල්කෝ ආයතනයේ සභාපතිධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් විමසීම සඳහා තමන් විෂයභාර අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හට දුරකතනයෙන් ඇමතුම් කිහිපයක් ලබා ගැනීමට උත්සහ කළ ද එය ව්‍යර්ථ වූ බව ලසන්ත වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

    කෙසේ වෙතත් තමන්ට ලැබුනු ආරංචි මාර්ග අනුව මිල්කෝ ආයතනයේ නව සභාපතිවරයා ලෙස රේණුක පෙරේරා මහතා හට ලිපියක් ද නිකුත් කර ඇති බවද ඔහු එහිදී පැවසීය.

    නව පත්වීම ලබා සභාපතිවරයෙකු පැමිණෙන තෙක් තමන් සේවය සභාපති තනතුරේ කටයුතු කරන බවත් ඉන් පසුව තනතුරුවලින් ඉවත්ව යන බවද ලසන්ත වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    නව සභාපතිවරයා වශයෙන් පත්වීම් ලැබ සිටින රේණුක පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පරිපාලන ලේකම්වරයා වශයෙන් කටයුතු කරයි.

    මැති සබේ තේරීම් කාරක සභාව පත්කෙරේ

    0

    කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයේ තේරීම් කාරක සභාව පත් කර තිබේ.

    පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට, ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රිවරුන් 12 දෙනෙකුගෙන් සමන්විත වේ.

    දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, ඩග්ලස් දේවානන්ද සහ ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරුන් ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පත්ව තිබේ.

    එමෙන්ම ලක්ෂ්මන් කිරිඇල්ල, ගයන්ත කරුණාතිලක, රාවුෆ් හකීම්, විජිත හේරත් සහ සෙල්වම් අඩෙයික්කලනාදන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පත්ව ඇත.

    මෙම තේරීම් කාරක සභාව මගින් පාර්ලිමේන්තුවේ අනෙකුත් කාරක සභා සඳහා සාමාජිකයින් පත් කිරීම සිදු කෙරෙනු ඇත.

    මන්ත්‍රීලාගේ ‘කියවීම’ මදි ‘කියවිල්ල’ වැඩියි – වැඩිපුර කැමති ප්‍රබන්ධවලටලු

    0

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා විසින් පසුගිය වසර පුරා පාර්ලිමේන්තු පුස්තකාලයෙන් කියවීමට ලබාගත් පොත් ප්‍රමාණය පිළිබඳ කථානායකවරයා අද සිය කනගාටුව ප්‍රකාශ කර තිබේ.

    පසුගිය වසර පුරාවටම මන්ත්‍රීවරුන් විසින් කියවීම සඳහා පොත් ගෙනගොස් ඇත්තේ 330 ක් බවට කථානායකවරයා පැවසීය.

    ඉන් 122 ක් ප්‍රබන්ධ මාතෘකාව යටතේ ඇති පොත් වන අතර 94ක් දේශපාලන විද්‍යාව, 27ක් සමාජ විද්‍යාව, 11ක් ආර්ථික විද්‍යාව, 5ක් විද්‍යාව, 4ක් නීතිය, 3ක් තාක්ෂණය, 1 බැගින් අධ්‍යාපනය සහ සිංහල සාහිත්‍යය යන ග්‍රන්ථ වන බවද කථානායකවරයා පැවසීය.

    පාර්ලිමේන්තු පුස්තකාලය කථානායකවරයාට ලබාදුන් තොරතුරුවලට අනුව 2021 වසරේදී මන්ත්‍රීවරුන් විසින් කියවීමට ගෙනගිය පොත් සම්බන්ධයෙන් මෙම ප්‍රකාශ කර ඇත.

    කථනායකවරයා මෙහිදී පෙන්වා දී ඇත්තේ පාර්ලිමේන්තු විවාද අතරතුර සූදානමක් නොමැතිකම පෙනී යන බවත් සෑම පැත්තකින්ම අවලාද නැගීමට වැදගත් කාලය අපතේ යවන බවත්ය.

    අසත්‍ය චෝදනා සහ පාර්ලිමේන්තු නොගැලපෙන භාෂාව රාජ්‍යයට මග පෙන්වීමට වඩා දේශපාලන වාසි තකා පාර්ලිමේන්තුවේ කෙරෙන කතා සහ ප්‍රකාශවල කොටසක් බව කථානායකවරයා පවසා ඇත.

    “මෙය අවසානයේ නින්දිත පාර්ලිමේන්තු නොවන හැසිරීමක් දක්වා වර්ධනය වේ,” කථානායකවරයා පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාද විවාදවල ගුණාත්මක භාවය සහ හැසිරීම් වැඩිදියුණු කිරීම සඳහා යෝජනාවක් තමන් විසින් කෙටුම්පත් කර ඇති බව මහින්ද යාපා අබේවර්ධන මහතා පවසා ඇත.

    ත්‍රි’මලේ තෙල් ටැංකි ඉල්ලා ජවිපෙ මහපාරට

    0

    ත්‍රිකුණාමලයේ ඉන්ධන ටැංකි කොටසක පාලනය ඉන්දිය සමාගමකට පවරා දීමේ ගිවිසුම හකුලාගන්නැයි ආණ්ඩුවට බල කරමින් ජනතා විමුක්ති පෙරමුණ අද කොළඹ නගරයේ උද්ගෝෂණයක් පැවැත්වීය.

    අදත් විදුලිය කැපෙයි

    0

    අද රාත්‍රියේ දිවයිනේ ප්‍රදේශ ගණනාවකට පැයක් හෝ පැය එකහමාරක පමණ කාලයක් විදුලිය කැපීමට සිදුවනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

    ඩීසල් නොමැතිකම නිසා මේ වන විට කැලණිතිස්ස බලාගාර දෙක හා සියැට් බලාගාරය නතර කර දමා ඇතැයි ද ඔහු සඳහන් කළේය.

    විදුලිය ජනනයට අවශ්‍ය ඩීසල් තොගයක් අද දහවල් ලැබුණු බවද එහෙත් ඒවා බලාගාරවලට යෑමට තවත් පැය කිහිපයක් ගත වනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

    එම නිසා අද විදුලි ඉල්ලුම අධික පැය කීපය ඇතුළත විදුලිය විසන්ධි කිරීමට සිදුවනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

    පී.බී. යළිත්! – කබ්රාල් බලා සිටී

    0

    පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ගාමිණී සෙනරත් මහතා නව ජනාධිපති ලේකම්වරයා ලෙස පත් කෙරේ.

    පත්වීම් ලිපිය, ජනාධිපතිවරයා විසින් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ගාමිණී සෙනරත් මහතා වෙත භාර දෙනු ලැබිණ.

    ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන ගාමිණී සෙනරත් මහතා, මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි සමයේ අතිරේක ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානි වශයෙන් ද 2004 -2005, 2019 වසරවල සහ වත්මන් ආණ්ඩුවේ දී ද මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු අග්‍රාමාත්‍ය ලේකම්වරයා වශයෙන් කටයුතු කළේය.

    හක්මණ මෙතෝදිස්ත, මාතර රාහුල හා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලවලින් මූලික හා ද්විතීයික අධ්‍යාපනය හදරා ඇති සෙනරත් මහතා කැලණිය විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම උපාධිය ලබා 1984 වර්ෂයේ දී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක් විය. කොළඹ විශ්වවිද්‍යාලයෙන් පරිගණක තාක්ෂණය පිළිබඳ පශ්චාත් ඩිප්ලෝමාව හිමිකරගෙන ඇති ඒ මහතා එක්සත් රාජධානිය, ජපානය, සිංගප්පූරුව, පාකිස්ථානය, ජර්මනිය සහ ප්‍රංශය ඇතුළු රටවල් රැසක පුහුණු පාඨමාලා හදාරා ඇත.

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව වැනි රාජ්‍ය ආයතන රැසක ඉහළ තනතුර හෙබවූ ඒ මහතා මහජන බැංකුව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලිට්රෝ ගෑස් සමාගම ඇතුළු රාජ්‍ය ව්‍යවසායකත්ව රැසක සභාපතීත්වය උසුලා ඇත.

    මේ අතර නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස ඩී.එම්. අනුර දිසානායක මහතා පත් කළ අතර ජනාධිපතිවරයා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය ප්‍රදානය කරනු ලැබීය.

    ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන අනුර දිසානායක මහතා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළේය. අමාත්‍යාංශ කිහිපයක ලේකම් ධුරය හොබවා ඇති ඒ මහතා රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු රැසක් හෙබවූ අත්දැකීම් බහුල රාජ්‍ය නිලධාරියෙකි.

    අනුර දිසානායක මහතාගේ නව පත්වීමත් සමග පුරප්පාඩු වූ වාරිමාර්ග අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස කේ.ඩබ්. අයිවන් ද සිල්වා මහතා පත් කර ඇති අතර ජනාධිපතිවරයා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය ප්‍රදානය කරනු ලැබීය.

    රටේ සෑම දෙයක්ම රාජ්‍ය සේවය මත රඳා පවතී. එම නිසා සියලුම අමාත්‍යාංශ ලේකම්වරු ඉදිරියේ දැවැන්ත වගකීම් කොටසක් පැවරී ඇති බව ජනාධිපතිවරයා සියලුම කැබිනට් ලේකම්වරුන් අමතමින් සඳහන් කළේය.

    අද දින සේවයෙන් බැහැර වූ හිටපු ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර මහතා යළිත් සිය දායකත්වය ලබාදෙනු ඇතැයි අපේක්ෂාවෙන් බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කර තිබේ.

    2005 වසරේ සිට ඔහු හා සමඟ එක්ව අභියෝග ජයගත් ආකාරය පිළිබඳ තමාට විශිෂ්ට මතකයන් ඇතැයි ද ඔහු සිහිපත් කරයි.

    මෙතෙක් දැක්වූ දායකත්වයට ජයසුන්දර මහතාට තුති පුද කරමින් කබ්රාල් මහතා පෙන්වා දී ඇත්තේ පීබී ජයසුන්දර මහතාට තව බොහෝ දේ කළ හැකි බවත් ඔහුගේ ඉදිරි දායකත්වය තමා අපේක්ෂාවෙන් සිටින බවයි.

    මෙරටට දින 5කට වරක් පෙට්‍රල් නැවක් – සතියකට වරක් ඩීසල් නැවක්

    0

    රටේ පවතින ඉන්ධන තොග සෑම මොහොතකම ඉහළ යමින් පවතින බවත් එක මොහොතක තොගය දෙස බලා කලබල වීම තේරුමක් නැති දෙයක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

    හෙතෙම කියාසිටියේ දින 5කට වරක් මෙරටට පෙට්‍රල් නැවක් ද දින 7කට වරක් ඩීසල් නැවක් ද සති 3කට වරක් ගුවන් යානා තෙල් නැවක් ද එන බව ඔහු කියාසිටියි.

    එබැවින් එම තොග දෛනිකව පරිභෝජනයේදී අඩු වන බවත් නැවක් ආ විට යළි වැඩිවන බවත් මාස ගණනකට අවශ්‍ය තොග එකවර ගෙනැවිත් තබාගැනීමට නැව් ධාරිතාව නැති බවත් අමාත්‍යවරයා කීය.

    එමෙන්ම තමාට හෝ ඇමති ගාමිණී ලොකුගේ මහතාට ජනතාවට පේන මත ගැටුමක්වත් අර්බුදයක්වත් මුකුත් නැති බවත් ‘එතුමටයි මටයි තියෙන්නේ එකම ප්‍රශ්නයයි ඒ ඩොලර් ප්‍රශ්නය’ යැයි ද අමාත්‍යවරයා අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කීය.

    කැලණිතිස්ස නවතී

    0

    ජනන යන්ත්‍ර සඳහා ඉන්ධන නොමැතිවීම හේතුවෙන් කැලණිතිස්ස විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු සම්පූර්ණයෙන් නවතා දමා තිබේ.

    ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ එසේ වුවද අද (19) දිනයේදී විදුලිය කැපීමක් සිදුනොවන බවය.

    අද සවස් වනවිට එම ජනන යන්ත්‍ර සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කරනු ඇති බවද සඳහන් ය.

    චීනයෙන් සහල් පරිත්‍යාගයක්

    0

    පරීත්‍යාගයක් ලෙස සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10 ක් මෙරටට ලබාදීමට චීනය එකඟ වී ඇති බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    අමාත්‍යවරයා සඳහන් කළේ චීනය හා මෙරට අතර ක්‍රියාත්මක වූ රබර් – සහල් ගිවිසුමේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් මෙම සහල් තොගය ලැබෙන බවය.

    ඒ අනුව ලබන අප්‍රේල් මාසයට පෙර එම සහල් තොගය මෙරර ලැබෙන බව ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.