fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පරාටේ නීතිය ගැන විවාදය ලබන සතියේ

    පරාටේ නීතිය ගැන විවාදය ලබන සතියේ

    පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන ‘බැංකු මඟින් ප්‍රදානය කරන ලද ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත’ පිළිබඳ දෙවැනිවර කියවීමේ විවාදය ලබන 7 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.

    පාර්ලිමේන්තුව මැයි මස 7 වැනි අඟහරුවාදා සිට 10 වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

    මේ අනුව මැයි මස 7 වැනි අඟහරුවාදා පෙ.ව 9.30ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙ.ව 9.30- පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත.

    අනතුරුව පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා බෙදුම් නඩු (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), පරාටේ නීතිය 2024 දෙසැම්බර් 15 දක්වා අත්හිටුවනු පිණිස විධිවිධාන ඇතුළත් බැංකු මඟින් ප්‍රදානය කරන ලද ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන)(සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම) විවාදය පැවැත්වීමට නියමිතව ඇත.

    පසුගිය අප්‍රේල් 26 වැනිදා නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ‍මෙම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.