fbpx
තවත්

    අබුඩාබියට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලවෙයි

    0

    අබුඩාබි ගුවන්තොටු පොල අසල ඉන්ධන ප්‍රවාහන ට්‍රක් රථ තුනකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලවී තිබේ.

    එම ප්‍රහාරයෙන් මේවන විට පුද්ගලයින් තිදෙනෙකු මරණයට පත්ව තවත් හය දෙනෙකු තුවාල ලබා ඇති බවත් ප්‍රහාරයේ වගකිම යේමනයේ සිට ක්‍රියාත්මක වන හූති කැරලිකරුවන් විසින් භාරගෙන ඇති බවද අබුඩාබි බලධාරීන් පවසයි.

    මෙම ඩ්‍රෝන ප්‍රහරයෙන් මරණයට පත්ව ඇතේ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු සහ පාකිස්ථාන ජාතිකයෙකු බවද අබුඩාබි පොලිසිය සඳහන් කරයි.

    හූති සංවිධානයේ ප්‍රකාශක පවසා ඇත්තේ තම සංවිධානයේ සාමාජිකයින් විසින් එක්සත් ආරබි එමීර් රාජ්‍යයේ හමුදාමය මොහෙයමුක් දියත් කළ බවත් ඉදිරියේදී ඒ පිළිබඳ තොරතුරු ලබාදීමට පියවර ගන්නා බවයි.

    ප්‍රහාරය සම්බන්ධයෙන් අබුඩාබි බලධාරීන් වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරන ලබයි.

    නඩු පිට නඩු යන ලංවිමේ සාමාන්‍යාධිකාරි පුටුවේ අලුත් අවුලක්

    0

    ලංකා විදුලිබල මණ්ඩලයේ නව වැඩබලන සාමාන්‍යාධිකාරිවරයා වෙන් ලෙස ආචාර්ය සුසන්ත පෙරේරා මහතා පත්කර තිබේ.

    ලංවිම අධ්‍යක්ෂ මණ්ඩලය තීරණයකට අනුව ලංවිම සභාපති එම් එම් සී ප්‍රදිනාන්දු මහතා විසින් එම පත් කිරීම කර තිබේ.

    ලංකා විදුලිබල මන්ඩලයේ හිටපු සාමාන්‍යාධිකාරී එම් රණතුංග මහතා ඉකුත් දොළොස්වෙනි දින විශ්‍රාම ගිය අතර එම තනතුර මෙතෙක් පුරප්පාඩු ව පැවතිණ.

    මේ අතර විශ්‍රාම ගිය සාමාන්‍යාධිකාරීවරයා තවත් වසර දෙකක කාලයක් තමාට එම තනතුර ලබා දෙන්නැයි ඉල්ලමින් අධිකරණයේ නඩු පවරා ඇත.

    ලංවිම අතිරේක සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කරන ආචාර්ය රොහාන්ත අබේසේකර මහතාද තමාට සාමාන්‍යාධිකාරී තනතුර ලබා දෙන ලෙස ඉල්ලමින් අධිකරණයේ තවත් නඩුවක් ගොනු කර ඇත.

    මෙම අධිකරණ ක්‍රියාවලිය නිමවන තුරු ලංකා විදුලිබල මණ්ඩලයට තාවකාලිකව වැඩබලන සාමාන්‍ය අධිකාරීවරයෙකු පත් කරගන්නේ කරගන්නේ අධිකරණය ලංවිම පාලනාධිකාරියට උපදෙස් දී තිබිණ.

    ඒ අනුව ලංවිම පාලනාධිකාරියට නව වැඩබලන සාමාන්‍යඅධිකාරීවරයා පත්කර තිබේ.

    මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයට සාමාන්‍යාධිකාරිවරයෙකු පත් කර ඇත්තේ නීති විරෝධී සහ අධිකරණ නියෝගයට පටහැනිව යැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය චෝදනා කරයි.

    ආචාර්ය සුසන්ත පෙරේරා මහතා ලංවිම විශ්‍රාම ගිය නිලධාරියෙක් වන අතර විශ්‍රාමික නිලධාරියෙකුට සාමාන්‍යධිකාරී වගකීම නැවත පැවරීම විදුලිබල පනතට පටහැනි බව ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා පැවසීය.

    ලංවිම සභාපති ප්‍රදිනාන්දු මහතා අධිකරණ නියෝගය නිසි ලෙස නිසිලෙස අධ්‍යයනය නොකොට තමාට අවශ්‍ය පුද්ගලයකු සාමාන්‍යාධිකාරිවරයා ලෙස පත් කර ගෙන ඇතැයි ද ඊට තම සංගමය දැඩි විරෝධය දක්වන බවද සභාපතිවරයා පැවසීය.

    ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී තනතුර සුදුසුම පුද්ගලයා වන්නේ රොහාන්ත අබේසේකර මහතා වන අතර ඔහුට එම තනතුර ලබා නොදී යුගදනවි ගිවිසුමට සහයෝගය දක්වන සුසන්ත පෙරේරා මහතාට තනතුර පිරිනමා ඇතැයි ද ලංවිම ඉංජිනේරු සංගමයේ සෞම්‍ය කුමාරවඩු මහතා පැවසීය.

    ‘මැණිකේ…’ ඉන්දියාවේ දේශපාලනයටත් රිංගයි

    0

    ඉතා කෙටි කලකින් ලොව පුරා ජනප්‍රියත්වයට පත්වූ ශ්‍රී ලාංකේය නවක ගායිකා යොහානි ද සිල්වා යළි ගායනා කළ සතීශාන්ගේ ‘මැණිකේ මග හිතේ’ ගීතය දැන් ඉන්දියානු දේශපාලන ව්‍යාපාරය ද ආක්‍රමණය කර තිබේ.

    ඉන්දීය උත්තර් ප්‍රදේශ් මැතිවරණයේ මේ දිනවල ඡන්ද සටනේ නිරත පාලක භාරතීය ජනතා පක්ෂය (බීජේපී) විසින් අගමැති නරේන්ද්‍ර මෝදිගේ සහ උත්තර් ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය යෝගී ආදිත්‍යනාත්ගේ අපේක්ෂාවන් ඉහළ නැංවීම සඳහා ද මෙම ගීතය භාවිත කර ඇත.

    පක්ෂයේ ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් ‘මැණිකේ..’ ගීතයේ හින්දි අනුවාදයෙන් ගීතයක් නිර්මාණය කර ඇති අතර එහි ඉන්දීය අගමැති මෝදිගේ සහ යෝගීගේ නම් ද භාවිත කරමින් ගීතය සකසා ඇත.

    ඉන්දියාවේ විශාලතම ප්‍රාන්ත අතර සිටින උත්තර් ප්‍රදේශ් මැතිවරණය පෙබරවාරි 10 වැනිදා පැවැත්වේ. ඡන්ද විමසීම මාර්තු 7 වැනිදා අවසන් වේ.

    ඉදිරියට එන බොලිවුඩ් චිත්‍රපටය වන “ෂිද්දත්” හි ද මෙම ගීතය ගායනා කර ඇත.

    පහත දැක්වෙන්නේ මැණිකේ.. ගීතයේ භාරතීය ජනතා පක්ෂය වෙනුවෙන් නිර්මාණය කර ඇති ගීතයයි.

    මධ්‍යම අධිවේගයේ අලුත් කොටස ජනප්‍රිය වූ හැටි

    0

    මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටස (ඇතුගල්පුර පිවිසුම) ජනතා අයිතියට පත් පත්කිරීමෙන් අනතුරුව පළමු පැය 12 තුළ රුපියල් 2,805,100ක ආදායමක් උපයා ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසා තිබේ.

    ගතවූ පළමු පැය 12 තුළ මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී මාර්ගයේ වාහන 13,583 ක් ගමන් කර ඇත.

    පසුගිය 15 වැනිදා එම කොටස ජනතා අයිතියට පත් කෙරුණු අතර එදින රාත්‍රි 12 සිට පසු දින දහවල් 12 පමණ දක්වා එහි නොමිලේ ගමන් කිරීමට ජනතාවට අවස්ථාව සලසා දී තිබුණි.

    ඊයේ දිනය තුළ මෙම කොටසේ ජනතාව බොහෝ සෙයින් ගමන් ගැනීම නිසා අධික රථ වාහන තදබදයක් ද පැවති බව වාර්තා විය.

    ලංවීමට තෙල් ගන්න ලංකා IOC යේ සහය පතයි

    0

    විදුලිය නිෂ්පාදනය සඳහා ඉදිරි දින කිහිපයට අවශ්‍ය ඉන්ධන සපයා ගැනීමට ලංකා IOC සමාගමේ සහය පැතීමට විදුලි බල මණ්ඩලයේ අවධානය යොමුව තිබේ.

    ලංකා IOC සමාගම සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලෙස තමා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට දැනුම්දුන් බව අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සදහන් කළේය. ඒම සාකච්ඡාවට අවශ්‍යනම් තමාද සහභාගිවන්නම් යැයි සභාපතිවරයාට දැනුම් දුන් බවද අමාත්‍යවරයා පැවසීය.

    ලොවක් වැනසූ කොරෝනාව ඔමික්‍ර‍ෝන් අවසන් කරන ලකුණු

    0

    කොරෝනා වසංගතයේ පැතිරීම Omicron ප්‍රභේදයෙන් අවසන් වන බවට ඉඟි පළ වන බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

    මේ හේතුවෙන් කොවිඩ් එන්නතෙහි 4 වන මාත්‍රාවක් ලබාදීම සඳහා රජය අමතර මාත්‍රාවක් මිලදී ගැනීමට නොයන බවත්, හෙතෙම කියාසිටී.

    එහෙත් 4 වන එන්නත් මාත්‍රාවක් අවශ්‍ය නම් එය මිලදී ගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක බවත් ඔහු පැවසීය.

    වෙඩින් එකේදී බෑණා මාමා මරාදමලා පැනගිහින්

    0
    dead body

    තිස්සමහාරාමය, විරහෙල ප්‍රදේශයේ ඊයේ (16) රාත්‍රී කාලයේදී පැවති මංගල උත්සවයක් අතරතුර බෑණා විසින් මාමා ඝාතනය කොට පලාගොස් ඇතැයි පොලීසිය කියයි.

    සිිදුවී ඇත්තේ පවුලේ සාමාජිකයින්‌ අතර ඇතිවු ආරවුලක්‌ හේතුවෙන්‌ වැඩිමල් දියණියගේ සැමියා එනමම් බෑණා විසින් මාමාට පහරදී ගෙල මිරිකා ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත.

    බරපතල තත්ත්වයේ සිටි මාමා දෙබරවැව රොහලට ඇතුලත්‌ කිරීමේදී මියගොස්‌ ඇත.

    මරණකරු වයස අවුරුදු 54 ක්‌ වන පඩවිගම, ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    මෘත ශරීරය දෙබරවැව රොහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත. ඝාතනය සිදුකරන ලද
    සැකකරු හදුනාගෙන ඇත.

    සැකකාර බෑනා මේ වන විට ප්‍රදේශයෙන්‌ පලාගොස්‌ ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන්‌ නිස්සමහාරාම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

    09 වන පාර්ලිමේන්තුවේ දෙවන සභා වාරය හෙට ඇරඹේ

    0

    නව වසරේ පළමු වරට පාර්ලිමේන්තුව රැස්වෙමින් හෙට (18) පෙරවරු 10.00ට 09 වන පාර්ලිමේන්තුවේ දෙවන සභා වාරය විවෘත කිරීමට නියමිතයි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රාජාසන කතාව සිදුකරන අතර ඉන්පසු සභාව කල්තැබීම සිදුවනු ඇත.

    චාම් උත්සවශ්‍රීයක් ගන්නා මෙම අවස්ථාවට විදේශ රාජාතාන්ත්‍රිකයින්, හිටපු ජනාධිපතිවරුන්, හිටපු අග්‍රාමාත්‍යවරුන් මෙන්ම අගවිනිසුරුවරයා, උපරිමාධිකරණ විනිසුරුවරුන් සහ නීතිපතිවරයා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගීවීමට නියමිතය.

    ඉතිහාසයෙන් එක් දවසක – 2022-01-17

    0
    සුප්‍රකට බොක්සින් ශූරයකු වන මොහොමඞ් අලී උපත ලැබුවේ 1942 ජනවාරි 17 දිනයි
    සුප්‍රකට බොක්සින් ශූරයකු වන මොහොමඞ් අලී උපත ලැබුවේ 1942 ජනවාරි 17 දිනයි

    සුප්‍රකට බොක්සින් ශූරයකු වන මොහොමඞ් අලී උපත ලැබුවේ 1942 ජනවාරි 17 දිනයි

    වයසට යද්දී පෙනීම බොඳවීයාමට කණ්ණාඩි වෙනුවට බෙහෙතක්

    0

    වයසට යාමත් සමග අප බොහෝ දෙනෙකුට ඇතිවන ළඟ ඇති වස්තූන් බොඳවී පෙනීම හෙවත්, වෛද්‍ය විද්‍යාවේදී Presbyopia ලෙසින් හැඳින්වෙන රෝගී තත්ත්වය සඳහා, කණ්ණාඩි පැළඳීම වෙනුවට, Vuity නම් ඖෂධයක් භාවිතය සඳහා ඇමරිකානු Food and Drugs Administration (FDA) ආයතනය විසින් 2021 දෙසැම්බර් මාසයේදී අනුමැතිය ලබාදී ඇති බවට විදෙස් මාධ්‍ය විසින් පසුගියදා වාර්තා කර තිබිණි. මේ නිසා පොත්පත් කියවීම වැනි කටයුතු වලදී පළඳින උපැස් යුවලට විශ්‍රාම යෑමට නුදුරේදීම සිදුවනු ඇති බවට වෛද්‍ය ක්ෂේත්‍රයෙහි බොහෝ දෙනෙක් දැනටමත් අනාවැකි පළකර ඇති බව පැවසේ.

    Pilocarpine Hydrochloride Ophthalmic Solution නම් රසායනික සංයුතියෙන් යුතු Vuity ඖෂධය අනිවාර්යයෙන්ම වෛද්‍යවරයකුගේ නිර්දේශය මත ලබාගත යුතු බවට පැවසෙන අතර එය සාමාන්‍ය පරිදි දිනපතා භාවිතා කලහැකිය. මේ පිළිබඳව අදහස් දක්වමින් ඇමරිකාවේ Rochester’s විශ්ව විද්‍යාලයේ Center for Visual Science ආයතනයේ, අක්ෂි විද්‍යඥ, ආචාර්ය ස්කොට් මැක්රේ විසින් පවසා ඇත්තේ සමීප වස්තූන් දෙස බැලීමේදී අක්ෂි කාචයේ හැඩය වෙනස් කළ යුතු වුවද, වයස්ගතවනව්ට මෙම කාර්යය ක්‍රමයෙන් අපහසු වන බවයි. නමුත් Vuity ඖෂධය මගින්, ඇසේ කණිණිකාව කුඩා කිරීම පහසු කරයි. මේ නිසා දුර ඇති වස්තූන් නිරීක්ෂණය කිරීමට බාධාවක් ඇති නොවන පරිදි, ආසන්නයේ ඇති වස්තූන් වඩාත් හොඳින් නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබෙනු ඇත. මෙය නිසැකවම ලොව පුරා වෙසෙන, සුවහසක් Presbyopia රෝගීන් හට ඉතා සතුටුදායක පුවතක් වනු ඇත.

     

    (මංජුල දීපාල් ද සිල්වා විසින් theplanetaroundus.com ෆේස්බුක් විද්‍යුත් සඟරාවෙහි පළකරන ලද ලිපියකි. තොරතුරු සහ ඡායාරූප අන්තර්ජාලයෙනි)

    මෙම ලියුම්කරු විද්‍යාවේදී, ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද, රාජ්‍ය පරිපාලන පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ද ලබා ඇති අතර මනෝවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා ධාරියෙකි. ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශක ආයතනයේ සාමාජිකයකු ද වේ. බ්‍රිතාන්‍ය පරිඝණක සංගමයේ ද හිටපු සාමාජිකයෙකි.

    කොරෝනා නිසා ගොඩගිය ලෝක ධනවතුන්

    0

    කොරෝනා වසංගතය ආරම්භයෙන් පසුව ලොව ධනවත්ම පුද්ගලයින් දස දෙනාගේ වත්කම් දෙගුණයින් වර්ධණය වී ඇති බවට ඔක්ස්ෆාම් ඉන්ටර්නැෂනල් සංවිධානය අනාවරණය කරයි.

    ඒ අනුව ලොව ධනවත්ම පුද්ගලයින් දහසදෙනගේ වත්තම් වංසගතය ආරම්භයෙන් පසුව ඇමරිකානු ඩොලර් බිලියන 700 සිට ටි්‍රලියින 1.5ක් දක්වා වර්ධනය වී ඇති බවත් එම සංවිධානය සඳහන් කරයි.

    ඔක්ස්ෆාම් ඉන්ටර්නැෂනල් සංවිධානය ලොව ආදායම් පරතරය අවමකිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන සංවිධානයක් වන අතර එම සංවිධානය අද දින නිකුත් කළ විශේෂ වාර්තාවක් මගින් මේ බව අනාවරණය කර තිබේ.

    ඔක්ස්ෆාම් ඉන්ටර්නැෂනල් සංවිධානය පෙන්වාදෙන ආකාරයට කොරෝනා වසංගය ආරම්භ වී ගතවූ මුල් වසර දෙක තුලදී ලොව ධනවත්ම පුද්ගලයින්ගේ වත්කම් සෑම තත්ත්පරයකට ඇමරිකානු ඩොලර් පහලොස් දහසක් එනම් දිනකට ඇමරිකානු ඩොලර් බිලියන 1.3කින් වර්ධනය වී ඇත.

    කෙසේ වෙතත් ලොව ජනහනයෙන් සියයට 99කගේම ආදායම් පහළගොස් ඇති අතර කෝටි 16ක ජනතාවක් දරිද්‍රතාවය පත්ව ඇති බවද අදාල සංවිධානය අනාවරණය කරයි.

    මෙම සංවිධානය පෙන්වාදෙන ආකාරයට ආදායම් බෙදීයාමේ විෂමතාවය දිනකට සිදුවන මරණ විසි එක්දහසකට හේතුවන බවත් එනම් සෑම තත්ත්පර හතරකට වරක් සිදුවන මරණයකට හේතුවන බවයි.

    මේ අතර ලොව ධනවත්ම පුද්ගලයින් දස දෙනාගෙන් ධනයෙන් සියයට 99.999ක් අහිමි වුවත් ලොව ජීවත්වන ඉතිරි සියයට 99ටම වඩා ඔවුන් ධනවත් බවද ඔක්ස්ෆාම් ඉන්ටර්නැෂනල් සංවිධානය විධායක අධ්‍යක්ෂ ගේබි්‍රයල් බුචර් පෙන්වාදෙයි.

    බැංකු කඩන කම්බ හොරෙක් අල්ලයි

    0

    බද්දේගම සහ ඇල්පිටියේ සණස හා ග්‍රාමීය බැංකු කිහිපයක් බිඳ මුදල් හා රන් භාණ්ඩ සොරාගෙන කොළඹට පැන සිටි අපරාධකරුවෙක් රත්මලාන ගුවන්තොටුපොල ආසන්නයේදී අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස පොලීසිය සමත්ව ඇත.

    වයස අවුරුදු 35 ක් පමණ වන සැකකරු බද්දේගම මීවැඩුමේ පදිංචිකරුවෙකි.

    ගුවන්තොටුපොල ආසන්නයේ පෙරේදා (15) සැකකටයුතු ලෙස රැදී සිටි මෙම පුද්ගලයාව පොලිස් භාරයට ගෙන කෙරුණු ප්‍රශ්න කිරීම් හමුවේ බැංකු කොල්ලකෑම් ගැන තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

    බද්දේගම පිහිටි තලාව සණස බැංකුව 2021 සැත්තැම්බර් 25 වෙනිදා බිඳ රුපියල් ලක්ෂ 10 කට ආසන්න මුදලක් සොරාගැනීම, තෙලිකඩ පිහිටි ගරදෙවල ග්‍රාමීය බැංකුව 2021 ඔක්තෝම්බර් 28 වෙනිදා බිඳ රුපියල් ලක්ෂ 09 ක් වටිනා රන් භාණ්ඩ සොරකම් කිරීම, පිටිගල මත්තක සමෘද්ධි බැංකුව බිඳ රුපියල් 30,000 ක මුදලක් සොරා ගැනීම, ඇල්පිටියේ ඇත්කඳුර සණස බැංකුව බිඳ මුදල් හා රන්භාණ්ඩ සොරා ගැනීමට තැත් කිරීම සම්බන්ධයෙන් තොරතුරු මෙම සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී තිබෙන බවද පොලිස් මූලස්ථානය සදහන් කරයි.

    මෙම පුද්ගලයා රජයේ නිවාඩු දිනවල බැංකු වසා තිබියදී දොරගුළු කඩා බැංකුවලට ඇතුළුවී මෙම සොරකම් සියල්ල කර ඇති බව පොලීසිය කියයි.
    සැකකරු ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත්කර ඇති අතර එහිදී ලබන 28 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

    ජනපති හදිසියෙම කූරගල යයි

    0

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (16) පස්වරුවේ හදිසියේම ඓතිහාසික කූරගල පුදබිමේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබේ.

    මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට නියමිතව ඇත්තේ ද කූරගල පුදබිම කේන්ද්‍රකරගෙනයි.

    දැනට එහි පවතින ඉදිකිරීම් කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිරීක්ෂණ චාරිකාව අතරතුර දැනුම් දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

    සබරගමු පළාතේ බලංගොඩ සිට කිලෝමීටර් 30ක් දුරින් පිහිටි කල්තොට නිම්නයේ කූරගල පුදබිම පිහිටා ඇති අතර එය මහ රහතන් වහන්සේලා වැඩ සිටි බව කියන ගල් ලෙන් 13කින් සමන්විතය.

    කූරගල පුදබිමේ දැනට ඉදිවෙමින් පවතින දාගැබ, බුදු පිළිම වහන්සේ සහ ධර්ම ශාලාවේ ඉදිකිරීම් සොයා බැලූ ජනාධිපතිවරයා නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ වතුරකුඹුරේ ධම්මරතන නාහිමි බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

    අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි, ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.

    වෘත්තිය සමිති මුදල් අමාත්‍යංශයට

    0

    බදු වර්ග ගණනාවක් ඇතුළත් කරමින් රජය විසින් හඳුන්වා දී තිබෙන නව විශේෂ භාණ්ඩ හා සේවා බද්දට විරෝධය පළකරමින් අනිද්දා (18) මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වෙන බව වෘත්තීය සමිති සඳහන් කරයි.

    මෙම විරෝධතාවය සදහා ශ්‍රී රේගු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හා සුරාබදු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති ඇතුළු තවත් වෘත්තීය සමිති එක්වීමට නියමිතව ඇත.

    මත්පැන්, සිගරට්,වාහන, විදුලි සංදේශ සේවා, ඔට්ටු හා සූදු බදු, කැෂිනෝ බදු ඇතුළු බදු වර්ග ගණනාවක් විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් වශයෙන් නම් කර වෙනම පනත් කෙටුම්පතක් සම්මත කර භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයෙක්ගේ අධීක්ෂණයෙන් විශේෂ ඒකකයක් යටතේ පරිපාලනය කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ.

    මෙතෙක් එම බදු ආදායම් ලබාගෙන රජයේ ඒකාබද්ධ අරමුදලට බැර කරනු ලැබුවේ දේශීය අදායම් දෙපාර්තමේන්තුව,රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව විසිනි .

    එහෙත් මුදල් අමාත්‍යාංශය විසින් හඳුන්වා දී තිබෙන නව බදු පනත් කෙටුම්පත මඟින් රජයට එකතු වන බදු ආදායම් බැර වන්නේ පෞද්ගලික ගිණුමකට බවයි ඔවුන් සඳහන් කරන්නේ.

    මේ වන විට එම නව බදු ප්‍රතිපත්තියට දේශීය ආදායම් දෙපාර්තමේන්තු සහ රේගු දෙපාර්තමේන්තු වෘත්තීය සමිති සිය විරෝධය පළකර ඇත.

    කුරුණෑගල අධිවේගී මාර්ගය 20දා සිට මගී බස්වල ටත්

    0

    මීරිගම සිට කුරුණෑගල දක්වා ඊයේ (15) විවෘත වූ මධ්‍යම අධිවේගී මාර්ගයේ පොදු මගී ප්‍රවාහන සේවා ලබන 20 වනදා සිට
    විවෘත වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

    ඒ අනුව ආරම්භයේ දී මහනුවර – කොළඹ සහ කොළඹ – කුරුණෑගල බස් රථ සඳහා අවසර ලබාදීමටයි එහිදී පියවර ගෙන ඇත.

    මේ අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ඊයේ (15) විවෘත කිරීමත් සමඟ ගමනාගමන කටයුතු සඳහා අවසර හිමිවීමත් සමඟ ඒ සඳහා අය කෙරෙන ගාස්තු දක්වමින් ගැසට් නිවේදනයක් ද නිකුත් කෙරුණා

    කෙසේ වෙතත් අද (16) දහවල් 12 වනතුරු එහි ගමන්ගත් වාහනවලින් කිසිදු ගාස්තුවක් අය කර නැති බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

    පී.බී අතහැරි සුක්කානම ගාමිණී අනිද්දා අතට ගනී

    0

    ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා පසුගිය බ්‍රහස්පතින්දා සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇති අතර පුරප්පාඩු වූ එම තනතුරේ ගාමිණී සෙනරත් මහතා අනිද්දා (19) දිනයේ වැඩ භාර ගැනීමට නියමිතව ඇත.

    ගාමිණී සෙනරත් මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකි. එවකට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ ඒ මහතා මෙම තනතුරට පත්වීමට පෙර අග්‍රාමාත්‍ය ලේකම් ධුරය හෙබවීය.

    දැනට අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස පත්වීමට නියමිත අනුර දිසානායක මහතා ද ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකි. ඒ මහතා අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස ලබන 20 වැනිදා වැඩ භාර ගැනීමට නියමිතව ඇත.

    අමාත්‍යාංශ ගණනාවක් මෙහෙයවා ඇති අනුර දිසානායක මහතා පරිපාලන සේවයේ පළ පුරුදු නිලධාරියෙකු ලෙස ප්‍රකටය. අධ්‍යාපන, මහවැලි හා පරිසර අමාත්‍යාංශ ඇතුළු අමාත්‍යාංශ ගණනාවක ලේකම්වරයා ලෙස හෙතම කටයුතු කළේය.

    අගමැතිට ජනපතිට පමණක් වගකීම් පවරලා බලා හිටියොත් රට ගොඩ ගන්න අමාරුයි

    0

    රටේ අගමැතිතුමාට ජනපතිතුමාට පමණක් වගකීම් පවරලා බලා හිටියොත් මේ රට ගොඩ ගන්න අමාරු යැයි අස්ගිරි පාර්ශවයේ අනු නායක වෙඬරුවේ උපාලි අනු නාහිමියෝ අද (16) පස්වරුවේ පැවසූහ.

    මහනුවර දළදා මාලිගාවට පැමිණෙන වන්දනාකරුවන්ගේ පහසුව සඳහා ඉදිකළ “ටොම්ලින් උද්‍යානය” හා සහස් උයන “නාගරික රථගාල උද්‍යානය” අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පස්වරුවේ විවෘත කිරමෙන් අනතුරුව කෙටි අනුශාසනාවක් පවත්වමින් අනු නාහිමියෝ මේ බව සඳහන් කළහ.

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය මඟින් මෙම උද්‍යාන නිර්මාණ කර තිබිණි.

    වන්දනාකරුවන්ට විවේක ගැනීම සඳහා කාමර පහසුකම්, සනීපාරක්ෂක පහසුකම් හා වෙළඳ කුටි 16කින් සමන්විත ටොම්ලින් උද්‍යානය ඉදිකිරීමට ලෝක බැංකු ආධාර යටතේ වැය කර ඇති මුදල රුපියල් මිලියන 374කි.

    සහස් උයන “නාගරික රථගාල උද්‍යානය” විවෘත රංග පීඨයක්, හස්ත කර්මාන්ත වෙළඳ සංකීර්ණයක්, බොජුන් පියසක් සහ ළමා උද්‍යානයකින් සමන්විතය. ලෝක බැංකු ආධාර යටතේ රුපියල් මිලියන 531ක් වැය කරමින් පැවති නාගරික රථගාල මත මෙම උද්‍යානය ඉදිකර තිබේ.

    මල්වතු පාර්ශවයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනු නාහිමියෝ උත්සවයට පැමිණ සිටි පිරිස පංච සීලයේ පිහිට වූහ.

    අස්ගිරි පාර්ශවයේ අනු නායක වෙඬරුවේ උපාලි අනු නාහිමියෝ මෙසේ ද කීහ.

    “මේ නගරය ආරම්භ වුණේ 1312 දි 4වැනි පරාක්‍රමබාහු රජ දවසෙයි. අපි සතුටු වෙනවා මේ විසි එක්වැනි සියවසේ අපේ වර්තමාන ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රමුඛත්වයෙන් ඒ නගර සිරිය යළි අපට, රටට, පුරවැසියන්ට ලබා දීම පිළිබඳව. මේ නගරයේ තිබෙන විශේෂත්වය නම් දළදා වහන්සේම අවුරුදු 425කට අධික කාලයක් වැඩ වාසය කර තිබෙනවා. ඒ නිසා බුදුන් වැඩ සිටි සමයේ සැවැත්නුවර,රජගහ නුවර, කිඹුල්වත් නුවර,වගේ ඉතා පූජනීය නගරයක්. සංස්කෘතික වටිනාකම්වලින් අනූන මේ නගරය ලෝක උරුම නගරයක්. ලොවට සංස්කෘතිය කියාපාන දළදා පෙරහර එහි දී මුල්තැනක් ගන්නවා. අපි ඒ නිසා මේ නගරයට නව පණක් ලැබෙන අවස්ථාවේ ප්‍රධාන විහාර විධියට අස්ගිරි මල්වතු විහාර මේ සඳහා ආශිර්වාද කරනවා.

    අද වර්තමාන ජනාධිපතිතුමා විශාල පරිශ්‍රමයක් දරනවා මේ රට සෞභාග්‍ය කරා ගෙන යන්න. ඉතිහාසයේ සෞභාග්‍යමත් මිනිසුන් ඉඳලා තියෙන්නේ ශක්තිමත් නායකත්වයක් සහ ශක්තිමත් රජයක් යටතේයි.

    අපට පාලකයෝ කොතෙකුත් ඉන්න පුළුවන් නමුත් නායකයෝ අවශ්‍යයි.

    ඒ නිසා වර්තමාන ජනාධිපතිතුමා අගමැතිතුමා ඒ නායකත්වයේ ඉඳගෙන මේ රටට සෞභාග්‍ය ළඟා කරයි කියල විශ්වාසයක් තිබෙනවා. රටක් දියුණු වීමේදී විශේෂයෙන් සංකල්ප අවශ්‍යයි ආකල්ප අවශ්‍යයි.

    රට දියුණු වෙනවනම් කාරණා හතරක් ගැන අවධානය යොමු කරන්නට ඕන.

    පළමුවැනි කාරණය රට ගැන හිතන්නට ඕන. දෙවැනි කාරණය තමන්ගේ රාජකාරිය ගැන හිතන්නට ඕන. තුන්වෙනි තැනට තමන්ගේ පවුල ගැනත් ඊළඟට තමන් ගැනත් හිතන්නට ඕන.

    අභාග්‍ය නම් අපේ රටේ වැඩි දෙනා ඔය පිළිවෙල අනික් පැත්තටයි අනුගමනය කරන්නේ මුලින්ම තමන් ගැන ඉන්පසු පවුල ගැන ඉන්පසු රාජකාරිය ගැන අන්තිමට රට ගැන හිතනවා. ඒ නිසා අන්න ඒ ගමන් මග වෙනස් කිරීමට දැන් රටේ නායකත්වයක් අපට තිබෙනවා.

    ඒ නිසා අපි අපේ වගකීම ඉටු කරන්නට ඕන. අපට තිබෙන අභියෝග රටට තිබෙන අභියෝග අපි තේරුම් ගන්නට ඕන. රටේ අගමැතිතුමාට ජනපතිතුමාට පමණක් වගකීම් පවරලා බලා හිටියොත් මේ රට ගොඩ ගන්න අමාරුයි. ඒ නිසා අපි පුරවැසියන් වශයෙන් කවුරුත් ඒ සඳහා සහයෝගය දෙන්නට ඕන. ඇත්තෙන්ම වැදගත් වන්නේ අවුරුදු පහකට යම් රජයක් පිහිටෙව්වාට පසුව ඒ රජයට සහයෝගය දෙන්නට ඕන. බල අරගලය වෙනුවෙන් එය වැට්ට වීමට එය උදාසීන කිරීමට කටයුතු කරනවනම් එයින් පීඩාවට පත් වන්නේ මහජනතාවයි.

    ඒ නිසා අපි ඉවසීම ප්‍රගුණ කරන්නට ඕන, විවේචන කරන්නට ඕන, හැබැයි මෙන්න මේ වගේ හොඳ වැඩ අගයන්නට ඕන. යැයි අනු නාහිමියෝ පැවසූහ.

    මෙම අවස්ථාවන්ට අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ, රාජ්‍ය අමාත්‍යවරුන් වන දිලුම් අමුණුගම, ලොහාන් රත්වත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වසන්ත යාපාබණ්ඩාර, ගුණතිලක රාජපක්ෂ, උදයන කිරිඳිගොඩ, මහනුවර නගරාධිපති කේසර සේනානායක, විපක්ෂ නායක සේන දිසානායක, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති උදය නානායක්කාර, අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර, නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ පී.ගුණතිලක මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක්

    0

    තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය කඩුලු 5කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(16) සමත්විය.

    පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ මුලින් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 296ක් ලබා ගත්තේය.

    ශ්‍රී ලංකා කණ්ඩායමට අභියෝගයක් එක් කළ හැකි මට්ටමේ මෙම ලකුණු පුවරුව වෙනුවෙන් සියැන් විලියම්ස් පන්දු 87කදී ලබාගත් ශතකය බෙහෙවින් ඉවහල්විය.

    ලකුණු 297ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම තවත් පන්දු නවයක් ඉතිරිව තිබියදී ලකුණු 300ක් ලබා ගනිමින් ජයග්‍රහණය වාර්තා කළේය. ඒ වනවිට සිම්බාබ්වේ කණ්ඩායමට ලබාගත් හැකිවූයේ ප්‍රතිවාදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 5ක් පමණි.

    ශ්‍රී ලංකා ලකුණු පුවරුව හැඩ කළ දිනේෂ් චන්දිමාල් තරගයේ වීරයා සම්මානය දිනා ගනිමින් පන්දු 91කදී ලකුණු 75ක් ලබා ගත්තේය. පැතුම් නිශ්ශංක සහ චරිත් අසලංක ලකුණු 75 බැගින් ලබා ගත්හ.

    තරගාවලියේ මීළඟ තරගය අනිද්දා (18) දින දිවා රාත්‍රී තරගයක් ලෙස පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේ දී පැවැත්වෙයි.

    අද එන්නත් මධ්‍යස්ථාන 80ක්

    0

    අවුරුදු 20 ට වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නත ඇතුළුව කොවිඩ් මර්දන එන්නත් අද දිනයේ ද රට පුරා පිහිටි මධ්‍යස්ථාන 80කදී ලබාදෙන බව ජනාධිපති කාර්‍යාලය නිවේදනය කරයි.

    අද දිනයේදී එන්නත් ලබා දෙන සියලූම මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

    newswave.lk-vaccination-centers-on-16.01.2022

    ඉතිහාසයෙන් එක් දවසක – 2022-01-16

    0
    සිංහල සාහිත්‍යය වෙනුවෙන් අනුපමේය සේවයක් ඉටු කළ ඩබ්ලියු. ඒ. සිල්වා ශූරීන් උපත ලැබුවේ 1890 ජනවාරි 16 දිනයි
    සිංහල සාහිත්‍යය වෙනුවෙන් අනුපමේය සේවයක් ඉටු කළ ඩබ්ලියු. ඒ. සිල්වා ශූරීන් උපත ලැබුවේ 1890 ජනවාරි 16 දිනයි

    සිංහල සාහිත්‍යය වෙනුවෙන් අනුපමේය සේවයක් ඉටු කළ ඩබ්ලියු. ඒ. සිල්වා ශූරීන් උපත ලැබුවේ 1890 ජනවාරි 16 දිනයි

    “පහක් තුළ කරන්න පොරොන්දු වූ සියල්ල තුනක් තුළ කරනවා කරනවාමයි”

    0

    අවුරුදු පහක් තුළ කරනවයි කියපු ඒ පොරොන්දුවුණු වැඩ සියල්ලම ලබන අවුරුදු තුන තුළ කරනවා කරනවාමයි යනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

    මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර මීරිගම-කුරුණෑගල කොටස “ඇතුගල්පුර පිවිසුම” ජනතා අයිතියට පත්කරමින් ජනාධිපතිවරයා යග්ගපිටියේ දී මේ බව සඳහන් කළේය.

    ජනාධිපතිවරයා සහ අග්‍රමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත වුණු මෙම අධිවේගී මාර්ගයේ මුළු දුර කිලෝමීටර් 40.9කි.

    අපේ ඇමති මණ්ඩලයෙන්, මන්ත්‍රීවරුන්ගෙන්, ප්‍රාදේශිය සභා මන්ත්‍රීතුමන්ලාගෙන් ඉල්ලා සිටිනවා බොරු ප්‍රචාරවලට අධෛර්මත් වෙන්නෙ නැතිව ජනතාවට පෙරොන්දුවුණු වැඩ කොටස මේ අවුරුදු 3 තුළ කරමුයි කියන එක මම තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටිනවා.

    ඒ වගේම රාජ්‍ය නිලධාරීන්ගෙන් මම ඉල්ලා සිටිනවා අපි ජනතාව වෙනුවෙන් වැඩ කරන්නටයි ආවේ.එදා අවුරුදු 30ක් මේරටේ තිබුණු යුද්ධය අවසන් කරන්න සූදානම් වෙනකොට චෝදනා ආවා. ඒ චෝදනා මැද්දෙ අවුරුදු තුනකින් තමයි අවුරුදු 30ක යුද්ධය අවසාන කළේ.

    එහෙම නම් මේ ඉදිරි අවුරුදු තුනේ දී අපි පොරොන්දුවුණු වැඩකොටස කරන එක කජ්ජක් නෙමෙයි කියලා මම කියනවා. මාත් එක්ක එකතුවෙන්න. මම ගැන විශ්වාසය තියන්න. මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ගැන එදා තියපු විශ්වාසය අදත් තියන්න. අපිට මේක කරන්න පුළුවන්. අපි පසුබට වෙන්නෙ නෑ හාමුදුරුවනේ.

    මම ඔය මාධ්‍යවලට කියනවා අපිත් එක්ක ගහගැනීමක් නෑ මෙතන.කවුරුවත් අතරෙ තරගයක් නෑ. අපි ඔක්කොම ඇවිල්ලා ඉන්නෙ රට හදන්න. අපේ බලාපොරොත්තුව රට හදන එක. මේ සංවර්ධනයේ පාර්ශවකරුවකු වෙන්නැයි මම මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටිනවා. ඇතැම් විවේචන කරන ජනතාව අධෛර්මත් කරන්න එපා.

    විපක්ෂයේ කාර්ය භාරය තමයි විවේචනය කිරීම. මට 69 ලක්ෂයක් ඡන්දය දෙනකොට තවත් 52ලක්ෂයක් මට විරුද්ධව ඡන්දය දුන්නා.ඒකත් අමතක කරන්න එපා. මේ අයගෙ කාර්ය භාරය මාව විවේචනය කිරීම. මේ අයට රැවටෙන්න එපා.”යැයි ජනාධිපතිවරයා පැවසීය.

    බොරැල්ල පල්ලියේ අනාවරණයෙන් බෝම්බය තැබූ සැබෑ පුද්ගලයා අත්අඩංගුවට

    0

    බොරැල්ල සියලු සියළු ශාන්තුවරුන්ගේ දේවස්ථානයට පැමිණ පසුගියදා අත්බෝම්බයක් තබා ගිය සැකකරු ඇඹිලිපිටියේදී අද අත්අඩංගුවට ගෙන තිබේ.

    කඩවත මංකඩ පාරේ පදිංචි කරුවෙක් වන මෙම පුද්ගලයා විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ කලක් බන්ධනාගාර ගතව සිට ඇති පුද්ගලයෙක් බවද අනාවරණය වේ.

    එම පුද්ගලයා අවුරුදු හැට හතක් පමණ වයසැති සිංහල ජාතිකයෙක් බවත් සදහන්ය.

    ඔහු පවසන්නේ රුපියල් පනස් දහසක් තමාට ලබා දී පුද්ගලයකු විසින් මෙම බෝම්බය පල්ලියේ තබන ලෙස දැනුම් දුන් බව ය.

    ඒ අනුව තමා එම බෝම්බය රැගෙන විත් කඩවත සිට බසයකින් පැමිණ පල්ලියේ තබා ගිය බව ඔහු පවසා තිබේ.

    මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලීසියට තොරතුරු ලබාදී ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවය බවට පොලිස් ආරංචි මාර්ග පවසයි.

    ඒ අනුව මේ වන විට පෙනී ගොස් ඇත්තේ බෝම්බය තැබූ යැයි කියන, පල්ලියේ සේවය කළ, පොලිසිය මීට පෙර අත්අඩංගුවට ගත් සිව් දෙනා නිකරුණේ අත්අඩංගුවට ගෙන ඇති බව ය .

    කෙසේ වෙතත් එලෙස අත්අඩංගුවට ගත් එක් පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇති අතර අනෙක් තිදෙනා රඳවා ගැනීමේ නියෝග මත ආරක්ෂක අංශ භාරයේ රඳවා තබා තිබුණි.

    මෙම බෝම්බය තැබූ නියම පුද්ගලයා සොයා ගනු ලැබ ඇත්තේ ද ද පොලිසිය විසින් නොව, පල්ලියේ පූජකවරු විසින් සීසීටීවී කැමරා දර්ශන පරික්ෂා කිරීමෙන් පසුව අනාවරණය කරගත් තොරතුරු මත ය.

    පල්ලියෙන් කරන ලද එම අනාවරණය හේතුවෙන් බෝම්බය තැබූ පුද්ගලයා හඳුනා ගැනීමට හැකිව ඇති බව වාර්තා වේ.

    බොරැල්ල පල්ලියේ බෝම්බය තැබූ පුද්ගලයා සම්බන්ධයෙන් පොලිස් විමර්ශන සිදුවූ ආකාරය අගරදගුරු හිමි විසින් විවේචනය කිරීමත් සමඟ මෙම විමර්ශනය සම්බන්ධයෙන් මේ වනවිට රටම බලාසිටී.

    අද විවෘත කළ අධිවේගය හෙට වෙනකල් නොමිලේ

    0

    අද ජනතා අයිතියට පත්කරන ලද මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වාහන සඳහා සීමිත කාලයක් ගාස්තු අය නොකිරීමට තීරණය කර තිබේ.

    ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට හෙට (16) මධ්‍යහ්න 12 දක්වා නොමිලේ එහි ගමන් කිරීමට හැකියාව පවතී.

    කලාකරු සුදත්ත තිලකසිරි රහස් පොලීසියට

    0

    ජනප්‍රිය කලාකරුවෙකු වන සුදත්ත තිලකසිරි අද (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) ගොස් තිබේ.

    ඒ අපරාධ පරීක්ෂණ දෙපපාර්තමේන්තුව විසින් කරන ලද කැඳවීමකට අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

    පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් සුදත්ත තිලකසිරි කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදෙන ලෙස තමාට දන්වා ඇති බවයි.

    සිවිල් සමාජ ක්‍රියාකාරීන්, කලාකරුවන් සහ දේශපාලන නියෝජිතයන් රැසක් එම ස්ථානයට පැමිණ සිටියහ.

    තමා වත්මන් ආණ්ඩුවේ නායකයන් පත්කිරීමට මහත් සේ වැඩ කළ අයකු වන නමුත් මේ කරන කෙනෙහිලිකම්වලට ස්තූතිය පළකරන බව ද ඔහු ඉන් පිටතට පැමිණ මාධ්‍ය වෙත කීය.

    ඇමරිකාවේ පාසල් සිසුන් ඔන්ලයින් පන්ති ඉල්ලා උද්ඝෝෂණයක

    0

    පාසල් වල අධ්‍යයන කටයුතු මර්ග ගත ක්‍රමයට පවත්වන ලෙසට ඉල්ලමින් ඇමරිකාවේ සිසුන් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

    මේවන විට ඇමරිකාව පුරා සීඝ්‍රයෙන් කොරෝනා වෛරසය පැතර යන මොහොතක පාසල් පැවැත්වීම මගින් තත්ත්වය තවත් දරුණු වීමේ අවාදනමක් පවතින බට සිසුන් ප්‍රකාශ කරයි.

    ඒ අනුව ඇමරිකාවේ බොස්ටන් සහ චිකාගෝ හී පාසල් සිසුන් ඊයේ දිනයේදී සිය පන්ති කාමර වලින් ඉවතට පැමිණ සාමකාමී විරෝධතායක් පවත්වා තිබේ.

    විරෝධතා වල නිරත සිසුන් පවසා ඇත්තේ අතිරෝක සෞඛ මාර්ගෝපදේශ සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත්නොවන බවත් පවතින තත්ත්වය හමුවේ පාසල් කාමර තුල අධ්‍යාපන කටයුතු සිදුකිරීමට කිසිසේත්ම ආරක්ෂිත නොවන බවයි.

    තමන් මුහුණ දී ඇති අභියෝගාත්මක තත්ත්වය සම්බන්ධයෙන් සිසුන් විසින් අන්තරජාලය හරහා පෙත්සමක්ද අත්සන් කිරීමට කටයුතු යොදා ඇති අතරම බළධාරීන්ට තම ගැටලු එමගින් වඩාත් හොදින් සන්නිවේදනය කිරීමට ඔවුන්ගේ බලාපොරොත්තුව වේ.

    මේ අතර ඉකුත් සිතියේදී නිව් යෝක් හී පාසල් වල සිසුන්ද පන්ති කාමර වලින් පිටතට පැමිණ සිය විරෝධ පළකර ඇති අතර එහිදී ඔවුන්ද තමන්ට වඩාත් ආරක්ෂිතව අධ්‍යපාන කටයුතු සිදුකිරීමට අවස්ථාව සලසා දෙන ලෙසට ඉල්ලා තිබේ.

    ශ්‍රී ලංකාවේ ඔමික්‍රෝන් පැතිරීම වේගවත් වෙයි – තවත් 160ක් හමුවෙලා

    0

    මෙරට තුළ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ තවත් 160 දෙනෙකු හඳුනාගෙන තිබේ.

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ රසායනාගාර පරීක්ෂණවලින් පමණක් මොවුන් හඳුනාගෙන ඇත.

    එහි ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා මේ බව තහවුරු කර ඇත.

    “වෙනස ෂුවර්” – සජිත් සහතික වෙයි

    0
    sajith premadasa

    මෙරට තුළ ඉදිරියේදී ආණ්ඩුවේ වෙනසක් අනිවාර්යයෙන්ම සිද්ධ වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    ඔහු පෙන්වාදෙන්නේ මීළඟ ආණ්ඩුව පණටත් වඩා රටේ ජනතාවට ආදරය කරන ආණ්ඩුවක් බවයි.

    ලෝකයේ තිබෙන හැම පෝලිමක්ම මේ වන විට අපේ රටේ ඇති බව ද විපක්ෂ නායකවරයා කියාසිටියේ කන්කසන්තුරේ පැවති ජන ජනහමුවක් අමතමිනි.

    “අනිවාර්යෙන්ම වෙනසක් සිද්ධවෙනවා. ඒ වෙනස සිදු වන විට මේ රටේ බිහි වෙන්නේ පොදු ජනතාවගේ සිතුම් පැතුම් හඳුනාගත්, මේ රටේ ජනතාවට පණටත් වඩා ආදරය කරන, මේ රටේ ජනතාවට අති විශිෂ්ට සේවාවක් ඉෂ්ට කරන, මේ රටේ පොඩි මිනිහගේ ආණ්ඩුව සමග සමගි ජන බලවේග ආණ්ඩුව බව මම මේ අවස්ථාවේ කියන්න කැමතියි” යැයි ද විපක්ෂ නායකවරයා කීය.

    ආණ්ඩුව මෙතෙක් සිදු කළ සියලු කටයුතු ජනතා විරෝධී ඒවා බවත්, ජාතීන් අතර භේදභින්න ඇති කරමින් විශාල ව්‍යසනයක් ආණ්ඩුව විසින් සිදු කොට ඇති බවත් හෙතෙම කීය.

    එසේ පැවසූ විපක්ෂ නායකවරයා මොහොතින් මොහොත සිදුවන්නේ මේ රටේ ජන ජීවිත කඩා වැටීම බවද පැවසීය.

    මීළඟ IPL ලංකාවට!

    0

    2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීම කෙරෙහි අවදානය යොමුව ඇති බව වාර්තා වේ.

    ඒ ඉන්දියාව තුළ කොවිඩ් වසංගත තත්ත්වය පැතිරයාම ඉහළ යාමත් සමඟ ය.

    ඉන්දීය ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ තරගාවලිය පැවැත්වීමට දකුණු අප්‍රිකාව කෙරෙහි ද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවදානය යොමුව ඇති බවය.

    2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ඉන්දියාවේ පැවැත්වීමට කටයුතු කළේය.

    එහෙත් එය අතර මැද නවතා දමමින් සියල්ල එක්සත් අරාබි එමීර් රාජ්‍යට හකුලාගෙන යාමට සිදු වුණේ එම සමය තුළ ඉන්දියාවේ කොවිඩ් ව්‍යාප්තිය සීග්‍රයෙන් ඉහළ යාම හේතුවෙනි.

    කෙසේ වෙතත් කොවිඩ් තත්ත්වය හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කාලසටහන නැවත වරක් සලකා බලන ලෙසට ද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට බලපෑම් එල්ල වී ඇත.

    මෙවර තරගාවලියට අදාල ක්‍රීඩක වෙන්දේසිය පෙබරවාරි මස දෙවන සතියේ පැවැත්වීමට සැලසුම්කර ඇත.

    මෙතෙක් IPL තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයින් ලෙස සිටි සමාගම ඉන් ඉවත් වී ඇත.

    ලොව ප්‍රකට මෝටර් වාහන සමාගමක් ඒ සඳහා එක්කර ගැනීමට තරග සංවිධායකයින් කටයුතු කර ඇත.

    ඉතිහාසයෙන් එක් දවසක – 2022-01-15

    0
    ලොව ඇති විශාලතම නිදහස් විශ්වකෝෂය වන wikipedia වෙබ් අඩවිය ආරම්භ කෙරුණේ 2001 ජනවාරි 15 දිනයි
    ලොව ඇති විශාලතම නිදහස් විශ්වකෝෂය වන wikipedia වෙබ් අඩවිය ආරම්භ කෙරුණේ 2001 ජනවාරි 15 දිනයි

    ලොව ඇති විශාලතම නිදහස් විශ්වකෝෂය වන wikipedia වෙබ් අඩවිය ආරම්භ කෙරුණේ 2001 ජනවාරි 15 දිනයි

    තෙල් ලැබිලා – අද විදුලිය කැපෙන්නේ නෑ

    0

    අද (15) විදුලි කප්පාදුවක් සිදු නොවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

    ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලංකා විදුලි බල මණ්ඩලයට මෙට්‍රික් ටොන් 3000ක ඉන්ධන ලබා දී ඇති බැවින් විදුලි කප්පාදුවක් අද සිදු නොවන බව එම මණ්ඩලය කියාසිටී.