fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මන්ත්‍රීලාගේ 'කියවීම' මදි 'කියවිල්ල' වැඩියි - වැඩිපුර කැමති ප්‍රබන්ධවලටලු

    මන්ත්‍රීලාගේ ‘කියවීම’ මදි ‘කියවිල්ල’ වැඩියි – වැඩිපුර කැමති ප්‍රබන්ධවලටලු

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා විසින් පසුගිය වසර පුරා පාර්ලිමේන්තු පුස්තකාලයෙන් කියවීමට ලබාගත් පොත් ප්‍රමාණය පිළිබඳ කථානායකවරයා අද සිය කනගාටුව ප්‍රකාශ කර තිබේ.

    පසුගිය වසර පුරාවටම මන්ත්‍රීවරුන් විසින් කියවීම සඳහා පොත් ගෙනගොස් ඇත්තේ 330 ක් බවට කථානායකවරයා පැවසීය.

    ඉන් 122 ක් ප්‍රබන්ධ මාතෘකාව යටතේ ඇති පොත් වන අතර 94ක් දේශපාලන විද්‍යාව, 27ක් සමාජ විද්‍යාව, 11ක් ආර්ථික විද්‍යාව, 5ක් විද්‍යාව, 4ක් නීතිය, 3ක් තාක්ෂණය, 1 බැගින් අධ්‍යාපනය සහ සිංහල සාහිත්‍යය යන ග්‍රන්ථ වන බවද කථානායකවරයා පැවසීය.

    පාර්ලිමේන්තු පුස්තකාලය කථානායකවරයාට ලබාදුන් තොරතුරුවලට අනුව 2021 වසරේදී මන්ත්‍රීවරුන් විසින් කියවීමට ගෙනගිය පොත් සම්බන්ධයෙන් මෙම ප්‍රකාශ කර ඇත.

    කථනායකවරයා මෙහිදී පෙන්වා දී ඇත්තේ පාර්ලිමේන්තු විවාද අතරතුර සූදානමක් නොමැතිකම පෙනී යන බවත් සෑම පැත්තකින්ම අවලාද නැගීමට වැදගත් කාලය අපතේ යවන බවත්ය.

    අසත්‍ය චෝදනා සහ පාර්ලිමේන්තු නොගැලපෙන භාෂාව රාජ්‍යයට මග පෙන්වීමට වඩා දේශපාලන වාසි තකා පාර්ලිමේන්තුවේ කෙරෙන කතා සහ ප්‍රකාශවල කොටසක් බව කථානායකවරයා පවසා ඇත.

    “මෙය අවසානයේ නින්දිත පාර්ලිමේන්තු නොවන හැසිරීමක් දක්වා වර්ධනය වේ,” කථානායකවරයා පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාද විවාදවල ගුණාත්මක භාවය සහ හැසිරීම් වැඩිදියුණු කිරීම සඳහා යෝජනාවක් තමන් විසින් කෙටුම්පත් කර ඇති බව මහින්ද යාපා අබේවර්ධන මහතා පවසා ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.