fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්න සභාපති නොයවා අලුත් සභාපති පත්කරලා - ඇමතිට අමතන්නත් බෑ

    ඉන්න සභාපති නොයවා අලුත් සභාපති පත්කරලා – ඇමතිට අමතන්නත් බෑ

    මිල්කෝ ආයතනයේ වත්මන් සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කර ඒ වෙනුවට රේණුක පෙරේරා මහතා පත්කර ඇතැයි වාර්තාවේ.

    කෙසේ වෙතත් අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් ලසන්ත වික්‍රමසිංහ මහතා පැවසුවේ තමන් සේවයෙන් ඉවත් කළ බවට මෙතෙක් දැනුම් දී නොමැති බවයි.

    මිල්කෝ ආයතනයේ සභාපතිධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් විමසීම සඳහා තමන් විෂයභාර අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හට දුරකතනයෙන් ඇමතුම් කිහිපයක් ලබා ගැනීමට උත්සහ කළ ද එය ව්‍යර්ථ වූ බව ලසන්ත වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

    කෙසේ වෙතත් තමන්ට ලැබුනු ආරංචි මාර්ග අනුව මිල්කෝ ආයතනයේ නව සභාපතිවරයා ලෙස රේණුක පෙරේරා මහතා හට ලිපියක් ද නිකුත් කර ඇති බවද ඔහු එහිදී පැවසීය.

    නව පත්වීම ලබා සභාපතිවරයෙකු පැමිණෙන තෙක් තමන් සේවය සභාපති තනතුරේ කටයුතු කරන බවත් ඉන් පසුව තනතුරුවලින් ඉවත්ව යන බවද ලසන්ත වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    නව සභාපතිවරයා වශයෙන් පත්වීම් ලැබ සිටින රේණුක පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පරිපාලන ලේකම්වරයා වශයෙන් කටයුතු කරයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.