fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්අජිත් රෝහනට නැවතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශ ධූරය?

    අජිත් රෝහනට නැවතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශ ධූරය?

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස නැවත වරක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පත්කිරීමට අවධානය යොමුව තිබේ.

    ඉදිරි පැය 48 ඇතුලත එම පත්කිරීම සිදුවනු ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග අනාවරණය කළේය.

    අජිත් රෝහන මහතා මෙවර මාධ්‍ය ප්‍රකාශක ධූරයට පත්වීමට නියමිතව ඇත්තේ 06 වැනි වතාවටය.

    ලකී කොඩිතුවක්කු මහතා පොලිස්පතිවරයා ලෙස සේවයේ නිරතව සිටියදී 2000 වසරේදී පොලිස් මහජන සම්බන්ධතා අංශයේ අධ්‍යක්ෂව සිටි එකල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් ලෙස කටයුතුකල රියන්සි පෙරේරා මහතා ශ්‍රී ලංකා පොලීසියේ මාධ්‍ය ප්‍රකාශක ලෙස නිල වශයෙන් නම් කිරීමෙන් අනතුරුව මෙතෙක් වැඩිම කාලයක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතුකර ඇත්තේ අජිත් රෝහන මහතාය.

    2011 වසරේදී මුලින්ම අජිත් රෝහන මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්වන විට ඔහු පොලිස් අධිකාරීවරයෙකි. 2012 වසර දක්වා ඔහු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස සේවය කිරීමෙන් අනතුරුව නැවත වරක් එම තනතුරට ඔහුව පත්කෙරන්නේ 2013 වසරේදීය. 2015 වසර දක්වා අජිත් රෝහන මහතා නැවත මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ අතර 2017 දී නැවතත් මාධ්‍ය ප්‍රකාශක වගකීම කෙටි කාලයකට ඔහුට පැවරුණි. පසුව කොවිඩ් වසංගතයේ ආරම්භක අවස්ථාවේදී පොලිසියේ කොවිඩ් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසත් 2021 වසර දක්වාම අජිත් රෝහන මහතා කටයුතු කළේය.

    මේ වන විට අජිත් රෝහන මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ලෙස අපරාධ, රථවාහන, නීතිය වැනි පොලීසියේ ඉතා වැදගත් අංශ කිහිපයකම ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටී.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.