විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල ආරම්භ කළ වැඩවර්ජනය අද (04) තුන්වන දිනටත් ක්‍රියාත්මක වේ.
විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සඳහන් කළේ, සිය වැඩවර්ජනය හේතුවෙන් සියලු විශ්වවිද්‍යාලවල සති අන්ත පාඨමාලා ඇණහිට ඇති බවයි.
වැටුප 15% කින් කප්පාදු කිරීම හා මාසික හිලවු දීමනාව වැඩි නොකිරීමට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල මෙම වැඩවර්ජනය ආරම්භ කර තිබේ.
8 වැනිදාට පෙර ගැටලුවට විසඳුමක් ලබානොදුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් දැඩි කරන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සමසභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා ප්‍රකාශ කළේ ය.
අනධ්‍යයන සේවකයින්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් ඉදිරි සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.