fbpx
තවත්

    ටුක් ටුක් මීටර් සවිකිරීම ලබන සතියේ ඇරඹේ

    0

    කුලී ත්‍රිරෝද රථ සඳහා මනු (මීටර්) සවිකිරීමේ වැඩපිළිවෙළ පෙබරවාරි මස 01 වෙනි දින සිට ආරම්භ කරන බව මිනුම් ඒකක ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    ඒ අනුව ඉදිරියේදී සෑම කුලී ත්‍රිරෝද රථයකට ම මීටරයක් හෙවත් මනු සවිකර තිබීම අනිවාර්ය වන බවද මිනුම් ඒකක ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස් එම් අකුරන් තිලක මහතා පැවසීය.

    කුලී ත්‍රිරෝද රථ සඳහා මනු සවි කිරීමේ වැඩපිළිවෙළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සිදුකරන බවද ඔහු සඳහන් කළේය.

    මනු සවි කරන ලද ත්‍රිරෝද රථ ජනතාවට පහසුවෙන් හඳුනා ගැනීම සඳහා ස්ටිකරයක් අලවන බවද ඔහු සඳහන් කළේය.

    මේ අතර මනු ඒකක සවි කිරීමේදී ඒවා ප්‍රමිතිගත ඒවාද යන්න සලකා බැලිය යුතු බවත් ප්‍රමිතිගත ඒකක මිනුම් ඒකක හා ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී තිබිය යුතු බවද අකුරන්තිලක මහතා කීය.

    ඉවරයි කිව්වට ඉවරම නැති ගෑස් හිඟය

    0

    රට පුරා ප්‍රදේශ ගණනාවක තවමත් ගෑස් හිඟයක් පවතින බව පාරිභෝගිකයෝ මැසිවිලි නගති.

    ගෑස් හිඟය සති දෙක තුනකින් නිමා කරන බවට මීට මාසයකට පමණ ඉහතදී ලිට්රෝ සමාගම ප්‍රකාශ කළ ද තවමත් වෙළෙඳපොලේ ගෑස් හිඟව පවතින බව වාර්තා වේ.

    මේ අතර ලාෆ් ගෑස් සමාගමේ ගෑස් තොග මාස කීපයක සිට තමන්ට නොලැබෙන බව වෙළඳසැල් හිමියෝ පවසති.

    මේ පිළිබඳව කළ විමසුමකදී ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම් වල ප්‍රකාශකයින් සඳහන් කළේ ඩොලර් අර්බුදය හේතුවෙන් ආනයනය සීමා වී ඇති බවය.

    එම නිසා තවමත් වෙළඳපොලේ ගෑස් හිඟයක් පවතින බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

    ගිලන් රථ රියදුරුට වෙඩි තැබීමට සිව් දෙනෙක් පැමිණ ඇතිබව හෙළිවේ

    0

    පානදුර රෝහලේ ගිලන් රථ රියදුරුට වෙඩි තැබීමට පැමිණි කුඩු සළිඳුගේ කල්ලියේ සිව්දෙනා යතුරු පැදි දෙකකින් ගිලන් රථය පසුපස බොහෝ වේලාවක් තිස්සේ හඹාගෙනවිත් ඇතැයි පොලිස් පරීක්ෂණවලින් හෙළිවී තිබේ.

    ගිලන් රථය රෝහල් ගේට්ටුවෙන් ඇතුළු කරනවාත් සමඟ එක් යතුරු පැදියක සිටි පසුපැදිකරු ගිලන් රථ රියදුරු අසලට පැමිණ වෙඩි තබා ඇතැයි පොලීසිය කියයි. වෙඩි දෙකක් තබා ඇතත් ගිනි අවියේ ඇති වූ දෝෂයක් නිසා වෙඩිල්ල පත්තු නැති බවත් ඒ අවස්ථාවෙන් ප්‍රයොජනය ගනිමින් ගිලන් රථ රියදුරා පළාගොස් දිවි රැකගෙන තිබෙන බවත් පොලීසිය කියයි.

    මෙම ඝාතන තැත සහ පොලීසිය විසින් කුඩු සළිඳුගේ මත්කුඩු අත්අඩංගුවට ගැනීම අතර යම් සම්බන්ධයක් ඇතැයි විමර්ශන වලින් පෙනී ගොස් ඇත. කුඩු සළිඳු මේ වන විට විදේශයකට පළාගොස් සැඟව සිටිමින් ජංගම දුරකතනයෙන් මත්කුඩු ජාවාරම මෙහෙයවමින් සිටින බව පොලීසිය සැකකරයි. මෙම ඝාතන තැතද කුඩු සළිඳු දුරකතනයෙන් මෙහෙයවා ඇති බව පොලීසිය සැකකරයි.

    එන්නත්කරණය අවසන්වන දිනය ඇමති ජයසුමන කියයි

    0

    එළඹෙන සතිය තුළ බහුතරයකට බූස්ටර් එන්නත ලබාදී එන්නත්කරණ වැඩසටහන අවසන් කිරීමට සූදානම් බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

    මේ වන විට මෙරට බූස්ටර් එන්නත ලබාගත් සංඛ්‍යාව ලක්ෂ 50 ඉක්මවා ඇති අතර රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ පළමු හා දෙවැනි එන්නත ලබා ගැනීමට සාපේක්ෂව බූස්ටර් එන්නත ලබා ගැනීමේ යම් අඩුවක් පවතින බවය.

    බූස්ටරය සම්බන්ධයෙන් සමාජයේ පැතිර යන අනිසි ප්‍රචාර මෙසේ ජනතාව බූෂ්ටර් එන්නත ලබා ගැනීමට ඇති උනන්දුව හීන වී ඇති බව රාජ්‍ය අමාත්‍යවරයාගේ මතය වී ඇත.

    "ඒ අනුව ලබන සෙනසුරාදා සිට සතියක් බූස්ටර් එන්නත ප්‍රවර්ධනය කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරනවා. ඒ සතිය ඇතුළත බහුතරයකට බූස්ටර් එන්නත ලබාදෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ලබන සෙනසුරාදායින් එළඹෙන සතිය ඇතුළත බහුතරයකට බූස්ටර් එන්නත ලබාදී එන්නත්කරණ වැඩසටහන අවසන් කිරීමට සූදානම් ” යැයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

    ගාල්ලටත් වරාය නගරයක්

    0

    ගාල්ල වරාය ආශ්‍රිතවද කොළඹ වරාය නගරය හා සමාන සංචාරක කලාපයක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇත.

    ඒ අනුව මුහුද ගොඩකර හෙක්ටයාර 40 ක භූමි ප්‍රමාණයක එම ඉදි කිරීම කරන බව වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා newswaveLK වෙත පැවසීය.

    ගාලු වරාය සංවර්ධනය කිරීම පිළිබඳ සූම් තාක්ෂණය ඔස්සේ විදේශ ආයෝජකයින් පිරිසකගේ සහභාගිත්වයෙන් කොළඹ දී ඊයේ (26) පැවති සම්මන්ත්‍රණයකදී මේ බව හෙළි කළ බව අමාත්‍යවරයා පැවසීය.

    ගාලු වරාය ආශ්‍රිතව නව දියකඩනයක් ඉදිකිරීමට නියමිත බව අමාත්‍යවරයා පැවසීය.

    ඒ සමඟ ගාල්ල වරාය ආශ්‍රිතව ඉදිවන හෙක්ටයාර 40ක භූමි භාගය තුළ කොළඹ වරාය නගරයේ මෙන් පෞද්ගලික ආයෝජකයින් විසින් සාප්පු සංකීරණ, හෝටල් ආදි සියල්ල ඉදිකරනු ඇතැයිද අමාත්‍යවරයා කියා සිටියේය.

    විදුලි කප්පාදුව ගැන තීරණය

    0

    ලබන 01 වැනිදා තෙක් කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

    රසායනික ද්‍රව්‍ය හොරට නිෂ්පාදනය කළ කම්හල ක් වැටලේ

    0

    හෝමාගම මාකුඹුරේ පිහිටි බලපත්‍ර නොමැතිව රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේ ස්ථානයකට මුද්‍රා තැබීමට පියවරගත් බව පොලිස් මූලස්ථානය අද නිවේදනය කළේය.

    මධ්‍යම පරිසර අධිකාරිය හා මහරගම නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිලධාරීන් විසින් අදාල ස්ථානය නිරීක්ෂණයකර ඊයේ එම මුද්‍රා තැබීම සිදුකර තිබේ.

    ජනාධිපති කාර්යාල පරිසර ආරක්ෂක හා විශේෂ පැවරුම් ඒකකයට ලද මහජන පැමිණීල්ලක් මත හෝමාගම පොලීසිය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක්ද ආරම්භකර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

    මෙම රසායනික නිෂ්පාදන ස්ථානය පවත්වාගෙන යමින් අනවසරයෙන් හා ප්‍රමිතියෙන් තොර රසායනික ද්‍රව්‍ය හා පළිබෝධ නාශක නිෂ්පාදනය කර ගබඩා කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිලධාරීන් විසින් ඉදිරි නීතිමය පියවර ගනු ඇති බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

    අදාල ස්ථානයට පොලිස් ආරක්ෂාව සපයා ඇති බවත් හෝමාගම පොලීසිය විසින් අපරාධමය ක්‍රියාවක් අනාවරණය වන්නේ දැයි සොයා බලන බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

    පානදුර රෝහල් ගිලන් රථ රියදුරෙකුට වෙඩි තබමින් කුඩු සළිදු හයිය පෙන්වයි

    0

    පානදුර මූලික රෝහලේ ගිලන් රථ රියදුරෙකුට අද රෝහල අසලදී සන්නද්ධ පිරිසක් විසින් වෙඩි තබා ඝාතනය කිරීමට උත්සහ දරා තිබේ.

    ගිලන් රථ රියදුරාට වෙඩි ප්‍රහාරයෙන් කිසිදු හානියක් සිදුව නැති අතර ගිලන් රථයට වෙඩි වැදී ඇතැයි පොලීසිය කියයි.

    පානදුර රෝහල පිහිටා ඇත්තේ පානදුර දකුණ මූලස්ථාන පොලිස් ස්ථානයට යාබදවය.

    වෙඩි ප්‍රහාර හමුවේ ගිලන් රථ රියදුරු පළාගොස් සැඟවී සිය ජීවිතය ගලවාගෙන තිබේ.

    මෙම ඝාතන තැත පිටුපස පානදුරේ කුඩු සළිඳු සිටින බවට සැකයක් පැන නැගී ඇත.

    කුඩු සළිඳුගේ මත්කුඩු ගිලන් රථයකින් ප්‍රවාහනය කරන බවට බුද්ධි අංශ වෙත ලැබී තිබුණු තොරතුරු මත ගිලන් රථ කිහපයක් සම්බන්ධයෙන් ඉකුත් වසරේ පොලීසියේ විශේෂ අවධානයක්ද යොමුවී තිබුණි. ඒ අතර කුඩු සළිඳුගේ මත්කුඩු තොග පිටින් අත්අඩංගුවට පත්වීමට පටන් ගත් අතර හමුදා සාමාජිකයෙක් සමගින්ද මත්කුඩු කිලෝ 10 ක් පසුගිය දා අත්අඩංගුවට ගත්තේය. එම මත්කුඩු තොගය සම්බන්ධයෙන් පොලීසියට ඔත්තුව දුන්නේ යැයි සැකකරන තරුණයින් දෙදෙනෙකුව බණ්ඩාරගමදී මහා දවාලයේ සළිඳුගේ ගෝලයෙක් විසින් කපා කොටා දෑත් වෙන්කරන ලදි. එම සැකකරුව අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී කතරගම පොලීසියට හසුව රක්ෂිත බන්ධනාගාරගත වන්නේ ගංජා තොගයක් සමඟිනි.

    අනතුරුව මෑතකදීද බණ්ඩාරගමින් කුඩු සළිඳුගේ මත්කුඩු කිලෝ 07 ක් සමඟ පියපුතු යුවලක් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගත්තේය.

    පානදුර රෝහලේ ගිලන් රථ රියදුරෙක් ඝාතනය කිරීමට උත්සහ දරන්නේ මෙවන් පසුබිමක් යටතේය.

    පොත් මිලත් හරි අඩකින් වැඩිවන ලකුණු

    0

    වෙළෙඳපලේ පවතින කඩදාසිවල මිල තත්ත්වය හේතුවෙන් පොතක මිලද 50 % කින් ඉහළ දැමීමට සිදුවන බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය පවසයි.

    එම සංගමයේ ලේකම් උපාලි වනිගසූරිය මහතා පැවසුවේ පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් පොත් ප්‍රකාශනයට භාවිත කරන 70 GSM නැමති කඩදාසිවල මිල ගණන් ද රුපියල් 2000 කින් වැඩි වී ඇති බැවින් මෙම තීරණය ගත් බවයි.

    වෙළෙඳපලේ රුපියල් 3000ක්ව පැවති කඩදාසි රෝලක් මේ වන විට රුපියල් 5000 ක් දක්වා ඉහළ ගොස් ඇති බවද ඔහු සඳහන් කළේය.

    අධික මිල තත්ත්වය හේතුවෙන් අමුද්‍රව්‍ය සපයා ගැනීමට නොහැකිව මේ ව න විට පොත් ප්‍රකාශන ආයතන වැසී යාමේ තත්ත්වයකට පත්ව ඇති බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    බඩඉරිඟු හිඟයි – ත්‍රිපෝෂ හදන්න විදියක් නෑ

    0

    මිනිස් පරිභෝජනයට සුදුසු බඩඉරිගු නොමැතිවී⁣මෙන් ත්‍රීපෝෂ නිෂ්පාදනයට බාධා එල්ලවී ඇතැයි ලංකා ත්‍රීපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න මහතා සදහන් කරනවා.

    ඔහු සඳහන් කළේ නිසි ප්‍රමිතීන්ට නොමැතිවීම හේතුවෙන් සැපයුම්කරුවන්ගෙන් ලබාගත් බඩඉරිඟු කන්ටේනර් 05 ක් ද ඉකුත් දින කිහිපයේ ආපසු හරවා යැවූ බවයි.

    කෙසේ වෙතත් බඩඉරිඟු මෙට්‍රික් ටොන් 1,500 ක් කඩිනමින් ලබාගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදුකරමින් ඇති බවද ඔහු සදහන් කළේය.

    ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා දිනකට බඩඉරිඟු මෙට්‍රික් ටොන් 50 ක් අවශ්‍ය බව ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම පවසයි.

    මෙරට බඩඉරිඟු ප්‍රමාණවත් නොවන බැවින් අමෙරිකාව, බ්‍රසීලය, ඉන්දියාව සහ පාකිස්තානය යන රටවලින් බඩඉරිඟු ආනයනය කරයි.

    එහෙත් පවතින කොරෝනා තත්ත්වය හමුවේ එම රටවල ද බඩඉරිඟු නිෂ්පාදනය පහළ බැස ඇති අතර බඩඉරිඟුවල මිල ගණන්ද ඉහළ ගොස් ඇතැයිද ත්‍රීපෝෂ සමාගම සඳහන් කර සිටී.

    හිරේ හොර වැඩ අල්ලන්න විශේෂ බළකායක්

    0

    බන්ධනාගාරවල දූෂණ හා විෂමාචාර වැළැක්වීමට සහ පාලනය සදහා නව බලකායක් හදුන්වා දී තිබේ.

    ශ්‍රී ලංකා බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකාය හෙවත් ‘ස්පීට් ෆෝස්’ යනුවෙන් එය හඳුන්වයි.

    නව බලකායට සේවා මුක්ත භටයින් 500 දෙනෙකු බදවා ගැනීමට නියමිත බව ආරක්ෂක ලේකම්වරයා මෙහිදි පවසා ඇත.

    දූෂණ හා විෂමාචාර වැළැක්වීමට බන්ධනාගාර සදහා ස්පීට් ෆෝස් වෙත බදවා ගත් පළමු කණ්ඩායම බන්ධනාගාර සේවයට පසුගියදා එක්විය.

    එහි විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිතයා වූයේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතායි.

    අගුණුකොළපැළැස්ස බන්ධනාගාරයේ විශෝධන පිළිබද පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේදී උත්සවය පැවැත්විණ.

    තවත් බලාගාරයක් නවතී – විදුලිය ගැන අවසන් තීරණය අද

    0

    ඉදිරි දිනවලදී විදුලි කප්පාදුවක් සිදු කරන්නේද යන්න පිළිබඳ අද තීරණය කිරීමට නියමිතය.

    බලාගාරවල දැනට පවතින තත්වය සලකා බලා, පවතින විදුලි ඉල්ලුම, ඉන්දන තත්වය සහ බලාගාර ක්‍රියාකාරිත්වය පිළිබඳ සලකා බලා මෙම තීන්දුව ගන්ද් ඇත.

    මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා ඉහල ආසෙ රූපවාහිනී නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පැවසුවේ පවතින තත්ත්වය අනුව ජලය විදුලිය අරපරිස්සමෙන් භාවිත කළහොත් ලබන 30 වැනිදා තෙක් කප්පාදුවකින් තොරව පවත්වාගෙන යා හැකි බවය.

    කෙසේ වෙතත් ඊයේ රාත්‍රිය වන විට කැලණිතිස්ස බලාගාරය සොජිට් පෞද්ගලික බලාගාරයෙන් ජාතික පද්ධතියට එක්කල විදුලි ධාරිතාව ඇනහිට තිබුණේ අනිවාර්ය අලුත්වැඩියාවක් හේතුවෙන් බලාගාරය අක්‍රිය කිරීමට සිදුවීම නිසාය.

    එමගින් මෙගාවොට් 100 කට අධික විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කෙරිණි.

    ලංකාවෙ පොළොව හෙල්ලුණොත් අනතුරු අඟවන්න චීනය ලෑස්තියි

    0

    ශ්‍රී ලංකාවට භූ කම්පන මධ්‍යස්ථාන තුනක් නොමිලේ ලබා දීමට චීනය එකඟතාව පළ කර තිබේ.

    ඒ අනුව මෙරට භූ කම්පන මධ්‍යස්ථාන සංඛ්‍යාව 7 දක්වා ඉහළ යනු ඇත.

    පල්ලේකැලේ , බුද්ධංගල, මහකනදරාව හා හක්මන යන ප්‍රදේශවල මේ වන විට භූ කම්පන මධ්‍යස්ථාන පිහිටුවා තිබේ.

    චීනය පොරොන්දු වී ඇති භූ කම්පන මධ්‍යස්ථාන තුන බස්නාහිර සහ වයඹ පළාත් මායිමේ ස්ථාපනය කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    මහනුවර දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් සඳහා භූ කම්පන හා භූ සම්පත් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

    අද එන්නත් මධ්‍යස්ථාන 112ක් රටපුරා

    0

    අවුරුදු 20 ට වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නත ඇතුළුව කොවිඩ් මර්දන එන්නත් අද දිනයේ ද රට පුරා පිහිටි මධ්‍යස්ථාන 112කදී ලබාදෙන බව ජනාධිපති කාර්‍යාලය නිවේදනය කරයි.

    අද දිනයේදී එන්නත් ලබා දෙන සියලූම මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

    Vaccination Centers on 27.01.2022

    කොවිඩ් ආසාදියන් ක්‍රමයෙන් ඉහළට

    0

    කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යමින් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

    අද දිනයේ පමණක් අලුතින් හදුනාගත් කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 927 ක් වන බව එම අංශයේ සංඛ්‍යා දත්ත සදහන් කරයි.

    ඒ අයගෙන් 05 දෙනෙක් විදේශයන්වලින් පැමිණි අයවේ.

    ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයෙන් පසු කොවිඩ් ආසාදිතයන් ඉහළ අගයක් වාර්තාවී ඇත්තේ අද දිනයේය.

    සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ කොවිඩ් රෝගීන් වෙනුවෙන් වෙන්කර ඇති දැඩි සත්කාර ඇඳන් 70 න් මේ වන විට 63 ක්ම ඇත්තේ රෝගීන්ගෙන් පිරී බවය.

    එසේම කොවිඩ් රෝගීන්ගෙන් අයි.ඩී.එච්. රෝහලට මේ වන විට ඇත්තේ පිරී ගොසිනි.

    දකුණු චීන මුහුදට කඩාවැටුණු ඇමරිකාවේ සුපිරි ප්‍රහාරක යානයට චීනය බැල්ම හෙලයි

    0

    දකුණු චීන මුහුද ආසානයේදී කඩා වැටුණු ඇමරිකානු නාවික හමුදාවට අයත් නවීනතම ප්‍රහාරයානය චීනය අතට පත්වීම වැලැක්වීමට එක්සත් ජනපදයට විශේෂ මෙහෙයුමක් දියත් කිරීමට සිදුව තිබේ.

    ලොව නවීනතම තාක්ෂණයෙන් සමන්විත එෆ්35 මාදිලියේ ප්‍රහාරක ගුවන් යානයක් ඉකුත් දා ඇමරිකා නාවික හමුදාවට අයත් යූඑස්එස් කාල් වින්සන් ගුවන්යානා ප්‍රවාහක නෞකාවට ගොඩබෑමට යාමේදී අනතුර පත්විය.

    එහිදී අනතුරට පත් ගුවන් යානය මුහුදට කඩා වැටුණු අතර යානයේ නියමුවා යානයෙන් මීදි ජීවිතය ආරක්ෂා කරගැනීමට සමත්වූ අතර අනතුරින් නෞකාවේ සිටි නාවිකයින් හය දෙනෙකුට තුවාලද සිදුවිය.

    ප්‍රහාරක යානාව කඩා වැටුණු දකුණු චීන මුහුදේ කොටසක් තමන්ටද අයත් බවට චීන ප්‍රකාශ කර ඇති අතර ඒ අනුව අදාල කාලාපය තුල මුහුදු පතුලේ යානයේ සුන්බන් පවතී නම් එය මුදා ගැනීමට චීනයේ සෘජු මැදිහත් වීමක් සිදුවීමට ඉඩ ඇත.

    ඒ අනුව චීනය විසින් මේවන විටත් යානාය කඩා වැටුණු ස්ථානය පිළිබඳ අවදානයෙන් පසුවෙනු ඇතැයි යුධ විශ්ලේෂඛයින් පවසයි. එබැවින් මෙම යානය යම් ආකාරයකින් චීනය ගොගැනීමක් සිදු කළහොත් ඇමරිකානු නාවික හමුදාව භාවිතා කරන නවීන යුද තාක්ෂණය චීනය අතට පත්වීමේ අවදානමක්ද පවතී.

    ඇමරිකාන ඩොලර් මිලියන සියයකට ආසන්න වටිනාකමින් යුත් මෙම යානය ප්‍රධාන වර්ග තුනකින් නිර්මාණය කරනු ලබයි. ඒ අනුව එෆ්35 ඒ යානය ගුවන් හමුදාවටත් එෆ්35බී මැරීන් බලකායටත් එෆ්35සී නාවික හමුදාවටත් නිර්මාණය කරනු ලබයි.

    එහිදී නාවික හමුදාවට නිපදවන ගුවන් යානය සමාන්‍ය ගුවන් යානයකට වඩා වෙනස් අකාරයකින් හැසිරවිය හැකි අතර එම යානය සිරස් අතර ගොඩබෑමට හැකියාව පවතින අතර සාමාන්‍ය ගුවන් යානයකට වඩා අඩු ධාවන පථයක ගුවන් ගත වීමටද හැකියාව පවතී.

    මෙම යානය රේඩාර් පද්ධති මඟහරිමින් ගමන් කිරීමේ හැකියාව පවතින අතර සතුරු යානාවලට නොපෙනී සිය ඉලක්ක වෙත ගොස් පහරදීමටද හැකියව පවතී.

    එෆ්35 යානය ඇමරිකාවට අතිරේකව මහා බි්‍රතාන්‍ය, ජපානයද භාවිතා කරන අතර මෑතකදී ෆින්ලන්තයට යානා මිලදී ගැනීමට කැමැත්ත පලකර ඇත.

    සුද යාම හෙවත් ඇඟ උණුකරවා යාම

    0

    අදහස් දැක්වීම – වෛද්‍ය කේ.ඩී.පියුමි ටානියා ජයවර්ධන
    රක්වාන ආයුර්වේද රෝහල

    ද්විතීයික ලිංගික ලක්ෂණ පහළ වීමෙන් පසු ස්ත්‍රී ප්‍රජනන පද්ධතියේ හෝර්මෝන ක්‍රියාකාරිත්වය මත අවර්ණ තරලයක් යෝනි මාර්ගය තුළින් ස්‍රාවය වීම සාමාන්‍යයෙන් සිදුවන්නකි .මෙම යෝනි ස්‍රාවය සුදු පැහැයට ආසන්න වර්ණයකින් වැඩි ප්‍රමාණයකින් ස්‍රාවය වීම සුදයාම,ඇඟ උණුකරවා යාම ලෙස හඳුන්වනු ලබයි. ශ්වේතප්‍රදරය ලෙස ආයුර්වේදයේ දක්වා ඇත්තේ මෙයයි.

    මෙම යෝනි ස්‍රාවය

    • කිරි කැටිති මෙන් විය හැකිය
    • දුර්ගන්ධය පැවතිය හැකිය .
    • යෝනි කණ්ඩු (කැසීම්)පැවතිය හැකිය .
    • ලා කහ,ලා කොළ වැනි විවිධ වර්ණ විය හැකිය.
    • ශ්වේතප්‍රදර හේතුව අනුව යෝනි ස්‍රාවයේ ගුණ වෙනස් වේ

    ශ්වේතප්‍රදරය සඳහා ශාරීරික හේතු ,මානසික හේතු හා විවිධ රෝග තත්වයන් බලපානු ලබයි.

    3d rendered illustration of the female anatomy
    • යෝනි මාර්ගයේ ආසාත්මිකතාවයන්
    • candida වැනි යීස්ට් ආසාදන
    • උපත් පාලන ඖෂධ භාවිතය (හෝර්මෝන මඟින් pH අගය වෙනස් වීම නිසා සාමාන්‍ය බැක්ටීරියා අධික වර්ධනය )
    • දියවැඩියාව ,ගැබ්ගෙල පිිළිකා වැනි රෝග තත්ව
    • මානසික ආතතිය හා අධික ද්වේශය
    • ගර්භිනීභාවය
    • ක්ලැමිඩියා,ගොනෝරියා,ට්‍රයිකොමොනියේසිස්,ගාර්ඩිනෙල්ලා වැනි ලිංගාශ්‍රිත රෝග

    මැදිවියේදී සුදයාම දියවැඩියාවේ ලක්ෂණයක් විය හැකිය.
    සුදයාම සහිතව යෝනි කණ්ඩු තත්වයක් පවතී නම් මැදිවියේ පසුවන ඔබ රුධිරගත සීනි පරීක්ෂාවක් කර ගැනීම වඩා සුදුසුයි .

    සුදයාමෙන් කෙට්ටු වෙනවාද ?

    සුදයාම හා සමාන වූ ලක්ෂණ සහිත සුදු පැහැති තරලයක් ස්‍රාවය වන වෙනත් රෝගයක් ආයුර්වේදයේ සෝම රෝගය නමින් දක්වා ඇති අතර එම රෝගයේදී ශරීරය පවත්වා ගැනීමට අවශ්‍ය තරල ප්‍රමාණයේ අඩුවීමක් සිදු වේ.එමඟින් ශරීරය කෙට්ටු වීම සිදුවිය හැකිය.සුදයාමට හේතුවන කාරණය මත ශාරීරික දුර්වලතා ඇති වේ.

    ශ්වේතප්‍රදරය, වෙනත් රෝගයක ලක්ෂණයක් වන බැවින් ඒ පිළිබඳව ඔබ දැනුවත් වී සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීම කළ යුතුයි.මේ සඳහා බාහිර හා අභ්‍යන්තර ප්‍රතිකාරත් , නිවැරදි විහරණ අනුගමනයත් සුව වීම සඳහා ඉතා වැඳගත් ය.

    බැක්ටීරියා හා යීස්ට් ආසාදන තත්වයක් නම් දින කිහිපයකින් සුව වේ.සුව වීම හා නොවීම ශ්වේතප්‍රදර හේතුව මත රඳා පවතී.

    ගංසූරිය,නුග,අත්තික්කා,බෝ පොතු වර්ග තැම්බූ වතුරේ මිනිත්තු 20 ක් පමණ වාඩි වී සිටීම ස්ථානික ප්‍රතිකාරයක් ලෙස නිවසේදීම ඔබට භාවිතා කළ හැකිය . යෝනි ධූපන,යෝනි පිචු ,යෝනි ශේක ආදී සුවිශේෂී ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමද ශ්වේතප්‍රදර චිකිත්සාවේදී යොදා ගනී

    උපදෙස් හා හිත ආහාර යෝනි ප්‍රදේශය මෘදු සබන් වර්ගයක් භාවිතයෙන් මඳ උණුසුම් ජලයෙන් දිනකට කිහිප වරක් පිරිසිදු කිරීම හා පවිත්‍ර කිරීමෙන් පසු ඉදිරියේ සිට පිටුපස දෙසට පිසදැමීම කළ යුතුයි.එමඟින් රෝගීකාරක බැක්ටීරියා ,දිලීර වෙනත් ස්ථාන වල ස්පර්ශ වීම වළකයි.

    100% කපු පිරිසිදු යට ඇඳුම් භාවිතය තෙත් වූ යට ඇඳුම් භාවිත නොකිරීම ආදී නිවැරදි පිළිවෙත් අනුගමනය රෝගය වළක්වා ගැනීමට ඉතා වැඳගත් වේ.

    3.උළුහාල් ,කොත්තමල්ලි ,සුදුළුණු වැනි කුළුබඩු වර්ග,ග්‍රීන් ටී ,බත් කැඳ වැනි පාන වර්ග, Probiotics අඩංගු යෝගට් වැනි ආහාර ශ්වේතප්‍රදර රෝගයට සුදුසුයි .උෂ්ණාධික ආහාර වලින් වැළකිය යුතුයි .

    රටපුරා විදුහල්පතිවරු වැඩ වර්ජනයකට සැරසෙති

    0

    වැටුප් විෂමතා ඉවත් කරන ලෙස බලකරමින් රටපුරා විදුහල්පතිවරු ලබන සිකුරාදා (28) වැඩ වර්ජනයක නිරත වෙති.

    අධ්‍යාපන ලේකම්වරයා විසින් ජනවාරි මස 5 වැනි දින නිකුත් කළ වැටුප් චක්‍රලේඛය මගින් ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන්ට බලවත් මූල්‍ය අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් ඊට විසඳුම් ඉල්ලා සංකේත වැඩ වර්ජනයක නිරත වන බව විදුහල්පති සමිති සන්ධානය සඳහන් කරයි.

    ගුරුවරුන්ට වැටුප් වැඩි කිරීමේදී ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන්ට මූල්‍ය අසාධාරණයක් සිදුව ඇතත් එය නිවැරදි කිරීමට අධ්‍යාපන බලධාරීන් කටයුතු කළ නිසා එම සංකේත වැඩ වර්ජනය සිදුකරන බව විදුහල්පති සමිති සන්ධානයේ නියෝජිත පියසිරි ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

    එහි දෙවන පියවර ලෙස පෙබරවාරි මස තුන්වන දින ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් සංවිධානය කරන බව ඔහු සඳහන් කළේය.

    පාවිච්චි කරන ගෑස් සිලින්ඩරය ෂුවර් නැද්ද?

    0
    Woman checking for gas leak in cooker

    අර්ධ වශයෙන් භාවිත කරන ලද දෝෂ සහිත සහ සැක සහිත ගෑස් සිලින්ඩර ආපසු භාරදීමට අවශ්‍ය පාරිභෝගිකයින් සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

    එය පහත දැක්වේ.

    අභාවප්‍රාප්ත ප්‍රවීන ගායිකා නීලා වික්‍රමසිංහගේ දේහය හෙට මෙරටට

    0

    අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිණී සංගීත විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය හෙට (27) මෙරටට රැගෙන එන බව විදේශ කටයුතු අමාත්‍යංශ නිවේදනය කරයි.

    ඉතාලියේ මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරිය ලෙස කටයුතු කරමින් සිටි නීලා වික්‍රමසිංහ මහත්මිය හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් හේතුවෙන් ඉතාලියේ මිලානෝ නුවරදී ඉකුත් 17 වැනිදා අභාවප්‍රාප්ත විය

    විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ මේ සම්බන්ධයෙන් මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සමඟ එක්ව කටයුතු කරමින් සිටින බවය.

    ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය ටොන් ලක්ෂ ගණන් පරිසරයට මුදාහැරලා

    0

    පසුගිය වසරේ දී විද්‍යුත් සහ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසි දහසකට ආසන්න ප්‍රමාණයක් පරිසරයට මුදාහැර ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

    අමාත්‍යවරයා පවසන්නේ මෙම තත්ත්වය තුළ විද්‍යුත් සහ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක්රැස් කිරීමට ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවයි.

    2019 වසරේ දී පැවති විගණන වාර්තාවෙන් එම තත්ත්වය පැහැදිලි වන බව අමාත්‍යවරයා සදහන් කළේය.

    පාපැදියෙන් සේවකයන් වැඩට ගෙන්වන්න පරිසර අමාත්‍යාංශයෙන් ලොකු උත්සහයක්

    0

    පාපැදි භාවිතා කිරීම ප්‍රවර්ධනය කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව පාපැදිවලින් සේවයට පැමිණෙන සේවකයන්ට ප්‍රවර්ධන ප්‍රතලාභයක්ද ලබාදීමට අවධානය යොමුව ඇත.

    වායු දූෂණය අවම කිරීම, බෝනොවන රෝග පාලනය , ඉන්ධන අර්බුදය ඇතුළු කරුණු ගණනාවක් මුල්කර ගනිමින් මෙම ප්‍රවර්ධන වැඩ සටහන ආරම්භ කෙරන බව පරිසර අමාත්‍යාංශ තොරතුරු සඳහන් කළේය.

    ඒ අනුව පාපැදි භාවිතය ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කර ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    පාපැදි සඳහා සෑම මාර්ගයකම මංතීරුවක් වෙන් කිරීම, පරිසර අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල පාපැදිවලින් පැමිණෙන සේවකයින් සඳහා යම් ප්‍රවර්ධන ප්‍රතිලාභයන් ලබාදීමේ නියාමන වැඩසටහනක් හඳුන්වාදීමටද එමගින් යෝජනා කෙරෙන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

    වාහන තදබදය ඇති අවස්ථාවල මාර්ගයේ ධාවනය වන එක් වාහනයකින් රජයට කිලෝමීටරයක් සඳහා රුපියල් 103.56ක් ඉන්ධන වෙනුවෙන් වැය කිරීමට සිදුවන බව සමීක්ෂණයකින් ඒ බව අනාවරණය වී ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    පාපැදිය භාවිත කිරීම මගින් ඉන්ධන සඳහා මුදලක් වැය නොවන බැවින් කිලෝමීටරයකට රජයට සිදුවන ලාභය රුපියල් 339.98ක් බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

    මෙරට රබර් වගාවට ප්‍රංශයේ අතහිත

    0

    ප්‍රංශය සමඟ එක්වී ශ්‍රී ලංකාව වඩාත් හොඳ නිෂ්පාදනයක් ලෝකයට ඉදිරිපත් කිරීමට හැකිවීම පිළිබඳව තමන් සතුටට පත්වන බව ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ඒරික් ලැවටු මහතා පවසයි.

    වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සහ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ඒරික් ලැවටු (EH. Eric Lavertu) මහත්වරුන් පෙරේදා (25) අගලවත්ත, ඩාර්ටින් ෆීල්ඩ් වතුයායේ පිහිටි රබර් පර්යේෂණායතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේදී ඔහු මේ බව කීය.

    නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් මෙරට කුඩා රබර්වතු හිමියන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට නියමිත නියමු ව්‍යාපෘතියේ පෙර සූදානම පිළිබදව සොයා බැලීම මෙම නිරීක්ෂණ චාරිකාවේ අරමුණ විය.

    ප්‍රංශයේ ආර්ථික අමාත්‍යංශය මූල්‍ය හා තාක්ෂණික ආධාර මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.

    අම්පාර හා මොනරාගල දිස්ත්‍රික්කවල කුඩා රබර් වතු හිමියන් වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක් කිරීමට නියමිතය.

    එහිදී පළමුව මොණරාගල දිස්ත්‍රික්කයේ කුඩා රබර් වතු හිමියන් 6000 දෙනෙකුට රබර් වගාවට නවීන තාක්ෂණය යොදාගත හැකි ආකාරය පිළිබඳව පුහුණු කරනු ලැබීය.

    මෙහිදී අදහස් දක්වමින් වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කර සිටියේ රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයන කිරීමෙන් වර්තමානය වන විට මෙරටට විශාල අදායමක් ලැබෙමින් තිබෙන බවය.

    මෙරට නිෂ්පාදන අංශය වැඩි දියුණු කිරීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩ පිළිවෙලට තම අමාත්‍යංශය උපරිම සහයෝගය ලබාදෙන බව කී අමාත්‍යවරයා මෙරට නිෂ්පාදන අංශය වැඩිදියුණු කිරීමට වත්මන් රජයට නිෂ්චිත දිගු කාලීන වැඩ පිළිවෙලක් තිබෙන බවද සඳහන් කළේය.

    2019 වසරේදී මෙරට රබර් මිල අධිකව පහළ ගිය බව කී වෛද්‍ය රමේෂ් පතිරණ අමාත්‍යවරයා ඒ හේතුවෙන් බොහෝ මිනිස්සු රබර් වගාවට එක්වීමට මැලි කමක් දැක්වූ බවද සඳහන් කර ඇත.

    නමුත් වත්මන් රජය බලයට පත්වීමත් සමඟ එම තත්ත්වය වෙනස්වූ බව සඳහන් කළ අමාත්‍යවරයා 2020 වසරේදී රබර් මෙට්ට්‍රික් ටොන් 7.5 ක් අපනයන කර තිබෙන බවද පැවසීය.

    මෙරට රබර් වගාවේ උන්නතිය වෙනුවෙන් ප්‍රංශ රජය දක්වනු ලබන සහයෝගය අගය කළ අමාත්‍යවරයා ඉදිරියටත් එම සහයෝගය අපේක්ෂා කරන බවද සඳහන් කළා.

    ශ්‍රී ලංකාවේ ප්‍රංශ තනාපති එරික් ලැවටු (EH. Eric Lavertu) මහතා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කර සිටියේ මෙරට නිෂ්පාදන කේෂ්ත්‍රයේ දියුණුව සඳහා අවශ්‍ය ඕනෑම වේලාවක උදවු උපකාර කිරීමට ප්‍රංශ රජය සූදානමින් සිටින බවයි.

    දෙරට අතර පවතින මිත්‍රත්වය සිහිපත් කළ තනාපතිවරයා මෙවැනි නවීන ව්‍යාපෘතියක් වෙනුවෙන් තම රට සමඟ අත්වැල් බැඳගැනීම පිළිබඳව ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට ස්තූතිවන්ත වන බවද සඳහන් කළා.

    සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ හා රබර් ආශ්‍රිත භෝග වගා සහ කර්මාන්තශාලා නවීකරණය හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා මෙ‍හිදී සඳහන් කර සිටියේ කලුතර දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 1200ක් පුරා පැතිර තිබූ රබර් වගාව මේ වනවිට හෙක්ටයාර 1100 දක්වා අඩුවී තිබෙන බවයි.

    පසුගිය කාලයේදී රබර් වගාකරුවන් මුහුණ දුන් විවිධාකාර ගැටළු මෙයට හේතුව බව කී රාජ්‍ය අමාත්‍යවරයා වත්මන් රජය එම ගැටළු විසඳමින් රබර් වගාව දියුණු කිරීමට කැපවී කටයුතු කරන බවද සඳහන් කළා.

    මෙරට රබර් වගාව දියුණු කිරීම‍ට රජය දිගුකාලීන සැලැස්මක් සහිතව කටයුතු කරන බවත් සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා එම සැළසුම් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් රජයට සහයෝගය දැක්වීම සම්බන්දයෙන් ප්‍රංශ රජයට සිය ස්තූතිය පළ කරන බවද වැඩිදුරටත් පැවසුවා.
    සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ හා රබර් ආශ්‍රිත භෝග වගා සහ කර්මාන්තශාලා නවීකරණය හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් තිලකරත්න බණ්ඩා, රබර් පර්යේෂණ මධ්‍යස්ථානයේ සභාපතිනී මහාචාර්ය සුධීරා රංවල, රබර් පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආචාර්ය ලක්ෂ්මන් රොඩ්රිගෝ, නියෝජ්‍ය අධ්‍යක්ෂ පර්යේෂණ (තාක්ෂණ) ආචාර්ය සුසන්ත සිරිවර්ධන, නියෝජ්‍ය අධ්‍යක්ෂ පර්යේෂණ (ජීව) අචාර්ය වාසනා විජේසුන්දර මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

    ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් කෑමෙන් මියයන අලි ගැන හොලිවුඩ් නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝ තැවෙයි

    0

    ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයේ විවෘත බැහැර කරන ස්ථානයක ප්ලාස්ටික් අපද්‍රව්‍ය හේතුවෙන් අලි ඇතුන්ට සිදුවන අකරතැබ්බය පිළිබඳව සුපිරි හොලිවුඩ් නළුවකු සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශගුණික විපර්යාසය පිළිබඳ නියෝජිතයකු වන ලියනාඩෝ ඩිකැප්‍රියෝ අවධානය යොමු කර තිබේ.

    ඔස්කාර් සම්මානලාභී නළුවකු වන ඔහු සිය නිල සමාජ ජාල ගිණුම් ඔස්සේ ඇසෝසියේටඩ් ප්‍රෙස් හි ඒ පිළිබඳ ප්‍රවෘත්ති වාර්තාවක් මුදාහැර ඇත.

    එම පුවතින් කියා සිටියේ අම්පාර දිස්ත්‍රික්කයේ පල්ලක්කාඩු ගම්මානයේ කුණු කන්දෙන් ප්ලාස්ටික් කුණු කසළ අනුභව කිරීමෙන් සති අන්තයේ තවත් අලි දෙදෙනෙකු මියගොස් ඇති බවයි.

    නැගෙනහිර ශ්‍රී ලංකාවේ විවෘත කසළ බැහැර කරන ස්ථානයේ ඇති ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසා එම කලාපයේ අලි ඇතුන් මිය යන බවට සංරක්ෂණවේදීන් සහ පශු වෛද්‍යවරුන් අනතුරු අඟවා ඇත.

    විදුලි ලොක්කෙක් ඉල්ලා අස්වෙයි

    0

    ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) සභාපති එම් එම් සී ෆර්ඩිනැන්ඩෝ මහතා සිය ඉල්ලා අස්වීම භාර දී තිබේ.

    ඒ ලබන පෙබරවාරි 01 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ය.

    අද (26දා) දිනැති එම ලිපියේ තමන් ඉල්ලා අස්වීමට හේතුව පෞද්ගලික හේතුවක් බව සඳහන් කර ඇත.

    ෆර්ඩිනැන්ඩු මහතා සිය ලිපියෙන් විදුලිබල මණ්ඩලයේ සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉදිරි කටයුතු සඳහා සුබ පතා ඇත.

    තමාව විදුලිබල අමාත්‍යවරයා වෙත නිර්දේශ කිරීම පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ස්තුතිය පළ කර ඇතැයි වාර්තා වේ.

    කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණයේ සභාපතිත් ඉල්ලා අස්වෙයි

    0

    කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති නීතීඥ ප්‍රේමචන්ද්‍ර ඈපා මහතා ඉල්ලා අස්වී තිබේ.

    කෘෂිකර්ම අමාත්‍යවරයා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඒ මහතා යොමුකර ඇත්තේ ඊයේ දිනයේදීය.

    මෙම ඉල්ලා අස්වීමට හේතුවක් නිෂ්චිත ලෙස අනාවරණය වන්නේ නැත. එහෙත් ඔහුට එරෙහිව කෘෂි රක්ෂණ මණ්ඩලයේ සේවකයින් පසුගිය දිනවල විරෝධතා දැක්වීමක් සිදුවිය.

    කරන්දෙණියේ තරුණ යුවලක් සියදිවි හානිකර ගනී

    0

    කරන්දෙණිය පිහිඹිය කන්ද ප්‍රදේශයේ කුරුඳු ඉඩමක ගසක එල්ලී තරුණ යුවලක් සියදිවි හානිකරගෙන තිබේ.

    එම සිරුරු හමුවී ඇත්තේ ඊයේ බව කරන්දෙණිය පොලීසිය සඳහන් කරයි.

    මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ 20 හැවිරිදි වියේ පසුවූ තරුණයෙක් සහ 16 හැවිරිදි වියේ පසුවන්නියකි.

    පොලීසිය සදහන් කරන්නේ මෙසේ සියදිවි හානිකරගෙන ඇති යුවල පෙම්වතුන් බවය. තරුණයා අතින් ඇය අපයෝජනයට ලක්වීමක් සම්බන්දයෙන් අධිකරණයේ නඩුවක්ද විභාගවන බව ද පොලීසිය කියයි.

    පානදුර වෙන්දේසිවත්තේ නිවෙස්වලට ගල් ගැසූ භූතයා අල්ලයි

    0

    පානදුර – නන්ලුරුව දිබ්බැද්ද වෙන්දේසිවත්තේ නිවස්වලට රාත්‍රී කාලයේ ගල් සහ වීදුරු බෝතල් ප්‍රහාර එල්ලකරමින් අමනුෂ්‍ය බියක් ඇති කල පුද්ගලයාව පිංවත්ත පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    මාස එකහාමාරක සිට වෙන්දේසිවත්තේ ජනතාව මේ හේතුව නිසා දැඩි පීඩනයට ලක්ව සිටි අතර ඇතැම් පුද්ගලයින් නිවාස අතහැර ගොස් තිබුණි.

    මේ සම්බන්ධයෙන් ජනතාව පොලීසියට පවා පැමිණිලි කළේය. ඒ අනුව පොලීසිය විමර්ශන පැවැත්වීමට පැමිණි අවස්ථාවන් වලදීද ගල් ප්‍රහාර නිවෙස්වලට එල්ලවී තිබුණි.

    ඒ සම්බන්ධයෙන් නිරවුල් මනසකින් විමර්ශනයක් පැවැත්වූ පිංවත්ත පොලීසියේ නිලධාරීන් නිවාස වලට ගල් ප්‍රහාර එල්ලකල භූතයා කවුරුන්දැයි හදුනාගනිමින් ඔහුව අත්අඩංගුවට ගත්තේය. එම භූතයා එම ප්‍රදේශයේම පදිංචි 22 හැවරදි තරුණයෙක් බව පොලීසිය කියයි. අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතකර ඇත.

    පොලීසිය පවසන්නේ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් පසු නිවෙස්වලට රාත්‍රී කාලයේ එල්ලවුණු ගල් ප්‍රහාර නතර වී ඇති බවය.

    නව ඉන්දුනීසියානු තානාපතිනිය විදේශ ඇමති හමුවෙයි

    0

    ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර පවත්නා සබඳතා 1952 වර්ෂයේ දී විධිමත් ලෙස පිහිටුවීමට පෙර පටන් දිගුකාලීන ඓතිහාසික හා සංස්කෘතික බැඳීම් මත පදනම් වූ පොදු අවශ්‍යතා සහ ඉලක්ක රාශියක් දෙරට විසින් හුවමාරු කරගනු ලැබූ බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අවධාරණය කළේ ය. ශ්‍රී ලංකාව සඳහා ඉන්දුනීසියානු ජනරජයේ තානාපති දේවි ගුස්ටිනා ටොබින්ග් මැතිනිය 2022 ජනවාරි 24 වැනි සඳුදා දින විදේශ අමාත්‍යංශයට පැමිණි අවස්ථාවේ දී අමාත්‍යවරයා මෙලෙස සඳහන් කළේ ය. ඇය 2021 දෙසැම්බර් 21 වැනි දින ජනාධිපතිවරයා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වීමෙන් අනතුරුව විදේශ අමාත්‍යවරයා සමඟ පැවැත්වූ ප්‍රථම හමුව වන්නේ මෙම හමුව යි.

    දෙරට අතර පවත්නා විශිෂ්ට සබඳතා පිළිබඳව සඳහන් කළ විදේශ අමාත්‍යවරයා, 2021 වර්ෂයේ පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අතරතුර දී තම ඉන්දුනීසියානු මිත්‍ර පාර්ශ්වයේ විදේශ අමාත්‍ය රෙට්නෝ එල්. පී. මර්සුඩි මහතා හමු වූ බවත්, COP26 සමුළුව ආරම්භ කිරීමට ප්‍රථමයෙන් ඉන්දුනීසියාවේ ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මහතා හමු වූ බවත් සිහිපත් කළේ ය. නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ සාමාජිකත්වය දරන අතරතුර පරිසරය, දේශගුණික විපර්යාස, තිරසාර සංවර්ධනය ඇතුළු සමාජීය-ආර්ථික සංවර්ධනය සහ ජාත්‍යන්තර සබඳතා යනාදී ජාත්‍යන්තර තලයේ ගෝලීය ප්‍රමුඛතා සම්බන්ධයෙන් දෙරටම හවුල් දැක්මක් හුවමාරු කරගත් බව අමාත්‍ය පීරිස් මහතා මෙහිදී අවධාරණය කළේ ය. ඉන්දියන් සාගරය සහ ඉන්දු පැසිෆික් කලාපය සංවර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාව ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ (IORA) සභාපතිත්වය දරන බවත්, කඩොලාන පරිසර සංරක්ෂණය පිළිබඳ ගැටළු කෙරෙහි අවධානය යොමු කරන අතරතුර තිරසාර නයිට්‍රජන් කළමනාකරණය සඳහා වූ ව්‍යාපාරයේ මූලිකත්වය ගනිමින් පොදුරාජ්‍ය මණ්ඩලයේ නීල ප්‍රඥප්ති ශූරයකු වශයෙන් ශ්‍රී ලංකාව ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරන බවත් විස්තර කළේ ය.

    එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර සංසද හමුවේ සමීප සහයෝගිතාව පළ කිරීම, අපේක්ෂකත්වය සඳහා අන්‍යෝන්‍ය සහය ලබා දීම මෙන්ම වෙළඳාම, ආයෝජන සහ සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීම යනාදී වශයෙන් පුළුල් පරාසයකට දිවයන සහයෝගිතාව තවදුරටත් පුළුල් කිරීමට විදේශ අමාත්‍යවරයා සහ තානාපතිනිය සිය කැමැත්ත පළ කළහ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා 70 වසරක් සපිරීම නිමිත්තෙන් 2022 වර්ෂයේ අගෝස්තු මස පවත්වනු ලබන සංවත්සර සැමරුම සඳහා දෙරටේ නායකයින්ගේ ඉහළ පෙළේ අන්තර්ක්‍රියා පමණක් නොව, පුද්ගලාන්තර සබඳතා ඉහළ නැංවීම මෙන්ම ව්‍යාපාර, වෙළඳාම සහ සංචාරක ව්‍යාපාරය ආශ්‍රිත සබඳතා පැවැත්වීමේ වැදගත්කම ද ඔවුහු අවධාරණය කළහ.

    දෙරට අතර සංවත්සර සැමරුම පැවැත්වීමට මත්තෙන් මෙරට සංචාරයක නිරත වීම වඩාත් යෝග්‍ය බව විදේශ අමාත්‍ය පිරීස් මහතා සිය මිත්‍ර පාර්ශ්වය වෙත දන්වා සිටි අතර, ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස ඉන්දුනීසියානු විදේශ අමාත්‍යවරයා වෙත උණුසුම් ඇරයුමක් ද පිරිනැමී ය. කොළඹ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර ඒකාබද්ධ කොමිසමේ තුන්වැනි සැසිවාරය කඩිනමින් කැඳවීම , ආර්ථික සහයෝගිතාව ගැඹුරු කිරීම සහ පුළුල් කිරීම සඳහා ජනාධිපති විඩෝඩෝ ශ්‍රී ලංකාව තුළ සිදු කිරීමට නියමිත සංචාරය පිළිබඳව පසු විපරම් කිරීම මෙන්ම, ද්විපාර්ශ්වික ආර්ථික ක්ෂේත්‍රය තුළ මෙතෙක් ප්‍රයෝජනයට නොගත් විභවයන් ප්‍රයෝජනයට ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව ද දෙදෙනා සාකච්ඡා කළහ.

    සංහිඳියා කටයුතුවල ප්‍රගතිය, මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ජනතාවගේ සමාජීය-ආර්ථික සංවර්ධනය යනාදිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සතු ප්‍රගතිය මෙන්ම, එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ පවත්නා සබඳතා පිළිබඳව තානාපතිනිය දැනුම්වත් කළ අමාත්‍ය පීරිස් මහතා, අනවශ්‍ය සහ ආක්‍රමණශීලී අයුරින් රටවල් තෝරා බේරා ගැනීමකට ලක් කරන එක්සත් ජාතීන්ගේ ඇතැම් යාන්ත්‍රණ කෙරෙහි සිය විරෝධය පළ කළේ ය. වෙළඳාම සහ ආයෝජන අවස්ථා පුළුල් කිරීමේ අරමුණින් ආර්ථික රාජ්‍යතාන්ත්‍රික කටයුතු සහ දියුණු වෙමින් පවතින අවස්ථා කෙරෙහි ශ්‍රී ලංකාව ප්‍රමුඛත්වය ලබා දෙන බවත්, විශේෂයෙන්ම පශ්චාද් වසංගත තත්ත්වය හමුවේ දෙපාර්ශ්වයටම මේ සම්බන්ධයෙන් සිය අත්දැකීම් හුවමාරු කරගත හැකි බවත් හෙතෙම ප්‍රකාශ කළේ ය.

    දෙරට අතර සබඳතා වැඩි දියුණු කිරීම සඳහා පවත්නා අපේක්ෂා පිළිබඳව සඳහන් කළ තානාපතිනිය, වෙළඳාම, ආයෝජන සහ සංචාරක ව්‍යාපාරය ආශ්‍රිත සමීප සහයෝගිතාවයේ සහ හවුල්කාරිත්වයේ ශක්‍යතා පිළිබඳව අවධාරණය කළ අතර ශ්‍රී ලංකාවේ සිදු කළ හැකි ව්‍යාපෘති, ශ්‍රී ලංකාව සමඟ පැවැත්විය හැකි සමීප සබඳතා මෙන්ම, අන්‍යෝන්‍ය ප්‍රයෝජනය සඳහා ව්‍යාපාරික ප්‍රජාව සහ වාණිජ මණ්ඩල අතර සහයෝගිතාව ශක්තිමත් කිරීමේ අරමුණින් එම ක්ෂේත්‍ර පිළිබඳ වැඩි දැනුම්වත් කිරීමක් සිදු කළ හැකි අවස්ථා සහ ක්‍රියාකාරකම් පිළිබඳව සොයා බැලීමට ඉන්දුනීසියානු කර්මාන්තවල ඇති උනන්දුව ද සඳහන් කළා ය.

    නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව සටන් කිරීම සහ බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම ඇතුළුව ආරක්ෂක සහයෝගිතාව සම්බන්ධයෙන් පවත්නා සුවිශේෂී ශක්‍යතා පිළිබඳව සඳහන් කළ විදේශ අමාත්‍ය පීරිස් මහතා නාවික ආයතන, ජාතික මත්ද්‍රව්‍ය විරෝධී ආයතන සහ ත්‍රස්තවාදයට එරෙහි ආයතන අතර සමීප අන්තර්ක්‍රියා පැවැත්වීම වැදගත් වන බවත්, වාර්ෂිකව නැව් 60,000ක් පමණ ඉන්දියන් සාගරය හරහා ගමන් කරන බවත්, ලෝකයේ තෙල්වලින් තුනෙන් එකක් පමණ මෙම කලාපය හරහා ප්‍රවාහනය කරන බවත් අවධාරණය කළේ ය.

    මෙම වර්ෂයේ අග පැවැත්වීමට නියමිත ඉහළ පෙළේ සංචාර ඇතුළුව, ඉදිරියේ දී පැවැත්වීමට නියමිත 70 වැනි සංවත්සර සැමරුම දෙරටේ අන්‍යෝන්‍ය ප්‍රයෝජනය මෙන්ම දෙරට අතර පවත්නා සබඳතා ශක්තිමත් කිරීමට යොදා ගැනීමට ඔවුහු අපේක්ෂා කළහ.

    චමරි අතපත්තු හොඳම 10 අතරට

    0

    අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් යාවත්කාලීන කරන ලද කාන්තා විස්සයි-20 පිතිකාරිනියන්ගේ ලැයිස්තුවේ පළමු පිතිකාරිනියන් 10 දෙනා අතරට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු තේරී පත්ව තිබේ.

    ඒ පොදුරද මඩුලු ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් ඉකුත්දා මැලේසියාවේදී නිමාවට පත්වුණු සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී පිතිකරණයෙන් දක්වන ලද දක්ෂතා හේතුවෙනි.

    එම තරගාවලියේ සහභාගිවූ තරග 4 දී ලකුණු 221 ක් වාර්තා කිරීමට සමත්වීමත් සමඟ කාන්තා විස්සයි-20 පිතිකාරිණියන් වර්ගීකරණයේ 8 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට අතපත්තු සමත්වූවාය. එය ඇය රැඳී සිටි ස්ථානයේ සිට ස්ථාන 6 ක් ඉදිරියට පැමිණීමක් ලෙසින් සටහන් විය.

    එම දක්ෂතා ප්‍රධාන කොට තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින්ද අතපත්තු සම්මාන ලැබුවාය. පිතිකාරිණියන්ගේ ලැයිස්තුවට අමතරව ඇය විස්සයි-20 තුන් ඉරියව් ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ ස්ථානයක් හෙවත් 7 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමටද සමත්වූවාය.