තවත්

    18 වංගුව රෑට වැසේ

    0

    අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පස්කදු හා ගල් කඩාවැටීම් සිදුවන බැවින් නැවත දැනුම් දෙන තුරු සවස 6.00 සිට පසුදින 6.00 දක්වා දෛනිකව 18 වංගුව වසා තැබෙන බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

    මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදි මෙම තීරණය ගෙන ඇත.

    ඒ අනුව රාත්‍රී කාලයේදී විකල්ප මාර්ග ඔස්සේ වාහන ධාවනය කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

    හම්බන්තොට වරාය 2024 සියයට 22ක වර්ධනයක්

    0

    2024 දී 22% ක සුවිශේෂ වර්ධන වේගයක් අත්කරගෙන ඇති හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP), 2025 වසර තුළ එය තව දුරටත් ඉහළ නැංවීමට අරමුණු කරයි.

    ඒ වෙනුවෙන් වරායේ බහාලුම් අංගනයට නවීන ගැන්ට්‍රි සහ අංගන දොඹකර හඳුන්වාදීම ඇතුළු යටිතලපහසුකම් වැඩිදියුණුකිරීමේ කටයුතු රැසක් ක්‍රියාවට නන්වා තිබේ. මෙම නවීකරණය, ඉන්දියානු සාගර කලාපයේ ප්‍රධාන සාමාජිකයෙකු ලෙස ස්ථානගතවෙමින් සිටින HIP විසින්, නාවික සහ සැපයුම් වෙළඳ පොළ තුළ වැඩෙමින් පවතින ඉල්ලුම සපුරාලීම සඳහා ගෙන ඇති උපාය මාර්ගයන්ගෙන් එකකි.

    2024 වසරේදී තොග සහ කොටස් වශයෙන් ප්‍රවාහනය කරන නැව් බඩු අංශයේ කැපී පෙනෙන ප්‍රගතියක් වරාය අත්විඳ ඇත.

    වසරේ පළමු භාගය තුළ මෙට්‍රික්ටොන් 236,012 සිට මෙට්‍රික්ටොන් 552,297 දක්වා ඉහළ ගොස්ඇතිඅතර, මෙම සංඛ්‍යාව 2023 වසරේ එම කාල සීමාවට සාපේක්ෂව 134% ක වර්ධනයකි. 2022 දීබිඳවැටුණු ඉදිකිරීම් ක්ෂේතය ප්‍රකෘති වීමෙන් අනතුරුව සිමෙන්ති ආනයනය ඉහළයාම පරිමාවන් වැඩිවීමට තුඩුදුන් ප්‍රධාන හේතුවක් ලෙස සැලකිය හැක.

    HIP හිගෑස් මෙහෙයුම් ද ක්‍රමයෙන් ශක්තිමත් කරමින්, පසුගිය වසර පළමු භාගය තුළ LPG පරිමාවන් 46% කින් ඉහළ නැංවීමට වරාය සමත්වී ඇත. 2024 දෙවන කාර්තුවේදී 2023 ට සාපේක්ෂව LPG ප්‍රවාහන අනුපාතයේ 100%ක වැඩිවීමක් වාර්තාකර ඇත. LPG ගෑස් යාත්‍රා සහ විවිධ නෞකා සඳහා ඍජුව ඉන්ධන සැපයුම් සිදුකරමින් සිය සේවාවන් පුළුල්කරඇති HIP, නැවෙන් නැවට ද්‍රවතොග මාරු කිරීමේ මෙහෙයුම් ද ආරම්භ කළේය. මේ සියලු ක්‍රියාවක්ම, බලශක්ති අංශය ප්‍රධානවර්ධන වෙළඳපොලක්ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා වරාය දක්වන උනන්දුව පැහැදිලිව ප්‍රකාශ කරයි.

    මෙඩිටරේනියන් නැව්සමාගම (MSC) සමග එක්ව බහාලුම් සේවා ආරම්භ කිරීම HIP විසින් 2024 තුළ ලැබූ විශේෂ ජයග්‍රහණයක් විය. වසර මැද භාගයවනවිට සම්මත අඩි 20 බහාලුම් (TEU) 43,777ක් හසුරුවා අංග සම්පූර්ණ බහාලුම් වරායක්ලෙස ස්ථාපිතවී, කලාපයේ ශක්තිමත් බහාලුම් හුවමාරුමධ්‍යස්ථානයක් ලෙස ස්ථානගතවීමට වරාය සමත්විය. සිය බහාලුම් සේවාවන් තවදුරටත් දියුණු කිරීමේ අරමුණින්, ප්‍රතිනැව්ගතකිරීම සඳහා කැපවූ විශේෂ බහාලුම් අංගනයක් ඉදිකිරීම සඳහා ද HIP විසින් සැලසුම් යොදා ඇත.

    ඒකාබද්ධ සැපයුම්, සමුද්‍රසේවා, වරාය සේවා, බලශක්ති මධ්‍යස්ථානයක් සහ වරාය ආශ්‍රිත කර්මාන්ත යන ප්‍රධාන අංශ පහක් හරහා ක්‍රියාත්මක කරන HIP බහුකාර්ය වරායක් ලෙස සිය පිහිටීම තහවුරුකොට ඇත. උපාය මාර්ගික පිහිටීම, වැඩිදියුණු කරනලද යටිතල පහසුකම් සහ කාර්යක්ෂම සේවාවන් සමගින්, ශ්‍රීලංකාවේ දකුණු පළාතවෙත පිවිසීමේ දොරටුවක් ලෙස ස්ථානගතවී ඇති හම්බන්තොට ජාත්‍යන්තර වරාය, ප්‍රතිනැව්ගතකිරීම සහ ප්‍රතියෝජක (relay) කිරීමේ සේවාවන් කෙරෙහි විශේෂ අවධානය යොමු කරයි.

    ජාවාරම්කරුවන් ගජමුතු විකුණන්න දිවුලපිටි එන්නේ ඇයි

    0

    ගජමුතු 07ක් රුපියල් මිලියන 22කට අලෙවි කිරීමට දිවුලපිටිය නගරයට පැමිණ සිට පුද්ගලයන් දෙදෙනෙක් දිවුලපිටිය පොලිසියේ නිලධාරීණ් කණ්ඩායමක් ඊයේ සවස අත්අඩංගුවට ගෙන ඇත.

    ග්‍රෑම් 13යි මිලිග්‍රෑම් 05ක් බරැති මෙම ගජමුතු 07 සමඟ අත්අඩංගුවටගත් සැකකරුවන් මාතලේ පලාබද්දර සහ මහවෙල පල්ලේපොල පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරයි. ඔවුන් අවුරුදු 23 හා 33 යන වයස්වල පසුවන්නන්ය.

    දිවුලපිටිය පොලිසිය මගින් මෑත කාලයේදී දිගින් දිගටම ගජමුතු අලෙවිකිරීමට පැමිණි පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇත. එසේ අත්අඩංගුවටගත් ගජමුතු ප්‍රමාණය 20කට වැඩිය. ජාවාරම්කරුවන් මෙසේ ගජමුතු අලෙවි කිරීමට දිවුලපිටියටම එන්නේ ඇයිදැයි ඇත්තේ පොලිසියටද ගැටළුවකි.

    රැදවියෙකුට අයිස් දෙන්න ගිය නියාමක අතේමාට්ටු

    0

    සිරකරුවෙකුට ලබාදීමට අයිස් මත්ද්‍රව්‍ය සහ ජංගම දුරකථන සිම්කාඩ්පත් 02ක් බන්ධනාගාරගය තුළට රැගෙන ගිය දුම්බර බන්ධනාගාරයේ සේවයේ නිරතව සිටින නියාමකවරයෙකු ඊයේ සවස අත්අඩංගුවටගත් බව පල්ලෙකැලේ පොලිසිය සඳහන් කරයි.

    පල්ලෙකැලේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරකට අනුව බන්ධනාගාරය තුළදීම මෙම නියාමකවරයා අත්අඩංගුවට ගෙන තිබේ. අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 280ක් සැකකාර නියාමකවරයා සතුව තිබී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

    අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 39 ක් වන හන්දෙස්ස ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

    නිවසේ පොකුණට වැටී දරුවෙකුට දිවි අහිමිවෙයි

    0

    වාද්දූව පොලිස් වසමේ දකුණු තල්පිටිය ප්‍රදේශයේදී, කුඩා පිරිමි දරුවෙකු නිවසෙහි ඇති පොකුණට වැටී දියේ ගිලීම හේතුවෙන් මියගොස් ඇත.

    මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ දහවල් කාලයේදීය.

    මියගිය දරුවා අවුරුදු 01 ½ක් වයසැති බව පොලිසිය සඳහන් කළේය.

    මියගිය දරුවා තම වැඩිමහල් සහෝදරයන් දෙදෙනා සමඟ මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී, නිවස ඉදිරිපිට ඇති කුඩා පොකුණට වැටී දියේ ගිලී මියගොස් ඇති බවට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

    ගල්කිස්සේ පාතාල වෙඩිල්ලෙ සැකකරු අල්ලයි

    0

    ගල්කිස්ස පොලිස් වසමේ සිරිපාල මාවතේදී බඩෝවිට පදිංචි 24 හැවිරිදි තරුණයෙකුට ඊයේ (19) වෙඩි තබා යතුරුපැදියකින් පළායමින් සිටි වෙඩික්කරු ගිනි අවියද සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව ඇත.

    මෙම වෙඩික්කරු කොටුකරගෙන ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඔහු පදිංචි නිවස අවට ආවේක්ෂණ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකි.

    වෙඩික්කරු අත්අඩංගුවට ගැනීමට යාමේදී එම පොලිස් නිලධාරියාට ඔහු වෙඩි තැබීමට සූදානම් වී ඇති බවත් ගිනි අවිය ක්‍රියාත්මක නොවී බිම වැටීම හේතුවෙන් අනතුරක් වී නැති බවත් පොලිස් තොරතුරු අනාවරණය කළේය.

    වෙඩික්කරු 47 හැවිරිදි වියේ පසුවන පොල්ගස්ඕවිට පංසල්වත්තේ පදිංචි කරුවෙකි.

    ගල්කිස්ස, කොහුවල, බඩෝවිට යන ප්‍රදේශවල මත්කුඩු ආදිපත්‍ය වෙනුවෙන් විදේශගතව සිටින පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවන් දෙදෙනෙක් වන කොස්මල්ලී සහ බඩෝවිට අසංක නැමැති අයගේ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම් හා ඝාතන සිදුවෙමින් පවතින බව පොලිසිය කියයි.

    ද්විත්ව ඝාතන කොන්ත්‍රාත්තුව ලක්ෂ 20!

    0

    මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන ද්විත්ව ඝාතන නඩුවකට පෙනි සිටීමට පැමිණි දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ හමුදාවේ දෙදෙනෙක් මන්නාරම පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

    එක් අයෙක් විශ්‍රාමික ආබාධිත ලාන්ස් කෝප්‍රල්වරයෙක් වන අතර වෙඩික්කරු යුද හමුදාවේ සක්‍රීය සේවයේ නිරතව සිටින කෝප්‍රල්වරයෙකි.

    මන්නාරමේ ක්‍රියාත්මක මත්කුඩු ජාවාරම්කරුවෙක් විසින් ලබාදුන් රුපියල් ලක්ෂ 20ක කොන්ත්‍රාත්තුවකට අනුව මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව හෙළිවී තිබේ.

    2023 වසරේ අගෝස්තු 23 වෙනිදා අඩම්පන් හී මුල්ලිකණ්ඩාල් වැව ආසන්නයේදී යතුරුපැදියකින් ගමන්කරමින් සිටි දෙදෙනෙකුට වෙඩි තබා මරා දමා ඇත්තේ ආබාධිත කෝප්‍රල්වරයා බවද අනාවරණය වී ඇත. මත්කුඩු ජාවාරම්කරු ලබාදුන් රුපියල් ලක්ෂ 15ක කොන්ත්‍රාත්තුවකට අනුව එම ද්විත්ව ඝාතනය සිදුකර තිබෙන බව හෙළිවී ඇත.

    හිටපු ඇමති විජිත් විජේමුණි අත්අඩංගුවට

    0
    Man on the chair in Handcuffs. Rear view and Closeup ,Men criminal in handcuffs arrested for crimes. With hands in back,boy prison shackle in the jail violence concept.

    කොටස් එකලස්කර නීති විරෝධි ලෙස ලියාපදිංචිකළ ලොරි රථයක් පරිහරණය කිරීමත් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයෙක් වන විජිත් විජේමුණු සොයිසා මහතා පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර් දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගත්තේය.

    පෙම්වතියට පහරදුන් පොලිස් පෙම්වතාට වැඩ වර දී

    0

    සිය පෙම්වතියට පහරදී තුවාල සිදුකල පොලිස් පෙම්වතෙකු ලිඳුල පොලිසිය ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කෝපායි පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටින පොලිස් කොස්තාපල්වරයෙකි.

    මෙම නිලධාරියා තලවකැලේ පදිංචිකරුවෙකි. ඔහු එම ප්‍රදේශයේම පදිංචි 25 හැවිරිදි තරුණියක් සමග පෙම් සම්බන්ධයක් පවත්වන බව පොලිසිය කියයි.

    නිවාඩු ලැබ නිවසට පැමිණ සිටියදී පොලිස් කොස්තාපල්වරයා පෙම්වතිය මුණගැසෙන්නට ගොස් ඇතිවූ ආරවුලක් මුල්කරගෙන පහරදීම සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය. තුවාල ලැබූ පෙම්වතිය ළිඳුල රෝහලට ඇතුලත්කර ඇත.

    තලල්ලේ මගී බස් දෙකක් ගැටෙයි – 35කට තුවාලයි

    0

    දික්වැල්ල සිට මාතර දෙසට ධාවනය වෙමින් තිබුණු පුද්ගලික මගී බස් රථයක් අද(19) උදෑසන තලල්ල ප්‍රදේශයේදී ප්‍රතිවිරුද්ධ දිසාවෙන් ධාවනය වූ තවත් මගී බස් රථයක ගැටීමෙන් වූ අනතුරකින් 35 දෙනෙක් තුවාල ලබා රෝහල්ගතකර ඇත.

    තුවාලකරුවන් තලල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව බරපතල තත්ත්වයේ සිටි 06 දෙනෙක් මාතර රෝහලට මාරුකර යවා තිබේ.

    රජයේ ඉඩමක් රු.මිලියන 23කට අලෙවිකළ සැළසුම් අධ්‍යක්ෂට වූ දේ

    0
    Man on the chair in Handcuffs. Rear view and Closeup ,Men criminal in handcuffs arrested for crimes. With hands in back,boy prison shackle in the jail violence concept.

    රජයේ ඉඩමක් නීති විරෝධි ලෙස අලෙවිකර රුපියල් මිලියන 23ක් වංචා කිරීමක් සම්බන්ධයෙන් වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සැළසුම් අධ්‍යක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    වයස අවුරුදු 54ක් වන සැලසුම් අධ්‍යක්ෂ වවුනියාව රම්බකුලම් හී පදිංචිකරුවෙකි.

    රථවාහන වැරදි කැමරාවෙන් බලලා දඩ කොළ දෙන්න යයි

    0

    කොළඹ නගරයේ සවිකර ඇති ආරක්ෂක කැමරා පද්ධතිය මගින් නිරීක්ෂණයකර නීතියේ රැහැනට හසුකරගන්නා රථවාහන වැරදි කරන රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට දිවයිනේ සියලුම පොලිස් ස්ථාන සහ පොලිස් සී.සී.ටී.වී. ‍කොට්ඨාශය ඒකාබද්ධකරමින් නව මෘදුකාංගයක් හදුන්වා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇත.

    තාක්ෂණයෙන් පොලිසිය බලගැන්වීමේ අරමුණින් මෙම කටයුත්ත සිදුවන බව උසස් පොලිස් නිලධාරියෙක් නිවුස් වේව් වෙත පැවසීය.

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය හා ශ්‍රී ලංකා පොලිසිය මේ වන විට ජාල ගතව ඇති බැවින් යම් රථවාහන වැරැද්දක් කර පළායන වාහනයක ලියාපදිංචි සියළුම තොරතුරු ක්ෂණිකව ලබාගැනීමට හැකියාව ලැබී ඇති බවද එම නිලධාරියා කීය.

    එම මෘදුකාංගය එළිදැක්වීමේ උත්සවය හෙට පැවැත්වීමට නියමිතය.

    පාතාලයට කුලියට ගිනි අවි දුන් සිවිල් ආරක්ෂක බලකා නියාමක කොටු

    0

    පාතාල අපරාධකරුවන්ට ගිනි අවි කුලියට ලබාදීමේ ජාවාරමක නිරතව සිටි බව කියන සිවිල් ආරක්ෂක බලකා නියාමකවරයකු අත්අඩංගුවටගත් කොළඹ අපරාධ කොට්ඨාශය එම සෙබලාගෙන් හෙළිවූ තොරතුරු මත ටී 56 ගිනි අවි දෙකක් සොයාගෙන ඇත.

    තවත් ගිනි අවි කිහිපයක් ගැන තොරතුරු හෙළිවී ඇති බැවින් එම ගිනි අවි සොයා විමර්ශන ආරම්භකර ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කරයි.

    මෙම සිවිල් ආරක්ෂක බලකා සෙබලා වැලිකන්දේ පදිංචිකරුවෙකි. ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ එල්.ටී.ටී.ඊ.ය රැදී සිටි ස්ථානයක තිබී යුද සමයේ තමාට ගිනි අවි කිහිපයක් ලැබුණු බවය. එම ගිනි අවි ඔහු විවිධ පුද්ගලයන්ට අලෙවිකර ඇති බවද අනාවරණය වී තිබේ. වැලිකන්දේ ඔහු පදිංචිව සිටි නිවසේ තිබී සොයාගෙන ඇත්තේ ඔහු කුලියට ලhබාදී ඇතැයි සැකකරන ගිනි අවියයි.

    ඊට අමතරව මෙම සිවිල් ආරක්ෂක බලකා නියාමක විසින් වැලිකන්දේ ගංජා ජාවාරම්කරුවෙකුට රුපියල් ලක්ෂ 02කට අලෙවිකර තිබුණු ටී 56 ගිනි අවියක්ද කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් සොයාගෙන ඇත. වැලිඔයදී ගංජා ජාවාරම්කරු අත්අඩංගුවට ගෙන ගිනි අවිය සොයාගෙන ඇත.

    සිවිල් ආරක්ෂක බලකා නියාමක දින 90ක් රදවා ගැනීමේ නියෝගමත රදවාගෙන විමර්ශන පැවැත්වෙන බව කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කරයි.

    වී ගබඩා 209ක් පිරිසිදු කරන්න ‍යුද හමුදාව යොදවයි

    0

    මහ කන්නයේ වී අස්වැන්න මිලදී ගැනීමෙන් පසු ඒවා ගබඩා කිරීමට සැළසුම් කරන වී අලෙවි මණ්ඩලය සතු ගබඩා 209ක් පිරිසිදු කිරීමට යුද හමුදාව යොදවා ඇත.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මග පෙන්වීම යටතේ දිවයින පුරා ක්‍රියාත්මක ‘Clean Sri Lanka’ ජාතික වැඩසටහනට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

    වී අලෙවි මණ්ඩලයට අයත්‌ වී ගබඩාවන්‌  බොහොමයක් දීර්ඝ කාලීනව භාවිතා නොකිරීමත්, ඒ හේතුවෙන්‌ භාවිතයට සුදුසු අයුරින්‌ ඒවා පිරිසිදු කිරීමටත් සුළු අළුත්‌වැඩියාවන් කිරීමටත් මෙසේ යුද හමුදාව යොදවා ඇත.

    ආරක්‍ෂක ලේකම්‌වරයාගේ උපදෙස් මත හා යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ යුද හමුදාව ඊයේ (18) දින සිට ලබන 27 වන දින දක්වා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.

    පිලිස්සී මියයාමක්

    0

    ගයාන් කුමාර වීරසිංහ

    නීති විරෝධි මත්පැන් වැඩි වශයෙන් නිෂ්පාදනය කරනු ලබන ජා-ඇල ඔතේ කැලේ ප්‍රදේශයේදී දුම්වැටියක් දැල්වීමට යාමේදී ඒ් අසල තිබුණු හිස් ටිනර් බැරලයකට ගිනි අවිලී දරුණු ලෙස පිළිස්සුම් තුවාල ලැබූ පුද්ගලයකු මියගොස් ඇත.

    මෙසේ මියගොස් ඇත්තේ නොච්චියාගම නිකව හන්දියේ පදිංචිකරුවෙක් වන 29 හැවිරිදි වියැති පුද්ගලයකි.

    මෙම පුද්ගලයාගේ සිරුරට ගිනි ඇවිලී ඇත්තේ පසුගිය 08 වෙනිදාය. එම ස්ථානයේ හිස් බැරල් රැසක්ම තිබී ඇති බව සඳහන්ය.

    ගිනි ඇවිලීමෙන් බරපතල තුවාල ලැබූ මෙම පුද්ගලයා රෝහල්ගත නොකර ආයුර්වේද ප්‍රතිකාර ලබාගෙන ඇති බවත් පසුව තුවාල පැසවීමට පටන් ගැනීමත් සමඟ ජා-ඇල රෝහලට පසුගිය 14 වෙනිදා ඇතුලත්ව ඇති බවත් ජා-ඇල පොලිසිය සඳහන් කරයි.

    රෝහල්ගත කිරීමෙන් අනතුරුව වැඩි වේලාවක් ඔහු ජීවත්ව නැත. මුල් අවස්ථාවේදිම මෙම පුද්ගලයා රෝහල් ගත කලේ නම් මෙවැනි අවාසනාවන්ත මරණයක් හිමිනොවනු ඇති බව පොලිසිය කියයි.

    ඉන්දියාවට පැන්න පොඩි ලැසී මුම්බායි වලින් කොටුවේ

    0
    Man on the chair in Handcuffs. Rear view and Closeup ,Men criminal in handcuffs arrested for crimes. With hands in back,boy prison shackle in the jail violence concept.

    ඇප ලැබීමත් සමඟ මුහුදු මාර්ග ඔස්සේ බෝට්ටුවක නැගී ඉන්දියාවට පළාගිය පාතාලයේ ප්‍රබල අපරාධකරුවෙක් මෙන්ම මත්කුඩු ජාවාරම්කරුවෙක් වන පොඩි ලැසී නැමැත්තා මුම්බායි හීදී එර‌ට පොලිසිය අත්අඩංගුවට ගෙන ති‌බේ.

    ඒ් බව ඉන්දියාව මෙරටට තොරතුර ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවසීය.

    පසුගිය දෙසැම්බර් 09 වෙනිදා ඇප බලා බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් පිටතට පැමිණි පොඩි ලැසී රටින් පළාගොස් තිබුණේ විදෙස් ගමන් තහනම් කරමින් නියමකර තිබුණු ඇප කොන්දේසි කඩකරමිනි.

    වැඩ බලන පොලිස්පති ඉන්දියානු බලධාරීන් සමඟ කල සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම අපරාධකරු අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

    තිරික්කල රේස් ගැටුමට තවත් දෙන්නෙක් වෙඩිකයි

    0

    මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන ද්විත්ව ඝාතන නඩුවකට පෙනි සිටීමට පැමිණි දෙදෙනෙකුට උසාවිය අසලදී අද උදෑසන වෙඩි තබා මරා දමා ඇත.

    යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත් පිස්තෝලයක් මේ සඳහා භාවිතා කර ඇති බවත් පොලිසිය කියයි.

    මෙම වෙඩි තැබීමෙන් තවත් දෙදෙනෙක් තුවාල ලබා මන්නාරම රෝහලට ඇතුලත්කර ඇත. ඒ් අතර කාන්තාවක්ද සිටී

    මන්නාරමේ උයිලන්කුලම හා නොච්චිකුලම යන ගම්මාන දෙ‌කේ දෙපිරිසක් අතර තිරික්කල් ධාවන තරගාවලියක් මුල්කරගෙන ඇතිවී තිබෙන ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම ද්විත්ව ඝාතනය සිදුව තිබේ.

    එම ද්විත්ව ඝාතනය සිදුව ඇත්තේ 2022 වසරේ ජූනි 10 වෙනිදා ය. එම ද්විත්ව ඝාතනයේ සැකකරුවන් දෙදෙනාට මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය අසලදී වෙඩි තබා අද ඝාතනයකර ඇති බව පොලිසිය කියයි.

    පාසල් වැට මායිමෙන් හමුවූ බෝලය පංති කාමරයේ දී පුපුරායයි – 10 හැවිරිදි සිසුවියට තුවාල

    0

    පාසල් වැට මායිමේ තිබී හමුවූ බෝලයක් පංති කාමරය තුළදී පුපුරායාමෙන් කරන්දෙණියේ පාසලක 04 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන දැරිවියක් තුවාල ලබා ඇත.

    මෙම පිපුරුම වී ඇත්තේ ඊයේ පෙරවරුවේදීය.

    විවේක කාලයේදී හමුවූ බෝලයෙක් සිසුන් ක්‍රීඩාකර පංති කාමරයට රැගෙන ආ අවස්ථාවේදී එය සිමෙන්ති පොලොවේ වැටීමත් සමඟ පුපුරාගොස් ඇති බව කරන්දෙණිය පොලිසිය කියයි.

    සතුන් දඩයම් කිරීමට යොදා ගන්නා හක්කපටස් එකක් මෙසේ පුපුරාගොස් ඇති බව පොලිසිය සැකකරයි.

    ජාත්‍යන්තර පාසලක සිසුවියක් පාසල් ගොඩනැග ිල්ලේ පස්වෙනි මහලින් බිමට වැටේ

    0

    මෙරට ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසලක 08 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුවියක් එම පාසලේ පස් වෙනි මහලෙන් ඊයේ බිමට වැටී ඇත.

    ඇය කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති අතර ඇයට තුවාල හෝ ජීවිත හානියක් නොමැති බව රෝහල් තොරතුරු සඳහන් කළේය.

    වත්තල හැඳල පදිංචි මෙම සිසුවිය බිමට නොවැටී පහළ මහලේ සවිකර ඇති ෆයිබර් වහලය මතට වැටීම හේතුවෙන් ජීවිතයට අනතුරක් සිදුව නොමැති බව මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන වත්තල පොලිසිය සඳහන් කළේය.

    ඇය පස් වෙනි මහලින් බිමට පැන ඇති බවට තොරතුරු විමර්ශනයේදී අනාවරණය වන බවද පොලිසිය කියයි.

    ජනපති සහ චීන ජනපති හමුවෙති

    0

    චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ සාකච්ඡාවක් පවත්වයි.

    එය අද(15) පස්වරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාවේදී සිදු කෙරිණ. නිල සංචාරයක් සඳහා අනුර කුමාර දිසානායක මහතා චීනයට පැමිණ තිබේ.

    චීනය සහ ශ්‍රී ලංකාව සාම්ප්‍රදායික මිත්‍ර අසල්වැසියන් බව ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. මීට වසර 68 කට පෙර චීනය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කළ දා සිට දෙරටේ සබඳතා සැම විටම විධිමත් හා ස්ථාවර වර්ධනයක පවතින අතර මිත්‍රශීලී සහජීවනය සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාවය සඳහා ලොකු කුඩා රටවලට ආදර්ශයක් සපයා ඇත.

    දෙපාර්ශ්වයේ පොදු ප්‍රයත්න යටතේ, අවංක අන්‍යෝන්‍ය සහයෝගීතාවයෙන් සහ පාරම්පරික මිත්‍රත්වයකින් යුතු චීනය සහ ශ්‍රී ලංකාව අතර ස්ථාවර හා දිගුකාලීන උපායමාර්ගික සහයෝගීතා හවුල්කාරිත්වය අඛණඩව ගැඹුරින් පවත්වා ගෙන තිබෙන බව ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. එසේම, චීනය සහ ශ්‍රී ලංකාව අතර“එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙල උසස් තත්ත්වයෙන් ඒකාබද්ධව ගොඩනැගීම වඩාත් ඵලදායී ප්‍රතිඵල ලබා ගෙන ඇති අතර එය දෙරටේ ජනතාවට ප්‍රායෝගිකව සුභ සෙත සලසා තිබෙන බව හෙතෙම කියා සිටියේය.

    චීනය සෑම විටම මෙන් ශ්‍රී ලංකාවේ ජාතික ස්වාධීනත්වය, ස්වාධිපත්‍යය සහ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීම සඳහා සහාය දක්වමින් ශ්‍රී ලංකාව සමඟ දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය ගැඹුරු කොට රට පාලනය පිළිබඳ අත්දැකීම් හුවමාරු කර ගැනීමට කැමැත්තෙන් සිටී.

    කලාපීය සාමය හා ස්ථාවරත්වය සඳහා ශ්‍රී ලංකාව සමඟ එක්ව පොදුවේ කටයුතු කිරීමට චීනය සූදානමින් සිටින බව ද චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

    නව වසර ආරම්භයේදී චීනයේ සංචාරයට එක්වීමට ලැබීම පිළිබඳව තමා ඉතා සතුටු වන බව අනුර කුමාර දිසානායක මහතා පැවසීය. චීනය සැම විටම ශ්‍රී ලංකාවේ විශ්වාසදායක මිතුරෙකු සහ සහකරුවෙකු වේ. චීනය සමඟ ඇති සබඳතාව ශ්‍රී ලංකාව ඉතා වැදගත් කොට සලකන අතර, එකම චීනය යන මූලධර්මය තරයේ පිළිපදින බව හෙතෙම සඳහන් කළේය. ගෝලීය දකුණේ ඉතා වැදගත් නායකත්ව රටක් වන චීනය, ජාත්‍යන්තර කටයුතුවල දී සංවර්ධනාත්මක කාර්යභාරයක් ඉටු කොට තිබේ. චීනය සමඟ විවිධ බහුපාර්ශ්වික අවස්ථාවලදී සම්බන්ධීකරණ හා අන්‍යෝන්‍ය සහාය ශක්තිමත් කොට පොදු අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බව ද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පැවසීය.

    සාකච්ඡාවෙන් අනතුරුව, දෙරටේ නායකයන් ඉදිරියේ ද්විපාර්ශ්වික සහයෝගීතා ලිපිලේඛන මාලාවක් අත්සන් තැබිණ.

    ශිෂ්‍යත්ව පංතියට ආ සිසුවියට අතවර කළ ගුරුවරයාට වූ දේ

    0

    පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අමතර පංති පවත්වන වේලාව තුළදී දැරියකට ලිංගික අතවර කළබව කියන ගුරුවරයකු ලුණුගම්වෙහෙර පොලිසිය ඊයේ (14) සවස අත්අඩංගුවට ගෙන ඇත.

    ලුණුගම්වෙහෙර දකුණු ඉවුරේ පදිංචිකරුවෙක් වන 46 හැවිරිදි මෙම ගුරුවරයා අතින් අල්ලමින් හිරිහැර කර ඇති බවත්, දැරිය සිප වැළඳගෙන ඇති බවත් විමර්ශන වලින් අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.

    ප්‍රදේශයේ ප්‍රාථමික විදුහලක ගුරුවරයෙක් ලෙස සේවයේ නිරතව සිටි මෙම ගුරුවරයා මෙසේ ලිංගික අතවර කර ඇත්තේද එම පාසලේම අධ්‍යාපනය ලබමින් සිටි සිසුවියකටය.

    පසුගිය අගෝස්තුවේ පැවති 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුවියකට මෙසේ අතවර කර ඇත්තේ ශිෂ්‍යත්වය වෙනුවෙන් අමතර පංති පැවැත්වෙන කාලය තුළදී බව දැරිය පවසා ඇති බව පොලිසිය සඳහන් කළේය.

    පාසල් භූමියේ තිබී නිවසට රැගෙන ආ බෝලය පුපු රා දරුවන් දෙදෙනෙක් රෝහලේ

    0

    පාසල් භූමියේ තිබී හමුවූ බෝලයක් වැනි යමක් නිවසට රැගෙන ආ 13 හැවිරිදි දැරියක් යාබද නිවසේ සිටින 11 හැවිරිදි දරුවෙකු සමඟ සෙල්ලම්කරමින් සිටියදී එය පුපුරායාමෙන් එම දරුවන් දෙදෙනා තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුලත්කර ඇත.

    මෙම අනතුර පසුගිය 13 වෙනිදා සිදුවී ඇත්තේ මිනුවන්ගොඩ හීනටියන ප්‍රදේශයේදීය.

    මෙම පිපුරුමෙන් දරුවන් දෙදෙනාගේම දෑත්වලට හා පාදවලට තුවාල සිදුව ඇති බව මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන කටුනායක පොලිසිය සඳහන් කළේය.

    විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ පුපුරාගොස් ඇත්තේ ගිනි කෙලි සඳහා යොදා ගන්නා වෙඩි බෙහෙත් යොදා කළ යම් නිෂ්පාදනයක් බව යැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    කථිකාචාර්යවරයෙක් ගිනි අවි දෙකක් රැගෙන පො ලිසියට එයි

    0

    ගිනි අවි දෙකක් රැගෙන නාරාහේන්පිට පොලිස් ස්ථානයට ඊයේ පැමිණි විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු එම අවි සිය පියාගේ කාමරය සුද්ද පවිත්‍ර කිරීමේදී එහි තිබී හමුවූ බව පවසමින් පොලිසියට භාරදී ඇත.

    නාරාහේන්පිට දාබරේ මාවතේ පදිංචිකරුවෙක් වන මෙම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා පොලිසියට රැගෙන විත් ඇත්තේ බෝර 12 වර්ගයේ ගිනි අවියක් සහ ඊට යොදන පතොරම් 10ක්ද, රිවෝල්වරයක් සහ ඊට යොදන පතොරම් 05කි.

    සියපියා මෙයට වසර 20කට පෙර මිය ගිය බවද කථිකාචාර්යවරයා පවසා තිබේ. පියා රැදී සිටි කාමරය සුද්ද පවිත්‍ර කිරීමේදී ගිනි අවි හමුවූ බවත් මෙම අවි පියාගේ ආරක්ෂාවට 88-89 වකවානුවේදී කොමියුනිස්ට් පක්ෂය විසින් පියාට ලබා දී ඇති බව අනුමාන කරන බවත් කථිකාචාර්යවරයා පොලිසියට පවසා තිබේ.

    මාතලේ හෙදියක් වැල්ලවත්තෙන් දුම්රියට පනී

    0

    මාතලේ පිහිටි රෝහලක සේවයේ නිරත හෙදියක් වැල්ලවත්ත මුහුදු මාවතේදී දුම්රියට පැන ඊයේ සියදිවි හානිකරගෙන ඇත.

    මාතලේ අලුවිහාර පාරේ පදිංචිකාරියක් වන 40 හැවිරිදි දෙදරු මවක් මෙසේ මියගොස් තිබේ.

    පවුල් ආරවුලක් මුල්කරගෙන ඇය කොළඹට පැමිණ මෙම අපරාධයකරගෙන ඇති බව පොලිසිය කියයි.

    සියදිවි හානිකර ගැනීමට පෙර ඇය සිය සහෝදරියකට වට්ස්ඇප් පණිවුඩයක් යොමුකරමින් තමා දුම්රියට පැන සියදිවි හානිකර ගන්නා බව සඳහන්කර ඇති බවත් දුම්රියට පනින ස්ථානය පවා සඳහන්කර ඇති බවත් පොලිසිය කියයි. ඇගේ අත්බෑගය සහ පාවහන් ද දුම්රිය මාර්ගය අයිනේ තබා තිබෙන බවද ඇය කෙටි පණිවුඩය ඔස්සේ සඳහන් කර තිබී ඇත.

    ඒ අනුව එම සහෝදරිය විසින් මේ ගැන වැල්ලවත්ත පොලිසිය දැනුවත් කර ඇති බවත් පොලිසිය එම ස්ථානයට යන විටත් ඇය දුම්රියට පැන මියගොස් සිට ඇත.

    ඉන්දියාවේ හිරේ ඉදන් ලංකාවේ කුඩු විකුණන ජ ාවාරමක් එස්.ටී.එෆ්. බුද්ධි අංශයෙන් හෙළිකර ගනී

    0

    ඉන්දියාවේ චෙන්නායි හී පිහිටි බන්ධනාගාරයක රදවා සිටින මෙරට මහා පරිමාණයේ මත්කුඩු ජාවාරම්කුරුවෙකු වන බාලචන්ද්‍රන් පුෂ්පරාජ් නොහොත් පූකුඩිකණ්නා විසින් මෙහෙයවන මත්කුඩු ජාලයකට සම්බන්ධ සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 260ක් සමඟ අතුරුගිරියේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    කොළඹ 07 බාන්ස් පෙදෙසේ පදිංචිකරුවෙක් වන සැකකරු අවුරුදු 37ක් වයසැති පුද්ගලයෙකි.

    චෙන්නායි හී බන්ධනාගාරයේ සිට පූකුඩිකන්නා විසින් මත්කුඩු ජාවාරම මෙහෙයවන බව ද විමර්ශන වලින් තොරතුරු අනාවරණය වී ඇත.

    පකිස්තානයේ ත්‍රස්ත සංවිධානවලට සම්බන්ධ පුද්ගලයන් සමඟ එක්ව මත්කුඩු ජාවාරම මෙහෙයැවීම සම්බන්ධයෙන් ඉන්දියානු පොලිසිය විසින් පූකුඩිකන්නා ඇතුළු ශ්‍රී ලාංකිකයන් 20කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගතකර සිටිති. ඒ අය අතර මෙරට කුප්‍රකට මත්කුඩු ජාවාරම්කරුවන් රැසක්ම සිටියි. පූකුඩිකන්නා ඒ අය අතර සිටින ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙක් බව පොලිසිය කියයි.

    පූකුඩිකන්නා ඉන්දියාවේ හිරගෙදර සිට මත්කුඩු ජාවාරම මෙහෙයවන බවට විශේෂ කාර්ය බලකා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා මහතාගේ මෙහෙයැවීමෙන් පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. එම්.කේ. එස්. ප්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීමකර සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

    ක්ලීන් ශ්‍රී ලංකාවට රාජ්‍ය නොවන සංවිධානව ලින් තල්ලුවක්

    0

    ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ඉමහත් බලාපොරොත්තුවෙන් සිටි වැඩසටහනක් බවත් මෙම වැඩසටහන තුළින් සමාජයට විශාල බලපෑමක් සිදු කිරීමේ හැකියාවක් පවතින බවත්, රාජ්‍ය නොවන සංවිධාන සදහන් කරයි.

    ක්ලීන් ශ්‍රීලංකා වැඩසටහනට රාජ්‍ය නොවන සංවිධාන වල පුර්ණ සහය ලබාදීමට ද කැමැත්ත පළකර තිබේ.

    ක්ලීන් ශ්‍රීලංකා වැඩසටහන සදහා රාජ්‍ය නොවන සංවිධාන වල අදහස් විමසිමේ වැඩසටහනක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පසුගිය දා පැවැත්විණි.

    රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ කැඳවීමකට අනුව, අමාත්‍යංශයේ අතිරේක ලේකම් දමයන්ති කරුණාරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන්, "ක්ලීන් ශ්‍රී ලංකා" සඳහා වූ ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකායේ සහභාගිත්වයෙන් සාකච්ඡාව පැය දෙක හමාරකට අධික කාලයක් පැවති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

    වැඩසටහන අවසාන භාගයේදී මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා ද ඊට එක් වූ අතර clean sri lanka, වැඩසටහන සඳහා රාජ්‍ය නොවන සංවිධානවල සහභාගිත්වය හා සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලීමක් ද කෙරිණි.

    මෙම වැඩසටහන පිලිබද පූර්ව දැනුවත් කිරීම් සිදු කොට ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයද ඔවුන් විසින් දන්වන ලදී.

    රාජ්‍ය නොවන සංවිධාන හා සිවිල් සංවිධාන ජාතික එකමුතුව, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන සාමූහිකය හා එම කණ්ඩායම් දෙකටම අයත් නොවන රාජ්‍ය නොවන සංවිධාන නියෝජනය කරමින් නියෝජිතයන්ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියේය.

    අභියාචනාධිකරණ සභාපතිට එරෙහිව දෝෂාභියෝගය ක සූදානමක් – මන්ත්‍රීවරු 118ක් දැනටමත් අත්සන් තබල

    0

    අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත් කිරීමට රජයේ මන්ත්‍රීවරු සූදානම් වේ.

    මේ වන විටත් ඒ සඳහා රජයේ පාර්ශවයේ මන්ත්‍රිවරුන් 118ක් අත්සන් තබා ඇති බව ආරංචි මාර්ග සඳහන් කළේය.

    අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සම්බන්ධයෙන් ඉකුත් දෙසැම්බර් මස 12 වන දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරනු ලැබූ මූලික අයිතිවාසිකම් නඩුවක තීන්දුවක් මෙම තත්වයට මුල්වී ඇති බව සඳහන්ය.

    මෑතකදි විශ්‍රාම යාමට සූදානමින් සිටින නිශ්ශංක බන්දු කරුණාරත්න මහතා ධූරයෙන් ඉල්ලා අස්වනු ඇති බවට මාධ්‍ය වාර්තාද පලවෙමින් තිබේ.

    ඩෙංගු ඉහළට

    0

    මෙම වසරේ මුල් සතිය තුළ ඩෙංගු වාර්තා වීම සියයට 16.2 කින් ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

    2024 දෙසැම්බර් 30 වැනිදා සිට 2025 ජනවාරි 05 වැනිදා දක්වා වූ සතිය තුළදී මෙම ඉහළ යාම සිදුව තිබේ.

    මේ තත්ත්වයට හේතුව පසුගිය දිනවල ඇද හැලුණු වර්ෂාපතනය බව පෙනී ගොස් ඇත.

    එම සතිය තුළදී ඩෙංගු ආසාදිතයන් 1138 ක් වාර්තා වී ඇති අතර අධි අවදානම් කලාප හතරක් ලෙස කොළඹ නගර සභා බල ප්‍රදේශය, වත්තල, මීගමුව, මාතර – තිහගොඩ ප්‍රදේශ හඳුනාගෙන තිබේ.

    ඩෙංගු ආසාදිත 1138 න් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් ලෙස 273 ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 184 ක් ද, මහනුවර දිස්ත්‍රික්කයෙන් 57 ක් ද, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 66 ක් ද, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් 70 ක් ද ලෙස එම සතියේ දී වාර්තා වී ඇත.

    ජනපති අනුර චීනයට – ෂී ජින් පිං ජනපති හමුව හ ෙට

    0

    චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයකට පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බීජිං නුවරදී මහත් හරසරින් පිළිගනු ලැබීය.

    එරට වේලාවෙන් අද පෙරවරු 10.25ට පමණ චීනයේ බීජිං ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ජනාධිපතිවරයා ළඟා වූ අතර එහිදී චීන හමුදාවේ උත්කර්ෂවත් බුහුමන් සහිතව චීන නියෝජ්‍ය විදේශ ඇමැති චෙන් ශියාඩොන් මහතා විසින් ජනාධිපතිවරයා පිළිගන්නා ලදී.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගමන් ගත් මාර්ගය දෙපස දෙරටේ ජාතික ධජවලින් සරසා තිබූ අතර මෙම රාජ්‍ය සංචාරයේදී තාක්ෂණික හා කෘෂිකාර්මික සංවර්ධනය මෙන්ම දිළිඳුකම පිටුදැකීම ආදී අරමුණු පෙරටු කරගත් ක්ෂේත්‍ර චාරිකා කිහිපයකට මෙන්ම ඉහළ පෙළේ ව්‍යාපාරික හමු කිහිපයකට ද ජනාධිපතිවරයා එක්වීමට නියමිතය.

    මෙම සංචාරය අතරතුර දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබෙනු ඇත. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සහ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අතර හමුව හෙට පැවැත්වෙනු ඇත.

    විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත්, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා ඇමැති බිමල් රත්නායක, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජෙන්හොන්ග්, චීනයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ මහත්වරුද මෙම සංචාරයට එක්ව සිටිති.

    දුරකථන සමාගම් පැකේජවල ගාස්තු හොරට වැඩිකර ල නම් නියාමන කොමිෂමට කියන්න

    0

    ජංගම දුරකථන පැකේජවල මිල වැඩිවීමකට කිසියම් පාරිභෝගිකයෙකු මුහුණ දී ඇත්නම් ඒ බව කඩිනමින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව වෙත දැනුම් දෙන ලෙස එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ මහතා සඳහන් කරයි.

    සියලුම ජංගම දුරකතන සමාගම් විසින් කිසිඳු මිල වැඩිකිරීමක් මේ වනවිට සිදුකර නොමැති බවට ලිඛිතව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත දන්වා තිබෙන බවද ඔහු පවසයි.

    යම්කිසි පාරිභෝගිකයෙක් තමා සක්‍රිය කර තිබෙන ජංගම දුරකතන පැකේජයක මිල ගණන් ඉහළයාමකට මුහුණ දී සිටී නම් ඒ පිළිබඳ සත්‍ය තොරතුරු සාධක සහිතව කොමිසන් සභාව වෙත ඉදිරිපත් කරන ලෙස ඉල්ලීමක් කරන බවද මෙහිදී ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ මහතා ඉල්ලීමක් කළේය.

    මිල ගණන් වැඩිකිරීමක් කළහොත් එය කොමිසන් සභාව විසින් සේවාදායක සමාගම්වලට ලබාදී තිබෙන බලපත්‍රවල කොන්දේසි උල්ලංඝනය කිරීමක් සිදුවන බවද ඔහු පෙන්වා දුන්නේය.