පාසල් වැට මායිමේ තිබී හමුවූ බෝලයක් පංති කාමරය තුළදී පුපුරායාමෙන් කරන්දෙණියේ පාසලක 04 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන දැරිවියක් තුවාල ලබා ඇත.
මෙම පිපුරුම වී ඇත්තේ ඊයේ පෙරවරුවේදීය.
විවේක කාලයේදී හමුවූ බෝලයෙක් සිසුන් ක්‍රීඩාකර පංති කාමරයට රැගෙන ආ අවස්ථාවේදී එය සිමෙන්ති පොලොවේ වැටීමත් සමඟ පුපුරාගොස් ඇති බව කරන්දෙණිය පොලිසිය කියයි.
සතුන් දඩයම් කිරීමට යොදා ගන්නා හක්කපටස් එකක් මෙසේ පුපුරාගොස් ඇති බව පොලිසිය සැකකරයි.