තවත්
    මුල් පිටුවදේශීය පුවත්ජාත්‍යන්තර පාසලක සිසුවියක් පාසල් ගොඩනැග ිල්ලේ පස්වෙනි මහලින් බිමට වැටේ

    ජාත්‍යන්තර පාසලක සිසුවියක් පාසල් ගොඩනැග ිල්ලේ පස්වෙනි මහලින් බිමට වැටේ

    මෙරට ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසලක 08 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුවියක් එම පාසලේ පස් වෙනි මහලෙන් ඊයේ බිමට වැටී ඇත.

    ඇය කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති අතර ඇයට තුවාල හෝ ජීවිත හානියක් නොමැති බව රෝහල් තොරතුරු සඳහන් කළේය.

    වත්තල හැඳල පදිංචි මෙම සිසුවිය බිමට නොවැටී පහළ මහලේ සවිකර ඇති ෆයිබර් වහලය මතට වැටීම හේතුවෙන් ජීවිතයට අනතුරක් සිදුව නොමැති බව මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන වත්තල පොලිසිය සඳහන් කළේය.

    ඇය පස් වෙනි මහලින් බිමට පැන ඇති බවට තොරතුරු විමර්ශනයේදී අනාවරණය වන බවද පොලිසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img