ඉන්දියාවේ චෙන්නායි හී පිහිටි බන්ධනාගාරයක රදවා සිටින මෙරට මහා පරිමාණයේ මත්කුඩු ජාවාරම්කුරුවෙකු වන බාලචන්ද්‍රන් පුෂ්පරාජ් නොහොත් පූකුඩිකණ්නා විසින් මෙහෙයවන මත්කුඩු ජාලයකට සම්බන්ධ සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 260ක් සමඟ අතුරුගිරියේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ 07 බාන්ස් පෙදෙසේ පදිංචිකරුවෙක් වන සැකකරු අවුරුදු 37ක් වයසැති පුද්ගලයෙකි.
චෙන්නායි හී බන්ධනාගාරයේ සිට පූකුඩිකන්නා විසින් මත්කුඩු ජාවාරම මෙහෙයවන බව ද විමර්ශන වලින් තොරතුරු අනාවරණය වී ඇත.
පකිස්තානයේ ත්‍රස්ත සංවිධානවලට සම්බන්ධ පුද්ගලයන් සමඟ එක්ව මත්කුඩු ජාවාරම මෙහෙයැවීම සම්බන්ධයෙන් ඉන්දියානු පොලිසිය විසින් පූකුඩිකන්නා ඇතුළු ශ්‍රී ලාංකිකයන් 20කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගතකර සිටිති. ඒ අය අතර මෙරට කුප්‍රකට මත්කුඩු ජාවාරම්කරුවන් රැසක්ම සිටියි. පූකුඩිකන්නා ඒ අය අතර සිටින ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙක් බව පොලිසිය කියයි.
පූකුඩිකන්නා ඉන්දියාවේ හිරගෙදර සිට මත්කුඩු ජාවාරම මෙහෙයවන බවට විශේෂ කාර්ය බලකා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා මහතාගේ මෙහෙයැවීමෙන් පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. එම්.කේ. එස්. ප්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීමකර සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.