පාසල් භූමියේ තිබී හමුවූ බෝලයක් වැනි යමක් නිවසට රැගෙන ආ 13 හැවිරිදි දැරියක් යාබද නිවසේ සිටින 11 හැවිරිදි දරුවෙකු සමඟ සෙල්ලම්කරමින් සිටියදී එය පුපුරායාමෙන් එම දරුවන් දෙදෙනා තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුලත්කර ඇත.
මෙම අනතුර පසුගිය 13 වෙනිදා සිදුවී ඇත්තේ මිනුවන්ගොඩ හීනටියන ප්‍රදේශයේදීය.
මෙම පිපුරුමෙන් දරුවන් දෙදෙනාගේම දෑත්වලට හා පාදවලට තුවාල සිදුව ඇති බව මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන කටුනායක පොලිසිය සඳහන් කළේය.
විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ පුපුරාගොස් ඇත්තේ ගිනි කෙලි සඳහා යොදා ගන්නා වෙඩි බෙහෙත් යොදා කළ යම් නිෂ්පාදනයක් බව යැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.