තවත්

    අයවැය කතාව ඇරඹේ – සජීව විකාශය මෙන්න..

    0

    නිදහස්‌ ශ්‍රී ලංකාවේ 76 චන අයවැය ලේඛනය වන මෙය වත්මන්‌ ආණ්ඩුවේ දෙවැනි අයවැය සහ මුදල්‌ අමාත්‍යවරයා ලෙස බැසිල්‌ රාජපක්ෂ මහතා ඉදිරිපත්‌ කරනු ලබන පළමු අයවැය ලේඛනය ද වෙයි.

    කාන්තාවන්ට හෙළුවැලි පිංතූර පෙන්වූ පරිගණක ශිල්පියා සී.අයි.ඩී. අත්අඩංගුවට

    0

    සමාජ මාධ්‍ය ජාල ඔස්සේ කාන්තාවන්ට අසභ්‍ය ඡායාරූප යොමුකරමින් සිටි පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    හතලිස් හැවරදි වියේ පසුවන එම පුද්ගලයා එසේ කාන්තාවන්ට යොමුකර ඇත්තේ ඔහුගේ ශරීරයේ රහස් ස්ථානවල ඡායාරූප බවද විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

    ඒ සම්බන්ධයෙන් තෙල්දෙණියේ පදිංචිව සිටින කාන්තාවක් විසින් කළ පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ කහවත්තේදී බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

    පරිගණක ශිල්පියෙක් මෙන්ම පරිගණකයෙන් දැන්වීම් සකස්කරන පුද්ගලයෙක්ද වන මොහු අසභ්‍ය කටයුත්ත සදහා යොදාගෙන ඇත්තේ වෙනත් පුද්ගලයින්ගේ ජාතික හැදුණුම්පත් පිටපත් යොදාගනිමින් ලබාගත් දුරකතන සිම්කාඩ්පත් යොදාගෙන බවද විමර්ශනවලින් හෙළිවී ඇත. එසේ ඔහු විසින් විවිධ පුද්ගලයින්ගේ නම් වලින් මෙම කටයුත්ත සදහා ලබාගෙන තිබුණු සිම්කාඩ්පත් 107 ක්ද පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

    මෙම සැකකරුට එරෙහිව අපරාධ පනතින් සහ අසභ්‍ය ප්‍රකාශන පනතෙන් නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙස්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සදහන් කළේය.

    පොලිස් වෙසින් මුල්ලේරියාවේ දී කළ ඝාතනයට ජිලේගේ මවත් බිරිඳත් අත්අඩංගුවට

    0

    පොලිස් වෙසින් මුල්ලේරියාවේ නිවසකට පැන එහි නිදා සිටි මාර්ග අලුත් වැඩියා කොන්ත්‍රාත් ව්‍යාපාරයක නිරතව සිටි පුද්ගලයෙක්ට වෙඩිතබා ඝාතනය කර ඔහුගේ මස්සිනාට තුවාල කර පළාගොස් සැඟව සිටින ජිලේ නැමැති පාතාල අපරාධකරුගේ බිරිඳ සහ මව හම්බන්තොට බඳගිරියේ නිවසක සැඟවී සිටියදී බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාශයේ නිලදාරීන් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

    වයස අවුරුදු 18 ක් වන බිරිද බොරැල්ලේ පදිංචිකාරියක්වන අතර 55 වන වියේ පසුවන මව මුල්ලේරියාවේ පදිංචිකාරියකි.

    ජිලේ නැමැත්තා අත්අඩංගුවට ගැනීමට පොලීසියට තොරතුරු ලබාදෙන්නෙකුට රුපියල් ලක්ෂ 25 ක ත්‍යාග මුදලක් ලබාදෙන බවට පොලීසිය මේ වන විට ප්‍රසිද්ධකර ඇතත් ඔහු සැඟවී සිටින ස්තානයක් ගැන නිෂ්චිත තොරතුරු මෙතෙක් පොලීසියට ලැබී නැත. එහෙත් ඔහු වෙනත් පුද්ගලයෙකුගේ විදෙස්ගමන් බලපත්‍රයකින් ඩුබායි බලා පලායාමට සූදානම් වන බවට හා එය අසාර්ථක වුවහොත් බෝට්ටුවක නැගී ඉන්දියාවට ගොස් එහි සිට ඩුබයි බලා යාමට සැළසුම් කෙරන බවටත් තොරතුරු විමර්ශන කණ්ඩායම් වෙත ලැබී ඇත.

    මෙසේ ඔහුය මෙරටින් පැන්නීමට සූදානම් වන්නේ එම ඝාතනයට කොන්ත්‍රාත්තුව ලබාදුන් මේ වන විට ඩුබායි හී රැදී සිටින හරක්කටා නැමැති ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු බවට තොරතුරුද විමර්ශන කණ්ඩායම් වෙත ලැබී තිබේ.

    ඝාතනය වූ පුද්ගලයා කලක් අංගොඩලොක්කාගේ ගෝලයෙක් ලෙස කටයුතුකරමින් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ඡාවාරමද මෙහෙයවා ඇති බව පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇත. ඉන්දියාවේදී අංගොඩ ලොක්කා අභිරහස් ලෙස මරණයට පත්වීමත් සමග මත්ද්‍රව්‍ය ජාවාරමේ රුපියල් කෝටි 09 මුදලක් මෙම පුද්ගලයා සතුව තිබී ඇති බවටත් තොරතුරු විමර්ශන කණ්ඩායම් වලට ලැබී තිබේ. අංගොඩ ලොක්කාගෙන් පසු ඔහුගේ තැන හිමිකරගත් හරක් කටා එම කෝටි 09 ක මුදල ලබාදෙන ලෙස මෙම පුද්ගලයාට දැනුම් දී ඇතත් එය ඔහු ලබානොදීම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවද විමර්ශන වලින් අනාවරණය වී ඇත.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරනු ලැබුවේ මේ වන විට එම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 05 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවය.

    අද එන්නත් මධ්‍යස්ථාන 107ක්

    0

    වයස අවුරුදු 20ට වැඩි සියලු දෙනාට අද දිනයේත් කොළඹ ගම්පහ, කළුතර, ගාල්ල යන දිස්ත්‍රික්කවල පහත මධ්‍යස්ථානවලදී කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන බව ජනාධිපති ලේකම් කාර්‍යාලය දන්වයි.

    එම මධ්‍යස්ථාන ඇතුළුව අද දිනයේ ද දිස්ත්‍රික් 16ක් පුරා මධ්‍යස්ථාන 107 කදී එන්නත් ලබාදේ.

    අද එන්නත් ලබා දෙන සියලූම මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

    Vaccination Centers on 12.11.2021

    බැසිල්ගේ මංගල අයවැය අද පාර්ලිමේන්තුවට

    0

    2022 වසර සඳහා වන අයවැය ඇස්තමේන්තුව මුදල්‌ අමාත්‍ය බැසිල්‌ රාජපක්ෂ මහතා විසින්‌ අද (12) පස්වරු 2.00ට පාර්ලිමේන්තුවට ඉදිරිපත්‌ කිරීමට නියමිතය.

    නිදහස්‌ ශ්‍රී ලංකාවේ 76 චන අයවැය ලේඛනය වන මෙය වත්මන්‌ ආණ්ඩුවේ දෙවැනි අයවැය සහ මුදල්‌ අමාත්‍යවරයා ලෙස බැසිල්‌ රාජපක්ෂ මහතා ඉදිරිපත්‌ කරනු ලබන පළමු අයවැය ලේඛනය ද වෙයි.

    වෙළෙඳපොළ ආර්ථිකය නිෂ්පාදන ආර්ථිකයක්‌ බවට පරිවර්තනය කර ගැනීම සඳහා වන විධිමත්‌ වැඩපිළිවෙළක්‌ යටතේ එය සකස්‌ කර තිබෙන බව මුදල් අමාත්‍යාංංශය කියයි.

    ඒ සඳහා චන ක්ෂේත්‍ර හඳුනා ගනිමින්‌ නව තාක්ෂණය හා මුසුකොට රට සංවර්ධනය කරා රැගෙන යාම ඉලක්ක කර ගත්‌ යෝජනා මෙවර අයවැය ලේඛනයට ඇතුළත්‌ චනු ඇති බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.

    ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීමේ වාසිය රටේ ආර්ථිකය ශක්තිමත්‌ කරලීම සඳහා යොදා ගැනීම සේම මුහුණ පා සිටින විදේශ විනිමය ගැටලුව අවම කිරීම සඳහා චන ක්‍රියාමාර්ග ද 2022 වසරේ අයවැය ලේඛනයට ඇතුළත්‌ වන බව මුදල් අමාත්‍යාංශය කීය.

    පශ්චාත් කොචිඩ් තත්ත්වයට සාර්ථකව මුහුණ දෙමින්‌ ආර්ථිකය යථාවත්‌ කිරීමේ යෝජනා රැසක්‌ ද අයවැය ලේඛනයට ඇතුළත්‌ බව ද මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

    2022 වසර සඳහා වන විසර්ජන පනත්‌ කෙටුම්පත පසුගිය ඔක්තෝබර්‌ මස 07 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත්‌ කරන ලදී.

    ඒ අනුව 2022 වසරේ රටේ සමස්ත වියදම රුපියල්‌ බිලියන 5128ක්‌ පමණ වේ. ඊට රාජ්‍ය සේවය වැටුප්‌, සහනාධාර, සුබ සාධන, ණය පොලී ආපසු ගෙවීම්‌, සංවර්ධන ආයෝජන සඳහා චන වියදම්‌ ඇතුළත්‌ ය.

    අයවැය දෙවැනි වර කියවීමේ විවාදය 13 වැනි සෙනසුරාදා ආරම්භ කෙරේ. ලබන 22 වැනි අගහරුවාදා පස්වරු 5ට අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වේ.

    අයවැය තුන්‌ වෙනි චර කියවීම හෙවත්‌ කාරක සභා අවස්ථා විවාදය ආරම්භ වන්නේ 23 වැනි අගහරුවාදායි. දින 16ක්‌ චිවාද කිරීමෙන්‌ අනතුරුව දෙසැම්බර්‌ මස 10 වැනිදා පස්වරු 5ට අයවැය තුන්‌ වැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වේ.

    අයවැය කතාව අද පස්වරු 2.00 සිට සජීව ලෙස මුදල්‌ අමාත්‍යාංශයේ නිල වෙබ්‌ අඩවිය වන http://www.treasury.gov.lk මගින්‌ ද විකාශය කරනු ලබයි.

    NewsWave තෙවැනි ඇස සරසන රෝෂණ ප්‍රසාද්ට සම්මානය ක්

    0

    රාජ්‍ය ඡායාරූප සම්මාන උළෙල 2021 දි සත්ත්ව හැසිරීම් කාණ්ඩයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට News Wave තෙවැනි ඇස ඡායාරූපයෙන් සරසන ඡයාරූප ශිල්පී රෝෂණ ප්‍රසාද් සමත් වී තිබේ.

    වනජීවි ඡායාරූප කලාවේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛයකු බවට පත්ව සිටින රෝෂණ ප්‍රසාද් සිය නම ඉදිරියේ මේ වනවිට දේශීය හා ජාත්‍යන්තර ජයග්‍රහණ හා සම්මාන රැසක් සනිටුහන් කර ගෙන ඇත.

    ගාල්ල මහින්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකුවන රෝෂණ ප්‍රසාද්ට NewsWave අපි මෙලෙස සුබ පැතුම් එක්කරන්නෙමු.

     

    මේ අතර ප්‍රවෘත්ති ඡායාරූප කලාව සම්බන්ධයෙන් මෙවර සම්මාන උළලේ දී කුසලතා සම්මාන ලැබූ NewsWave නිදහස් ඡායාරූප ශිල්පීන්ද අපි මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කරන්නෙමු.

     

    පාකිස්ථානයේ බලාපොරොත්තු බිඳ ඕස්ට්‍රේලියාව අවසන් තරගයට

    0

    විස්සයි 20 ලෝක කුසලානයේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් පාකිස්ථානය පරදවා කඩුලු 5ක ජයක් ලැබීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම අද (11) සමත්විය.

    පළමුව පන්දුවට පහර දුන් පාකිස්ථානු කණ්ඩායම පන්දුවාර 20ක් අවසානයේ කඩුලු 4කට ලකුණු 176ත් ලබා ගත්තේය.

    මෙම ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියා කණ්ඩායම තවත් පන්දු හයක් ඉතිරිව තිබිය දී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත්විය.

    ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය තමන් සතු කර ගත්තේ මැතිව් වේඩ් පිටපිට එල්ල කළ හයේ පහර තුනකින් වීම විශේෂත්වයකි.

    ඒ අනුව ලබන 14 වැනිදා ඩුබායි හි දී නවසීලන්තය සමඟ විස්සයි 20 ලෝක කුසලාන 2021 අවසන් මහා තරගයට තරග වැදීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තේය.

    පාකිස්ථානය 176/4 (20)
    ඕස්ට්‍රේලියාව 177/5(19/20)

    Image

    උතුරේ කෘෂිකර්ම පුරප්පාඩු පිරවීමේ දී එල්.ටී.ටී.ඊ පුනරුත්ථාපන පවුල්වලට ප්‍රමුඛතාව

    0

    මිරිස් වගා කිරිමට කැමති උතුරු පළාතේ තරුණ තරුණියන්ට ඒ සඳහා අවශ්‍ය ඉඩම් සහ අනෙකුත් පහසුකම් ලබාදීමට තමන් සූදානම් බව කෘෂිකාර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

    ඒ අනුව මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වීමට උනන්දුවක් දක්වන උතුරු පළාතේ තරුණ තරුණියන්ට ඉඩම්, උසස් තත්ත්වයේ බීජ හා අනෙකුත් පහසුකම් සපයන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    එමෙන්ම උතුරු පළාතේ කෘෂිකාර්මික කේෂ්ත්‍රයේ තනතුරු පුරප්පාඩු පිරවීමේදී එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධව සිට පුනරුත්ථාපනය වු පවුල්වල සාමාජිකයන්ට සුදුසුකම් අනුව ප්‍රමුඛතාව ලබාදීමට කටයුතු කරන බවද හෙතම කියා සිටියේය.

    එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධව සිට පුනරුත්ථාපනය ලැබු පිරිසක් සමඟ අමාත්‍යාංශයේ දී ඊයේ (10) පැවති සාකච්ඡාවකට එක් වෙමින් කෘෂිකාර්ම අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    තමන් මේ වනවිට මුහුණ දී සිටින සමාජ, ආර්ථික හා ජීවන ගැටළු සම්බන්ධ සංදේශයක් ද ⁣මෙහිදී එම පිරිස අමාත්‍යවරයාට බාරදුන්හ.

    අඹුදරු පවුලක් නිවසකින් පන්නා දැමූ සෙල්ලම් පිස්තෝල නගරාධිපතිගේ ගෝලයෝ අත්අඩංගුවට

    0

    කොල්ලුපිටියේ 10 වන පටුමගේ පිහිටි නිවසකට බලහත්කාරයෙන් ඇතුළුවී දරුවෝ 09 දෙනෙක් සමඟ අඹුසැමි යුවලක් නිවසින් පන්නා දැමීමක් සම්බන්ධයෙන් අද උදෑසන පොලීසියට ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් 05 දෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

    තුවාන් හෂන් සලීම් නැමැති 51 වියැති පුද්ගලයාව ඔහුගේ බිරිද සහ දරුවන් 09 දෙනා සමඟ එසේ නිවසින් එළවා දමා ඇතැයි පොලීසිය සදහන් කරයි.

    ඊයේ රාත්‍රියේදී මෙම සිදුවීම වී ඇති අතර නිවැසියන් චෝදනා කරන්නේ හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතාට සම්බන්ධ පිරිසක් ඊට සම්බන්ධවූ බවය.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරන්නේ අත්අඩංගුවටගත් සැකකරුවන් අවුරුදු 35 ත් 54 ත් අතර වයස්වල පසුවන්නන් බවය. ඔවුන් ඇඹිලිපිටිය, ගලෙන්බිදුණුවැව, මිරිහාන හා දෙමටගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

    මෙම සැකකරුවන් අතර පුද්ගලික ආරක්ෂක අංශයක සේවයේ නිරත පුද්ගලයින් තිදෙනෙක් ද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

    මෙම පුද්ගලයින් විසින් යකඩ බහලුමක්ද පැහැරගෙන ගොස් ඇති අතර එම යකඩ බහලුම ද පොලීසිය සොයාගෙන ඇත.

    නිවැසියන් නිවසින් එළියට ඇද දැමීමට සම්බන්ධ තවත් සැකකරුවන් කිහිප දෙනෙක් සම්බන්ධ බවත් ඒ අය අත්අඩංගුවට ගැවීමටද විමර්ශන පවත්වන බවත් පොලීසිය කියයි.

    හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා මේ සම්බන්ධයෙන් සදහන් කරනුයේ අදාල නිවස පිහිටි ඉඩමේ ආරක්ෂාව සඳහා තමන්ට අයත් පෞද්ගලික ආරක්ෂක සමාගමේ සේවකයින් කිහිප දෙනෙක් යෙදවූ බවත් පහරදීමක් සිදුව නොමැති බවත්ය.

    ඉකුත් සැත්තැම්බරයේදීද මෙම නගරාධිපතිවරයාට එරෙහිව මෙවැනිම ආකාරයේ චෝදනාවක් එල්ලවිණි. බම්බලපිටිය කොතලාවල ඇවනිව් හී ඉඩමකට ඇතුළුවී පහරදීමක් සම්බන්ධයෙන් වූ එම සිදුවීමට අදාලව පොලීසියට භාරවූ ඔහුව අත්අඩංගුවටද ගත්තේය. මේ වන විට ඔහු සිටින්නේ ඇප මතය.

    කොළඹ පැති කිහිපයකට පැය 28 ක ජල කප්පාදුවක්

    0

    අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ලබන 13 වන සෙනසුරාදා රාත්‍රී 8.00 සිට 14 වැනි ඉරිදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය සදහන් කරයි.

    කොළඹ නගර සීමාවේ කොළඹ 04,05,06,07 සහ 08 යන ප්‍රදේශවලටත් කෝට්ටේ සහ කඩුවෙල යන මහනගර සභා සීමාවන්ටත්, මහරගම සහ බොරලැස්ගමුව යන නගර සභා සීමාවන්ටත් ඒ අනුව ජල සැපයුම අත්හිටුවනු ඇත.

    මෙසේ ජල සැපයුම අත්හිටුවෙන්නේ අඹතලේ සිට කෝට්ටේ ජල තටාකය වෙත ජලය සපයනු ලබන ප්‍රධාන සම්ප්‍රේෂණ නලයේ හදිසි ජලකාන්දුවක් හේතුවෙනි.

    දඹුල්ලේ සුනඛ බද්ධ ගැන ලියූ මාධ්‍යවේදීන් පසුපස සී.අයි.ඩී.ය පන්නයි

    0
    CID

    දඹුල්ල මහ නගර සභා බල ප්‍රදේශයේ නිවෙස්වල ඇති කරන සුනඛයන් වෙනුවෙන් බලු බද්දක් අයකිරීමට කළ යෝජනාවක් සම්බන්ධයෙන් වාර්තා කළ මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භකර තිබේ.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සදහන් කරනු ලැබුවේ දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා විසින් කළ පැමිණිල්ලකට අනුව එම විමර්ශනය ආරම්භකරනු ලැබූ බවය.

    පෞද්ගලික අංශයේ සේවක විශ්‍රාම ගැනීමේ අවම වයස් සීමාව 60 දක්වා ඉහළට

    0

    පෞද්ගලික අංශයේ සේවකයින් විශ්‍රාම යාමේ අවම වයස් සීමාව 60 දක්වා වැඩි කිරීමට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද සම්මත විය.

    දැනට 55 ක් වන විශ්‍රාම වයස ඒ අනුව අවුරුදු 60 දක්වා ඉහළ ගියද සේවකයන්ට සිය අවශ්‍යතා මත අවුරුදු 55 දී සේවන අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලැබිය හැකි බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී සදහන් කළේය.

    කොවිඩ් රෙගුලාසි ගැන අලුත් ගැසට්ටුවක්

    0
    gazette

    පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් රට තුළ සිදුකරන රැස්වීම්, ක්‍රියාකාරකම්, උත්සව හෝ ඒ හා සමාන රැස්වීම් පැවැත්වෙන ස්ථාන සඳහා අදාළ බලධාරීන්ගේ පූර්ව අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥාපනත සංශෝධනය කරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් එම ගැසට්ටුව නිකුත් කර ඇත.

    2253-10_S

    ශ්‍රීලනිප හිටපු මන්ත්‍රී සජබට යයි

    0

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් රණතුංග මහතා සමගි ජන බලවේගය සමග අද එක් වූ බව සමගි ජනබලවේගය පවසයි.

    ආණ්ඩුවේ අන්තනෝමතික වැඩපිළිවෙළට එරෙහිව සමගි ජන බලවේගයේ මිනුවන්ගොඩ සංවිධායක චමින්ද ද සිල්වා මහතා විසින් සංවිධානය කරනු ලැබූ විරෝධතාවයක් අද (11) මිනුවන්ගොඩ නගර මධ්‍යයේදී පැවැත්විණ.

    ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.

    මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා ඇතුළු මහජන නියෝජිතයින් රැසක්ම එක්ව සිටියහ.

    බලන් කඩතුරා හැර දෑසේ..

    0

    මේ දිනවල දිවයිනේ දිස්ත්‍රික්ක 22 කටම අධික වැසි, ගංවතුර, දැඩි සුළං බලපෑවේ ජීවිත ගණනාවක් ද බිලිගනිමිනි.

    එවැනි තත්ත්වයක් හමුවේ වුවත් අඳුරේම, අවදානම ද දැන, මහ වැස්සේ තෙමෙමින් රාජකාරිය කරන මුන්ලදම පොලිස් රථවාහන කොට්ඨාශයේ නිලධාරියකුගේ සේයාරූ කිහිපයක් සමාජ ජාල තුළ කතාබහට ලක්ව තිබේ.

    රන්ජන් කොළඹ ජාතික රෝහලට මාරුකරයි

    0

    අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රංජන් රාමනායක කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබේ.

    ඒ ඔහුගේ දණහිසෙහි ඇතිවූ ආබාධයක් හේතුවෙන් ඊයේ සවස ගාල්ල කරාපිටිය මහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව ඔහුව කොළඹ ජාතික රෝහලේ විකලාංග සායනයට ඉදිරිපත් කරන ලෙස එහි වෛද්‍යවරුන් උදෙස් ලබා දීම නිසයි.

    වෛද්‍ය උපදෙස් අනුව අද දින කොළඹ ජාතික රෝහලේ විකලාංග වෛද්‍ය සායනය වෙත ඔහු ඉදිරිපත් කර තිබේ.

    ඉන් අනතුරුව ලබන 16 වන දින නැවතත් එම සායනයට ඉදිරිපත් කිරීමට වෛද්‍යවරුන් උපදෙස් ලබාදී ඇත.

    එමෙන්ම ලබන 16 දින දක්වා කොළඹ වැලිකඩ බන්ධනාගාරයට අනුබද්ධ බන්ධනාගාර රෝහලේ ඔහුව රඳවා තැබීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

    බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උළෙලේ පූර්ව සූදානම

    0

    2022 බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පූර්ව සූදානම් මෙහෙයුම ඉහළ කාර්යක්ෂමතාවකින් යුතුව මේ දිනවල ක්‍රියාත්මක වේ. මෙහි දී සැපයුම් සේවාවන් හි අධිගුණාත්මක භාවයක් රඳවා ගැනීම බලධාරීන්ගේ අරමුණ වී තිබේ.

    මේ යටතේ, හිම ඉසව්වල ප්‍රධාන තරග බිමක් වන චොංජියාකෝ (Zhangjiakou ) තරග කලාපයේ සැපයුම් සේවා ගොඩනැංවීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මකයි. උළෙල නිල වශයෙන් ආරම්භ වන්නේ 2022 පෙබරවාරි 04 වැනිදායි.

    ක්‍රීඩා උළෙලේ ප්‍රධාන තරග ස්ථාන වන, ජාතික ස්කී පැනීමේ මධ්‍යස්ථානය, ස්කී උද්‍යානය සහ ශීත ඔලිම්පික් ගම්මානය Zhangjiakou කලාපයේ පිහිටා ඇත. මේ වන විට, එහි ඔලිම්පික් ව්‍යාපෘති 76ක ඉදිකිරීම් සම්පූර්ණයෙන් නිමා වී තිබේ. පරීක්ෂණ තරග මාලාවක් සහ ජාත්‍යන්තර පුහුණු සතිය මේ මස අගභාගයේ සිට මෙම කලාපයේ දී පැවැත්වීමට නියමිතය.

    ක්‍රීඩා උළෙල අතරතුර, Zhangjiakou කලාපයේ, සමස්ත තරග බිම් සඳහා 100% ක පූර්ණ හරිත බල සැපයුමක් ලබාදෙනු ඇත. වසංගත වැළැක්වීම හා පාලනය සම්බන්ධීකරණය සඳහා ද, පරිපූර්ණ සැලැස්මක් සකස් කර තිබේ. මේ යටතේ, ක්‍රීඩකයන් සඳහා සංවෘත ජෛව බුබුළු ක්‍රියාත්මක වන බැවින්, ඔවුන්ගේ සුවපහසු පැවැත්ම සඳහා, බැංකු, තැපැල්, වියළි පවිත්‍රකරණ සේවා සහ අධිපහසුකම් සහිත වෙළඳසැල් වැනි පාරිභෝගික සේවා රැසක් Zhangjiakou ශීත ඔලිම්පික් ගම්මානයේ ස්ථාපනය කෙරේ.

    මේ අතර, බෙයිජිං හි ඉදිකර ඇති, ඇතැම් තරග පරිශ්‍ර පසුගිය දා හිමෙන් වැසී ගොස් තිබිණ. මෙවර බෙයිජිං නගරයට මුල් හිම පතනය සිදුවූයේ වෙනත් වසරවලට වඩා කලිනි. හිම ඉවත්කිරීමේ කටයුතු කඩිනමින් ක්‍රියාවට නැංවූ බව බලධාරීහු කියා සිටියහ. කෙසේවෙතත් මෙය ලොවපුරා ක්‍රීඩකයන්ට කල්තියාම කෙරෙන ඇරයුමක් බඳුය.

    මුතුරාජවෙල ගැටලුව සොයන්න ඇමති කමිටුවක්

    0

    මුතුරාජවෙල තෙත් බිම සංරක්ෂණය කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමත් සමඟ මතුව ඇති ගැටලුව පිළිබඳව සොයා බැලීම සඳහා අමාත්‍යවරුන් 8 දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත්කර ඇත.

    ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් අනුව මෙම කමිටුව පත් කර ඇත.

    පරිසර අමාත්‍ය මහින්ද අමරවීර සහ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති මෙම කමිටුව සදහා වනජීවි අමාත්‍ය සී.බී රත්නායක, නිමල් ලාංසා, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන රාජ්‍ය අමාත්‍යවරුන් සහ නලින් ප්‍රානාන්දු, ජයන්ත වීරසිංහ, වීරසුමන වීරසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පත්කරනු ලැබ තිබේ.

    ඒ අනුව ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කර මේ සම්බන්ධයෙන් අනෙකුත් පාර්ශව සමඟ සාකච්ඡා කිරීම මෙම කමිටුවට පැවරී ඇති කාර්යභාරය වේ.

    ජාතික ආරක්ෂක විද්‍යාලයේ පාඨමාලාවෙන් පසු හමුදාපති වෙන්නත් පාර කැපේ

    0

    “ජාතික ආරක්ෂක විද්‍යාලය” අද (11) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් විවෘත කර තිබේ.

    ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා රාජ්‍ය අංශයේ ඉහළ තනතුරු දරන විධායක නිලධාරීන්ට ජාතික ආරක්ෂාව හා ක්‍රමෝපායික අධ්‍යයනය සම්බන්ධයෙන් අධ්‍යාපනය ලබාදීමේ අරමුණින් මෙරට ස්ථාපිත ප්‍රථම හා උසස්ම අධ්‍යයන හා පර්යේෂණ ආයතනය මෙයයි.

    ජාතික අවශ්‍යතා තහවුරු කිරීම සඳහා ජාතික ආරක්ෂාව, රාජ්‍ය තාන්ත්‍රිකභාවය හා රාජ්‍ය ප්‍රතිපත්ති අංශයන්හි උපායමාර්ගික චින්තකයින් සහ නායකයින් බිහි කිරීම
    “ජාතික ආරක්ෂක විද්‍යාලයේ” මෙහෙවර ලෙස සැලකේ.

    ගාලුපාරේ, කොළඹ 03 පිහිටි ආරක්ෂක අමාත්‍යාංශයට අයත් දිගු ඉතිහාසයක් ඇති “මුම්ටාස් මහල්” ගොඩනැඟිල්ලේ “ජාතික ආරක්ෂක විද්‍යාලය” ස්ථාපිත කර තිබේ. එහි ප්‍රධාන ගොඩනැගිල්ල විවෘත කළ ජනාධිපතිවරයා අධ්‍යයන පහසුකම් නිරීක්ෂණය කළේය.

    අනතුරුව “ජාතික ආරක්ෂක විද්‍යාලයේ” නිල වෙබ් අඩවිය එළිදැක්වීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණ.

    කොළඹ විශ්වවිද්‍යාලය, සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, ඕස්ට්‍රේලියානු ආරක්ෂක පුහුණු විද්‍යාලය, ඇමරිකාව හා පකිස්ථානය යන රටවල විශේෂඥයෝ මෙහි විෂය නිර්දේශ කමිටුවේ සම්පත්දායකයෝ වූහ.

    චීන රජය අංග සම්පූර්ණ ශ්‍රවණාගාරයක් හා පකිස්ථාන රජය පුස්තකාලයක් ඉදිකිරීමට දායකත්වය සපයා ඇති අතර පුස්තකාලය සඳහා පොත් ලබා දීම ඕස්ට්‍රේලියානු රජය හා ත්‍රිවිධ හමුදාව විසින් සිදු කර තිබේ.

    මෙහි ප්‍රථම පාඨමාලාව හෙට සිට 2022 අගෝස්තු මාසය දක්වා මාස 10ක කාලයක් පූර්ණ කාලීනව පැවැත්වේ. ඊට ත්‍රිවිධ හමුදාවේ නිලධාරීහු 27 දෙනෙක් සහ පොලීසියේ

    නිලධාරීහු 04 දෙනෙක් තෝරාගෙන සිටිති.
    ශ්‍රී ලංකාවේ “ජාතික ආරක්ෂක විද්‍යාලය” පිහිටුවීම දිගුකාලීන අවශ්‍යතාවක ඉටු වීමක් බව ජනාධිපති රාජපක්ෂ මහතා උත්සව සභාව අමතමින් සඳහන් කළේය. ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්ට ක්‍රමෝපායික අධ්‍යාපන අවස්ථා ලබා ගැනීම සඳහා විදේශ අධ්‍යාපන ආයතනවල පවතින අවස්ථා සෙවීම හැර වෙනත් විකල්පයක් නො තිබිණ.

    සෑම වසරක ම මිත්‍ර ජාතීන් පිරිනමනු ලබන පාඨමාලා නිලධාරීන් කිහිපදෙනෙකුට විශාල ප්‍රතිලාභයක් සැලසුව ද, තවත් බොහෝ පිරිසකට අවස්ථාව අහිමි වූ බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    එම නිසා මෙම විද්‍යාලය පිහිටුවීමෙන් සෑම වසරක ම එවැනි අත්දැකීම් ලැබිය හැකි ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සංඛ්‍යාව විශාල ලෙස වැඩි වේ.

    මෙම පාඨමාලාව හදාරන නිලධාරීන්ට ඉදිරියේදී ජ්‍යෙෂ්ඨ ආඥාපති තනතුර දැරීමට මෙන් ම හමුදාපති තනතුර දැරීමට ද අවස්ථාව උදාවිය හැකි බව ජනාධිපතිවරයා පැවසීය.

    ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති, විශ්වවිද්‍යාල කුලපතිවරු සහ උපකුලපතිවරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් ව සිටියහ.

    කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ කොටසක් හෙට උදේ තෙක්ම වහලා

    0

    පහළ කඩුගන්නාවෙන් වසා දැමුණු කොළඹ-නුවර ප්‍රධාන මාර්ගය හෙට උදෑසන 9 දක්වා තවදුරටත් වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

    මෙලෙස කොළඹ-නුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාවෙන් වසා දැමුණේ නායයාම් අවදානම හේතුවෙනි.

    ඒ අනුව අදාළ මාර්ගය භාවිත කරන රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ විකල්ප මාර්ග භාවිත කරන ලෙසය.

    කොළඹ සිට මහනුවරට පැමිණෙන රථවාහන සදහා විකල්ප ලෙස,

    1. අඹේපුස්සට හරහා කුරුණෑගලට පැමිණ ගලගෙදර -කටුගස්තොට හරහා මහනුවර
    2. කෑගල්ල සිට පොල්ගහවෙලට පැමිණ කුරුණෑගල ඉන් අනතුරුව ගලගෙදර කටුගස්තොට හරහා මහනුවර
    3. මාවනැල්ල සිට රඹුක්කන -හතරලියැද්ද -ගලගෙදර කටුගස්තොට හරහා මහනුවර
    4. මාවනැල්ල සිට හෙම්මාතගමට පැමිණ ගම්පොල -පේරාදෙණිය මහනුවර, යන මාර්ග භාවිතා කලහැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

    මහනුවර සිට කොළඹට ගමන් කරන රථවාහන සදහා විකල්ප මාර්ග ලෙස,

    1. කටුගස්තොට ගලගෙදර සිට කුරුණෑගලට පැමිණ කොළඹ දක්වා
    2. කටුගස්තොට -ගලගෙදර-රඹුක්කනට පැමිණ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට පැමිණ කොළඹ යන මාර්ග භාවිතා කල හැකිබව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

    බෝට්ටුවෙන් කැනඩා යන්න ගිහින් හසුවූ අය අතර ප්‍රබල කොටියෙක්

    0

    මීගමුවෙන් බහුදින යාත්‍රාවක නැගී කැනඩාව බලා යමින් සිටි පිරිසක් අයහපත් කාලගුණය හේතුවෙන් දින 04 කට පසු හලාවතින් ඉකුත් 09 වෙනිදා ගොඩබිමට පැමිණි අවස්ථාවේදී නාවික හමුදාවට කොටුවූ 19 දෙනා අතර ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි ප්‍රබල එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක් සිටින බව හදුනාගෙන තිබේ.

    මුත්තුසාමි රාජ්කුමාර නොහොත් කන්නන් නැතහොත් උත්තමන් නැමැති එම එල්.ටී.ටී.ඊ.යේ ප්‍රබලයා යුද සමයේදී සිවිල් සහ හමුදා සාමාජිකයන් ඉලක්කරමින් කළ පිපිරවීම් රැසකට සම්බන්ධ අයෙක් බව පොලීසියේ ප්‍රමුඛතම බුද්ධි අංශයක් වන විශේෂ කාර්යාංශයේ හලාවත ඒකකයේ නිලධාරීන් විසින් හදුනාගෙන ඇත.

    නාවික හමුදාවේ සාමාජිකයින් සියයකට වැඩි පිරිසකට ජීවිත හානිකරමින් දිගම්පතන දී එල්ලකල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය, දඹුල්ල බස් නැවතුම් පොලදී මගී බස් රථයක බෝම්බ අටවා පුුපුරවා හැරීම, පොල්ගොල්ලේදී මගී බස් රථයක තැබූ බෝම්බක් පුපුරවා හැරීම, ඇතුළු මාතලේ සහ මහනුවර පිහිටි ට්‍රාන්ස්පෝමර් කිහිපයක් පුපුරවා හැරීමට මෙම එල්.ටී.ටී.ඊ. සාමාජිකයා සම්බන්ධ බව හෙළිවී තිබේ. ඒ සම්බන්ධයෙන් වීවෘත වරෙන්තු 07 ක් අධිකරණවලින් මොහුට එරෙහිව නිකුත්ව තිබෙන බවද උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය.

    මෙම එල්.ටී.ටී.ඊ.යේ ප්‍රබලයා උකුවෙල පදිංචිකරුවෙක් වූවත් මේ වන විට සිට ඇත්තේ වත්තල ප්‍රදේශයේය.

    මෙම එල්.ටී.ටී.ඊ. ප්‍රබලයා ඇතුළු පිරිස ඉකුත් 05 වෙනිදා මීගමුවෙන් බහුදින යාත්‍රාවක නැගී කැනඩාව බලා ගමන් කර ඇති අතර ඉන්දියානු සීමාවේදී නෞකාවකට මෙම පිරිස ඇතුළු කිරීමේ සූදානමක් තිබී ඇත. අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ අදාල නෞකාව නොපැමිණීම නිසා ඔවුන්ට දින කිහිපයක් මුහුදේ ගතකිරීමට සිදුව ඇති බවත් පසුව ඔවුන්ගේ කැමැත්තෙන්ම නැවත ගොඩබිමට පැමිණ ඇති බවත් විමර්ශන වලින් අනාවරණය වී තිබේ. ඔවුන් ගොඩබිමට පැමිණ ඇත්තේ කුඩා බෝට්ටුවලින් බවත් ඔවුන් මීගමුවෙන් ගමන් කළ බහුදින යාත්‍රාව ආරක්ෂක අංශ භාරයට ගෙන මේ වන විට දික්ඕවිට වරාය‍ෙවෙරළාරක්ෂක බලකායේ ආරක්ෂාකව යටතතෙි බව සදහන්ය. එම යාත්‍රාව වෙන්නප්පුව නයිනමඩමේ පුද්ගලයෙකුට අයත් එකක් බව ද අනාවරණය වී ඇත.

    වරෙන්තුකරු අල්ලන්න උදව් දුන්නා කියා බෝරා පල්ලියට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

    0

    බම්බලපිටියේ පිහිටි බෝරා මුස්ලිම් පල්ලියට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකර විනාශයක් කිරීමට තැත්කිරීමක් සම්බන්දයෙන් බම්බලපිටිය පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරු ලබන 23 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිරාණි පෙරේරා මහත්මිය නියෝග කළාය.

    බම්බලපිටිය ආදිමලේ පෙදෙසේ පදිංචිකරුවෙක් වන හුසේමා අබ්බාස් කැන්බෝයි නැමැති අයෙකි.

    මෙම සැකකරු පෙරේදා (09) සිය නිවසේ සිට පෙට්‍රල් බෝම්බයක් ගෙනවිත් බෝරා දේවස්ථානයට දමා ගසා ඇති බවත් එය පිපිරීනොයාම නිසා නැවත නිවසට ගොස් තවත් බෝම්බයක් රැගෙනවිත් පහරදීී ඇති බවත් බම්බලපිටිය පොලීසිය සඳහන් කරයි.

    එම අවස්ථාවේදී පල්ලියේ පිරිස් ඔහු අල්ලා පොලීසියට දැනුම්දී ඇති බවත් ඒ අනුව පොලීසිය එහි පැමිණ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය. සැකකරු බෝම්බය එල්ලකර ඇත්තේ දේවස්ථානයේ මුළුතැන්ගෙය දෙසටය. එහි ගෘහස්ත ගෑස් ටැංකි කිහිපයක් තිබී ඇති අතර ඒවාට ගිනි ඇවිළුනි නම් මහා විනාශයක් සිදුවීමට ඉඩ තිබුණු බව පොලීසිය කියයි.

    මෙම බෝම්බ ප්‍රහාරය එල්ලකිරීමට මුල්වී ඇත්තේ වරෙන්තුකරුවෙක් වූ එම පුද්ගලයාව කොල්ලුපිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීමට ඊට දින කිහිපයකට පෙර පැමිණි අවස්ථාවේදී ඔහු පල්ලිය ආසන්නයේ ගොඩනැගිල්ලක සැඟවී සිටියදී පොලීසිය පල්ලියේ ඉනිමගක් යොදාගෙන එම ගොඩනැගිල්ලට ඇතුළු වී ඔහුව අත්අඩංගුවට ගැනීම නිසා ඇතිවූ වෛරයක් නිසා බව ප්‍රශ්න කිරීම් වලදී හෙළිවී තිබේ. ඔහු විශ්වාස කරනුයේ තමා සැඟවී සිටි තැන පොලීසිය දැනගත්තේ පල්ලියෙන් වටය. ඒ අනුව පල්ලියට බෝම්බ ගැසූ බවද සැකකරු පවසා තිබේ.

    බම්බලපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික ප්‍රසන්න රත්නායක මහතාගේ මෙහෙයැවීමෙන් විමර්ශන සිදුවිය.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ්

    0

    ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරුවී ඇත.

    මන්ත්‍රීවරයා සදහන් කරනුයේ තමාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව අද තහවුරුවූ බවය.

    සියලුම ටැක්සි ත්‍රීවීල්වලට මීටරේ අනිවාර්ය වෙයි

    0

    මගී ප්‍රවාහනය සඳහා භාවිතා කරන සහ බස්නාහිර පළාතේ (WP) මාර්ග ඔස්සේ ධාවනය වන සෑම ත්‍රිරෝද රථයකම මීටරයක් ​​තිබීම 2022 ජනවාරි 15 ​​සිට අනිවාර්ය වේ.

    ඒ අනුව දිවයින පුරා මීටර් ත්‍රිරෝද රථ ආවරණය 2022 ජුනි 22 වන දිනට අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.

    සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ සංගමය පැවසුවේ මෙය රජයෙන් බොහෝ කාලයක් බලා සිටි තීරණයක් බවයි.

    ත්‍රිරෝද රථ සඳහා වන රෙගුලාසිවලට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍ර තුනක් දැනටමත් නිකුත් කර ඇත.

    මෙරට ලියාපදිංචි වී ඇති ත්‍රිරෝද රථ මිලියන 1.2 කට අධික සංඛ්‍යාවෙන් ත්‍රිරෝද රථ ලක්ෂ 8 ක් පමණ මෙම වෘත්තියේ නිරත වේ.

    අද සිට වැස්ස අඩුවෙයි

    0

    දිවයිනේ පැවති තද වැසි තත්ත්වයේ සාපේක්ෂව අඩුවීමක් අද දින සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ගිණිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී පේදුරු තුඩුවේ සිට කිලෝමීටර 250ක් පමණ උතුරු දෙසින් (උතුරු අක්ෂාංශ 11.7ත් නැගෙනහිර දේශාංශ 81.6ත් ආසන්න ප්‍රදේශයේ) පවතී.

    එය වයඹ දෙසට ගමන් කර අද දින සවස් කාලයේ උතුරු තමිල්නාඩු වෙරළට ලඟාවේ යැයි අපේක්ෂා කරයි.

    බස්නාහිර,සබරගමුව,වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. උතුරු මැද පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

    ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

    දිවයින හරහා විටින් විට හමන පැ.කි.මි. (40-50) පමණ තද සුළංඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කීය.

    මංගල අය-වැයේ පිටු පෙරළන මුදල් ඇමති බැසිල් රාජපක්ෂ

    0

    මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් 2022 අය -වැය වාර්තාව හෙට (12) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

    බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා බවට පත්වීමෙන් අනතුරුව ඉදිරිපත් කරන මංගල අය වැය මෙය වේ.

    ශ්‍රී ලංකා පාර්ලමේන්තුවේ 76 වැනි අය-වැය ලෙස ඉතිහාසයට එක්වන මෙම අය වැය කොවිඩ් වසංගතය හමුවේ ඉදිරිපත්වන අභියෝගාත්මක අය වැයක් බව ආර්ථික විශ්ලේශකයෝ සඳහන් කරති.

    කෙසේ වෙතත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ පිටු පෙරළන්නේ සිය මංගල අය-වැය ලේඛනයේ තවත් වැරදි අඩු පාඩු ඇත්නම් ඒවා නිවරැදි කරන අටියෙන් විය යුතුය.

    අද එන්නත් මධ්‍යස්ථාන 114ක්

    0

    වයස අවුරුදු 20ට වැඩි සියලු දෙනාට අද දිනයේත් කොළඹ ගම්පහ, කළුතර, ගාල්ල යන දිස්ත්‍රික්කවල පහත මධ්‍යස්ථානවලදී කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන බව ජනාධිපති ලේකම් කාර්‍යාලය දන්වයි.

    එම මධ්‍යස්ථාන ඇතුළුව අද දිනයේ ද දිස්ත්‍රික් 15ක් පුරා මධ්‍යස්ථාන 114 කදී එන්නත් ලබාදේ.

    අද එන්නත් ලබා දෙන සියලූම මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

    Vaccination Centers on 11.11.2021

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-11-11

    0
    එක්කෝටි හැත්තෑ පන්ලක්ෂයක් ජීවිත බිලිගත්ප ළමු ලෝක මහා සංග්‍රාමය නිමා වූයේ 1918 නොවැම්බර් 11 වන දිනයි
    එක්කෝටි හැත්තෑ පන්ලක්ෂයක් ජීවිත බිලිගත්ප ළමු ලෝක මහා සංග්‍රාමය නිමා වූයේ 1918 නොවැම්බර් 11 වන දිනයි

    එක්කෝටි හැත්තෑ පන්ලක්ෂයක් ජීවිත බිලිගත්ප ළමු ලෝක මහා සංග්‍රාමය නිමා වූයේ 1918 නොවැම්බර් 11 වන දිනයි

    එංගලන්තය පරදා නවසීලන්තය අවසන් මහා තරගයට

    0

    පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගයේ අද (10) පැවති අවසන් පූර්ව තරගයෙන් එංගලන්තයට එරෙහිව කඩුලු පහක ජයක් ලැබීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.

    පළපුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 166ක් ලබා ගත්තේය. එම ඉලක්කය හඹා ගිය නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 19ක් තුළ කඩුලු 5ක් දැවී ලකුණු 167ක් ලබා ගනිමින් ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියේය.

    නවසීලන්තය වෙනුවෙන් ආරම්භක පිතිකරු ඩැරී මිචෙල් නොදැවී ලකුණු 72ක් ලබා ගත්තේය. එංගලන්තයෙන් ජයග්‍රහණය උදුරාගත් මිචෙල්ගේ ඉනිමට හයේ පහර 4ක් හා හතරෙ පහරවල් 4ක් අන්තර්ගත විය.

    විස්සයි 20 ලෝක කුසලානයේ අනෙක් අවසන් පූර්ව තරගය ඕස්ට්‍රේලියාව සහ පාකිස්ථානය අතර හෙට පැවැත්වෙයි.

    ඉන් ජයග්‍රහණය ලබන කණ්ඩායම හා නවසීලන්තය ලබන 14 වැනිදා ඩුබායි හි දී අවසන් මහා තරගයට මුහුණ දීමට නියමිතව ඇත.

    එංගලන්තය – 166/4

    නවසීලන්තය- 167/5 (19/20)

    ගුරු – විදුහල්පතිවරුන්ගේ මූලික වැටුප් වැඩිවෙන්නේ මෙහෙමයි

    0

    ඇමැති අනුකමිටුවේ යෝජනාවට අනුව ගුරුවරුන්ගේ මූලික වැටුප් වැඩිවීම රුපියල් 3750 සිට රුපියල් 11800 දක්වා ඉහළ නගින අතර විදුහල්පතිවරුන්ගේ මූලික වැටුප රුපියල් 6895 සිට 12020 දක්වා ප්‍රමාණයකින් වැඩි වීමට නියමිතය.

    ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 (2) පන්තියේ ගුරුවරයෙකුගේ මූලික වැටුප රුපියල් 3750ක් ද ඩිප්ලෝමාධාරී ගුරුවරයකුගේ මූලික වැටුප 4620කින් ද ගුරු සේවයේ 3 (1) බී පන්තියේ මූලික වැටුප රුපියල් 5740 කින්ද වැඩි කිරීමට නියමිතය.

    උපාධිධාරී ගුරුවරයකුගේ මූලික වැටුප රුපියල් 6580 කින් ඉහළ නැංවෙන අතර ගුරු සේවයේ 2 (2) පන්තියේ ගුරුවරයකුගේ මූලික වැටුප රුපියල් 5875කින් සහ ගුරු සේවයේ 2 (1) පන්තියේ ගුරුවරයෙකුගේ මූලික වැටුප රුපියල් 8250 කින් ද ඉහළ නැංවේ.

    ගුරු සේවයේ පළමු පන්තියේ ගුරුවරයකුගේ මූලික වැටුප රුපියල් 11800කින් ඉහළ නැංවීමට නියමිතය.

    ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 3 පන්තියේ මූලික වැටුප් වැඩිවීම රුපියල් 6895 කින්ද විදුහල්පති සේවයේ 2 පන්තියේ මූලික වැටුප් වැඩිවීම රුපියල් 8645 කින් සහ විදුහල්පති සේවයේ පළමු පන්තියේ මූලික වැටුප් වැඩිවීම 12020 කින් ද ඉහළ නංවා තිබේ .