fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්පොලිස් වෙසින් මුල්ලේරියාවේ දී කළ ඝාතනයට ජිලේගේ මවත් බිරිඳත් අත්අඩංගුවට

    පොලිස් වෙසින් මුල්ලේරියාවේ දී කළ ඝාතනයට ජිලේගේ මවත් බිරිඳත් අත්අඩංගුවට

    පොලිස් වෙසින් මුල්ලේරියාවේ නිවසකට පැන එහි නිදා සිටි මාර්ග අලුත් වැඩියා කොන්ත්‍රාත් ව්‍යාපාරයක නිරතව සිටි පුද්ගලයෙක්ට වෙඩිතබා ඝාතනය කර ඔහුගේ මස්සිනාට තුවාල කර පළාගොස් සැඟව සිටින ජිලේ නැමැති පාතාල අපරාධකරුගේ බිරිඳ සහ මව හම්බන්තොට බඳගිරියේ නිවසක සැඟවී සිටියදී බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාශයේ නිලදාරීන් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

    වයස අවුරුදු 18 ක් වන බිරිද බොරැල්ලේ පදිංචිකාරියක්වන අතර 55 වන වියේ පසුවන මව මුල්ලේරියාවේ පදිංචිකාරියකි.

    ජිලේ නැමැත්තා අත්අඩංගුවට ගැනීමට පොලීසියට තොරතුරු ලබාදෙන්නෙකුට රුපියල් ලක්ෂ 25 ක ත්‍යාග මුදලක් ලබාදෙන බවට පොලීසිය මේ වන විට ප්‍රසිද්ධකර ඇතත් ඔහු සැඟවී සිටින ස්තානයක් ගැන නිෂ්චිත තොරතුරු මෙතෙක් පොලීසියට ලැබී නැත. එහෙත් ඔහු වෙනත් පුද්ගලයෙකුගේ විදෙස්ගමන් බලපත්‍රයකින් ඩුබායි බලා පලායාමට සූදානම් වන බවට හා එය අසාර්ථක වුවහොත් බෝට්ටුවක නැගී ඉන්දියාවට ගොස් එහි සිට ඩුබයි බලා යාමට සැළසුම් කෙරන බවටත් තොරතුරු විමර්ශන කණ්ඩායම් වෙත ලැබී ඇත.

    මෙසේ ඔහුය මෙරටින් පැන්නීමට සූදානම් වන්නේ එම ඝාතනයට කොන්ත්‍රාත්තුව ලබාදුන් මේ වන විට ඩුබායි හී රැදී සිටින හරක්කටා නැමැති ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු බවට තොරතුරුද විමර්ශන කණ්ඩායම් වෙත ලැබී තිබේ.

    ඝාතනය වූ පුද්ගලයා කලක් අංගොඩලොක්කාගේ ගෝලයෙක් ලෙස කටයුතුකරමින් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ඡාවාරමද මෙහෙයවා ඇති බව පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇත. ඉන්දියාවේදී අංගොඩ ලොක්කා අභිරහස් ලෙස මරණයට පත්වීමත් සමග මත්ද්‍රව්‍ය ජාවාරමේ රුපියල් කෝටි 09 මුදලක් මෙම පුද්ගලයා සතුව තිබී ඇති බවටත් තොරතුරු විමර්ශන කණ්ඩායම් වලට ලැබී තිබේ. අංගොඩ ලොක්කාගෙන් පසු ඔහුගේ තැන හිමිකරගත් හරක් කටා එම කෝටි 09 ක මුදල ලබාදෙන ලෙස මෙම පුද්ගලයාට දැනුම් දී ඇතත් එය ඔහු ලබානොදීම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවද විමර්ශන වලින් අනාවරණය වී ඇත.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරනු ලැබුවේ මේ වන විට එම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 05 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.