fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අඹුදරු පවුලක් නිවසකින් පන්නා දැමූ සෙල්ලම් පිස්තෝල නගරාධිපතිගේ ගෝලයෝ අත්අඩංගුවට

    අඹුදරු පවුලක් නිවසකින් පන්නා දැමූ සෙල්ලම් පිස්තෝල නගරාධිපතිගේ ගෝලයෝ අත්අඩංගුවට

    කොල්ලුපිටියේ 10 වන පටුමගේ පිහිටි නිවසකට බලහත්කාරයෙන් ඇතුළුවී දරුවෝ 09 දෙනෙක් සමඟ අඹුසැමි යුවලක් නිවසින් පන්නා දැමීමක් සම්බන්ධයෙන් අද උදෑසන පොලීසියට ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් 05 දෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

    තුවාන් හෂන් සලීම් නැමැති 51 වියැති පුද්ගලයාව ඔහුගේ බිරිද සහ දරුවන් 09 දෙනා සමඟ එසේ නිවසින් එළවා දමා ඇතැයි පොලීසිය සදහන් කරයි.

    ඊයේ රාත්‍රියේදී මෙම සිදුවීම වී ඇති අතර නිවැසියන් චෝදනා කරන්නේ හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතාට සම්බන්ධ පිරිසක් ඊට සම්බන්ධවූ බවය.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරන්නේ අත්අඩංගුවටගත් සැකකරුවන් අවුරුදු 35 ත් 54 ත් අතර වයස්වල පසුවන්නන් බවය. ඔවුන් ඇඹිලිපිටිය, ගලෙන්බිදුණුවැව, මිරිහාන හා දෙමටගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

    මෙම සැකකරුවන් අතර පුද්ගලික ආරක්ෂක අංශයක සේවයේ නිරත පුද්ගලයින් තිදෙනෙක් ද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

    මෙම පුද්ගලයින් විසින් යකඩ බහලුමක්ද පැහැරගෙන ගොස් ඇති අතර එම යකඩ බහලුම ද පොලීසිය සොයාගෙන ඇත.

    නිවැසියන් නිවසින් එළියට ඇද දැමීමට සම්බන්ධ තවත් සැකකරුවන් කිහිප දෙනෙක් සම්බන්ධ බවත් ඒ අය අත්අඩංගුවට ගැවීමටද විමර්ශන පවත්වන බවත් පොලීසිය කියයි.

    හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා මේ සම්බන්ධයෙන් සදහන් කරනුයේ අදාල නිවස පිහිටි ඉඩමේ ආරක්ෂාව සඳහා තමන්ට අයත් පෞද්ගලික ආරක්ෂක සමාගමේ සේවකයින් කිහිප දෙනෙක් යෙදවූ බවත් පහරදීමක් සිදුව නොමැති බවත්ය.

    ඉකුත් සැත්තැම්බරයේදීද මෙම නගරාධිපතිවරයාට එරෙහිව මෙවැනිම ආකාරයේ චෝදනාවක් එල්ලවිණි. බම්බලපිටිය කොතලාවල ඇවනිව් හී ඉඩමකට ඇතුළුවී පහරදීමක් සම්බන්ධයෙන් වූ එම සිදුවීමට අදාලව පොලීසියට භාරවූ ඔහුව අත්අඩංගුවටද ගත්තේය. මේ වන විට ඔහු සිටින්නේ ඇප මතය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.