තවත්

    දෙමටගොඩ රුවන්ගේ මුදල් හා රන්භාණ්ඩ බැංකුවලින් මතුවෙයි

    0

    දෙමටගොඩ රුවන්ට අයත් රුපියල් කෝටි 05 ක මුදලක් දෙමටගොඩ පිහිටි පෞද්ගලික බැංකුවකින් සොයාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් හා දේපළ විමර්ශන ඒකකය සමත්ව ඇත.

    දෙමට‌ගොඩ රුවන්ගේ බිරිඳගේ සහ පුතාගේ නමින් ඇති ස්ථාවර තැන්පතු වල ඒම මුදල් තැන්පත්කර තිබුණු බව උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය. එම ගිණුමේ මුදල් සංසරණය තාවකාලිකව තහනම් කළ බවද ඒම නිලදාරියා කීය.

    එමෙන්ම ඔවුන්ට අයත් කෝටි එකහමාරක් වටිනා රත්‍රං සහිත සේප්පුවක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් හා දේපළ විමර්ශන ඒකකය විසින් සිය භාරයට ගෙන තිබේ.

    දෙමටගොඩ රුවන්ගේ බිරිඳගේ නමින් ඇති බැංකු ගිණුම් 03 ක ඇති රුපියල් කෝටි දෙකකට අධික මුදලක් සම්බන්දයෙන්ද චමින්දට අයත් බව කියන බැංකු සේප්පු දෙකක් සම්බන්ධයෙන්ද, රුවන්ලාට අයත් රුපියල් කෝටි එකහාමාරක් පමණ වටිනා රන් භාණ්ඩ මෑතකදී ඔහුගේ ඥාතියෙක් විසින් උකස් කිරීම සම්බන්ධයෙන්ද විමර්ශන පැවැත්වෙන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    රුවන්ට අයත් මුදල් හෝ දේපොළ තිබේදැයි සොයා බැංකු සහ මූල්‍ය සමාගම් 53ක ගිණුම් පරීක්ෂාවක්ද ඉදිරියේදී සිදුකරන බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

    දින 6කින් ගෑස් අවුල ලිහෙයි – ලීට්‍රෝ

    0

    ගෘහස්ත ගෑස් සිලින්ඩර හිඟය තවත් දින 6 ක් තුළ විසදෙනු ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

    ලක්ෂ 8 කට අධික ප්‍රමාණයක් මෙම සතිය තුළ වෙළඳපොලට නිකුත් කරන බව එම සමාගම සඳහන් කරයි.

    ලාෆ්ස් ගෑස් සමාගමේ නිෂ්පාදන කටයුතු අදාළවීම හේතුවෙන් අතිරේක ඉල්ලුමක් සිය සමාගම වෙත පැවරීම පවතින ගෑස් හිඟයට හේතුවී ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගමේ අලෙවි හා වෙළඳ අධ්‍යක්ෂ ජනක පතිරත්න සඳහන් කරයි.

    දිනකට සාමාන්‍ය ඉල්ලුමට වඩා 25%ක අතිරික්තයක් වෙ‍ළෙඳපොළට නිකුත් කරමින් සිටින බව ද හෙතෙම කීය.

    පසුගිය සතියේත් ගෘහස්ත ගෑස් සිලින්ඩර ලක්ෂ 7 ක ප්‍රමාණයක් වෙළඳපොලට නිකුත් කළ බවද ඔහු සඳහන් කළේය.

    හෙට ඉඳන් වැස්ස අඩුයි

    0

    හෙට දිනයේ (20 දා) සිට වැසි තත්ත්වයේ අඩුවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව පවසයි.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇතිවේ.

    ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇතිවිය හැක.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දන්වා සිටින බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව නිවේදනය කරයි.

    චීන පොහොර නැවට මුදල් ගෙවීමේ තහනම තවදුරටත්

    0

    මතභේදයට තුඩුදුන් චීන පොහොර සමාගමට, හා එහි දේශීය නියෝජිතවරයාට මුදල් ගෙවීම වළක්වාලමින් මහජන බැංකුව වෙත පනවා ඇති වාරණ නියෝගය මේ මස 30 වනදා දක්වා තවදුරටත් අද දිර්ඝ කළේය.

    ඒ කොළඹ වාණිජ මහාධිකරණය විසිනි.

    බැක්ටීරියා ඇතුළු අහිතකර ජීවීන් අඩංගු පොහොර තොගයක් මෙරටට ගෙන එමින් සිටි බව කියන චෝදනාව හේතුවෙන් ‍මීට හේතුවිය.

    බේකරි වැඩ කරන දින ගණනත් සීමා වෙයි

    0

    සතියට දින 5කට පමණක් බේකරි නිෂ්පාදන කටයුතු සීමා කිරීමට බේකරි කර්මාන්තකරුවන් ක්‍රියාකරමින් සිටින බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

    තිරිඟු පිටි සැපයුම අඩාල වීම, ගෑස් හා භූමිතෙල්, ඩීසල් හිඟවීම ආදි හේතූන් මත බේකරි නිෂ්පාදන සිදුකිරීමේදී බරපතළ අර්බුදයකට මුහුණ පා තිබීම ඊට හේතුවී ඇතැයි එම සංගමය පෙන්වා දෙයි.

    බේකරි නිෂ්පාදන සඳහා තිරිඟු පිටි සැපයුම 25%කින් පහත වැටී ඇති බව එම සංගමය කියාසිටී.

    සැපයුමේ පවතින අමුද්‍රව්‍ය හිඟය හේතුවෙන් උත්සව සමය සඳහා බේකරි සහ රසකැවිලි නිෂ්පාදනය ද අඩුවිම, රට පුරා වෙළඳසැල් සහ සුපිරි වෙළඳසැල්වලට නිෂ්පාදන රැස්කරගත නොහැකි වීම නිසා නත්තල් සහ අලුත් අවුරුදු සඳහා එය බලපානු ඇතැයි ද එම සංගමය සඳහන් කළේය.

    “අපි මුහුණ දෙන එකම ප්‍රශ්නය තිරිඟු පිටි නොවේ. කුකර් සහ උඳුන් බොහොමයක් භූමිතෙල්, ඩීසල් හෝ ගෑස් වලින් වැඩ කරන්නේ. ඒකෙත් අඩුවක් තියෙනවා.” යැයි එම සංගමයේ ප්‍රකාශකයෙක් කීය.

    ඩ්‍රයිවින් ලයිසන් ගන්න ලිඛිත විභාගය තියෙන තැන වෙනස් වෙයි

    0

    රියදුරු බලපත්‍ර ලබා ගැනිම සදහා වන ලිඛිත පරික්ෂණය විභාග දෙපාර්තමේන්තුව මගින් සිදු කිරීමට සැලසුම් කර තිබේ.

    ඒ අනුව තමා අයත් ප්‍රදේශය තුළම රියදුරු බලපත්‍ර ලබාගැනිමේ ලිඛිත පරික්ෂණයට සහභාගීවිමේ අවස්ථාව ඉල්ලුම්කරුවන්ට හිමිවනු ඇත.

    මෙතෙක් රියදුරු බලපත්‍ර ලබාගැනීමේ ලිඛිත පරීක්ෂණ විභාගය පවත්වන ලද්දේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසිනි.

    රාජ්‍ය සේවය අකාර්යක්ෂම ද?

    0

    අය වැය යෝජනාව ඉදිරිපත් කිරීමේදී රාජ්‍ය සේවය අකාර්යක්ෂම යැයි මුදල් ඇමතිවරයා පැවසීය. මහජන බදු මුදලින් නඩත්තු වන රාජ්‍ය සේවය පිළිබඳව මහජන විවේචන පවතී.

    මහජනයාගේ බදු මුදල් මහජන සුබසිද්ධිය වෙත යළි ආයෝජනය කිරීම, එය මනා කළමණාකාරිත්වයකින් ක්‍රමානුකූලව සිදු කිරීම, මහජන සේවයේ අරමුණයි. මෙය මහජන කේන්ද්‍රීය පාලන ක්‍රමයක තිබිය යුතු මූලික ගුණාංගයකි. මහජන මුදල්, රාජ්‍ය දේපල අවභාවිතාව ලොව පුරාම දක්නට ලැබෙන දෙයකි. රාජ්‍ය සේවකයා දහසකුත් එකක් අණ පණතෙන් බැඳුන, තම ජීවිතය ද තමාට අයත් නැති, අසරණ පුරවැසියෙකි. ඔහුට, හෘද සාක්ෂිය සහිතව සමහර කාර්යයන් කළ නොහැක. මානුෂික ලෙස සත්‍යවාදීව හැම විටම කටයුතු කළ නොහැක. එහෙත්, සත්‍යවාදීත්වයත්, අවංකකමත් රාජ්‍ය සේවකයා ගෙන් නිරතුරුවම අපේක්ෂා කෙරේ. අපේක්ෂා සහ ප්‍රායෝගික තත්ත්වය අතර විශාල පරතරයක් පවතී. මේ පරතරය ඇතිවී ඇත්තේ ඇයි?

    සත්‍යගවේෂී ගේ විශ්ලේෂණයට අනුව ඒ මෙසේය.
    1. අන්තෝජටා බහිජටා නීති අණපනත් රාශියකින් රාජ්‍ය සේවකයා බැඳ තැබීම.
    2. දේශපාලනීකරණය
    3. නුසුදුස්සන් ට තැන දීම සහ සුදුස්සන් එකතැන පල් කිරීම සහ සුදුස්සන්හට බාධා පැමිණවීම.
    4. අවම වේතන, වෙනත් ප්‍රතිලාභ සහිත රැකියා වීම, අභිප්‍රේරණයක් නොමැති ඒකකාර වෘත්තියක් වීම.
    5. නව්‍යකරණයට ඇති අධිකතර ප්‍රතිරෝධය.
    6. නිලධාරීවාදය.
    7.ජාතික ප්‍රතිපත්ති වල ඌණතාවයන්
    8.ඉලක්කගත නොවීම.
    9. වයස්ගත ගතානුගතික ඇටකුණා වූ ඉහළ නිලධාරීන්, සහ කේලාම් ඕපදූප සංස්කෘතිය

    ඉහත දැක්වූ කරුණු සාවධානව සළකා බලන විට රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම ජාතික අවශ්‍යතාවයකි. මක් නිසාද යත්, එය රටේත්, ජනතාවගෙත් ජීවනාලිය නිසාය.

    ඇත්තටම රාජ්‍ය සේවය අකාර්යක්ෂම ද?

    නැත. කොවිඩ් 19 ව්‍යසනය හමුවේද, සුනාමි, ගංවතුර,නායයාම් වැනි ව්‍යසන වලද, විභාග සහ මැතිවරණ කටයුතු වලද රාජ්‍ය සේවය මනාව ක්‍රියාත්මක වනබව කුහක නොවන ඕනෑම අයෙකුට පෙනී යන කරුණකි.

    හැට පැන්න රාජ්‍ය සේවකයෝ

    අයවැය තුළින් යෝජිත පරිදි, රාජ්‍ය සේවකයාගේ විශ්‍රාම ගැන්වීමේ වයස ඉහළ නැංවීම කෙතරම් වාසි සහගතද යන්න මතභේදාත්මකය.

    රජය මුහුණපා ඇති අධික මූල්‍ය අර්බුදය හමුවේ ගැසූ එක් පැලැස්තරයක් ලෙස මෙය දැක්විය හැක. මෙහි වාසි ලෙස නව රැකියා ලබා දීම තාවකාලිකව නැවැත්වීමට හැක. ඒ සඳහා වැය වන මුදල් මෙන්ම විශ්‍රාම පාරිතෝෂික සඳහා සිදුවන වැය අවම කළ හැක.

    එහෙත්, අවාසි ලෙස, රජයේ රැකියා උත්පාදනය අවම වීම, මේ නිසාම ගතානුගතික රාජ්‍ය සේවයක් බවට සමස්ත රාජ්‍ය සේවය තව දුරටත් ආගාධයක් කරා ගමන් කරනු ඇත.

    නිරවුල් මනසකින් නිරීක්ෂණය කරනවිට, විශ්‍රාම වයසට එළඹෙන විට බොහෝමයක් රාජ්‍ය සේවකයින් ශාරීරික සහ මානසිකව අබලන් වීමකට ලක්වන බව හඳුනාගත හැක. මෙය රටේ සමාජ ආර්ථික සහ සංස්කෘතික පීඩනය මත සිදුවන්නක් මෙන්ම ලෝක ධර්මතාව වන අනිත්‍යය මත සිදුවන්නකි.

    මේ හේතුවෙන් රාජ්‍ය සේවයේ, ධූරාවලියේ ඉහළම සිටින්නන් අකාර්යක්ෂම නිලධාරීන් බවට පත්ව ඇත. එලෙසටම, ඉහළ නිළධාරීන් අකාර්යක්ෂම වනවිට පහළ ඇත්තන් එලෙසටම පරිවර්තනය වේ. මෙය විෂම චක්‍රයක් ව ඇත. මෙය රාජ්‍ය සේවය පමණක් නොව, ව්‍යවස්ථාපිත නීති සකසන පාර්ලිමේන්තුව කරා අපේ මනාපයෙන් දක්කන්නේද වයෝවෘද්ධයන් නොවේද? බලකාමය සහ ධනකාමය මත රටක් වශයෙන් අප අසමත් ව ඇත්තේ මේ නිසාද?

    එඤ්ඤං
    මං
    සත්‍යගවේෂී

    බූස්ටර් මාත්‍රාව ඇතුළුව අද කොවිඩ් එන්නත් දෙන මධ්‍යස්ථාන මෙන්න

    0
    vaccine jaffna

    අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන්ට බූස්ටර් එන්නත ඇතුළුව කොවිඩ් මර්දන එන්නත් අද දිනයේ ද රට පුරා පිහිටි මධ්‍යස්ථාන ගණනාවකදී ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

    අද දිනයේදී අදාළ එන්නත් වර්ග, පාසල් දරුවන් එන්නත්කරණ මධ්‍යස්ථාන සහ සෙසු කොවිඩ් එන්නත් ලබා දෙන සියලූම මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

    Tentative vaccination schedule 19.11. 2021 - Sheet1-pages-deleted

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-11-19

    0
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පළමු වරට ජනාධිපති ධූරයේ දිවුරුම් දුන්නේ 2005 නොවැම්බර් 19 වන දිනයි
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පළමු වරට ජනාධිපති ධූරයේ දිවුරුම් දුන්නේ 2005 නොවැම්බර් 19 වන දිනයි

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පළමු වරට ජනාධිපති ධූරයේ දිවුරුම් දුන්නේ 2005 නොවැම්බර් 19 වන දිනයි

    “යළි කිසිදා ලේ ගංඟා සිරිලක ඇති නොවේවා!”- සඳහිරු සෑ අභියස අගමැතිගේ ප්‍රාර්ථනය

    0

    සියලුම රණවිරුවන්ටත්, යුද්ධයේදී මිය ගිය සියලු පාර්ශවයන්ටත් මේ සෑය නමදින මොහොතක් පාසා පින් අනුමෝදන් වේවා!

    • අපි එදා වාගේම අදත් යුද්ධ කළේ නිදහස සහ රටේ ආරක්ෂාව වෙනුවෙන් පමණයි.

    • අපේ රටේ ජනතාවගේ දරුවන්ගෙන් හැදුනු ආරක්ෂක හමුදාව ගැන ලොකු විශ්වාසයක් මට තිබුණා.

    • රටක ආරක්ෂක හමුදාව ගැන විශ්වාසය නැතිනම් ඒ රටේ ජාතික ආරක්ෂාව අහිමි වෙනවා.

    • අපේ හමුදාව අමතක කරලා විදෙස් හමුදා,විදෙස් මැදිහත්වීම්වලට ඉඩ දුන්නා නම් තවමත් අපේ රටේ ලේ ගලා යනවා.

    • නිදහස රැක ගැනීම, අපේ නායකයොත් අනාගතේ පහළ වෙන නායකයොත් භාර ගන්න ඕන.

    ලේ ගංඟා නතර කරලා, මරණ බිය තුරන් කරලා, අපේ රට අභයභූමියක් කළ රණවිරුවන් වෙනුවෙන් මේ සඳහිරු සෑය හදලා ප්‍රාර්ථනා කරන්නේ අනාගතයේ කිසිදාක එවැනි සිදුවීම් සිදු නොවේවා! යන්න බව හිටපු ජනපති, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

    අනුරාධපුරයේ ඉදිකළ සඳහිරු සෑය විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(18) පස්වරුවේ මේ ප්‍රාර්ථනාව කළේය.

    අපේ රටේ නිදහස වෙනුවෙන් කැප වූ රණවිරුවන්ගේ ආරක්ෂාවත්, ජීවිත පරිත්‍යාගයෙන් රණවිරුවන් අපට උරුම කළ නිදහසත් රැක ගැනීම, අපේ නායකයොත් අනාගතේ පහළ වෙන නායකයොත් භාර ගන්න ඕනෑ යැයි ද අග්‍රාමාත්‍යතුමා මෙහි දී අවධාරණය කළේය.

    සඳහිරු සෑය විවෘත කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කථාව මෙසේය.

    රණවිරුවන්ගේ දෑතින්ම ගොඩනගපු මේ මහා සෑය රණවිරුවන් නාමයෙන් ලෝකයාට වැඳුම් පිදුම් කිරීමට පිරිනමන මේ අවස්ථාවට මම සහභාගි වෙන්නේ ඉතාම උද්දාමයෙන් බව කියන්න ඕනෑ. ඉතාම බරපතළ තීන්දු රට වෙනුවෙන් අරගෙන ඒවා සාර්ථක කරගත් අවස්ථාවල මම අප්‍රමාණ සතුටක් භුක්ති විඳලා තියෙනවා. ඒ අවස්ථාවලදී ලැබුණ සතුටට වඩා වැඩි නිරාමිස සතුටක් මේ මහා පුණ්‍යකර්මය සම්පූර්ණ කරන මොහොතේ භුක්ති විඳින බව මම කියන්න ඕනෑ.

    දොරේඅප්පා නගරාධිපතිතුමාගේ ඝාතකයන් අත්අඩංගුවට ගන්න ගිහින් මන්නාරමේදී ඝාතනයට ලක් වූ පොලිස් නිලධාරි බස්තියන් පිල්ලේගේ, 1981 යාපනේ දී ත්‍රස්තවාදීන් අතින් ඝාතනයට ලක් වූ කෝප්‍රල් හේවාවසම්ගේ සිට නන්දිකඩාල්වල අවසාන දිනයේ මියගිය සෙබළා දක්වා සියලු රණවිරුවන්ට සහ අපේ රටට සාමය උදා කරන්න කැප කිරීම් කළ සියලුම රණවිරුවන්ටත් ඒ වාගේම යුද්ධයේදී මිය ගිය සියලු පාර්ශවයන්ටත් මේ සෑය නමදින මොහොතක් පාසා පින් අනුමෝදන් වේවා යි මම ප්‍රාර්ථනා කරනවා.‍ මියගිය සියලුම දෙනා අපේම රටේ අපේම අය.

    හාමුදුරුවනේ,

    අපි ඉතිහාසය පුරාම යුද පිටියේ ජයග්‍රහණය ලැබුවේ දස්කම් නිර්භීතකම් නිසාම පමණක් නොවෙයි. මේ රට එක්සේසත් කරපු දුටුගැමුණු මහ රජතුමා ඓතිහාසිකව අපට හඳුන්වා දීපු උදාර මානුෂීය සම්ප්‍රදායන් ඉතිහාසය පුරාම වගේම අදත් අපි අනුගමනය කරන නිසායි.

    හාමුදුරුවනේ,

    අපි එදා වාගේම අදත් යුද්ධ කළේ නිදහස සහ රටේ ආරක්ෂාව වෙනුවෙන් පමණයි. දුටුගැමුණු රජතුමා කිව්වා “මාගේ මේ ව්‍යායාමය රජ සැප පිණිස නොව, බුදු දහමේ චිරස්ථිතියත් ජාතියේ ආරක්ෂාවත් පිණිසයි” කියලා. එදා යුද්ධ කර අවසාන වුණ වහාම ආයුධ අතහැරියා. සතුරාගෙත් නිදහසේ ජීවත් විමේ අයිතිය ආරක්ෂා කළා. ඒ වගේම කාටත් සමාව දීලා සියලු වේදනාවන් අමතක කළා.

    යුද්ධෙ ඉවර වුණාම කොටු පවුරු බැන්දෙ නෑ. බැන්දේ මහා වැව්, බැන්දෙ දාගැබ්. අපිත් කළේ එහෙමයි.
    යුද්ධෙ ඉවරවුණ ගමන්ම අපි රණවිරුවන් වෙනුවෙන් රණවිරු මහා සෑයක් හදන්න මුල් ගල තිබ්බා. මට මතකයි ඇතැම් සේනාංක යුද්ධෙ ඉවර වුණ ගමන්ම කාලතුවක්කු උණ්ඩ තලලා ඒවායින් බුදු පිළිම හදලා පූජා කළා. දස දහස් ගණන් තරුණයන් පුනරුත්ථාපනය කරලා නිදහස් කළා.

    හාමුදුරුවනේ,

    මේ සෑය විවෘත කරන මොහොතේ අපේ රටේ එදා තිබුණ මරණ බිය ගැන මතක් කරන්න ඕනෑ. 1984 ඩොලර් ෆාම්, කෙන්ට් ෆාම්, කෝකිලායිවලට ගහලා 91ක් මරලා අපේ ඓතිහාසික රාජධානිවල ගම්වලට මරණ බය ගෙනාවා. එයින් පස්සේ අපේ රටේ මායිම් ගම්මාන කියලා ජාතියක් ලංකා සිතියමට එකතු වුණා. ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටවපු නිසා මේ පළාතට කිව්වේ “පිහිටි රට” කියලා. වැඩිකල් නොගිහින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පාමුලටත් ඒ මරණ බය ගෙනාවා. එදා ශ්‍රී මහා බෝධිය ළඟ සිල් ගත්තු උපාසක උපාසිකාවෝ 120ක් ඝාතනය කරලා යන ගමන් විල්පත්තුවේ ගම්මානවල 81ක් ඝාතනය කරගෙනයි ත්‍රස්තවාදීන් ගියේ. ඊළඟට ත්‍රිකුණාමල, මොරවැව, මහදිවුල් වැව, මැදිරිගිරිය, පල්ලිය ගොඩැල්ල, හොරොව්පතාන, ජානකපුර, ජයන්තිපුර, වැලිඔය, අම්පාර, උහන, කල්මුණේ, සියඹලාණ්ඩුව, මොරවැව වාගේම මොනරාගල සීමාවේ ඇතිමලේ දක්වාම ගම්වල මිනිස්සුන්ව කැති ගහලා මරා දැම්මා.
    කොළඹ බස් නැවතුමෙන් පටන් අරන් මහ බැංකුවේ දෙහිවල දුම්රිය පොළේ බෝම්බ පුපුරවලා පටන් ගත්ත ගමන 2009 දී දකුණේ මාතර අකුරැස්සෙත් බෝම්බ පුපුරවලා පිරිසක් මරා දැමූ බව ඔබට මතක ඇති.

    හාමුදුරුවනේ,

    ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා වාගෙම සෑම ජනාධිපතිවරයෙක්ම මේ ප්‍රශ්නය විසඳා ගන්න උත්සාහ කළා.

    ජේ.ආර්. ජයවර්ධන තිම්පුවල වට මේසේ සාකච්ඡා පැවැත් වූවා මතක ඇති. පලක් වුණේ නැති නිසා ජේ.ආර්. ඉන්දු – ලංකා ගිවිසුමක් ගහලා ඉන්දියානු හමුදාව ගෙනල්ලා උතුර භාර දුන්නා. අපේ හමුදා බැරැක්කවලට සීමා කළා. හමුදාව කඳවුරෙන් එළියට යනවානම් ඉන්දියන් හමුදාවෙන් අවසර ගන්න තැනට පත් කළා. මේ කවුරුත් එදා අපේ ත්‍රිවිධ හමුදාව ගැන, එහි ශක්තිය ගැන විශ්වාස කළේ නෑ.

    එයින් පස්සේ ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලේ ගුවනින් කොටි නායකයන්ව කොළඹට ගෙනල්ලා සාකච්ඡා කළ බව ඔබට මතකයි. පොලිසියේ 800ක් යටත් කරවලා පාවා දුන්නා. ඒ විතරක් නොවෙයි එල්ටීටීඊයට ආයුධ පවා දුන්නා. ඒ ආයුධත් අන්තිමට එසවුනේ අපේ සෙබළුන්ටමයි. කමල් ගුණරත්න මැතිතුමා දන්නවා ඇති. අවසානයේදී එතුමාවත් මහ මග මරා දැම්මා.

    ඊළඟට චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ කාලෙ සුදු නෙළුම, තවලම වාගේ වැඩසටහන් කරලා ඔස්ලෝ නුවර ගිහින් මේ ප්‍රශ්නය නිරාකරණය කර ගන්න සාකච්ඡා කළා. මට මතකයි ඒ කාලේ රණවිරුවන් කියන වචනය අයින් කළා. රණවිරුවන්ට රජයේ ආරක්ෂක සෙබළුන් කියන වචනය පාවිච්චි කළා. රණවිරුවන්ට ගරු කිරීම සාමයට බාධාවක් කියලයි හිතුවේ. නමුත් එතුමියටත් බෝම්බ ගැහුවා. බෝම්බ ගහලා එතුමියවත් අඩපණ කළා.

    ඊළඟට පස්සේ ආවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කාලේ එල්ටීටීඊය එක්ක සාකච්ඡා කරලා සටන් විරාම ගිවිසුමකට එතුමා ගියා. එල්ටීටීඊ පාලනයට වෙනම ප්‍රදේශ වෙන් කරලා දුන්නා. නෝර්වේ රාජ්‍යය සටන් විරාම ගිවිසුමේ නිරීක්ෂකයො හැටියට පත් කළා. අපේ හමුදාව කඳවුරුවලට සීමා කළා. ත්‍රස්තවාදීන් කඳවුරු ඉදිරියට ඇවිත් උසුළුවිසුළු කරන කොට අපේ සෙබළුන්ට ඒ නින්දාවල් උසුලාගෙන ඉන්න වුණු බව ඔබ දන්නවා. මේ කාටවත් අපේ ආරක්ෂක හමුදා ගැන විශ්වාසයක් තිබුණේ නෑ.

    මට මතකයි අගමැති හැටියට මම උතුරට යන්න හදනකොට උතුරට යන්න නම් එල්ටීටීඊයේ අවසර ගන්න ඕනයි කියලා නෝර්වේ සටන් විරාම නිරීක්ෂණකයෝ මට කිව්වා. රටක එහා මෙහා යන්න අගමැතිටත් අවසර ගන්න වෙනවා නම් ඒක වෙනම රටක්.

    මම එදා හිතුවා කාගෙන්වත් අවසර අරගෙන මගෙ රටේ යන්න මට ඕනෑ නෑ, කවදාහරි නිදහසේ මම උතුරට යනවා කියලා මම එදා කිව්වා.

    අපේ රටේ ජනතාවගේ දරුවන්ගෙන් හැදුනු ආරක්ෂක හමුදාව ගැන ලොකු විශ්වාසයක් අපට තිබුණා. එවකට ආරක්ෂක ලේකම් හැටියට කටයුතු කළේ වර්තමාන ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. එතුමා ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ ද සහය ඇතිව ආරක්ෂක අංශය නිවැරදිව මෙහෙයවමින් රටට සාමය උරුම කිරීමේ වගකීම ඉටුකිරීමට දායක වුණා.

    රටක ආරක්ෂක හමුදාව ගැන විශ්වාසය නැතිනම් ඒ රටේ ජාතික ආරක්ෂාව අහිමි වෙනවා කියලයි හැමෝම විශ්වාස කරන්නේ. ඒ වාගේමයි අපේ හමුදාව අමතක කරලා විදෙස් හමුදා, විදෙස් මැදිහත්වීම්වලට ඉඩ දුන්නා නම් තවමත් අපේ රටේ ලේ ගලා යනවා.

    හාමුදුරුවනේ,

    මේ සඳහිරු සෑයෙන් සිහිපත් කරන රණවිරුවන් ඉටුකළ මානුෂීය මෙහෙවර මෙතෙක් අපේ ඉතිහාසයේ නිදහස සඳහා කළ සියලු යුද්ධවලට වඩා ඉතා අසීරු එකක් කියලයි මම හිතන්නේ. මට මතකයි එල්.ටී.ටී.ඊ.යට එරෙහිව යුද්ධය පටන් ගන්න කළින් මම එංගලන්තයේ එවකට සිටි අගමැතිවරයා හමුවුණ මොහොත.

    එල්ටීටීඊය නිරායුධ කරලා රටට සාමය ගේන්න ඕනෑ බව මම කිව්වහම ඔහු කිව්වා ඒක කරන්න පුළුවන් කියලා එයා නම් හිතන්නේ නෑ කියලා. ඒකට කාරණා කීපයක් එතුමා මට කිව්වා. එතුමා එදා කිව්වා දැනටමත් මේ ප්‍රශ්නය ජාත්‍යන්තරයට ගෙනිහින් ඉවරයි.

    සටන් විරාම ගිවිසුමක් ගහලා ඊට ජාත්‍යන්තර වශයෙන් රටවල් රාශියක් මැදිහත් කරගෙන ඉවරයි. දැන් එයින් ගැලවෙන්න අපිට බෑ කියලා. දෙවැනි කාරණය හැටියට කිව්වේ දැනටමත් එල්.ටී.ටී.ඊයට වෙනම පාලන ප්‍රදේශ තියෙනවා, වෙනම බැංකු තියෙනවා, වෙනම මුදල් තියෙනවා. වෙනම පරිපාලන ක්‍රමයක් තියෙනවා, ඒවා කරනතුරු අපේ ආණ්ඩු බලාගෙන ඉඳලා තියෙනවා. දැන් ඒවාට කරන්න දෙයක් නෑ කියල කිව්වා.

    ඊළඟට එල්ටීටීඊයට මරාගෙන මැරෙන සටන්කරුවො ඉන්නවා. මිසයිල, කාලතුවක්කු තියෙනවා. නැව්, ප්‍රහාරක නාවික යාත්‍රා, ගුවන් යානාත් තියෙනවා. ඒවාට මුහුණ දෙන්න ඔබට පුළුවන්ද කියන ප්‍රශ්නය මගෙන් එංගලන්ත අග්‍රාමාත්‍යවරයා එදා ඇහුවා.

    හාමුදුරුවනේ,

    ලෝකෙම එහෙම කියද්දිත් අපේම ජනතාවගේ දරුවන් වූ අපේ රණවිරුවො ගැන අපට ලොකු විශ්වාසයක් තිබුණා. අපේ රණවිරුවෝ කළේ අසමසම කැප කිරීමක්. අපි එදා ලෝක බලවතුන් අත්සන් කළ සටන් විරාම ගිවිසුමත් ඉරා දැම්මා. අපේ රණවිරුවන්ට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කර තිබුණ යෝජනාවේ සම අනුග්‍රාහකත්වයෙන් දැන් ඉවත් වෙලා තියෙනවා. අපි දන්නවා මේවායේ බලපෑම දැන් අපිට එරෙහිව එනවා කියලා. නමුත් අපිට සියල්ලට වඩා වටින්නේ අපේ නිදහස.

    හාමුදුරුවනේ,

    තමන් ජීවත් වෙන බිමේ නිදහස බුදුහාමුදුරුවොත් අගය කළා නේද හාමුදුරුවනේ. කැට කුරුල්ලා කියන පුංචිම කුරුල්ලාටත් ඌට උරුමයෙන් ලැබුණ කැදැල්ලේ නිදහසේ ජීවත් වෙන්න අයිතිය තියනවා. ගොවියො පස පෙරළන කොට, ඒ පස් පිඩැල්ල යට තියෙන පුංචි ඉඩේ තමයි කැට කුරුල්ලා ඉන්නේ. කැට කුරුල්ලා එළිමහනේ ඉන්නකොට ඌව අල්ලගන්න උකුස්සො, ගිජුලිහිණි වේගයෙන් පියාසරාගෙන පොළොවට එනවා. නමුත් කැට කුරුල්ලා පස් පිඩැල්ල යට තියෙන පුංචි ඉඩේ තියෙන කූඩුවට ගියාම ඌව අල්ලන්න ගිජුලිහිණියාටත් බෑ. උපන් බිමේ ආරක්ෂාවත් නිදහසත් ඒ වාගෙයි.

    හාමුදුරුවනේ,

    ලේ ගංඟා නතර කරලා, මරණ බිය තුරන් කරලා, අපේ රට අභයභූමියක් කළ රණවිරුවන් වෙනුවෙන් මේ සඳහිරු සෑය හදලා ප්‍රාර්ථනා කරන්නේ අනාගතයේ කිසිදාක එවැනි සිදුවීම් සිදු නොවේවා! යි කියලයි.

    අපේ රට මොන තරම් පුංචි වුණත් අපිටත් අපේ රටේ ජීවත් වෙන්න නිදහස තියෙන්න ඕනෑ. අපේ රටේ නිදහස වෙනුවෙන් කැප වූ රණවිරුවන්ගේ ආරක්ෂාවත්, ජීවිත පරිත්‍යාගයෙන් රණ විරුවන් අපට උරුම කළ නිදහසත් රැක ගැනීම, අපේ නායකයොත් අනාගතේ පහළ වෙන නායකයොත් භාර ගන්න ඕනෑ බව සඳහිරු සෑය හමුවේ මම ඉල්ලා සිටිනවා.

    ඔබ සැමට තෙරුවන් සරණයි!” යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

    මරණ පරීක්ෂකවරුන්ගේ සේවා කාලය දිගු වෙයි

    0

    මේ වනවිට ස්ථිර හා තාවකාලික පදනමේ සේවයේ යෙදී සිටින මරණ පරීක්ෂකවරුන්ගේ සේවාකාලය ලබන දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

    එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ කොවිඩ්-19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන අධිකරණ අමාත්‍යවරයා විසින් මෙම තීරණය ගෙන ඇති බවයි.

    ඒ අනුව වයස අවුරුදු 70 සම්පුර්ණ වු හෝ සම්පූර්ණ වීමට නියමිත හදිසි මරණ පරීක්ෂකවරුන්ට තවදුරටත් සේවය කිරීමට හැකියාව පවතියි.

    පාසල් සියල්ල ඇරෙද්දී සිසු සැරියෙන් බස්රථ 1400ක්

    0

    හය ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා සිසුන් සඳහා පාසල් යළි විවෘත කිරීමත් සමඟ
    සිසු සැරිය බස් රථ 1400ක් එක් කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.

    ලබන 22වැනිදා සිට මෙම බස්රථ ධාවනයට එක්කෙරෙන බව එහි අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා සඳහන් NewsWave වෙත අද (18) දින සඳහන් කළේය.

    සඳහිරු සෑය නිල වශයෙන් භාරදීමේ සන්නස ජනපතිට

    0

    තිස් වසරක ත්‍රස්තවාදයෙන් මාතෘ භුමිය මුදාගැනීමට දිවිහිමියෙන් කැපවු රණවිරුවන් සිහිකරමින් ඉදිකල සඳහිරු සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ වැඩ අවසන් කළ බවට නිල වශයෙන් දැනුම් දීමේ සන්නස කියවා ජනාධිපතිවරයා වෙත එම සන්නස ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා විසින් භාරදීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය.

    දැන් මෙම සෑය සඟසතු කෙරෙන පුණ්‍යවන්ත මොහොත උදාවී තිබේ.

    ජාතික ළමා ආරක්ෂක අධිකාරියට නව සභාපතිවරයෙක්

    0

    ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ පත්කර තිබේ.

    මහාචාර්ය මුදිත විදානපතිරණ මහතාගේ ඉල්ලා අස්වීමෙන් ඇතිවුණු පුරප්පාඩුවට මෙම පත්කිරීම කර ඇත.

    ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සමග ඇතිවුණු මත ගැටුමක් හේතුවෙන් මුදිත විදානපතිරණ මහතා ඉල්ලා අස්වූ බව කියැවිණි.

    තමාගේ වේගයට ගමන් කළ හැකි පුද්ගලයන් ආයතනවල සිටිය යුතු ඒ සම්බන්ධයෙන් කළ විමසුමේදී රාජ්‍ය ඇමති පියල් නිශාන්ත මහතා මාධ්‍ය වෙත අවධාරණය කළේ.

    සඟසතු කෙරන සඳහිරු සෑය

    0

    දසක තුනකට ආසන්න කාලයක් පුරා පැවති යුද්ධයෙන් මාතෘ භුමිය මුදාගැනීමට දිවිහිමියෙන් කැපවු රණවිරුවන් සිහිකරමින් ඉදිකල සඳහිරු සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේ මහ සංඝරත්නයට පුජාකිරීමේ උත්සවය අද දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

    2010 වර්ෂයේ නොවැම්බර් 22 වෙනිදා මුල්ගත් තබා ඉදිකිරිම් කටයුතු ආරම්භ කළ මෙම චෛත්‍ය පොළොව මට්ටමේ සිට අඩි 283ක් උසකින් යුක්තය. එය ගොඩනගා ඇත්තේද පොළොව මට්ටමේ සිට අඩි 45ක් යට සිටය.

    මෙම චෛත්‍යට ”රණවිරු සෑය” යන නම මුලින් ඊට යෙදීමට තීරණය කෙරුණද, සඳ හිරු පවතිනා තුරු විරාජමානව පවතිනු ඇතැයි යන සංකල්පයෙන් පදනම්කරගනිමින් පසුව එය සඳහිරු සෑය ලෙස නම්කරනු ලැබීය.

    පසුගිය 8 වැනිදා පෙරවරු 9.53 ට යෙදුණු සුබ මුහුර්තයෙන් මහා සංඝ රත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මැද සඳහිරු සෑ රඳුන් මත චූඩාමාණික්‍ය තැන්පත් කෙරිණි. එහි කොත්වහන්සේ දිවයිනේ ගමන් නගරයක් පාසා රැගෙන යමින් ජනතාවට දැකබලාගෙන වන්දනාමාන කිරීමටද රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය විසින් අවස්ථාවක් උදාකර දී තිබුණි.

    සඳහිරු සෑයේ විෂ්කම්භය අඩි 255 ක් වන අතර වට ප්‍රමාණය අඩි 801 කි.

    ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකාය පූර්ණ ශ්‍රම දායකත්වයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හා ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවේ සහය ඇතිව සඳහිරු සෑයේ ඉදිකිරීම් සිදු කෙරුණේ, ශ්‍රී ලාංකික ඉංජිනේරු තාක්ෂණය පදනම්කරගෙනය. .

    “මේ සෑයේ අපි නිදන් කරලා තියෙනවා කපිල වස්තුපුරයෙන් ලැබුණු ධාතූන් වහන්සේලා කිහිපනමක්. ඒ වගේම සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කරලා තියෙනවා. ත්‍රිපිටකය රත්‍රං පත්තිරුවල ලියවලා රන් පත්තිරු ධාතු ගර්භයේ අපි නිදන්කරලා තියෙනවා. ඒ වගේම කිලෝ 8ක් බරුති දඹ රත්‍රංවලින් කරපු බුදුපිළිම වහන්සේ නමකුත් අපි තැන්පත් කරලා තියෙනවා." ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කළේය.

    රියදුරු බලපත්‍ර ලබාගැනීමේ ලිඛිත පරීක්ෂණය විභාග දෙපාර්තමේන්තුවට

    0

    රියැදුරු බලපත්‍රය ලබා ගැනීමේදී පැවැත්වෙන ලිඛිත පරීක්ෂණය විභාග දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ සිදුකිරීම කෙරෙහි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබේ.

    එළඹෙන වසරේ සිට එය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව මෝටර් රථ කොමසාරිස් කාර්යාලයේ උසස් නිලධාරියෙක් සදහන් කළේය.

    අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීමෙන් පසු විශාල පිරිසක් රියැදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා ඉල්ලුම් කෙරන බැවින් ඒ ගැන සලකා බලා මෙම තීරණය ගෙන ඇති බවද එම නිලධාරියා කීය.

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-11-18

    0
    හම්බන්තොට වරාය විවෘත කරන ලද්දේ 2010 නොවැම්බර් 18 වන දිනයි
    හම්බන්තොට වරාය විවෘත කරන ලද්දේ 2010 නොවැම්බර් 18 වන දිනයි

    හම්බන්තොට වරාය විවෘත කරන ලද්දේ 2010 නොවැම්බර් 18 වන දිනයි

    අගමැති මහින්ද ගැන ජනපති තැබූ සටහන

    0
    Sri Lakan President Gotabaya Rajapaksa (R) swears in his elder brother Mahinda Rajapaksa (L) as Sri Lanka's new Prime Minister at the sacred Kelaniya Raja Maha Buddhist temple, outside the capital Colombo on August 9, 2020. - Sri Lanka's ruling Rajapaksa brothers won an unprecedented two-thirds majority at the August 5 parliamentary elections that allowed them to rewrite the constitution and increase their power. (Photo by Ishara S. KODIKARA / AFP) (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ 76 වන ජංගම දිනය අදයි. ඒ වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ෆේස්බුක් සටහනක් තබා තිබේ.

    එම ෆේස්බුක් සටහන මෙසේය.

    “කුඩා කල සිට ම ඔබ ඇසුරෙහි හැදී වැඩුණු අපට ඔබේ මානව හිතවාදී ඇවතුම්පැවතුම් අරුමයක් නොවේ.

    එදාමෙදාතුර සුවහසක් ජනයාගේ සාතිශය ගෞරවාදරයට පත් ව ඇත්තේ ඔබ තුළ ඇති ජනහිතකාමීත්වය නිසා යැයි කීම අතිශයෝක්තියක් ද නොවේ. එවන් යුග පුරුෂයෙකුගේ ගුරුහරුකම් ලැබීම ද මා ලද භාග්‍යයකි.

    ලාංකේය දේශපාලනයේ නො මැකෙන සලකුණක් තැබූ විශිෂ්ටයාණෙනි, සටන්කාමියාණෙනි, මගේ දයාබර සොයුරාණෙනි, ඔබට සුබ ජන්ම දිනයක් වේවා!”

    තෙල්දෙණිය අධිකරණ රෙජිස්ට්‍රාර්වරිය 10,000ක් ගන්නකොටම අල්ලයි

    0

    විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙකුගෙන් රුපියල් 10,000 ක අල්ලසක් ලබාගන්නා අවස්ථාවේදී තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගත්තේය.

    අධිකරණ නියෝග මත දේපල තහනම් කිරීමේ වෙන්දේසියක් කඩිනමින් සිදුකිරීමට මෙම අල්ලස් මුදල ඉල්ලා ඇතැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සදහන් කරයි.

    තෙල්දෙණියේ පිහිටි ඇගලුම් සාප්පුවක් ඉදිරිපිට මාර්ගයේදී අදාල අල්ලස් මුදල අද සවස ලබාගන්නා අවස්ථාවේදීම ඇයව අත්අඩංගුවට ගෙන තිබේ.

    ඇය කටුගස්තොට පදිංචි තැනැත්තියකි.

    මනෝ ගනේෂන්ටත් කොවිඩ්

    0

    සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතාට ද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
    ඒ මහතා මේ වන විට ප්‍රතිකාර සදහා යොමුවී ඇත.

    ලොව වඩාත්ම බලගතු පර්යේෂකයන් කිහිපදෙනා අතරට ශ්‍රී ලාංකික මහාචාර්යවරියක්

    0

    ලොව වඩාත්ම බලගතු පර්‍යේෂකයන් කිහිප දෙනා අතරට මෙවර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මියගේ නමද ඇතුළත් වී තිබේ.

    ලොව විශාලතම විද්‍යාත්මක පර්යේෂණ දත්ත එකතුවක් සහිත ආයතනයක් වන ‘ක්ලැරිවේට්’ (Clarivate™) මගින් සෑම වසරකම ප්‍රකාශයට පත්කරන ලොව වඩාත්ම බලගතු පර්යේෂකයන්ගේ මෙම ලැයිස්තුවට ශ්‍රී ලාංකිකයකු ඇතුළත් වූ පළමු අවස්ථාව මෙය ලෙස වාර්තා වේ.

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පාරිසරික විද්‍යාව ආශ්‍රිත පර්යේෂණාගාර මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරිය ලෙස ද මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය කටයුතු කරයි.

    2021 දී, පර්‍යේෂණ ක්‍ෂේත්‍ර 21ක සහ විවිධ ක්‍ෂේත්‍ර හරහා, ලොව පුරා පර්‍යේෂකයින්ගෙන් 6,700කට අඩු හෝ සමස්ථ පර්‍යේෂකයින්ගෙන් 0.1% ක් පමණ මෙම සුවිශේෂී ගෞරවය ලබා ගෙන ඇත.

    මේ පිළිබඳව අදහස් දක්වමින් මහාචාර්යවරිය මේ බව සඳහන් කළාය.

    “තවත් එක් විශිෂ්ට ජයග්‍රහණයක්!

    මා දන්නා පරිදි ශ්‍රී ලාංකිකයෙකු මෙම ලැයිස්තුවට ඇතුළු වූ පළමු අවස්ථාව මෙය විය යුතුයි.

    සෑම වසරකම, Clarivate™ විසින් ලොව වඩාත්ම බලගතු පර්‍යේෂකයන් කිහිප දෙනා හඳුනා ගනු ලබන්නේ පසුගිය දශකය තුළ සමියුරු පර්‍යේෂකයන් විසින් ඔවුන්ගේ පර්‍යේෂණ පත්‍රිකා වැඩිම වාර ගණනක් උපුටා දක්වන ප‍්‍රමාණය අනුවයි.
    2021 දී, පර්‍යේෂණ ක්‍ෂේත්‍ර 21ක සහ විවිධ ක්‍ෂේත්‍ර හරහා, ලෝකයේ පර්‍යේෂකයින්ගෙන් 6,700කට අඩු හෝ සමස්ථ පර්‍යේෂකයින්ගෙන් 0.1% ක් පමණ මෙම සුවිශේෂී ගෞරවය ලබා ගෙන ඇත.
    ලොව පුරා සිදුවන විද්‍යාත්මක පර්යේෂණ පිළිබඳ දත්ත එක්රැස් කරන අන්තර්ජාල සේවාවක් වන Web of Science හි ඇතුලත් දත්ත මඟින් වැඩිම උදෘත ගනනකට හිමිකම් කියන පර්යේෂණ සිදුකල පර්යේෂකයින් 1% ක් පමණක් ඇතුලත් වන මෙම කණ්ඩායම තුල මාගේ නමත් ඇතුලත් වීම ගැන මා අතිශය සතුටට පත්වෙනවා.

    විවිධ ක්‍ෂේත්‍ර වල පරීක්‍ෂණ සඳහා සුවිශේෂී පර්‍යේෂණ බලපෑම් ඇතිකිරීමට ඉවහල්වූ සහ වැඩිම උපුටා දැක්වීම් කළ පරීක්‍ෂණ පත්‍රිකා හිමි විශිෂ්ට පර්‍යේෂකයින් 1% තුළ අතර මා ද ශ්‍රේණිගත වී සිටීමට ලැබීම උදක්ම සතුට ගෙනදෙන්නකි.
    මෙම ජයග්‍රහණය දක්වා වන මාගේ ගමනේදී මට ධෛර්‍යය ශක්තිය සහ මඟපෙන්වීම ලබා දුන් මගේ ගුරුවරුන්ට, උපදේශකයින්ට, අනුග්‍රහය ලබා දුන් සංවිධානවලට, ජාතික සහ ජාත්‍යන්තර සහයෝගිතාකරුවන්ට, අනධ්‍යයන සහායක කාර්ය මණ්ඩලයට සහ මා සමඟ පර්යේෂණ වල නියැළුන සිසුන්ට මාගේ හදපිරි ස්තූතිය පුදකරන්නත් මා අමතක කරන්නෙ නැහැ.
    මගේ පර්‍යේෂණ දිගටම කරගෙන යාමට ඇත්තේ container එකක ස්ථාපිත කෙරුණු විද්‍යාගාරයකි. එය ලබා දීම වෙනුවෙන් Prof. Sampath Amaratunge මහතාට ස්තූතිය පළකරමි. කෙනෙහිලි, ගැරහුම්, නින්දා, අවලාද මැද අප කරන පර්යේෂණ වලට දේශීය වශයෙන් නිසි පිලිගැනීම නොලැබුනත් ජාත්‍යන්තර වශයෙන් එම පිළිගැනීම හිමිවීම ගැන ගොඩාක් සතුටුයි. මම මගේ වෘත්තීය ජීවිතය තුළ මේ මට්ටමට පැමිණීමට බොහෝ දුෂ්කර කාලපරිච්ඡේදයන් පසුකර තිබුනද​, එහි ප්‍රතිඵල ලැබී තියෙනවා…!” යැයිද මහාචාර්යවරිය සිය ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් පැවසුවාය.

    “මේ දැනුත් ඉන්ධන තොගයක් ගොඩබානවා – දැනටත් මාසෙකට ඇති” – ගබඩා පර්යන්ත සභාපති

    0

    මෙරට මේ මොහොත වනවිටත් මාසයකට පමණ ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් හිඟයක් ගැන අනවශ්‍ය ලෙස කලබල නොවන ලෙස ශ්‍රී ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති මොහොමඩ් උවයිස් මහතා පවසයි.

    අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සභාපතිවරයා කියාසිටියේ රට මේ මොහොතේත් ඉන්ධන තොගයක් ගොඩබාමින් සිටින බවත් ඉන්ධනවල කිසිම අඩුවක් නොමැති බවයි.

    “ඉන්ධන වල කිසිම අඩුවක් නෑ, ඒ නිසා නිකන් කලබලවෙලා ඉන්ධන පිරවුම්හල් වටලන්න එපා. මම බොහොම වගකීමෙන් කියනවා රටට අවශ්‍ය ඉන්ධන මේ මොහොතේ අපේ ගබඩාවන්වල තියෙනවා. ඊට අමතරව මම මේ කතා කරන මේ මොහොතේත් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් ගොඩබාමින් සිටිනවා අපේ මුතුරාජවෙල. ඊට අමතරව හෙට පෙට්‍රල් මෙට්‍රික් ටොන් 36,000ක් අපි ගෙන්වා ගන්නවා. 19 වනදා නැවතත් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් ගෙන්න ගන්නවා. ඒ අනුව වගකීමෙන් කියනවා ඉන්ධනවල කිසිදු අඩුවක් නෑ.

    සාමාන්‍යයෙන් ඉන්ධන පිරවුම්හල්වලින් මිලදී ගන්නේ දවසකට හෝ දෙකකට අවශ්‍ය ඉන්ධන තොග. මේ මොහොතේ ඔක්කොම වටලලා ඕක ගහගත්ත ගමන් ඒගොල්ලෝ ඇනවුම් කරනතුරු ඉන්ධනවල පොඩි අඩුවීමක් තියෙනවා. ඒ නිසා මිනිස්සු ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්වල ඉන්නවා. ඇනවුම් කරපු ඒවයි, ගබඩාවල ඇති ඉන්ධනයි එකතු කරාම මාසෙකට වගේ ඉන්ධන තියෙනවා. සපුගස්කන්දෙන් අපි සියයට 5ක් 10ක් පමණ බෙදාහැරීම් කළා. සපුගස්කන්ද වැසීමත් සමඟ එම සියලුම බෙදාහැරීම් මේ මොහොතේ කොළොන්නාව සහ මුතුරාජවෙල පර්යන්තවලට ගෙන්වාගෙන බෙදාහැරීම් කටයුතු සිදුකරනවා.

    පෙට්‍රල් ෂෙඩ් එකකින් අපිට ඇනවුම් කළහොත් පැය 24 ක් ඇතුලත එම තොග බෙදාහැරීමට කටයුතු කරනවා ඒක අපේ වගකීමක්. ලෝඩ් දෙකක් බාන ෂෙඩ්වල මේ කලබලේත් එක්ක 4ක් 5ක් දානවා. ඉතින් ඒවා ඔක්කොම අපි ලබාදෙනවා කිසිම අඩුවීමකින් තොරව. ජනතාව නිකන් කලබල වෙලා තියෙන්නේ. පෙරේදා නැතිවෙනවා කිව්වා, ඊයේ නැතිවෙනවා කිව්වා, අද නැතිවෙනවා කිව්වා, කිසිම අඩුවීමක් නැතුව මේ වෙනකොට ඉන්ධන බෙදාහැරීම සිදුකරනවා.”

    පොකුරු හදන රැස්වීම් තියලා රටේ කොවිඩ් මඬින්න බෑ – සෞඛ්‍ය බලධාරීන්

    0

    සමගි ජන බලවේගය විසින් ඊයේ දිනයේ කොළඹදී දැවැන්ත විරෝධතාවක් පැවැත්වූ අතර කොවිඩ් වසංගතය පවතින මෙවන් අවස්ථාවක මෙවැනි රැස්වීම් මගින් කොවිඩ් අලුත් ප්‍රභේද නිර්මාණය වන, විශාල ලෙස වෛරසය පතුරුවන බවට ‍සෞඛ්‍ය බලධාරීහු අවධාරණය කරති.

    රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය සහ බෝවන රෝග, වසංගත රෝග විද්‍යාඥ සුනෙත් අගම්පොඩි මහතා පවසන්නේ මෙවැනි ආකල්ප සමඟ, වසංගතය නිසැකවම අවසන් නොවන බවයි.

    “වගකිවයුතු විපක්ෂ නායකයන් වන්න” යැයි ද ඔහු සිය සමාජ ජාල ගිණුමක සටහන් කර තිබුණි.

    පනාමුරේ පොලිස් සිරමැදිරියේදී පුද්ගලයෙක් මිය ගියාට පොලීසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම්

    0

    පනාමුරේ පොලිස් ස්ථානයේ සිරමැදියක් තුළ දී පුද්ගලයෙක් එල්ලී මියයාම සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් තුනක් යොදවා පුළුල් විමර්ශනයක් පවත්වන බව රත්නපුර දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ල මහතා සදහන් කළේය.

    මිය ගිය පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ පවුල් ආරවුලක් මත සිදුවූ පහරදීමක් ගැන පොලීසියට ලද පැමිණිල්ලකට අනුව බවත් ඔහු අද අලුයම් කාලයේදී සිරමැදිරියේ එල්ලී මිය ගොස් ඇති බවත් නාගහමුල්ල මහතා පැවසීය. සිිරමැදිරියේ රදවා සිටි පුද්ගලයෙක් එල්ලී මිය යන තුරුම එය නොදැක සිටීම සම්බන්ධයෙන් එම අවස්ථාවේ රාත්‍රී රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කළ බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

    මෙසේ පොලිස් සිරමැදිරිය තුළ මෙසේ මියගොස් ඇත්තේ නාමුර, වැලිපොත යාය පදිංචිකරුවෙකු වූ 38 හැවිරිදි තිදරු පියෙකුය. එම පුද්ගලයාගේ මියයෑම මුල්කරගෙන පොලිසීය ඉදිරිපිට ප්‍රදේශවාසීන් විරෝධයකද නිරත විය. ඔවුන් චෝදනා කරනුයේ පොලිස් පහරදීමක් එම මරණයට මුල්වී ඇති බවය.

    උද්ඝෝෂණයට පැමිණි කිසිවෙකුටත් පහරදී මරාදමා නැතැයි පොලිස් ඇමති අවධාරණය කරයි

    0
    sarath weerasekara

    සමගි ජන බලවේගය විසින් සංවිධානය කළ උද්ඝෝෂණයට සහභාගිවූ පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පහරදී මරා දමා ඇතැයි එල්ලවන චෝදනාව මහජන ආරක්ෂක ඇමති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අද තරයේ ප්‍රතික්ෂේප කළේය.

    ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කරුණු දැක්වීමක්ද කළේය.

    එම කරුණු දැක්වීම මෙසේය.

    “විරුද්ධ පක්ෂය විසින් ඉතාමත් බරපතල චෝදනාවක් කළා ඊයේ උද්ඝෝෂණයට සහභාගී වෙච්ච කෙනෙක්ව අත්අඩංගුවට අරගෙන පොලීසිය පහරදීලා මාරා දාලා කියලා. ඒක සම්පූර්ණ අමූලික බොරුවක්. මේ පුද්ගලයාගේ නම ඉන්දික ජයරත්න, ඔහුගේ වයස අවුරුදු 37 යි. ඔහුගේ පදිංචිය වැලිගේ යාය, පනාමුරේ. මොහු මත්ද්‍රව්‍ය වලට ඉතාම දැඩි ලෙස ඇබ්බැහි වූ කෙනෙක්. ඔහු නිතරම බිරිඳට සහ දරුවන්ට පහර දෙනවා. ඒ ගැන බිරිඳගෙන් සහ දරුවන්ගෙන් විශාල පැමිණිලි තොගයක් ලැබිල තියෙනවා. 2021.11.12 වන දින ඔහුගේ දුව පැමිණිලි කරනවා. මේ පුද්ගලයාට විරුද්ධව. තමාට පොල්ලෙන් සහ අතින් පයින් ගහලා බරපතල තුවාල ඇති කළා කියලා. දුව ගිහිල්ලා රෝහල්ගත වෙනවා. එදා සිට මොහුව හොයනවා පොලීසියෙන්. මොහු හැංගෙනවා. ඊට පස්සෙ පොලිසිය ඔහුව අත්අඩංගුවට ගන්නේ ඊයේ රෑ 10.30 ට විතර. ඒ කියන්නෙ මේ පෙළපාලියට කිසිම සම්බන්ධයක් නෑ. පොලිසිය හොය හොය හිටිය කෙනාව පාන්දර ඔහුව අත්අඩංගුවට ගත්තට පස්සෙ පාන්දර 3.30 ට පමණ ඔහු තමාගේ ෂර්ට් එකේ කමිසයේ කූඩුවේ තියෙන කම්බියක ගැට ගහලා බෙල්ලෙ වැල දාගෙන මිය යන්න ඔන්න මෙන්න තියෙන කොට තමයි රාළහාමි දැකලා ඔහුව වහාම රෝහලට ගෙනියන කොට ඒ ගෙනියන අතරතුර මිය ගිහිල්ල තියෙන්නෙ. මේකට පෙළපාලියටවත්, උද්ඝෝෂණයටවත් කිසිම සම්බන්ධයක් නෑ. මේ පොලිසියට විරුද්ධව කරන මේ චෝදනාව අමූලික බොරුවක් කියලා මම මේ අවස්ථාවේ කියා සිටිනවා

    කොළඹ-නුවර මාර්ගයේ වැසු‍ණු තැනින් කොටසක් ඇරේ

    0

    පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දැමූ කොළඹ- මහනුවර ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් අද (17) දහවල් 12.00 න් පසුව විවෘත කෙරේ.

    මාර්ග සංවර්ධන අධිකාරිය මේ බව තහවුරු කළේය.

    නායයෑමේ අවදානමක් හේතුවෙන් දින කිහිපයක් මෙම මාර්ගය වසා දැමිණි.

    ඉන්දියාවේදී මියගියේ අංගොඩ ලොක්කා බවට DNAවලින් තහවුරුයි

    0

    ඉන්දියාවට පැනගොස් කොයිම්බතූර් හි සැඟවී සිටියදී හෘදයාබාධයකින් මියගියේ යැයි කියන පුද්ගලයා ශ්‍රී ලාංකික ජාවාරම්කරුවකු වන මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා බවට ඩීඑන්ඒ පරීක්ෂණයෙන් ඊයේ තහවුරු වී ඇතැයි එරට වාර්තා සදහන් කරයි.

    ඔහු ඉන්දියාවෙන් පිටවීම සඳහා ව්‍යාජ ලියකියවිලි යොදාගෙන විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට සැලසුම් කර ඇති බව ඉන්දීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ CID (CB-CID) විමර්ශනයෙන් අනාවරණය වී තිබේ.

    ප්‍රදීප් සිං නමින් කොයිම්බතූර් හි ජීවත් වූ අංගො ලොක්කාට ඩුබායි බලා යාමට අවශ්‍ය වූ බවට ඉන්දීය ආරක්ෂක අංශ සැක කරයි. නොවැම්බර් 13 වැනිදා ඉන්දීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බැංගලෝරයේදී අත්අඩංගුවට ගත් ඔහුගේ සමීපතමයෙකු වන චානුක ද ඉන්දියාවෙන් පිටව යාමට සැලසුම් කර ඇති බව විමර්ශනයට රහස්‍ය ආරංචි මාර්ග පවසා තිබේ.

    කෙසේ වෙතත්, 2020 ජූලි 3 වන දින මියයන තෙක් අංගොඩ ලොක්කා කොයිම්බතූර් හි චෙරන්මා නගර් අසල ශ්‍රී ලාංකික කාන්තාවක් වන අමානි තාන්ජි සමඟ සැඟවී සිටියදී නීති විරෝධී ක්‍රියාකාරකම්වල නිරත වූයේද යන්න ඉන්දීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවමත් තහවුරු කර නොමැත.

    ලොක්කා සහ චානුක මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටියේ ඉන්දියාවේ සැඟවී සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූයේ දැයි විමර්ශන නිලධාරීන් විසින් පරීක්‍ෂා කරන්නේ ඔවුන් දිවයිනේ මත්ද්‍රව්‍ය ජාවාරමක කොටස්කරුවන් වූ බැවිනි.

    “අංගොඩ ලොක්කා සහ චානුක යන දෙදෙනාම ඉන්දියාවේ නීති විරෝධී ලෙස රැඳී සිටීම සම්බන්ධයෙන් 2017 වසරේදී අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන් නීතිවිරෝධී යාත්‍රා මාර්ගයෙන් ඉන්දියාවට පැමිණ ඇති බවට විශ්වාස කෙරෙනවා. ඇප ලැබීමෙන් පසු දෙදෙනා නිදැල්ලේ සිටියා. ප්‍රතිවාදී කල්ලියක අත්අඩංගුවට ගැනීම් සහ තර්ජනවලට බියෙන් ඔවුන් නැවත ලංකාවට පැමිණීමට අවශ්‍ය වුණේ නෑ. ඔවුන්ගේ සැලසුම වූයේ ව්‍යාජ ලියකියවිලි යොදා ගනිමින් විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන ඉන්දියාවෙන් පිටවීමයි,” එහි නිලධාරියෙක් පැවසීය.

    එම නිලධාරියාට අනුව, ඉන්දීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බැංගලෝරයේදී අත්අඩංගුවට ගන්නා විට චානුකගෙන් පදනම් කාඩ්පත ඇතුළු ව්‍යාජ ලියකියවිලි සොයා ගන්නා ලදී. එලෙසම, ලොක්කා සතුව ප්‍රදීප් සිංගේ නමින් ආධාර් කාඩ්පතක් තිබූ අතර ඔහුගේ නාසයට ප්ලාස්ටික් සැත්කමක් කර ඇත.

    ඉන්දීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩි විස්තර අනාවරණය කර ගැනීම සඳහා තනනායකගෙන් සොයාගත් ජංගම දුරකථනය සයිබර් අධිකරණ පරීක්ෂණය සඳහා යවනු ඇත.

    ලොක්කා සහ ඔහුගේ සගයන් විසින් නීතිවිරෝධී ලෙස රැඳී සිටීම, ව්‍යාජ ලේඛන සකස් කිරීම සහ අවි ආයුධ සන්තකයේ තබා ගැනීම යන සැකය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම කෙරෙහි ඉන්දීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවල අවධානය යොමු වී ඇති බව එම නිලධාරියා පැවසීය.

    අමානි තන්ජි ප්‍රකාශ කළ පරිදි හෘදයාබාධයකින් ඔහු මිය ගොස් ඇති බවට නිගමනය කරමින්, පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ඉන්දීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුගේ මරණය සම්බන්ධයෙන් සැක කිරීම බැහැර කර තිබුණි.

    කෙසේවෙතත් ලොක්කාගේ ඩීඑන්ඒ සාම්පල රාජ්‍ය තාන්ත්‍රික මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාවෙන් ලබාගත් ඔහුගේ මවගේ සාම්පල සමඟ ගැලපීම නිසා අංගොඩ ලොක්කාගේ අනන්‍යතාව ද තහවුරු විය.

    චානුක සමඟ, නියෝජ්‍ය පොලිස් අධිකාරී පී. සිවකුමාර් ප්‍රමුඛ ඉන්දීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායම විසින් විදේශිකයාට නවාතැන් ලබා දීම සම්බන්ධයෙන් බැංගලෝරයේ පදිංච ටී. ගෝපාලක්‍රිෂ්ණන් (46) නොහොත් ජයපාල් අත්අඩංගුවට ගෙන ඇත.

    කොයිම්බතූර් හි ප්‍රධාන අධිකරණ මහේස්ත්‍රාත් එම්. සංජීව බාස්කර් අඟහරුවාදා වැඩිදුර විමර්ශන සඳහා සී.බී.සී.අයි.ඩී.යට චානුක සහ ගෝපාලක්‍රිෂ්ණන්ගේ භාරකාරත්වය දින පහකට ලබා දුන්නේය.

    අවුරුදු 60ට වැඩි අයට අද සිට බූස්ටර්

    0

    වයස අවුරුදු 60 ඉක්මවූ වැඩිහිටිියන් සඳහා කොවිඩ් මර්දන බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීම අද (17) සිට ආරම්භ වෙයි.

    බුස්ටර් එන්නත් මාත්‍රාව ලෙස ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදීමට නියමිත ය.

    බස්නාහිර හා දකුණු පළාත්වල මෙන්ම අනුරාධපුර සහ අම්පාර යන දිස්ත්‍රික්කවල වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීම සිදුකෙරේ.

    කොවිඩ් මර්දන එන්න්ත් දෙවන මාත්‍රාව ලබාගෙන මාස 3 ක කාලයක් සම්පූර්ණ කර ඇති අයට බූස්ටර් මාත්‍රාව ලබාගත හැකි ය.

    අද දින ක්‍රියාත්මක එන්නත් මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

    Vaccination Centers on 17.11.2021 Tentative vaccination schedule 17.11. 2021 - Sheet1

    ප්‍රතිකාරයකින් තොරව එච්.අයි.වී වෛරසය පරාජය කළ දෙවන කාන්තාව

    0

    විද්‍යාඥයින් විසින් මිසින් ප්‍රතිශක්තීකරණ පද්ධතියට බලපෑම් කරන එච්.අයි.වී වෛරසය අසාදනයවී කිසිම ප්‍රතිකාරයකින් තොරව පූර්ණ සුවය ලැබූ ලොව දෙවන කාන්තාව හඳුනා ගැනීමට විද්‍යාඥයින් සමත්ව ඇත.

    අනන්‍යතාව හෙලි නොකළ මෙම කාන්තාව ආජන්ටිනාවේ ජීවත්වන අතර 2013 වර්ෂයේදී ඇයට එච්.අයි.වී. වෛරසය ආසාදනය වී ඇති බවට මුල් වරට හඳුනාගෙන් තිබේ.

    පසුව 2017 වර්ෂයේ සිට ජාත්‍යන්තර පර්යේෂකයින් පිරිසක් විසින් ඇයව අඛණ්ඩව පරීක්ෂා කරමින් ඇයගේ ශරීරය තුල වෛරසය පවතින්නේ දැය අධ්‍යනය කර ඇත.

    මේ අතර 2020 වර්ෂයේදී ඇය දරුවකු බිහි කර ඇති අතර දරුවාගේ කළ පරීක්ෂණයේදී මවගෙන් දරුවාට වෛරසය ආසාදනය වී නොමැති බවටද අනාවරණය වී තිබේ.

    ඒ අනුව ඇගේ ශරීරය තවත් පුළුල් වශයෙන් අධ්‍යනය කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඇයගේ ශරීරය තුල වෛරසය නොමැති බවයි.

    වර්ථමාන ප්‍රතිකර අනුව වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ට එය පාලනය කිරීමට ඖෂද ලබා ගැනීමෙන් හැකියාව ලැබෙන අතර ඒ සඳහා නිරන්තරයෙන් එම ඖෂද ලබාගැනීමට සිදුවේ.

    කෙසේ වෙතත් ලොව දැනට වාර්තා වී ඇති අතර ලොව පුද්ගලයින් සිව්දෙනෙකු එච්.අයි.වී. වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලබා තිබේ.

    සුවය ලැබූවන් සිව්දෙනාගෙන් දෙදෙනෙු එනම් බර්ලින් රෝගියා සහ ලන්ඩන් රෝගියා ලෙස හඳුන්වන්න් හට ඇට මිදුලු බද්ධ කිරීමක් මගින් සාර්ථකව වෛරසය පරාජය කිරීමට හැකියාව ලැබී ඇත.
    මෙම ප්‍රතිකාර ක්‍රමය සංකීර්ණ බවත් එම බද්ධ කිරීම් තවත් ආසාදිතයින්ට සිදු කිරීමට උත්සහ කලද එය සාර්ථක කර ගැනීමට නොහැකි වී ඇති බවද විද්‍යාඥයින් පෙන්වාදෙයි.
    ඒ අනුව මෙම අජන්ටිනාවේ කාන්තාවට අමතරව මේවන විට ස්භාවිකව මෙම වෛරසය පාරාජය කළ අනෙක් රෝගියා වන්නේ සැන් ෆ්‍රැන්සිස්කෝ රෝගියා නමින් හඳුන්වන ආසාදිත කාන්තාවකි. ඇය එලෙස එච්. අයි.වී වෛරසය පරාජය කළ පළමු කාන්තාව ලෙස ඉතිහාසයට එක්වේ.

    මෙම තත්ත්වයත් සමඟ ඉදිරියේදී එච්.අයි.වී වෛරසය සාර්ථකව සුව කිරීමට මෙම කාන්තාවගෙන් ලබාගෙත් දත්ත විශාල දායකත්වයක් වනු ඇති බවට විද්‍යාඥයින් පෙන්වාදෙයි.

    ගිනිගත් කොවලාවෙක් ජීවිතය අයදියි

    0

    2021 නොවැම්බර් 6 වැනි දින ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී ආදර්ශ අවමංගල්‍ය උත්සවයක් පවත්වන විට Extinction Rebellion විරෝධතාකරුවන් විසින් පුළුස්සා දැමූ කෝවාලාවකුගේ විශාල රූකඩයක් භාවිතා කරනු දක්නට ලැබ තිබේ. ව්‍යසනකාරී ගෝලීය උණුසුම වැළැක්වීම සඳහා ලෝක නායකයින් දේශගුණය පිළිබඳව තීරණාත්මකව ක්‍රියා කළ යුතු බවට බලකරමින් ඔස්ට්‍රේලියාව පුරා විරෝධතා සංවිධානය කරන ලදී.

    සේයාරුව : අසංක රත්නායක