fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්සඟසතු කෙරන සඳහිරු සෑය

    සඟසතු කෙරන සඳහිරු සෑය

    දසක තුනකට ආසන්න කාලයක් පුරා පැවති යුද්ධයෙන් මාතෘ භුමිය මුදාගැනීමට දිවිහිමියෙන් කැපවු රණවිරුවන් සිහිකරමින් ඉදිකල සඳහිරු සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේ මහ සංඝරත්නයට පුජාකිරීමේ උත්සවය අද දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

    2010 වර්ෂයේ නොවැම්බර් 22 වෙනිදා මුල්ගත් තබා ඉදිකිරිම් කටයුතු ආරම්භ කළ මෙම චෛත්‍ය පොළොව මට්ටමේ සිට අඩි 283ක් උසකින් යුක්තය. එය ගොඩනගා ඇත්තේද පොළොව මට්ටමේ සිට අඩි 45ක් යට සිටය.

    මෙම චෛත්‍යට ”රණවිරු සෑය” යන නම මුලින් ඊට යෙදීමට තීරණය කෙරුණද, සඳ හිරු පවතිනා තුරු විරාජමානව පවතිනු ඇතැයි යන සංකල්පයෙන් පදනම්කරගනිමින් පසුව එය සඳහිරු සෑය ලෙස නම්කරනු ලැබීය.

    පසුගිය 8 වැනිදා පෙරවරු 9.53 ට යෙදුණු සුබ මුහුර්තයෙන් මහා සංඝ රත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මැද සඳහිරු සෑ රඳුන් මත චූඩාමාණික්‍ය තැන්පත් කෙරිණි. එහි කොත්වහන්සේ දිවයිනේ ගමන් නගරයක් පාසා රැගෙන යමින් ජනතාවට දැකබලාගෙන වන්දනාමාන කිරීමටද රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය විසින් අවස්ථාවක් උදාකර දී තිබුණි.

    සඳහිරු සෑයේ විෂ්කම්භය අඩි 255 ක් වන අතර වට ප්‍රමාණය අඩි 801 කි.

    ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකාය පූර්ණ ශ්‍රම දායකත්වයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හා ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවේ සහය ඇතිව සඳහිරු සෑයේ ඉදිකිරීම් සිදු කෙරුණේ, ශ්‍රී ලාංකික ඉංජිනේරු තාක්ෂණය පදනම්කරගෙනය. .

    “මේ සෑයේ අපි නිදන් කරලා තියෙනවා කපිල වස්තුපුරයෙන් ලැබුණු ධාතූන් වහන්සේලා කිහිපනමක්. ඒ වගේම සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කරලා තියෙනවා. ත්‍රිපිටකය රත්‍රං පත්තිරුවල ලියවලා රන් පත්තිරු ධාතු ගර්භයේ අපි නිදන්කරලා තියෙනවා. ඒ වගේම කිලෝ 8ක් බරුති දඹ රත්‍රංවලින් කරපු බුදුපිළිම වහන්සේ නමකුත් අපි තැන්පත් කරලා තියෙනවා." ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.