fbpx
තවත්

    චීන-අරාබි රාජ්‍ය සබඳතා නව මානයකට

    0

    “පළමු චීන-අරාබි රාජ්‍ය නායක සමුළුවේ රියාද් ප්‍රකාශය” එළිදැක්වෙයි.

    එම සමුළුව 9 වැනිදා සෞදි අරාබියේ රියාද් අගනුවරදී පැවැත්විණ. “චීන-අරාබි රාජ්‍ය නායක සමුළුවේ රියාද් ප්‍රකාශය” එහිදී නිකුත් කෙරිණ.
    නවයුගය උදෙසා පොදු ඉරණමක් සහිත චීන-අරාබි රාජ්‍ය සබඳතාවක් ගොඩනැගීමට දෙපාර්ශ්වයම එකඟ වූ බව එම ප්‍රකාශයේ දැක්වෙයි.

    චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ සෞදි අරාබි අග්‍රාමාත්‍ය, එරට ඔටුන්න හිමි Muhammad bin Salman bin Abdel Aziz Al Saud කුමරු, ඊජිප්තු ජනාධිපති Abdel Fattah al Sisi ඇතුළු අරාබි රාජ්‍ය ලීගයේ රටවල් 21 නායකයන් මෙන්ම ජාත්‍යන්තර සංවිධානවල ප්‍රධානීහු රැසක් එම සමුළුවට සහභාගි වූහ.

    උපායමාර්ගික හවුල්කරුවන් ලෙස චීනය සහ අරාබි රාජ්‍යයන් අතර මිත්‍රත්වය ඉදිරියට ගෙන යා යුතු බවත්, සහයෝගිතා හා සමගිය ශක්තිමත් කර පොදු ඉරණමක් සහිත චීන-අරාබි ප්‍රජාවක් ගොඩනැගිය යුතු බවත් ෂී ජින්පිං මහතා එහිදී පැවැත්වූ දේශනයේ දී පැවසීය. දෙපාර්ශ්වයේ ජනතාවට ප්‍රතිලාභ ලබාදෙමින් මානුෂීය සංවර්ධන මෙහෙයුම තවදුරටත් තහවුරු කරන බව ද චීන ජනාධිපතිවරයා අවධාරණය කළේය.

     

    ස්වාධීනත්වය රැකගෙන, පොදු ජයග්‍රහණ ආරක්ෂා කළ යුතු බවත්, ආර්ථික සංවර්ධනය කෙරෙහි අවධානය යොමුකළ යුතු බවත් හෙතෙම පෙන්වාදෙයි.
    “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළේ ප්‍රශස්ත ක්‍රියාකාරිත්වය මෙන්ම කලාපීය සාමය පිළිබඳව ද ජනාධිපතිවරයා අපේක්ෂා පළ කර ඇත.

    සරසවි සිසුන්ගේ ප්‍රහාරයකින් පේරාදෙණියේ හිටපු උපකුලපති සහ පුතා රෝහල්ගත කෙරේ

    0

    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති අතුල සේනාරත්න සහ ඔහුගේ පුතාවන ප්‍රමිත සේනාරත්න මහත්වරුන්ට විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් විසින් කළ පහරදීමෙන් තුවාල තබා රෝහල්ගතකර තිබේ.

    මෙම පහරදීම සිදුව ඇත්තේ ඊයේ රාත්‍රී කාලයේදීය.

    හිටපු උපකුලපති අතුල සේනානායක මහතා මේ වන විට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පීඨාධිපතිවරයෙක් ලෙස සේවය කරන අතර ඔහු පදිංචිව සිටින්නේ විශ්ව විද්‍යාල භූමියේ ඇති නිල නිවසකය.

    පොලීසිය පවසන්නේ ඊයේ රාත්‍රී කාලයේ අතුල සේනානායක මහතාගේ පුතා මෝටර රථයේ නැගි ගලහා පාර ඔස්සේ ගමන්කරමින් සිටියදී විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනකු ගමන් කරමින් සිටි යතුරුපැදියක මෝටර් රථය ගැටී අනතුරක් සිදුවූ බව කිමින් 300කට වැඩි සිසුන් පිරිසක් නිල නිවස වටකර මෙම පහරදීම කර ඇති බවය.

    පොලිස් විමර්ශන වලින් අද උදෑසන අනාවරණය වී ඇත්තේ රිය අනතුරක් සිදුවී නොමැති බවය. මාර්ගය අවහිරවන ලෙස විශ්ව විද්‍යාල සිසුන් යතුරුපැදි දෙකක් නතරකර තිබී ඇති බවත් හිටපු උපකුලපතිවරයාගේ පුතා විසින් එම යතුරුපැදිවලට පයින් පහරදී ඇති බවත්ය.

    එම සිද්ධිය මුල්කරගෙන විශ්ව විද්‍යාල සිසුන් උපකුලපතිවරයා නවාතැන් ගෙන සිටින නිල නිවස වටකර මෙම පහරදීම කර ඇති බව පේරාදෙණිය පොලීසිය කියයි.

    පාපන්දු ලෝක කුසලාන අවසන් පූර්ව වටයට ප්‍රංශ-මොරොක්කෝ සහ ආජන්ටිනා-ක්‍රොයේෂියාව

    0

    ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට පැමිණීමට ප්‍රංශය, මොරොක්කෝව, ආජන්ටිනාව සහ ක්‍රොයේෂියාව සමත් වී තිබේ.

    ප්‍රංශය සහ එංගලන්තය අතර ශ්‍රී ලංකා වේලාවෙන් අද(11) අලුයම පැවැති අර්ධ අවසන් පූර්ව තරගයෙන් ගෝල 2-1ක් ලෙස ප්‍රංශය ජයගත්තේය.

    මෙවර ලෝක කුසලානයේ සත්කාරක රට ලෙස කටාර් රාජ්‍ය කටයුතු කරන අතර තරග නැරඹීම සඳහා ලක්ෂ සංඛාත විදෙස් පාපන්දු ලෝලීන් පිරිසක් මේ වනවිට කටාර් රාජ්‍යට පැමිණ සිටිති.

    එංගලන්තය පමණක් නොව පෘතුගාලය,නෙදර්ලන්තය සහ බ්‍රසීලයට අර්ධ අවසන් පූර්ව තරගවල ලද පරාජයන් හමුවේ ලෝක කුසලානයෙන් ඉවත්වීමට සිදුවිය. පෘතුගාල ක්‍රීඩක ක්‍රිෂ්ටියානෝ රොනාල්ඩෝට මෙන්ම බ්‍රසීල ක්‍රීඩක නෙමාර් ද සිල්වා ඇඬූ කඳුලින් ලෝක කුසලානයෙන් ඉවත්ව යන අයුරු ඔවුන්ගේ රසිකයන්ගේ ද නෙත් කඳුලින් තෙත් කළ බව නොරහසකි.

    කෙසේ වෙතත් කාටාර් 2022 ලෝක පාපන්දු සිහිනයට ළගාවීමට සුදුසුකම් ලද අවසන් කණ්ඩායම් හතර ලබන 14 හා 15 දෙදින අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමේ තරගවලට මුහුණදෙයි.

    ඒ අනුව දෙසැම්බර් 14 වැනිදා අලුයම ආජන්ටිනාව සහ ක්‍රොයේෂියා අතර තරගයත්, දෙසැම්බර් 15 වැනිදා ප්‍රංශය සහ මොරොක්කෝව අතර තරගයත් පැවැත්වේ.

    නයිට් ක්ලබ් ගිහින් එද්දී සැප රිය ගැටෙයි – ත්‍රිරෝද රථ රියදුරු මරුට

    0

    රාත්‍රී සමාජ ශාලාවක සිට පැමිණෙමින්‌ සිටි පිරිසක් ගමන් ගත් සුඛෝපභෝගී මෝටර් රථයක් සමඟ, කොල්ලුපිටිය කාගිල්ස්‌ බැංකුව ඉදිරිපිට මාර්ගයේදී අද උදෑසන ගැටුණු ත්‍රී රෝද රථයේ රියදුරු මියගොස් තිබේ.

    බම්බලපිටිය දෙස සිට ගාලු මුවදොර දෙසට ධාවනය වූ කාර්‌ රථයක්‌ ඉදිරියෙන්‌ එම දෙසටම ගමන්‌ කරමින්‌ සිටි ත්‍රී රෝද රථයක පසුපස ගැටී මෙම අනතුර සිදුව ඇත.

    අනතුරින්‌ බරපතල තුවාල ලැබූ ත්‍රී රෝද රථයේ රියදුරු කොළඹ ජාතික රෝහලට ඇතුලතක්‌ කිරීමේදී මියගොස්‌ ඇති අතර මරණකරු වයස අවුරුදු 58 ක්‌ වූ කහතුඩුව, පොලිස්ගස්ඔවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    මෝටර්‌ රථය පැද වූ රියදුරු අනතුරින්‌ පසු පලා ගොස්‌ ඇත.

    අනතුර සිදු වන අවස්ථාවේ කාර්‌ රථයේ කාන්තාවන්‌ තිදෙනෙකු සහ තචත්‌ පිරිමි පුද්ගලයකු සිට ඇත.

    වයස අවුරුදු 29 හා 31 චයස්‌ වල පසුවන කාන්තාවන්‌ දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත්‌ කර ප්‍රථිකාර ලබයි.

    කාර්‌ රථයේ සිටි අනෙක්‌ දෙදෙනාගෙන්‌ කොල්ලුපිටිය පොලිසිය අනතුර සම්බන්ධයෙන්‌ ප්‍රකාශ සටහන්‌ කර ගෙන ඇත.

    මොවුන්‌ රාත්‍රී සමාජ ශාලාවක සිට පැමිණෙමින්‌ සිටියදී මෙම අනතුර සිදු වී ඇති බවට පොලිසිය සැකකරනු ලබයි.

    මෘත ශරීරය කොළඹ ජාතික රොහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්‌ කර ඇත.

    මෙම රිය අනතුර රියදුරුගේ අපරික්ෂාකාරී හා නොසැලකලිමක්‌ රිය ධාචනය හේතුවෙන්‌ සිදු වී ඇති බවට නිරීක්ෂණය වී ඇති බව පොලීසිය කියයි.

    කාර්‌ රථ රියදුරු අත්‌අඩංගුවට ගැනීම සඳහා කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

    ජනපති නියෝගයෙන් හරක් මස් සහ එළුමස් ප්‍රවාහනය වහාම අත්හිටුවයි

    0

    ගෙවුණු දෙදින තුළ උතුරු සහ නැගෙනහිර පළාත්වල සතුන් දහසකට අධික සංඛ්‍යාවකගේ හදිසි මිය යාම හේතුවෙන්, දිස්ත්‍රික් හා පළාත් මට්ටමින් හරක් මස් සහ එළුමස් ප්‍රවාහනය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ජනාධිපතිවරයා නියෝග කර තිබේ.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම නියෝගය කර ඇත්තේ මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සහතික කිරීම සඳහා ය.

    ගෙවුණු දෙදින තුළ උතුරු සහ නැගෙනහිර පළාතේ ගවයන්, එළුවන්, මී ගවයන් 1092ක් මියගොස් ඇති බවට තහවුරු කරගෙන තිබේ.

    ඊට අදාළව මහජන සෞඛ්‍යාරක්ෂාව උදෙසා පිළිබද ජනාධිපතිවරයා කළ නියෝග පහතින්.

    ප්‍රියමාලිගේ මොඩලයේ තවත් මගෝඩියක් එළියට

    0

    තිලිණි ප්‍රියමාලි විසින් ලෝක වෙළ මධ්‍යස්ථානයේ 34 වෙනි මහලේ පවත්වාගෙන ගිය ආකාරයේම කාර්යාලයක් නැගෙනහිර කුළුනේ 19 වෙනි මහලේ පවත්වාගෙන යමින් දැවැන්ත මූල්‍ය වංචාවක නිරතව සිටින වංචාකරුවන් පිරිසක් ගැන කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් විමර්ශනයක් ආරම්භකර තිබේ.

    විදේශීය කොටස් වෙළඳපොලේ ආයෝජන කරන මූල්‍ය ආයතනයක් ලෙස පෙනීසිටිමින් ව්‍යාපාරිකයන්ට දුරකතන ඇමතුම් දෙමින් එම ව්‍යාපාරිකයන්ව රවටමින් මෙම වංචාව සිදුවන බව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය සඳහන් කළේය.

    මෙම වංචාවට හසුවී රුපියල් ලක්ෂ 39ක් සහ ලක්ෂ 29ක් අහිමිකරගත් ව්‍යාපාරිකයන් දෙදෙනෙක් මේ සම්බන්ධයෙන් පැමිණිලි දෙකක් ඉදිරිපත්කර ඇති බවත් අධිකරණයට ඊයේ කරුණු වාර්තාකර විමර්ශන ආරම්භකල බවත් වංචා විමර්ශන කාර්යංශය සඳහන් කළේය.

    මුල් මාස කිහිපය තුළ එම ආයෝජනයේ ලාභාංශ ලබාදෙමින් තව තවත් ආයෝජනයන් සඳහා පොළඹවාගෙන ගත හැකි උපරිම මුදල ලබාගැනීමෙන් පසු මගහැරීමක් සිදුවන බව මූලික විමර්ශන වලින් පෙනී යන්නේ යැයි වංචා විමර්ශන කාර්යාංශයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

    මෙම මූල්‍ය කටයුත්තේ ඔවුන් නිරතව සිට ඇත්තේද මහ බැංකුවේ ලියාපදිංචියකින් තොරව බවද විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

    ලෝක වෙළද මධ්‍යස්ථානයේ කාර්යාලය අතහැර මේ වන විට මෙම වාංචාවට සම්බන්ධ පිරිස් පළායාමේ සූදානමක් ගැනද තොරතුරු වංචා විමර්ශන කාර්යාංශයට ලැබී ඇත. එබැවින් ඉදිරියේදී මෙම නීති විරොධි මූල්‍ය ආයතනය පවත්වාගෙන යමින් වංචාවල නිරතවූ පිරිස් වෙත රටින් පළායාමට ඉඩ නොතබමින් අවශ්‍ය අධිකරණ ක්‍රියා මාර්ග ගන්නා බව වංචා විමර්ශන කාර්යාංශය සඳහන් කළේය.

    අලුත්කඩේ උසාවියේ රන් සොරකමේ විමර්ශන සී.අයි.ඩී.ය භාරගනී

    0
    CID

    කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ තිබුණු නඩු දෙකකට අදාල උණු කළ රන් කැබලි දෙකක් අතුරුදන්වීම සම්බන්දයෙන් පරීක්ෂණ භාරගත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයෙක් ඇතුළු පොලිස් කණ්ඩායමක් ඊයේ අධිකරණ පරීශ්‍රයට පැමිණ සිය මූලික විමර්ශන කටයුතු සිදුකරනු ලැබීය.

    එහිදී මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ රෙජිස්ට්‍රාර් තිදෙනෙකු ඇතුළු කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුගේම ප්‍රකාශ සටහන්කරගෙන ද තිබේ.

    නඩු භාණ්ඩ ගබඩාගත කෙරන ක්‍රියාවලිය ගැන මෙන්ම එම නඩු භාණ්ඩ ගබඩාවෙන් පිටතට ලබාදීමේ ක්‍රියාවලිය ගැන ද මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානයක් යොමුවී ඇති බව සඳහන්ය.

    අධිකරණ සංකීර්ණයේ ඇති ආරක්ෂක කැමරා පද්ධතියේ ක්‍රියාකාරිත්වය ගැනද මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානයට ලක්ව තිබේ. රන් භාණ්ඩ අතුරුදන් වී ඇත්තේ ආරක්ෂක කැමරාවලින් රිංගා බැවින් යැයි මූලික විමර්ශන වලින් පෙනී ගොස් ඇති බැවින් එසේ ආරක්ෂක කැමරා පද්ධතිය ගැන අවධානයක් යොමුව ඇත.

    සැකයට ලක්වන පුද්ගලයින්ගේ ජංගම දුරකතන ජාල පරීක්ෂාවකට පවා මේ වන විට ලක්ව ඇති අතර ඒ තුළින්ද බොහෝ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවනු ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්වාස කරයි.

    වකුගඩු ජාවාරමට සම්බන්ධ පොලිස් ලොක්කා කෑගල්ලට

    0

    කොළඹ පෞද්ගලික රෝහලක් ආශ්‍රිතව සිදුවී ඇතැයි කියනු ලබන වකුගඩු ජාවාරමට සම්බන්ධ බව කියැවෙන බස්නාහිර පළාත් බුද්ධි කාර්යාංශයේ හිටපු ස්ථානාධිපතිවරයාව කෑගල්ලට මාරුකර යවා තිබේ.

    ඊට අදාල නියෝගය පොලිස් මූලස්ථානය විසින් අද නිකුත් කරනු ලැබීය.

    කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ විමර්ශන ඒකකයක ස්ථානාධිපතිවරයෙක් ලෙස මේ වන විට කටයුතු කරමින් සිටි මෙම නිලධාරියාට එරෙහිව මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැත. මෙම ස්ථානමාරුවීම පවා කර ඇත්තේ වකුගඩු සිදුවීම මුල්කරගෙන වංචා විමර්ශන කාර්යාංශයේ බලධාරීන් විසින් මෙම නිලධාරියාව එම අංශයෙන් මාරුකරන ලෙස පොලිස්පතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුවය.

    පොලිස් කතක් හපා කා පහරදුන් බුද්ධි නිලධාරියා අත්අඩංගුවට

    0

    මිල්ලනිය පොලිසියට අනුයුක්තව සේවයේ නිරත කාන්තා පොලිස් කොස්තාපල්වරියක්ව හබරාදූවේ පිහිටි හෝටලයකට රැගෙන ගොස් ඇයට පහරදී ඇගේ සිරුර හපා කෑ බුද්ධි අංශයේ පොලිස් කොස්තාපල්වරයෙකුව ගාල්ල කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම සිදුවීම වී තිබුණේ පසුගිය 28 වෙනිදාය. ඇය නිවාඩු ලබා සිය නිවසට යමින් සිටියදී ගාල්ල නගරයේදී ඇගේ පෙම්වතා වන බුද්ධි අංශ පොලිස් කොස්තාපල්වරයා ඇයව මුණ ගැසී තිබේ. දෙදෙනා සමනල පාලම ආසන්නයේ ඇති අවන්හලකින් තේ බී පසුව පොලිස් කොස්තාපල්වරයාගේ යතුරු පැදියේ නැගී හබරාදූවේ හෝටල් කාමරයකට ගොස් ඇත.

    එහිදී බුද්ධි අංශයේ කොස්තාපල්වරයා ඇගේ ජංගම දුරකතනය අතට ගෙන පරීක්ෂාකරමින් සිටියදී එහි තිබුණු කොස්තාපල්වරයෙකුගේ ජායාරූපයක් දැක ඒ සම්බන්ධයෙන් සැකසිතා ඒ ගැන විමසමින් ඇයට පහරදී ඇති බව ළමා හා කාන්තා කාර්යාංශය කියයි. ඇයව 29 වෙනිදා දහවල් වන තුරුම හෝටලයේ රදවා තබාගෙන හිරිහැර කළ බුද්ධි නිලධාරියා පසුව ඇයව මුදා හැර ඇත්තේ ගාල්ල බස් නැවතුම් පොල වෙත රැගෙන විත්ය.

    මේ සම්බන්ධයෙන් ඇය ගාල්ල කොට්ඨාශභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවයාට පැමිණිලි කිරීමෙන් අනතුරුව ළමා හා කාන්තා කාර්යාංශය විමර්ශනයක් ආරම්භකර තිබේ. එම විමර්ශන පවත්වන විට බුද්ධි නිලධාරියා නිවාඩු දමා පිටවගොස් තිබුණි.

    දින ගණනාවක් තිස්සේ අතුරුදන්ව සිටි මෙම කොස්තාපල්වරයාව පසුව ඊයේ අත්අඩංගුවට ගැැනීමට ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් සමත්ව ඇත. ඔහුව ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 02 ක ශරීර ඇප මත මුදා හැර තිබේ.

    සහල් පෙන්වා මිලියන 3කට වැඩේ දුන් පකිස්තානුවා කොටු

    0

    පකිස්තානයෙන් සහල් ගෙන්වා දෙන බවට පවසා රුපියල් තිස්හය ලක්ෂ හතලිස් එක්දහස් හාරසියයක් වංචා කළ පකිස්තානුවෙක් කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    නදීම් හුසේන් නැමැති 50 හැවිරිදි පකිස්තානුවාව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. වසර 10 ක පමණ කාලයක් තිස්සේ මෙම පකිස්තානුවා මෙරට රැදී සිටින අයෙක් බව වංචා විමර්ශන කාර්යාංශය සඳහන් කළේය.

    ගල්කිස්ස ගුණරත්න මාවතේ සහ දෙමටගොඩ තාවකාලිකව පදිංචිව සිටින මෙම පක්තානුවා සහල් ආනයනයකරදෙන බව සඳහන් කරමින් ඔහුගේ ගිණුමකට මෙම මුදල බැරකරගත් බව පැමිණිලිකරු සඳහන්කරන බව වංචා විමර්ශන කාර්යාංශය සඳහන් කරයි.

    ප්‍රශ්න කිරීම් හමුවේ පකිස්තානුවා පවසා ඇත්තේ තමා සහල් ආනයනයකර එම පුද්ගලයාට ලබාදී ඇති බවත් දැන් ඔහු බොරැවක්කරන බවත්ය. මේ ගැන ගල්කිස්ස අධිකරණයට කරුණු දැක්වීමෙන් පසු පොලීසියට අධිකරණයෙන් නියෝගයක් නිකුත්කර ඇත්තේ ඒ සම්බන්ධයෙන්ද විමර්ශනයක් කරන ලෙසය.

    මෙම ගණුදෙනුව සිදුවී ඇතැයි කියැවෙන්නේ පසුගිය මාර් තු 08 වෙනිදාය.

    අරලියගහ මැදුරට හානිකළ 23 වෙනියාත් අල්ලයි

    0

    මැයි 09 වෙනිදා අරලියගහ මැන්දිරයට කඩා වැදී එහි දේපොලවලට හානි කිරීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වන කොළඹ දකුණ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් ඒ සම්බන්ධයෙන් සැකකරුවෙක් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

    සූරියවැව පදිංචිකරුවෙක් වන 40 හැවිරිදි එම සැකකරු අරලියගහමන්දිරයට හානි කිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 23 වෙනි සැකකරුය.

    මෙම සැකකරුව අද කොටුව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට කියමිතය. මෙතක් අත්අඩංගුවට ගත් සැකකරුවන් 22 දෙදෙනාම මේ වන විට සිටින්නේ ඇප මතය.

    මැන්ඩවුස් සුළිකුණාටුව යයි – බලපෑම අඩුවෙයි

    0

    “මැන්ඩවුස්” සුළි කුණාටුව නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සිට අද අළුයම් කාලය වන විට උතුරු තමිල්නාඩු, පුදුචේරි සහ දකුණු ආන්ද්‍ර ප්‍රදේශ වෙරළ තීරය හරහා ගමන් කරන ලද බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

    එම පද්ධතිය ක්‍රම ක්‍රමයෙන් උදෑසන වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වාත් දෙසැම්බර් 10 වැනි දින දහවල් වන විට පීඩන අවපාතයක් දක්වාත් තවදුරටත් දුර්වල වනු ඇතැයි අපේක්ෂා කරයි.

    ඒ අනුව, දිවයිනේ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල කාලගුණය කෙරෙහි එමගින් ඇති බලපෑම ක්‍රමයෙන් අඩු වනු ඇත.

    බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    උතුරු, වයඹ සහ උතුරු මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වේ.

    උතුරු, උතුරු-මැද, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. 40පමණ තද සුළං බලාපොරොත්තු වේ.

    උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (50-60) පමණ තද සුළං බලාපොරොත්තු වේ.

    වායුගෝලයේ තත්ත්වය මනින්න අලුත් උපකරණ සවිකරයි

    0

    නව උපකරණ සවිකර මෙරට වායුගෝලයේ තත්ත්වය මැනීමට පියවර ගෙන ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. 

    යාපනය, කුරුණෑගල සහ අනුරාධපුරය යන නගරවල නව උපකරණ සවිකර තිබේ. 

    මෙම උපකරණ මෙරටට ලබා දී ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය මගිනි.

    ඒ හරහා අදාල ප්‍රදේශයේ පවතින වායුවේ ගුණාත්මකභාවය ස්වයංක්‍රීයව මනිනු ලබන අතර එහි දත්ත එම ස්ථානයේ සවිකර ඇති ඩිජිටල් පුවරුවක් මගින් මහජනතාවට දැකබලා ගැනීමට අවකාශ සලසා දි තිබේ. 

    සංසරණ වායුවේ ඕසෝන්, කාබන් මොනොක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ්, වාතයේ දූවිලි අංශු ඇතුළු දත්ත මෙම උපකරණ මගින් මනිනු ලබන බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළා.

    අද – හෙට – අනිද්දා විදුලිය කැපෙන හැටි

    0

    අද(10) සිට ලබන 12 වැනිදා දක්වා රටපුරා පැය 2 විනාඩි 20 ක විදුලි කප්පාදුවක් පහත පරිදි අනුමත කර තිබේ.

    ඒ අනුව කණ්ඩායම් ABCDEFGHI JKLPQRSTUVW සඳහා දිවා කාලයේ පැය 1 සහ රාත්‍රියේ පැය 1 විනාඩි 20ක් බැගින් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

    “උපරිම මිල දැමූ රටවලට තෙල් දෙන්නෑ” – පුටින් කිපෙයි

    0

    රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් එරට තෙල් සඳහා උපරිම මිලක් නියම කළ රටවලට තෙල් අපනයන කිරීම ප්‍රතික්ෂේප කරමින් සහ එම උපරිම මිල නියම කිරීම මෝඩ ක්‍රියාවක් බවට ප්‍රකාශකර තිබේ.

    ලෝකයේ විශාලතම බලශක්ති අපනයනකරුවා වන රුසියාවේ බලශක්තිය මත ලොව ප්‍රබල රාජ්‍යන් රැසකගේ ආර්ථිකය රඳා පවති.

    එවැනි පසුබිමක රුසියාව විසින් සිය බලශක්ති අපනයනය වැලැක්වීම සිදු කළහොත් එය ආර්ථික අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවද විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

    ජී7 රාජ්‍යයන්, යුරෝපා සංගමයේ රාජ්‍යන් සහ ඔස්ට්‍රේලියාව මෙම උපරිම මිලට එකඟතාවය පළකර තිබිණි. එහිදී මෙම රාජ්‍යයන් විසින් රුසියානු බොරතෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 60කට මිලදී ගැනීමට තීරණය කර තිබිණි.

    මෙහිදී රුසියානු ජනාධිපතිවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේ ‟අපේ තෙල් වලට උපරිම මිලක් නියම කරපු රටවල්වලට අපි තෙල් විකිණීම නවතා දමනවා. මේ තෙල්වලට උපරිම මිලක් නියම කිරීම මෝඩ තීරණයක්. අවශ්‍ය වුවහොත් අපේ නිෂ්පදනයන් අඩු කරන්න පියවර ගන්නවා.” යනුවෙනි.

    මේ අතර රුසියානු ජනාධිතිවරයා ප්‍රකාශ කර සිටියේ මෙම තීරණයන් ජාත්‍යන්තර බලශක්ති ක්ෂේත්‍රයේ දරුණු කඩා වැටීමක්ද සිදුවිය හැකි බවයි.

    කෙසේ වෙතත් සීත සමය එළෑඹ ඇති අවස්ථාවක මෙලෙස ගෝලීය බලශක්ති සැපයුම කඩා වැටීම යුරෝපා රටවලට දැඩි බලපෑමක් එල්ල කළ හැකි අතර එමගින් ගෝලීය අර්බුදයක් ඇති කිරීමට හැකියාව පවතී.

    අද සම්මත පනත්වලින් ජනවාරියේ සිට පැනවෙන බදු

    0

    පාර්ලිමේන්තුවේදී අද සම්මත කරගත් දේශීය ආදයම් සංශෝධන පනත් කෙටුම්පත හා එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත අදාළ නියෝග ලබන ජනවාරි පළමු වනදා සිට ක්‍රියාත්මක වෙයි.

    එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණේ පක්ෂව ඡන්ද 82ක් හා විපක්ෂව ඡන්ද සංඛ්‍යාව 41 ක් ලබාගනිමිනි.

    දේශීය ආදායම් බදු සංශෝධන පනත් කෙටුම්පත ද වැඩි ඡන්ද 43 කින් සම්මත වුණේ ඊට පක්ෂව ඡන්ද 79 ක් හා විපක්ෂව ඡන්ද 36 ක් හිමිකරගනිමිනි.

    ඒ අනුව අද සම්මත කරගත් නව එකතු කළ අගය මත බදු පනත් සංශෝධනයට අනුව මහල් නිවාස මිලදී ගැනීමේදී 15%ක වැට් බද්දක් එය පළමු වර මිලදී ගන්නා පුද්ගලයින් විසින් ගෙවිය යුතුය.

    මෙතෙක් පැවති රුපියල් මිලියන 300ක වාර්ෂික පිරිවැටුමකට අය කෙරුණු 15%ක් වූ වැට් බද්ද වාර්ෂිකව රුපියල් මිලියන 80ක පිරිවැටුමක් ලබන ව්‍යාපාරවලට ද අදාළ කෙරේ.

    අද සම්මත වූ දේශීය ආදයම් පනත් කෙටුම්පතේ සංශෝධනයට අනුව වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 12 ඉක්මවන පුද්ගලයින් ආදායම් බදු ගෙවීමට යටත් වෙයි.

    සමරිසි ප්‍රජාවේ ගැටළු සම්බන්ධීකරණයට නියෝජ්‍ය පොලිස්පතිනියක්

    0

    මෙරට සමරිසි ප්‍රජාව (LGBTQ) සහ පොලිස්පතිවරයා අතර හමුවක් අද පොලිස් මූලස්ථානයේ පවත්වා තිබේ.

    ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පොලිස්පතිවරයෙකු සමඟ සමරිසි ප්‍රජාව පොලිස් මූලස්ථානයේදී මුහුණට මුහුණ සාකච්ඡාවක් පවත්වන ප්‍රථම අවස්ථාව මෙයයි.

    මෙම හමුවට සමරිසි ප්‍රජාව නියෝජනය කරමින් මෙරට සමරිසි ක්‍රියාකාරීන් පිරිසක් සම්බන්ධ වී තිබේ. සමරිසි ප්‍රජාවට සමාජය හමුවේ මුහුණ දෙන්නට සිදුවන ගැටළු ගැන මෙන්ම පොලිස් ස්ථානවලදී ඔවුන්ට සිදුවන අපහසුතා ගැනද මෙහිදී පොලිස්පතිවරයාව දැනුවත්කර ඇත.

    සමරිසි ප්‍රජාව විසින් මුහුණු දෙන එම ගැටළු සම්බන්ධයෙන් සම්බන්ධීකරණය කිරීමේ කටයුත්ත සඳහා මෙහිදී කාන්තා නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මියව පත්කිරීමටද පොලිස්පතිවරයා පියවර ගෙන තිබේ. ළමා හා කාන්තා අපයෝජන වැලැක්වීමේ කාර්යාංශයේ ප්‍රධානියා වන ඇයද මෙම හමුවට සහභාගිවී සිට ඇත.

    5 ශිෂ්‍යත්ව ටියුෂන් ලබන 14දා සිට තහනම්

    0

    ශිෂ්‍යත්ව උපකාරක පන්ති එළඹෙන 14 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් LMD ධර්මසේන මහතා පවසයි.

    එළඹෙන 18 වනදා පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය අවසන් වන තුරු මෙම තහනම ක්‍රියාත්මක වන බව නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා කිියා සිටී.

    ඒ අනුව මෙම මස 14 දින සිට ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් උපකාරක පන්ති පැවැත්වීම සහ එම පන්ති මෙහෙයවීම, එම විභාගයට අදාළ සියලු සම්මන්ත්‍රණ, දේශන, වැඩමුළු පැවැත්වීම, විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න මුද්‍රණය කිරීම සහ ඒවා බෙදාහැරීම තහනම් වනු ඇත.

    එසේම විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත් පත්‍රිකා, විද්‍යුත් මාධ්‍ය හෝ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දේ ළඟ තබාගැනීම සපුරා තහනම් බව විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කර සිටී.

    චීන මහජන බැංකුව – IMF අතර ගිවිසුමක්

    0

    චීන මහජන බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි.

    චීන මහජන බැංකු අධිපති යී ගං මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදෙල් අධ්‍යක්ෂ ජනරාල් ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය මූල්‍ය හැකියා සංවර්ධන සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමට ඊයේ (08) අත්සන් තැබූහ.

    ගෝලීය මෙන්ම චීන ආර්ථික තත්ත්ව පිළිබඳවත්, චීනය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පවතින සහයෝගිතා පිළිබඳවත් ඔවුහු මෙහිදී අදහස් හුවමාරු කර ගත්හ.

    ජාවාරම්කරුවකුගෙන් අල්ලස් ගනිද්දීම ඉපලෝගම දූෂණ මර්දන OIC දැලේ

    0

    ඉපලෝගම පොලීසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා සහ පොලිස් කොස්තාපල්වරයෙකු රුපියල් 30,000ක අල්ලසක් ලබාගන්නා අවස්ථාවේදීම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විමර්ශන අංශයේ නිලදාරීන් විසින් ඊයේ (08 ) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

    වැටලීමකදී අත්අඩංගුවට ගත් නීතිවිරෝධි මත්පැන් ජාවාරම්කරුවෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර ඔහුව නිදහස් කිරීමටත් ඉදිරියේදී බාධාවක් නොමැතිව ඔහුට නීති විරෝධි මත්පැන් ජාවාරම කරගෙන යාමටත් මෙම අල්ලස් මුදල ලබාගෙන ඇත්තේ ජාවාරම්කරුගේ සහෝදරයාගෙනි.

    පොලිස් ස්ථානය තුළදී මෙම අල්ලස ලබාගන්නා අවස්ථාවේදීම එම නිලධාරීන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කිරීමටද අනුරාධපුර පොලිස් බලධාරීන් අද (09) පියවර ගෙන තිබුණි. සැකකරුවන්ව කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

    ආසිරි රෝහලේ සැත්කමෙන් පසු චාමික සුව අතට

    0

    ගෝල් ගැලැඩියේටර් කණ්ඩායම සමඟ පැවැති ලංකා ප්‍රිමියර් ලීග් තරගය අතරතුර උඩපන්දුවක් රැක ගැනීමේ දී මුහුණට පන්දුව පතිතවීමෙන් පසු ගාල්ල ආසිරි රෝහලේ දී සැත්කමකට ලක් කළ කැන්ඩි ෆැල්කන් ක්‍රීඩක චාමික කරුණාරත්න මේ වනවිට සම්පූර්ණ සුවය ලබා සිටියි.

    ඒ අනුව බොහෝ දුරට හෙට (10) රාත්‍රී ජැෆ්නා කණ්ඩායම සමඟ මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයට චාමික කරුණාරත්නට නැවත ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවණු ඇතැයි කැන්ඩි ෆැල්කන් කණ්ඩායමේ ආරංචි මාර්ග සඳහන් කරයි.

    හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගය අතරවාරයේ චාමික කරුණාරත්න මෙලෙස අනතුරකට ලක්වූ අතර එමගින් ඔහුගේ දත් 4ක් ගැලවී දෙතොළ පැලී තුවාල වී තිබිණි. ඒ අනුව වහාම චාමික කරුණාරත්න ගිලන් රථයකින් සූරියවැව සිට අධිවේගී මාර්ගයෙන් පැමිණ ගාල්ල ආසිරි රෝහලට ඇතුළත් කර ශල්‍යකර්මයකට ලක් කර තිබිණි.

    චාමික මේ සම්බන්ධයෙන් සිය සමාජ ජාල ගිණුම් ඔස්සේ කිසියම් සටහනක් තබා තිබේ. එහි සඳහන්ව ඇත්තේ එහිදී තමාගේ දෙතොල් සඳහා මැහුම් 30ක් දැමීමට සිදුවූ බවයි.

    චාමික ගාල්ල ආසිරි රෝහලේ වෛද්‍ය හා සෙසු කාර්ය මණ්ඩලය විසින් තමා සුව කිරීමට දැක්වූ දායකත්වය ගැන හෘදයාංගම ප්‍රශංසාව පුද කරමින් ඔහු ගෙනගිය ගිලන් රථ රියැදුරාට විශේෂ ස්තූතියක් පුද කර සිටියේ වාර්තාගත කාලයක් තුළ තමා රෝහල්ගත කිරීමට ඔහු තමා ගෙන ගිය බව පවසමිනි.

    සිය සහෘද ක්‍රීඩකයන් හා කාර්ය මණ්ඩලය ද ඔහු සිහිපත් කළේ තමා වෙනුවෙන් ඔවුන්ගේ ආශිර්වාදය ද තමා ඉක්මණින් සුවවීමට බලපෑ බව සඳහන් කරමින් ය.

    ගෙවුණු මාසයක පමණ කාලය තුළ සමාජ මාධ්‍ය ආදියෙහි බරපතළ විවේචනයට ලක්වූ තමා ගත කළ අසීරු කාලය තුළ හැඟුණු සියල්ල, මෙම සිදුවීමත් සමඟ තමා සමඟ සිටි පිරිස දැකීමෙන් යටපත් වූ බව ද චාමික කියයි.

    තමා වෙනුවෙන් ද තවමත් පිරිසක් ඉතිරිව සිටින බවත් ඔවුන් තමන්ට හැකි පමණ තමාට සහය වන බවත් චාමික සඳහන් කර සිටී. ඒ ගැන තමා අපමණ සතුටට පත්වන අතර ඉදිරියටත් තමා නොනැවතී ඔවුන් සියල්ලන් වෙනුවෙන් සිය උපරිමයෙන් ක්‍රීඩාවේ යෙදෙන බව චාමික අවධාරණය කර සිටී.

    “කිසිවකු තවකකුගේ සතුට වෙනුවෙන් මා ගැන ඍණාත්මක memes පළකරන්නේ නම් එයින් මට කමක් නැත. සැම කෙනකුටම තමන්ගේ මතයක් ඇති අතර එය කීමද ගැටලුවක් නැත. එය සටනක් නමුත් මා ඒ කිසිවක් සිතට ගන්නේ නැත. මටත් මගේ පවුලේ අයටත් එය දරාගැනීමේ හැකියාවක් ඇත. එහෙත් වෙනත් ක්‍රීඩකයකු/ක්‍රීඩිකාවක සම්බන්ධයෙන් එසේ කිරීමේදී සැලකිලිමත් වන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි. මන්ද කුමක් සිදුවුවත් ඔවුන් තම උපරිමය ලබා දීමට අඛණ්ඩව කරන කැපවීම සහ ඔවුන්ට දරාගැනීමට සිදුවන වේදනාව හෝ අන් සියල්ල අප නොදකින බැවින් ඒ ගැන ප්‍රශ්න නොකරන්න. ඒ නිසා අද හැමෝම මට සහයෝගය දුන් ආකාරයටම සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ ජනතාව සහයෝගයෙන් නැගී සිටින ලෙස මම ඉල්ලා සිටිමි. මම එය ඇත්තෙන්ම අගය කරමි.

    මීළඟ තරගය සඳහා මා විවේක ගත යුතුව තිබීම ගැන මම හම්බන්තොට ජනතාවගෙන් සමාව අයදිමි. එහෙත් අනෙක් තරයට මහනුවර වෙනුවෙන් සූදානම් වෙමි. වෙනදාටත් වඩා මම ශක්තිමත්ව ‘ලොකු හිනාවක් එක්කම එන්නම්’. පල්ලේකැලේදී හමුවෙමු. හැමවිටමට තරගයේදී මගේ උපරිමය දෙනවා වගේම මගේ ජනතාව වෙනුවෙනුත් මගේ රට වෙනුවෙනුත් දිගටම ක්‍රීඩා කරන බව මා කිව යුතුයි” යැයි චාමික කරුණාරත්න ශල්‍යකර්මයෙන් පසු අදහස් දක්වමින් පැවැසීය.

    ගෙවුණු පැය 24 තුළ ගුවන් ගමන් ආදායමේ වාර්තාගත ඉහළ යාමක්

    0

    කොවිඩ් වසංගතයෙන් පසු ශ්‍රී ලංකා ගුවන හරහා පියාසර කළ ජාත්‍යන්තර ගුවන් යානාවලින් ලැබු වැඩිම ආදායම ගෙවී ගිය පැය 24ක කාලය තුළ ලැබී ඇති බව ගුවන් ගමන් පාලක ආරංචි මාර්ග සඳහන් කරයි.

    ඒ අනුව ගෙවුණු පැය 24ක කාලය තුළ ශ්‍රී ලංකාව හරහා පියාසර කර ඇති ගුවන් යානා ගණන 117කි. ඒ සෑම ගුවන් යානයක්ම ශ්‍රී ලංකාවේ ගුවන පසුකර යනතුරුම ගුවන් ගමන් පාලකවරුන් විසින් දැඩි පරිශ්‍රමයකින් මෙහෙයවනු ලබයි.

    මෙම සෑම ගුවන් ගමනකින්ම ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් 250ක පමණ අදායමක් හිමිවන අතර ඒ අනුව ගෙවී ගිය පැය 24 තුළ රුපියල් කෝටියකට අධික මුදලක් රටට ලැබී තිබේ. මෙයට අමතරව එම කාලය තුළ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගුවන් යානා පැමිණීම සහ පිටවීම් 120ක් වාර්තා වී තිබේ.

    මේ දිනවල ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් පාලකවරුන්ගේ හිඟයක් ඇති බවට වාර්තා පළ වන අතර එම තත්ත්වය ද කළමනාකරණය කරගනිමින් මෙරට ගුවන් ගමන් පාලකවරුන් ඊයේ රාත්‍රිය මේ සියලු ගුවන් ගමන් ඉතා කාර්යබහුලව තත්ත්වයක් යටතේ වුවද සාර්ථකව මෙහෙයවා තිබේ.

    ඩුබායිවලින් රැගෙන ආ කෝටි 40ක රන් රේගුවේ හිරවේ

    0

    ඩුබායි සිට ඉන්දියාව හරහා මෙරටට හොර රහසේ රැගෙන පැමිණි රුපියල් මිලියන 400ක් පමණ වටිනා රන් කිලෝ 22ක් සමඟ ගුවන් මගීන් සිව් දෙනෙකු කටුනායක ගුවන්තොටුපොලේ දී රේගු නිලධාරීන් විසින් අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.

    ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි එම ශ්‍රී ලංකීය ගුවන් මගින් සිව් දෙනාගේ ගමන් මළුවල ඉතා සූක්ෂම ලෙස අසුරා මෙම රන් තොගය තිබී ඇත.

    පරීක්ෂා කිරීමේ දී ඔවුන්ගේ බෑගයන් තුළ සඟවා තිබූ රන් ආභරණ හා ද්‍රව ලෙස සකස් කරන ලද රන් කුඩු විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වී තිබේ. තවද රන්කුඩු සූක්ෂම ලෙස ආලේප කරන ලද ඇඳුම් 30ක් සොයා ගැනීම හැකිවිය.

    රන් ආභරණ ඉතා සූක්ෂම ලෙස හඳුනාගැනීඹට නොහැකි වන සේ වර්ණ ගන්වා තිබූ අතර, රන්කුඩු සැඟවීමට පහසු වන සේ කැප්සියුල් ආකාරයෙන් සකසා තිබුණු බව ශ්‍රි ලංකා රේගුව සඳහන් කරයි.

    ඉන්දියාවේ "Direcහtorate of Revenue Intelligence" ආයතනය මගින් ලබාදි තිබු බුද්ධි තොරතුරක් විශ්ලේෂණය කරමින් මෙම වැටලීම කර තිබේ.

    කිරිපි‍ටි මිලේ වෙනසක්

    0

    ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

    ඒ අනුව එහි නව මිල රු.1,240ක් බව ආනයනකරුවන්ගේ සංගමය පවසා ඇත.

    ඡන්දෙට රු. බිලියන 10ක් ඕනෑ

    0

    ඉදිරි පලාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් බිලියන 10 ක් වැයවනු ඇතැයි අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසම පවසයි.

    එහි කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී  රත්නායක මහතා සඳහන් කළේ එම වැය ඇස්තමේන්තුවට මෙවර අයවැයෙන් අනුමැතිය හිමිවී ඇති බවයි.

    මේ අතර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය මේ මස අවසන් සතියේදී නිකුත් කරන බව මැතිවරණ කොමිසම ඊයේ(08) නිවේදනය කළේය.

    මැතිවරණ කොමිසම සඳහන් කළේ ඒ සඳහා 2022 ඡන්ද හිමි නාම ලේඛනය පළාත් පාලන ආයතන මට්ටමින් සකස් කිරීම අවසන් කර ඇති බවයි.

    ඒ අනුව පළාත් පාලන ආයතන 341 ක් සඳහා ඡන්ද හිමි නාම ලේඛන සකස් කළ බව මැතිවරණ කොමිසම පවසයි.

    වාසුළියේ ගමන වෙනස් වීමෙන් වායු දූෂණයට අද වෙන දේ..

    0

    වායුගෝලයේ ගුණාත්මකබව අද (09) දිනයේ සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.එහි වායු දූෂණ කළමනාකාරණ ඒකකයේ ප්‍රධාන විද්‍යාඥ, සරත් ප්‍රේමසිරි මහතා ප්‍රකාශ කළේ, ඊයේ දිනට සාපේක්ෂව මේ වනවිට වායු දූෂණ මටට්ම 75 % කින් පමණ අවම වී ඇති බවයි.

    බෙංගාල බොක්ක අවට අඩු පීඩන තත්ත්වය නිසා ඇති වූ වාසුලියේ සුළං දිශාව වෙනස් වීමත් සමග මෙම තත්ත්වය සාමාන්‍යකරණය වෙමින් ඇති බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

    මේ අතර ඊයේ(08) දිනයේ දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මක දර්ශකය 150 – 200 ත් අතර අගයක්  දක්වා ඉහළ ගිය බව ද ඔහු ප්‍රකාශ කළේය.

    ඡායාරූපවල දැක්වෙන්නේ ඊයේ දින කොළඹ අහසේ වායුගෝලය newswave.lk කැමරා ඇසට හසුවූ ආකාරයයි.

    රෝහලෙන් මහපාරට..

    0

    ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය සේවක වෘත්තිය එකමුතුව විසින් අද කොළඹදී විරෝධතාවක් පවත්වා ‍තිබේ.

    ඒ ඖෂ්‍ය හිඟය පියවීම, වෛද්‍ය චමල් සංජීවගේ වැඩ තහනම ඉවත් කිරීම, බදු බර බඩු මිල අඩු කර ජනතාවට සහන දීම යනාදි ඉල්ලීම් කිහිපයක් විරෝධතාකරුවන්ගේ සටන් පාඨ ඇතුළත් පුවරුවල දක්වා තිබිණ.

    ප්‍රවීන ගායන ශිල්පියකු දිවිසැරියට සමුදෙයි

    0

    ප්‍රවීන ගායන ශිල්පී නුවන් ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

    අසනීප තත්ත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අද පස්වරුවේ දිවිසැරියට සමුදී ඇතැයි වාර්තා විය.

    දක්ෂ ගායකයකුගේ හැකියාවෙන් ඔබ්බට ගොස් පද රචකයකු, සංගීතඥයකු ලෙස ද සිය නිසඟ හැකියා පෙන්වූ ඔහු දශක ගණනාවක් තිස්සේ ජනප්‍රිය ගීත රැසක් දායාද කර තිබේ.

    කඳුළින්ම ගැයූ, කිරිමූදු වෙරළේ, පාවී ගියාවේ, සිහිල් පවනේ යන ගීත ඔහු ගැයූ විශාල සංඛ්‍යාවක ගීත අතුරින් කිහිපයක් පමණි.

    නවක ගායන ශිල්පියකු, නිවේදකයෙකු, නිරූපණ ශිල්පියෙකු හා රංගන ශිල්පියෙකු වන ගයාන් ගුණවර්ධන මහතා නුවන් ගුණවර්ධන මහතාගේ පුතනුවන් ය.

    පහත දැක්වෙන්නේ ඔහු එදා මෙදා තුර ගැයූ ගීතවලින් අතිශය ජනප්‍රියත්වයට පත්වූ ගීත කිහිපයකි.

    සේනා මර්දනයට පරපෝෂිතයෙක්

    0

    සේනා දළඹුවා මර්දනයට පරපෝෂිතයෙකු හඳුනාගත් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

    එම දෙපාර්තමේන්තුව පවසන්නේ වසර තුනක කාලයක් තිස්සේ සිදුකළ පරීක්ෂණයක් අනුව මෙම පරපෝෂිතයා හඳුනාගත් බවයි.

    “ටෙලිනෝමස් රීමස් ” නමැති ස්වාභාවික පරිසයේ වැඩෙන එම පරපෝෂිතයා හඳුනාගෙන ඇත්තේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වසර තුනක් තිස්සේ සිදුකළ පරීක්ෂණයක ප්‍රථිඵලයක් ලෙසිනි.

    මෙම පරපෝෂිතයා සේනා දළඹු බිත්තර විනාශ කරන අතර එමගින් දළඹුවාගේ ව්‍යාප්තියට බලපෑම් ඇති කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.

    සේනා දළඹු හානිය මර්දනයට රසායනික ද්‍රව්‍ය යොදා ගැනීමෙන් වළකින ලෙස ද  කෘෂිකර්ම අමාත්‍යාංය ගොවි ජනතාවට දැනුම් දී තිබේ.

    කෘෂිකර්ම අමාත්‍යාංශයේ තාක්ෂණික අධ්‍යක්ෂ අනුර විජේතුංග මහතා පවසන්නේ මේ වනවිට බඩඉරිඟු වගාවෙන් සියයට 10-15ත් අතර ප්‍රමාණයක සේනා දළඹුවා දක්නට ලැබෙන බවයි.

    ඒ නිසා බඩඉරිඟු වගාවට මාසයක් පමණ කල් පිරෙන තෙක් වගාව හොඳින් රැක බලා ගැනීම සිදු කළ යුතු බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කර සිටී.

    තිලංගට එරෙහිව අමරවීර ඉල්ලු වාරණය ප්‍රතික්ෂේප වෙයි

    0

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධූරයට හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාගේ පත්කිරීම නීතිවිරෝධී බවත් එය අත්හිටුවන ලෙසත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් කොළඹ දිසා අධිකරණයෙන් ඉල්ලා සිටි වාරණ නියෝගය කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

    කොළඹ දිසා අධිකරණයේ නඩු අංක 497/2022 යටතේ මහින්ද අමරවීර මහතා මෙම පෙත්සම ගොනු කරනු ලැබීය.

    ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් තිලංග සුමතිපාල මහතාට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාට එරෙහිවයි.

    පැමිණිලිකාර මහින්ද අමරවීර මහතා වෙනුවෙන් නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා පෙනී සිටියේය.

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් තිලංග සුමතිපාල මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක මහතා පෙනී සිටියේය.