fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපති නියෝගයෙන් හරක් මස් සහ එළුමස් ප්‍රවාහනය වහාම අත්හිටුවයි

    ජනපති නියෝගයෙන් හරක් මස් සහ එළුමස් ප්‍රවාහනය වහාම අත්හිටුවයි

    ගෙවුණු දෙදින තුළ උතුරු සහ නැගෙනහිර පළාත්වල සතුන් දහසකට අධික සංඛ්‍යාවකගේ හදිසි මිය යාම හේතුවෙන්, දිස්ත්‍රික් හා පළාත් මට්ටමින් හරක් මස් සහ එළුමස් ප්‍රවාහනය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ජනාධිපතිවරයා නියෝග කර තිබේ.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම නියෝගය කර ඇත්තේ මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සහතික කිරීම සඳහා ය.

    ගෙවුණු දෙදින තුළ උතුරු සහ නැගෙනහිර පළාතේ ගවයන්, එළුවන්, මී ගවයන් 1092ක් මියගොස් ඇති බවට තහවුරු කරගෙන තිබේ.

    ඊට අදාළව මහජන සෞඛ්‍යාරක්ෂාව උදෙසා පිළිබද ජනාධිපතිවරයා කළ නියෝග පහතින්.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.