fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අද සම්මත පනත්වලින් ජනවාරියේ සිට පැනවෙන බදු

    අද සම්මත පනත්වලින් ජනවාරියේ සිට පැනවෙන බදු

    පාර්ලිමේන්තුවේදී අද සම්මත කරගත් දේශීය ආදයම් සංශෝධන පනත් කෙටුම්පත හා එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත අදාළ නියෝග ලබන ජනවාරි පළමු වනදා සිට ක්‍රියාත්මක වෙයි.

    එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණේ පක්ෂව ඡන්ද 82ක් හා විපක්ෂව ඡන්ද සංඛ්‍යාව 41 ක් ලබාගනිමිනි.

    දේශීය ආදායම් බදු සංශෝධන පනත් කෙටුම්පත ද වැඩි ඡන්ද 43 කින් සම්මත වුණේ ඊට පක්ෂව ඡන්ද 79 ක් හා විපක්ෂව ඡන්ද 36 ක් හිමිකරගනිමිනි.

    ඒ අනුව අද සම්මත කරගත් නව එකතු කළ අගය මත බදු පනත් සංශෝධනයට අනුව මහල් නිවාස මිලදී ගැනීමේදී 15%ක වැට් බද්දක් එය පළමු වර මිලදී ගන්නා පුද්ගලයින් විසින් ගෙවිය යුතුය.

    මෙතෙක් පැවති රුපියල් මිලියන 300ක වාර්ෂික පිරිවැටුමකට අය කෙරුණු 15%ක් වූ වැට් බද්ද වාර්ෂිකව රුපියල් මිලියන 80ක පිරිවැටුමක් ලබන ව්‍යාපාරවලට ද අදාළ කෙරේ.

    අද සම්මත වූ දේශීය ආදයම් පනත් කෙටුම්පතේ සංශෝධනයට අනුව වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 12 ඉක්මවන පුද්ගලයින් ආදායම් බදු ගෙවීමට යටත් වෙයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.