fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඡන්දෙට රු. බිලියන 10ක් ඕනෑ

    ඡන්දෙට රු. බිලියන 10ක් ඕනෑ

    ඉදිරි පලාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් බිලියන 10 ක් වැයවනු ඇතැයි අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසම පවසයි.

    එහි කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී  රත්නායක මහතා සඳහන් කළේ එම වැය ඇස්තමේන්තුවට මෙවර අයවැයෙන් අනුමැතිය හිමිවී ඇති බවයි.

    මේ අතර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය මේ මස අවසන් සතියේදී නිකුත් කරන බව මැතිවරණ කොමිසම ඊයේ(08) නිවේදනය කළේය.

    මැතිවරණ කොමිසම සඳහන් කළේ ඒ සඳහා 2022 ඡන්ද හිමි නාම ලේඛනය පළාත් පාලන ආයතන මට්ටමින් සකස් කිරීම අවසන් කර ඇති බවයි.

    ඒ අනුව පළාත් පාලන ආයතන 341 ක් සඳහා ඡන්ද හිමි නාම ලේඛන සකස් කළ බව මැතිවරණ කොමිසම පවසයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.