fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පරිසරවේදියාගේ නිවසේ සොල්දරෙන් ගිනි අවි මතුවෙයි

    පරිසරවේදියාගේ නිවසේ සොල්දරෙන් ගිනි අවි මතුවෙයි

    මේ වන විට මියගොස් සිටින පරිසර වේදියෙක් වන නිහාල් වීරක්කොඩි මහතා පදිංචිව සිටි පිළියන්දල හොරණ පාරේ හොන්නත්තර දකුණේ පිහිටි නිවසේ තිබී ගිනි අවි සහ පතොරම් රැසක් සොයාගෙන තිබේ.

    ටී 56 අවියක්, මැගසින් 04ක්. ටී 56 පතොරම් 116ක්, බෝර 12 වර්ගයේ ගිනි අවියක් සහ මෝටර් උණ්ඩයක් ඒ අතර තිබී ඇත.

    ඒ මහතාගේ පුතා වන මිහිනාත් වීරක්කොඩි මහතා නිවසේ උඩුමහලේ සොල්දර තට්ටුවක යන්ත්‍ර උපකරණ කාමරය පරීක්ෂා කිරීමේදී මෙම ගිනි අවි හමුවී තිබේ.

    ඒ ගැන කැස්බෑව පොලීසියට මිහිනාත් වීරක්කොඩි මහතා විසින් කළ පැමිණිල්ලකට අනුව පොලීසිය ඊයේ එම නිවසට ගොස් පරීක්ෂාකර ගිනි අවි සහ පතොරම් සිය භාරයට ගෙන ඇත. ටී 56 අවියේ අනුක්‍රමික අංකය මකා දමා තිබී ඇත. බෝර 12 අවිය බලපත්‍ර සහිත එකක් බවත් එහි අංක තිබී ඇත්තේ මකා දමා බවත් පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img