fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සරසවි සිසුන්ගේ ප්‍රහාරයකින් පේරාදෙණියේ හිටපු උපකුලපති සහ පුතා රෝහල්ගත කෙරේ

    සරසවි සිසුන්ගේ ප්‍රහාරයකින් පේරාදෙණියේ හිටපු උපකුලපති සහ පුතා රෝහල්ගත කෙරේ

    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති අතුල සේනාරත්න සහ ඔහුගේ පුතාවන ප්‍රමිත සේනාරත්න මහත්වරුන්ට විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් විසින් කළ පහරදීමෙන් තුවාල තබා රෝහල්ගතකර තිබේ.

    මෙම පහරදීම සිදුව ඇත්තේ ඊයේ රාත්‍රී කාලයේදීය.

    හිටපු උපකුලපති අතුල සේනානායක මහතා මේ වන විට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පීඨාධිපතිවරයෙක් ලෙස සේවය කරන අතර ඔහු පදිංචිව සිටින්නේ විශ්ව විද්‍යාල භූමියේ ඇති නිල නිවසකය.

    පොලීසිය පවසන්නේ ඊයේ රාත්‍රී කාලයේ අතුල සේනානායක මහතාගේ පුතා මෝටර රථයේ නැගි ගලහා පාර ඔස්සේ ගමන්කරමින් සිටියදී විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනකු ගමන් කරමින් සිටි යතුරුපැදියක මෝටර් රථය ගැටී අනතුරක් සිදුවූ බව කිමින් 300කට වැඩි සිසුන් පිරිසක් නිල නිවස වටකර මෙම පහරදීම කර ඇති බවය.

    පොලිස් විමර්ශන වලින් අද උදෑසන අනාවරණය වී ඇත්තේ රිය අනතුරක් සිදුවී නොමැති බවය. මාර්ගය අවහිරවන ලෙස විශ්ව විද්‍යාල සිසුන් යතුරුපැදි දෙකක් නතරකර තිබී ඇති බවත් හිටපු උපකුලපතිවරයාගේ පුතා විසින් එම යතුරුපැදිවලට පයින් පහරදී ඇති බවත්ය.

    එම සිද්ධිය මුල්කරගෙන විශ්ව විද්‍යාල සිසුන් උපකුලපතිවරයා නවාතැන් ගෙන සිටින නිල නිවස වටකර මෙම පහරදීම කර ඇති බව පේරාදෙණිය පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.