fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මත් ජාවාරම්කරුගේ 'සෝල්' බීච් හෝටලය රජයේ ඉඩමක හදලා

    මත් ජාවාරම්කරුගේ ‘සෝල්’ බීච් හෝටලය රජයේ ඉඩමක හදලා

    ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් යන අයට අයත් බව කියන දෙහිවල සෝල් බීච් හෝටලය මීට මාස කිහිපයකට ඉහතදී වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොලීසියේද සහය ඇතිව කඩා ඉවත් කිරීමෙන් පසුව පසුගිය දිනවල නැවත ඉදිකිරීම් සිදුකර ගෙන ගොස් ඇත.

    මේ සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් සිදුකරන ලද විමර්ශනයේදී සැකකරුවන් විසින් ඉදිරිපත් කර ඇති බදු ඔප්පුව ව්‍යාජ ලෙස සකස් කර ඇති බවට විමර්ශන නිළධාරීන් වෙත අනාවරණය වීමෙන් පසුව නිළධාරීන් කණ්ඩායමක් ඉහත හෝටලය නැවත ඉදි කරන ස්ථානය වෙත ගොස් එහි ඉදිකිරීම් කටයුතු සිදුකරමින් සිටි සැකකරුවන් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඊයේ (14) අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත. එහිදී සැකකරුවන් මේ මස 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

    මෙම ප්‍රශ්න සහගත ඉඩම රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිළධාරීන් කණ්ඩායමක් විසින් පරීක්ෂා කිරීමෙන් පසු එය රජයේ සතු ඉඩමක් බවටද වාර්තා කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

    මෙම සැකකරුවන්ට එරෙහිව පොදු දේපල පනතේ 5(1), 5(2) වගන්ති යටතේ ලංකා දණ්ඩ නීති සංග්‍රහ පනතේ 32 වගන්තිය සමග කියවෙන 433 වගන්තිය යටතේ සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.