fbpx
තවත්

    ලෝකයට ඇති ත්‍රස්තවාදය වැනිම තර්ජනයක් ගැන ජනපති හෙළිකරයි

    0

    නූතන ලෝකයට දේශගුණික විපර්යාස ද ත්‍රස්තවාදය වැනිම තර්ජනයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ලෝක නායකයන් අවංකව මෙයට සම්බන්ධ නොවන්නේ නම්, ගෝලීය දේශගුණය නරක අතට හැරෙන විට සහ වාසස්ථාන අහිමි වනවිට පැත්තකට වී සිටීමේ වරදට වරදකරුවන් වනු ඇති බව ජනාධිපතිවරයා ජාත්‍යන්තරයට අවධාරණය කර සිටී.

    දේශගුණික විපර්යාසවලට ප්‍රතිඵලදායක ලෙස විසඳුම් ලබාදිය හැකි රටවල් දේශගුණික ක්‍රියාකාරකම්වලට ඍජුව මැදිහත් නොවීම අනාගත මානව වර්ගයාගේ පැවැත්මට තර්ජනයක් විය හැකි බව හෙතෙම පෙන්වා දේ.

    COP27 සමුළුවේ සාර්ථකත්වයට ලොකුම බාධාව දේශපාලනීකරණය සහ කල්මරමින් සිටීම බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ COP27 ගිවිසුම පිළිබඳ විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමිනි.

    එම සම්පූර්ණ ප්‍රකාශය පහත පරිදි වේ.
    “මානව වර්ගයාගේ අනාගතයට ඇති විශාලතම තර්ජනය වන දේශගුණික විපර්යාසවල‍ට මුහුණ දීම සඳහා COP යටතේ වසර 27 ක් තිස්සේ ලෝක නායකයින් රැස්ව සිටිති. එහෙත්, COP ක්‍රියාවලිය මගින් එකඟවී ඇති පරිදි දේශගුණික ක්‍රියාකාරකම් පිළිබඳ විශ්වීය සහ සහයෝගී සැලැස්මක් ක්‍රියාවට නැංවීමට අපි මුලපුරා නැත.

    COP27 සමුළුවේදී ඇතිකරගත් එකඟතාවන්, අනුපූරක සහ ප්‍රගතිශීලී පිළියමක් කරා ලෝකයේ ජාතීන් යොමු කිරීමට අපොහොසත් වී ඇත. කණගාටුවට කරුණක් නම්, සාර්ථකත්වයට ඇති ලොකුම බාධාව දේශපාලනීකරණය සහ කල්මරමින් සිටීමයි. සමුළුවේ අවසාන ප්‍රතිඵලය කණස්සලුදායකය.

    විශාලතම හානිවලට ඓතිහාසික ලෙස වගකිව යුතු හා දේශගුණික විපර්යාසයන්ට ප්‍රතිඵලදායක විසඳුම් ලබා දිය හැකි රටවල නායකයින් මෙම සමුළුවට සහභාගි නොවීම, දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ක්‍රියාකාරකම්වල ඉදිරි ගමනට විශාල බාධාවකි.

    සමකය ආසන්නයේ දකුණු අර්ධ ගෝලයේ ජාතීන්ට (Global South) අර්ධ ජයග්‍රහණයක් වන ‘හානි හා අලාභ අරමුදල‘ ලබා ගැනීම වෙනුවෙන් සටන් කිරීමට සිදුවිය. එය සාත්ෂාත් කර ගනු ලැබූවේ G77 ජාතීන් එකාවන්ව පෙළ ගැසී පසුගිය වසරවල එල්ල කළ පීඩනයේ ප්‍රතිඵලයක් වශයෙනි.

    හානි හා අලාභ අරමුදල නිවැරදි දිශානතියේ පියවරක් වුවත්, ඒ සඳහා අවශ්‍ය මූල්‍ය දායකත්වය සැපයීම සඳහා වගකිව යුතු ජාතීන් හඳුනාගැනීමේ දී දැඩි අතපසු වීමක් සිදු වී තිබේ. අරමුදල පිහිටුවීමේ මූලාශ්‍රවල වගකීම් හෝ වන්දි පිළිබඳ ප්‍රතිපාදන ඇතුළත් නොවේ. එනිසා, G77 රටවලට හානි හා අලාභ අරමුදල එහි පූර්ණ විභවතාවයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා මෙම අඩුපාඩු සපුරාලීමේ ව්‍යාපාරය අඛණ්ඩව කරගෙන යාමට අවශ්‍ය වනු ඇත.

    එපමණක් නොව, මෙම අරමුදල පසුගාමීය. එය සිදු වූ හානි සඳහා පමණක් වන්දි ලබා දෙනු ඇත. එය දේශගුණික විපර්යාසවලට මූලික වූ හේතු ආමන්ත්‍රණය නොකරයි. එබැවින් දැනට සිදු වෙමින් පවතින පරිසර විනාශය මැඩපැවැත්වීම අත්‍යවශ්‍ය වන අතර ඒ සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 100ක මූල්‍ය ආධාර ඉලක්කය සපුරා ගැනීමට ඉලක්කගත උත්සාහයක් දැරීම අත්‍යවශ්‍ය කරුණකි.

    ලෝකය මීට පෙර පුරෝකථනය කළ ප්‍රමාණයට වඩා වේගයෙන් දියුණු වෙමින් පවතින අතර, ඒ නිසා දේශගුණික විපර්යාස අවම කිරීමේ ප්‍රයත්නයන් කල්මැරීමට ඉඩ හැරිය නොහැක. ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5ට වඩා වැඩි වීමට ඉඩ නොදිය යුතු බවට පසුගිය වසරේදී ලෝකය ඒකමතික තීරණයකට පැමිණියේය. මේ සඳහා ක්‍රියාකාරී සැලැස්මකට ද එකඟ විය.

    කෙසේ වෙතත්, එහි මුල් ඉලක්කය නොවෙනස්ව තිබෙන අතර, මෙම ඉලක්කය සපුරා ගත යුතු ආකාරය COP 27 හි ගත් තීරණ දෙස බලන විට යම් පසුබෑමකට ලක්ව තිබේ . තවද, ෆොසිල ඉන්ධනවලින් ක්‍රමානුකූලව ඉවත්වීමේ හෝ විමෝචනය පිළිබඳ නව ඉලක්ක කෙරෙහි දැඩි කැපවීමකින් ක්‍රියාත්මක වන බව නොපෙනෙයි. මෙම ගිවිසුම් වෙඩි පහරකින් ලත් තුවාලයකට දමන ලද කුඩා වෙළුම් පටියක් බඳුය. දේශගුණික විපර්යාස නූතන ලෝකයට ත්‍රස්තවාදය වැනිම තර්ජනයකි. ලෝක නායකයන් අවංකව මෙයට සම්බන්ධ නොවන්නේ නම්, ගෝලීය දේශගුණය නරක අතට හැරෙන විට සහ වාසස්ථාන අහිමි වන විට පැත්තකට වී සිටීමේ වරදට වරදකරුවන් වනු ඇත.

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත COP28 සමුළුව තවත් ආරම්භයක්ම නොවිය යුතු අතර, ඒ වෙනුවට අතීත තීරණ ක්‍රියාත්මක කිරීමේ කේන්ද්‍රස්ථානයක් විය යුතුය. එය බලශක්ති ක්ෂේත්‍රය කෙරෙහි දැඩි අවධානයක් යොමු කෙරෙන මෙන්ම දේශගුණික විපර්යාස සඳහා ගෝලීය ප්‍රතිචාරය ශක්තිමත් කෙරෙන වසරක ආරම්භය සනිටුහන් කරන මුද්‍රාවක් විය යුතුය.

    මෙම සමුළුව අර්ථවත් වීමට නම්, COP 28 හි තිරසාර ප්‍රගතියක් ලබා ගත යුතුය. එසේ නොමැති නම්, COP විසුරුවා හැරීම වඩාත් සුදුසුය. මේ ආකාරයට පවත්වා ගෙන යා යුතු නැත.”

    උත්සව සමයේ බිත්තර මිල ඉහළට!

    0

    බිත්තරයක් රුපියල් 55 කට අලෙවි කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි.

    ඔවුන් පෙන්වා දෙන්නේ උත්සව සමය නිමාවන තෙක් හෝ එම මිලට බිත්තර අලෙවි කිරීමට අවස්ථාව අවස්ථාව ලබාදෙන ලෙසයි.

    මේ වන විට බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 46.90 ක මුදලක් වැයවන බව බිත්තර නිෂ්පාදකයෝ පවසති.

    ඩීසල් මිල, ඩොලරයේ ඉහළ යාම ඊට හේතු ලෙස ඔවුහු දක්වති.

    අලුත් වූ දුම්රිය කාලසටහන ලබන සතියේ සිට..

    0

    දුම්රිය කාලසටහන දෙසැම්බර් 5 වැනිදා සිට අදියර වශයෙන් සංශෝධනය කෙරේ.

    ඒ යටතේ කැලණිවැලි දුම්රිය මාර්ගයේ කාලසටහන ලබන මස 5 වැනිදා සිට සංශෝධනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    අනෙකුත් මාර්ගවල වෙනස්කම් ද ඉදිරියේදී දැනුම් දීමට නියමිතය.

    ඒ සමගම දුම්රිය ධාවන කටයුතු විනාඩි 5ත් 10ත් අතර වෙනසක් සිදුවන බව සඳහන් ය.

    මේ අතර, දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවක හිඟය හේතුවෙන් දුම්රිය සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාමට බාධා මතුව ඇතැයි ද වාර්තා වේ.

    දැනට පවතින සේවක පුරප්පාඩු 8000 පිරවීමට මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති වීම ඊට හේතුවයි.

    අද විදුලිය කැපෙන හැටි

    0

    අද (30) දින රටපුරා පැය 2යි විනාඩි 20ක කාලයක විදුලි කප්පාදුවක් සැලසුම් කර තිබේ.

    මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කරන ලද අද විදුලි කප්පාදු කාලසටහන පහත දැක්වේ.

    එස්.ටී.එෆ්. එකට ලැබුණු හමුදා ඔත්තුව

    0

    ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සපයන ලද බුද්ධි තොරතුරක් මත කිලිනොච්චි කඳවුරට අනුයුක්ත විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ධර්මපුරම් හී චුන්ඩිකුම රක්ෂිතයේ ස්ථාන දෙකක සඟවා තිබුණු කේරල ගංජා කිලෝ 55ක් ඊයේ සොයාගෙන තිබේ.

    රුපියල් ලක්ෂ 65ක් පමණ වන මෙම කේරල ගංජා තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ග ඔස්සේ ධිවර බෝට්ටුවල සඟවා මෙරටට රැගෙනවිත් ඇති බව විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

    මෙම කේරල ගංජා තොගය ප්‍රවාහනය කිරීමේ සූදානමින් මෙසේ සඟවා තිබෙන්නට ඇති බව පොලීසිය සැකකරයි. සැකකරුවන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැත.

    ශ්‍රීලංකන් ගුවන් සේවය යළිත් ‘Raid Amazones 2023’ ශ්‍රී ලංකාවට රැගෙන එයි

    0

    ශ්‍රී ලංකාව ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් ලෙස ලොවපුරා ප්‍රචලිත කිරීමේ අරමුණින් ශ්‍රීලංකන් ගුවන් සේවය අඛණ්ඩව දෙවන වරටත් Raid Amazones 2023 හි හවුල්කාරීත්වය දැරීමට තීරණය කර තිබේ. ඒ අනුව ප්‍රංශයේ ආරම්භ වූ ජනප්‍රිය වාර්ෂික ත්‍රාසජනක ක්‍රීඩා ඉසව්වක් වන Raid Amazones තරඟාවලිය 2023 වසරේ මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ අවසන් රාජධානියේ කේන්ද්‍රස්ථානය වූ සෙංකඩගල හෙවත් මහනුවර දී පැවත්වීමට කටයුතු සැලසුම් තර තිබේ.

    මෑතදී මෙරට තුළ පැවති SriLankan Airlines Global Sales Conference හිදී Raid Amazones-2023 ඉදිරියේදී ශ්‍රී ලංකාවට යළිත් එන බව නිවේදනය කරන Raid Amazones නිර්මාතෘ Alexandre Debanne

    මේ පිළිබඳව අදහස් දක්වමින් Raid Amazones, හි නිර්මාතෘ, Alexandre Debanne මෙසේ සඳහන් කලේය. “පසුගිය වසරේ පැවති තරඟාවලිය දෙස ආපසු හැරී බලන විට, ශ්‍රීලංකන් ගුවන් සේවය නොමැතිව එම තරඟය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට අපිට කිසිසේත් නොහැකි වන බව නම් විශ්වාසයෙන් කියන්න පුළුවන්. ලබන වසරේ දී, මෙම තරඟාවලිය වර්ණවත් කරන සියලුම නව්‍යතාවයන් සහ සහයෝගය ශ්‍රී ලංකාවෙන් ලැබෙනු ඇතැයි ස්ථිර සහතිකයක් සහ විශ්වාසයක් ඇති නිසයි අපි නැවත පැමිණෙන්නේ. ඒ වගේම මෙම තරඟාවලිය මහනුවර දී පැවැත්වීම අපට නවමු ඇත්දැකීමක් වනු ඇත. ” යනුවෙන් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

    ශ්‍රීලංකන් ගුවන් සේවයේ සභාපති, අශෝක් පතිරගේ මහතා පැවසුවේ ලොව පුරා සිටින ත්‍රාසජනක ක්‍රීඩා ලෝලීන්ගේ හදවත් තුළ ශ්‍රී ලංකාව ස්ථානගත කිරීම සඳහා Raid Amazones 2023 සමඟ නැවත හවුල් වීමට ලැබීම ගැන සතුටට පත්වන බවයි.

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා

    “මෑතකාලීන අභියෝගවලින් රට නැවත ප්‍රගතියක් ලබමින් සිටින මොහොතක ගෝලීය මාධ්‍ය තුළ අවධානය ලබා ගැනීම සහ ජාත්‍යන්තර සංචාරකයින්ගේ විශ්වාසය දිනා ගැනීමට ලැබීම පිළිබඳව ජාතික ගුවන් සේවය ලෙස අපි ආඩම්බර වෙමු. Raid Amazones 2023 සහභාගිවන්නන් සහ අනුගාමිකයින් යන දෙඅංශයෙන්ම අතිමහත් පිරිසක් ගෙන්වා ගැනීමට අපි අපේක්ෂා කරමු.” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    ශ්‍රීලංකන් එයාර්ලයින්ස් විසින් 2022 දී ප්‍රථම වරට Raid Amazones අනුග්‍රහය දැක්වුයේ පැරිස් වෙත නැවත මෙහෙයුම් ආරම්භ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි. පසුගිය වසරේ දී එම තරඟාවලිය හරහා ශ්‍රී ලංකාවට විශාල ගෝලීය මාධ්‍ය ආවරණයක් ලැබුණු අතර ගුවන් සේවය ප්‍රංශ ක්‍රීඩිකාවන් 504ක් රැගෙන ඒම සඳහා කටයුතු සලසන ලදී. එහි දී Raid Amazones 2022’ හි නිල ගුවන් සේවා සහකරු වූ ශ්‍රීලංකන් ගුවන් සේවය ඒ වෙනුවෙන් සිය ගුවන් යානයක් හැඩගැන්වීමට කටයුතු කරන ලදී.

    “සිවුර දැම්මා කියලා ධර්මයට විරුද්ධව වැඩකරන්න විශේෂ ආරක්ෂාවක් ගන්න බෑ”

    0

    විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන එක් භික්ෂූන් වහන්සේ නමක් මල්වතු, අස්ගිරි මහානායක හිමිවරුන්ට දොෂාරෝපණය කරනු තමා දුටු බවත් “කවුද මේ අය, භික්ෂූන් වහන්සේලාද, වෛතුල්‍යවාදීන්ද කියලා අපිට අහන්න වෙනවා” යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී විමසීය.

    “සිවුරු දැම්මා කියලා ධර්මයට විරුද්ධව ක්‍රියා කරන්න එයින් විශේෂ ආරක්ෂාවක් ගන්න බැහැ. ඒ නිසා මේ පනත අවශ්‍යයි. ඇතැම්විට මේ හැසිරීම තුළින් පැවිදි සමාජය තුළ තිබෙන ප්‍රශ්න ගිහි සමාජය තුළින් මතු කෙරෙනවා. මෙහිදී අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළයුතුයි.” යැයි ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    අපගේ සංඝයා වහන්සේ ධර්මය අනුව ක්‍රියා නොකරනවිට ප්‍රශ්න ගණනාවක් ඇති වන අතර එය බුදුන්වහන්සේගේ සමයේ සිටම සිදුවන දෙයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ දේවදත්ත හිමි බුදුන්වහන්සේට එරෙහිව ක්‍රියා කළේ ද සිවුර දරාගනිමින් සිටියදී බව ය.

    පරාභව සූත්‍රයේ සඳහන් වන්නේ ධර්මය ගැන මිස සංඝරත්නය ගැන නොවන බවත් විපක්ෂනායකවරයා ධර්මය සහ සංඝරත්නය මිශ්‍ර කරගෙන ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සිහිපත් කළේය.

    සංඝ විනය ආරක්ෂා කිරීමට මහා සංඝරත්නයට බලය ලබාදෙන කතිකාවතක් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතකට පළමුවතාවට අනුමැතිය ලබා දුන්නේ ඒ වෙනුවෙන් බව ද ජනාධිපතිවරයා පැවසීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

    “අද ආගමික කටයුතු හා බුද්ධ ශාසන අමාත්‍යාංශයට අදාළ විෂයය පිළිබඳ සාකච්ඡා කරන අවස්ථාවේ පළමුවෙන්ම මම ස්තූතිවන්ත වෙනවා විපක්ෂ නායකතුමා පරාභව සූත්‍රය ගැන මට කළ දැනුම්දීම පිළිබඳව.

    ඇත්ත වශයෙන්ම මම දන්න විදියට පරාභව සූත්‍රයේ මහා සංඝරත්නය ගැන කතා කරන්නේ නැහැ. බුදුන් වහන්සේ දේශනා කර තිබෙන්නේ,

    සුවිජානෝ භවං හෝති
    සුවිජානෝ පරාභවෝ
    ධම්ම කාමෝ භවං හෝති
    ධම්ම දෙස්සී පරාභවෝ

    (දියුණුවන පුද්ගලයා එම කරුණු අනුව දැනගත හැකිය. පිරිහෙන පුද්ගලයාද එසේම දැනගත හැකිය. දස කුසලයේ යෙදෙන තැනැත්තා දියුණුවන අතර ඊට ද්වේශ කරන කෙනා පිරිහෙයි) යනුවෙනි.

    බුදු දහමේ සඳහන් වෙනවා බුද්ධ, ධම්ම, සංඝ පිළිබඳව. පරාභ‍ව සූත්‍රයේ සඳහන් වෙන්නේ ධර්මය ගැන මිස සංඝරත්නය ගැන නොවෙයි. මම හිතන්නේ අපේ විපක්ෂ නායකතුමා ධර්මයයි, සංඝරත්නයයි දෙක මිශ්‍ර කරලා තිබෙන්නේ. අපි එය වෙන්කරගත යුතුයි. මොකද ගිහි පැවදි සියලුදෙනා ධර්මය පිළිපැදිය යුතුය. ඇතැම්විට ගිහි අයට ධර්මය පිළිපදින්නේ නැතිව ඉන්න පුළුවන්. එහෙත් අපි ජිවත්විය යුත්තේ ධර්මයට අනුවයි. මම තව කරුණක් එතුමාට මතක් කරන්න කැමතියි.

    අසන්තස්ස පියා හොන්ති
    සන්තේ න කු‍රුතේ පියං
    අසතං ධම්මං රෝචේති
    තං පරාභවතෝ මුඛං

    (මොහුට අන්‍ය ශ්‍රාස්තෘන් ප්‍රිය වෙත්ද, බුද්ධාදි සත්පුරුෂයන් ප්‍රිය නොවෙත්ද, දෙසැටක මිත්‍යාදෘෂ්ටීන් ඇති අසත්පුරුෂ ධර්මය ප්‍රිය කරන්නේ ද මේ කරුණු 03 පිරිහීමේ දෙවන දොරටුවයි.)

    මම එම අවවාදය අපේ විපක්ෂනායකතුමාට දෙන්න කැමතියි. ඇත්ත වශයෙන්ම අපේ ශාසනයේ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. අපි පළමුව බලාපොරොත්තු වෙන්නේ ගිහි පැවිදි සියලුදෙනා ධර්මය අනුව ක්‍රියා කරනු ඇති බවයි.

    අපේ සංඝයා වහන්සේ ධර්මය අනුව ක්‍රියා නොකරනවිට ප්‍රශ්න ගණනාවක් ඇති වෙනවා. ඒක බුදුන්වහන්සේගේ සමයේ සිටම සිදුවන දෙයක්. දේවදත්ත සිවුරු දරාගෙන තමයි බුදුන්වහන්සේට එරෙහිව ක්‍රියා කළේ.

    අපේ ශාසනික කටයුතුවලදී අවධානය යොමුකළයුතු ප්‍රශ්න ගණනාවක් අද තිබෙනවා. ඒකයි අපි පළමුවතාවට සංඝ විනය ආරක්ෂා කිරීමට මහා සංඝරත්නයට බලතල ලබාදීමේ කතිකාවතක් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතකට අනුමැතිය ලබාදී තිබෙන්නේ. මේ සඳහා නීති සම්පාදක දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලැබීමෙන් පසු අපි එය මේ සභාවට ඉදිරිපත් කරනවා. මොකද යම් කිසි පාලනයක් තිබිය යුතුයි. අතීතයේ මේ රට පාලනය කළේ රජවරු. ඒ රජවරු මගින් තමයි ශාසනයේ යම් යම් ප්‍රතිසංස්කරණ සිදු වුණේ.

    පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ ඇතැම් සංඝයාවහන්සේලාට මරණ දඬුවම නියම කළා. අපිට ඒවා කරන්න බැහැ. ඒ සඳහා ව්‍යවස්ථාවෙන් අපට බලයකුත් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තිය යටතේ භික්ෂූන් වහන්සේ‍ලාගේ විනය පිළිබඳ සඳහන් වෙනවා. සියම් නිකාය, අමරපුර නිකාය සහ රාමඤ්ඤ නිකාය නමින් අපිට කතිකාවත් 03ක් තිබෙනවා. ශාසනික කටයුතුවලදී අවධානය යොමු කළ යුතු ප්‍රශ්න ගණනාවක් අද අපට තිබෙන නිසා මෙම කෙටුම්පත අවශ්‍ය වෙනවා.

    මම දැක්කා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන එක් භික්ෂූන් වහන්සේ නමක් අපේ මල්වතු, අස්ගිරි මහානායක හිමිවරුන්ට බනිනවා, දොෂාරෝපණය කරනවා. කවුද මේ අය, භික්ෂූන් වහන්සේලාද, වෛතුල්‍යවාදීන්ද කියලා අපිට අහන්න වෙනවා.

    සිවුරු දැරුවා කියලා ධර්මයට විරුද්ධව ක්‍රියා කරන්න එයින් විශේෂ ආරක්ෂාවක් ගන්න බැහැ. ඒ නිසා මේ පනත අවශ්‍යයි. ඇතැම්විට මේ හැසිරීම තුළින් පැවිදි සමාජය තුළ තිබෙන ප්‍රශ්න ගිහි සමාජය තුළින් මතු කෙරෙනවා. මෙහිදී අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළයුතුයි.

    අද භික්ෂුන් වහන්සේලා ලෙස විශාල පිරිසක් විශ්වවිද්‍යාලවලට ඇතුලත්වුණත් අවසන් වෙනකොට ඉන්නේ ගිහියන් විදියට. අපි පළමුවෙන්ම තීරණය කළයුතුයි භික්ෂුන් වහන්සේ‍ලා විදියට විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණොත්, භික්ෂුන් වහන්සේ ලෙසම උපාධිය ලබාගෙන ඉන් පිටවිය යුතු බව. ඒ ගැන මහානායක ස්වාමීන්වහන්සේලා සමග සාකච්ඡා කළ යුතුයි.

    ඒවගේම විශ්වවිද්‍යාල තුළ හැසිරීම මේ කතිකාවන්ට සම්බන්ධ කළයුතුයි. මේ යන ක්‍රමවේදය තවදුරටත් ඉදිරියට පැවතුනොත් අපේ ශාසනය නැති වෙනවා. ඒකයි මම විශේෂයෙන්ම අද මේ ගැන කතා කළේ.

    ඉන්දියාව හා සසඳන විට ශ්‍රී ලංකාවේ හින්දු ආගමේ සුවිශේෂී ස්වභාවය අප ආරක්ෂා කරන්නේ කෙසේද යන්න පිළිබඳව ද රජය සොයා බැලිය යුතුයි. හින්දු භක්තිකයන් පමණක් නොවෙයි බෞද්ධ විහාරස්ථානවලත් විවිධ හින්දු දෙවිවරුන් කී දෙනෙක් අදහනවාද? නිදසුනක් වශයෙන්, ශිව වන්දනාව යාපනයේ බහුලව දක්නට ලැබෙනවා.

    විෂ්ණු වන්දනාව හෙවත් විෂ්ණු දෙවියන් මූලික වශයෙන් දකුණු පළාතේ අදහනු ලබනවා. විෂ්ණු, කතරගම, පත්තිනි, විභීෂණ දෙවියන්ට අපි නමස්කාර කරනවා.

    ඉන්දියාවේ හින්දු නමස්කාරයට වඩා ශ්‍රී ලංකාවේ හින්දු ආගමේ සුවිශේෂීභාවය පිළිබඳ වාර්තාවක් සම්පාදනය කරන ලෙස මම අමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටිනවා, සමහර විට අනෙක් පාර්ශ්වයන්ට ද මෙයට උදව් කළ හැකිය. එහිදී නැවතත් ඔබට උතුරු ඉන්දියාව සහ දකුණු ඉන්දියාව අතර වෙනසක් දක්නට ලැබෙනවා. එය අප විසින් කළයුතු දෙයක්.
    ඒ වගේම අපි තීරණය කරලා තිබෙනවා ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ අධ්‍යයන ආයතනයක් ඇති කරන්න. අද ඉතිහාසය අමතක වෙලා තිබෙන්නෙ. විශේෂයෙන්ම මේ ආයතනය ඇති කරන්න යන්නේ අපේ රටේ ඉතිහාසය පිළිබඳ දැනුම ලබා දෙන්න. ඒ වගේම පර්යේෂණ ඇති කරන්න. මහා වංශයට වඩා අද ඉතිහාසය වෙනස් වෙලා තිබෙනවා.
    මහාවංසයේ තිබෙන්නේ එක කණ්ඩායමක අදහස්. නමුත් තවත් අදහස් තිබෙනවා. අපි මේ ගැන සොයා බලා ලංකාවේ ඉතිහාසය පිළිබඳව මේ ආයතනය ඇති කරලා ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.
    ඒ වගේම මම සෞඛ්‍ය ඇමතිතුමාට ප්‍රශංසා කරන්න ඕනේ ඌව වෙල්ලස්ස, සබරගමුව, සහ පොලොන්නරුවේ අපට අවශ්‍ය වෛද්‍ය පීඨ 03ක් ආරම්භ කරන්න කටයුතු කිරීම පිළිබඳව. එමගිනුත් පශ්චාත් පරීක්ෂණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධි පිරිනමන්න අපි සූදානම්. එවැනි උපාධි පිරිනමන එක් ආයතනයක් කොළඹ තිබෙනවා.

    මේ වන විට අපි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් සිදු කරමින් සිටිනවා. වෛද්‍ය පර්යේෂණ ආයතනය දියුණු කරන්න අපි මුදල් ලබා දෙනවා. කොළඹ අපේ තිබෙන වෛද්‍ය පර්යේෂණ ආයතනය ඉන්දියාවේ පූනේ ප්‍රදේශය ඇති වෛද්‍ය පර්යේෂණ ආයතනය මට්ටමට ගෙන ආ යුතුයි. ඉදිරි වසර දෙක තුනවන විට අපට එම මට්ටමට ළගා විය හැකියි.

    වෛද්‍ය විද්‍යාවට අවශ්‍ය දියුණුව අපි ලබා දී තිබෙනවා. මේ වන විට එක වෛද්‍ය පීඨ ශිෂ්‍යයෙක් වෙනුවෙන් ලක්ෂ හැටක් රජය වියදම් කරනවා. මේ ඔක්කොම වියදම් කරන්නෙ ඔවුන් අපේ රටේ රඳව ගන්න. නමුත් උපාධිය ලබා ගත්තට පස්සේ බොහෝ දෙනා පිටරට යනවා. මේක විශාල ප්‍රශ්නයක්.

    මෙහිදී අපි ගතයුතු පියවර කුමක්ද කියලා සාකච්ඡා කළයුතුයි. මොන ආණ්ඩුව ආවත් මේ ප්‍රශ්නය තිබෙනවා. එහෙම බැලුවම අපේ වෛද්‍යවරු පුහුණු කරලා අපේ රටින් අනිත් රටවල්වලට ලබාදෙන ආධාර, විදේශ රටවලින් අපේ රටට සෞඛ්‍ය සඳහා දෙන ආධාර වලට වඩා වැඩි බවයි පේන්න තිබෙන්නේ. පිටරට යන අපේ වෛද්‍යවරු සුදුසුකම් සහ අත්දැකීම සහිත අය. මේ පිළිබඳ අපි අවධානය යොමු කළ යුතුයි. වෛද්‍ය විද්‍යාව සහ ඉංජිනේරු විද්‍යාව හදාරන සිසුන්ට අපි මොකක්ද කරන්නේ කියලා සාකච්ඡා කළ යුතුයි. මේ සඳහා පිළිතුරක් අපි සෙවිය යුතුයි.

    පුරාවිද්‍යාත්මක ස්ථාන රකින සේවකයන්ට දිරිදීමනා

    0

    පුරාවිද්‍යාත්මක ස්ථාන රැකගැනීමට දායක වන ආයතනවල කාර්ය මණ්ඩල දිරිගැන්වීම සඳහා පුරාවස්තු තෑගි අරමුදලින් දිරිදීමනාවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

    ඒ සඳහා අවස්ථාව ලැබෙන පරිදි 1940 අංක 9 දරණ පුරාවස්තු ආඥාපනතේ විධිවිධාන පරිදි යෝග්‍ය රෙගුලාසි පැනවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙම අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථානයකට හෝ දේපලකට නීතිවිරෝධී ලෙස හානිකර පුරාවස්තු ආඥා පනත උල්ලංඝනය කරන අයට එරෙහිව නීති ක්‍රියාමාර්ග ගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සහ තවත් රාජ්‍ය ආයතනවලට හැකියාව පවතී.

    අනාගත පරම්පරාව වෙනුවෙන් පුරාවිද්‍යා ස්ථාන ආරක්‍ෂා කිරීමට දායකත්වය ලබාදෙන එම ආයතන කාර්ය මණ්ඩල වෙනුවෙන් මෙම දිරිදීමනාව ලබාදීමට නියමිත බව ද ඇමතිවරයා සඳහන් කළේය.

    සරසවි සිසුන්ට එන සීමාව

    0

    විශ්වවිද්‍යාල සිසුන්ට නොමිලේ විභාග සඳහා පෙනී සිටිය හැකි වාර ගණන සීමා කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පැවසීය.

    ඇතැම් විශ්වවිද්‍යාල සිසුන් අභ්‍යන්තර විභාග අසමත් වෙමින් වසර 6-7ක් විශ්ව විද්‍යාලයේ ගතකරන අතර ඔවුන් ශිෂ්‍ය නේවාසිකාගාර සහ වෙනත් පොදු පහසුකම් භාවිතා කරමින් සිටින බවද එම නිසා අනෙකුත් සිසුන්ට විවිධ අසාධාරණකම් සිදුවන බව ද ආචාර සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා කීය.

    එම නිසා විශ්වවිද්‍යාල සිසුවෙකුට අභ්‍යන්තර විභාග සඳහා පෙනී සිටිය හැකි වාර ගණන තීන්දු කරමින් ඒ සඳහා අවශ්‍ය නීති සම්පාදනය කරන බවද ඇමැතිවරයා කීය.

    දොස්තරලා නොඑන රෝහලක්

    0

    පොතුවිල් රෝහලේ වෛද්‍යවරුන් සතියක පමණ කාලයක් තිස්සේ එම රෝහලට වාර්තා නොකිරීම නිසා ප්‍රදේශයේ ලක්ෂයක පමණ ජනතාවක් දැඩි පීඩාවට ලක්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.

    එහෙත් පොතුවිල් මූලික රෝහලේ ගැටලුව විසඳීමට බලධාරීන් කිසිදු උත්සාහයක් නොගන්නා අතර ඔවුන් නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බව ද එම සංගමය කියයි.

    සෞඛ්‍ය බලධාරීන් තවදුරටත් නිහඬව සිටියහොත් නැගෙනහිර පළාතෙම වෛද්‍යවරුන් වැඩ වර්ජනයක් කරා තල්ලුවීමේ අවදානමක් පවතින බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.

    පොතුවිල් මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයාගේ අකාර්යක්ෂම පරිපාලනය නිසා එම රෝහලේ වෛද්‍යවරුන් දැඩි පීඩාවකට ලක් වූ අතර ඊට එරෙහි ව ම රෝහලේ වෛද්‍යවරුන් රෝහලට වාර්තා නොකළ අතර ත්‍රිකුණාමලය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ රාජකාරි ලේඛනයේ අත්සන් කරන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.

    බාහිර පාර්ශ්වයක් ඉකුත්දා රෝහල් පරිශ්‍රයට පැමිණ දැඩි අනාරක්ෂිත තත්ත්වයක් ඇතිකල අතර ඊට වෛද්‍ය අධිකාරීවරයා වගකිව යුතු බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.

    මහනුවර අම්පිටියේ සිසුවාට පෙට්‍රල් දමා ගිනිතැබූ මෘගයා අල්ලයි

    0

    මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඉහළ ප්‍රතිඵලයක් ලබාගත් සිසුවෙකුගේ පියාගෙන් කප්පම් ඉල්ලා එය නොලැබුණු තැන දරුවාගේ සිරුරට පෙට්‍රල් වත්කර ගිනි තැබූ මහනුවර අම්පිටියම පොලීසියේ ආශිර්වාදයෙන් බිය ගන්වාගෙන සිටින පැතුම් නැමැති අපරාධකරුව මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ මෙහෙයැවීමෙන් ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙයට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගත්තේය.

    බූවැල්ලේ ගෙදර මලික් නිසංසල නොහොත් පැතුම් නැමැති මෙම අපරාධකරු විසින් පසුගිය 26 වෙනිදා එම දරුවාට ගිනි තබා ඇත.

    අම්පිටියේ ශාන්ත ක්ලෙමන් විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටින ග්‍රේෂන් නියුමන් බර්නි සපෝන් නැමැති මෙම දරුවා මෙවර අපොස සාමාන්‍ය විභාගයට මුහුණ දී ඒ සාමාර්ථ 06ක්, බී. සාමාර්ථ 02ක් සහ සී සාමාර්ථ 01ක් ලබාගෙන ඇති අයෙකි.

    විභාගය මෙතරම් ඉහළින් සමත්වීම හේතුවෙන් මෙම දරුවාගේ මවගේ නැගණිය විසින් දරුවාට ඉකුත් 26 වෙනිදා සිය නිවකට ආරාධනාකර රාත්‍රී ආහාර වේලක් ලබාදී තිබේ. ඒ සඳහා දරුවා පැමිණ ඇත්තේ සිය පියා සමඟ යතුරු පැදියක නැගීය. මවට පැමිණිමට නොහැකි වූ බැවින් නැගණිය විසින් ඇයටද කෑම පාර්සලයක් සකස්කර දී තිබේ.

    එම නිවසේ සිට යතුරු පැදියේ නැගී මෙම දරුවා පියා සමඟ නැවත සිය නිවසට යමින් සිටියදී කඩුවක් අතින් ගත් පැතුම් නැමැති අපරාධකරු පාර හරහා පැන මුදල් ඉල්ලා ඇති බවත් මුදල් නොදීම හේතුවෙන් දරුවාට පෙට්‍රල් වත්කර ගිනි තබා ඇති බවත් පොලීසිය කියයි. මේ වන විට එම දරුවා අසාධ්‍ය තත්ත්වයෙන් මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී

    මෙම අපරාධකරු ඊට පැයකට පමණ පෙර අම්පිටියේ නිවසකට දොර කඩාගෙන ඇතුළු වී පැට්‍රල් දමා නිවසට ගිනි තබා රුපියල් 10,000ක කප්පමක්ද ලබාගෙන ඇති බවද හෙළිවී තිබේ.

    මෙම අපරාධකරු පසුගිය 07 වෙනිදා පුද්ගලයෙකුව විදුලි කණුවක ගැටගසා කඩුවකින් කපාකොටා තුවාල කර ඇති බවත් ඒ පුද්ගලයාද මේ වන විට මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් ඇත. ඒ සම්බන්ධයෙන් මහනුවර පොලීසියට පැමිණිලි කර ඇතත් පොලීසිය ඔහුව අත්අඩංගුවට ගැනීමට එතරම් උනන්දුවකින් කටයුතු කර නැත. ඒ තත්වය මත එම අපරාධයට හවුල් වූ පැතුම් නැමැති අපරාධකරුගේ ගෝලයෙක් ගමේ කිහිප දෙනෙක් එක්ව පහරදී ඇති බව ගම්වැසියන්ගෙන් ලැබෙන තොරතුරුවල සදහන්ය. එහිදී පොලීසිය දැඩි උනන්දුවකින් එම පුද්ගලයාගේ පැමිණිල්ල සටහන්කරගෙන ගම්වැසියන්ව අත්අඩංගුවට ගෙන සැකකරුට රුපියල් ලක්ෂයක මුදලක් ලබාදෙමින් පැමිණිල්ල සමථයකට පත්කර ඇති බවද සඳහන්ය.

    එදා පොලීසිය ක්‍රියාත්මක වෙමින් මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළේ නම් අහිංසක දරුවෙක්ට මෙවැනි අපරාධයක් සිදු නොවන බව ගම්වැදියන් සඳහන් කරති.

    මෙම අපරාධකරු අම්පිටියේ පාතාල භීෂණයක් පතුරුවාගෙන සිටින්නෙක් බවත් පොලීසියෙන් ඔහුට ලැබෙන සහය නිසා මේ තත්ත්වය ඇතිවී තිබෙන බවත් ගම්වැසියන් සඳහන් කරති.

    අනුන්ගේ බැංකු ගිණුම්වලින් මුදල් ඇද්ද යුක්රේනුවා ඇතුළු 8ක් අල්ලයි

    0

    පුද්ගලික බැංකුවක පවත්වාගෙන යන බැංකු ගිණුම් දෙකකට අන්තර්ජාල බැංකු ගණුදෙනු පහසුකම් යටතේ අනවසරයෙන් ප්‍රවිශ්ඨ වී රුපියල් එක්කෝටි තිස්හත් ලක්ෂ හැටපන්දහසක මුදලක් වංචා සහගතව ලබා ගැනීමක් සම්බන්ධයෙන් යුක්රේන් ජාතිකයෙකු ඇතුළු පුද්ගලයින් 08 දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    වාද්දූව, පිළියන්දල, බණ්ඩාරවෙල, ගාල්ල යන ප්‍රදේශවලදී ප මෙම සැකකරුවන් 08 දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 26 වෙනිදාය.

    සැකකරුවන් අවුරුදු 22ත් 26ත් අතර වයස්වල පසුවන්නන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. ඔවුන් වැලිගම, රත්ගම, වාද්දූව හා පට්ටියගෙදර යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

    මෙම සැකකරුවන් 08 දෙනා පෙරේදා (27) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (30) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    චීන රජයට එරෙහි උද්ඝෝෂණ නවතන්න විශේෂ පොලිස් බළකායක්

    0

    රජයට සහ ජනාධිපති ෂී ජින්පිංට එරෙහිව පැවති විරෝධතා පාලනය කිරීමට විශාල පොලිස් බලකායක් යෙදවීමට චීන රජය පියවර ගෙන තිබේ.

    ඒ අනුව බීජිං සහ ෂැංහයි හී මෙලෙස විශාල පොලිස් බලකායක් යෙදවීමට චීන රජය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

    ඉකුත් සති අන්තයේ චීනයේ නගර රැසක විරෝධතා මාලවක් පැවති අතර එහිදී චීන ජනාධිපතිවරයාට ධූරයෙන් ඉල්ලා අස්වෙන ලෙසට විශාල බලකිරීමක් එල්ල විය.

    චීන රජය විසින් කොරෝනා වෛරසය පැතිරයාම වැලැක්වීමට පැනවු දැඩි සීමා මෙම විරෝධතා වලට මූලික හේතුව විය.

    එහිදී දැඩි නිරෝදායනය නීතී යටතේ අගලු දමා තිබූ ගොඩ නැගිල්ලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 10 දෙනෙකු මියයාම මෙම විරෝධතා වර්ධනය කිරීමට ප්‍රධාන සාධකයක් විය.

    අදාල ගිනි ගැනීමෙන් මර්ණයට පත් පිරිස කොරෝනා නීති නොපැවතියේ නම් බේරා ගැනීමට හැකියාව තිබූ බවට ජනතාව ප්‍රකාශ කළ අතර ඊට සෑහීමකට පත්විය හැකි පිළිතුරක් ලබාදීමට චීන බලධාරීන් අපහොසත් විය.

    සාගර කාරියවසම් ව්‍යවස්ථාදායක සභාවට

    0

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා ආණ්ඩු පක්ෂයේ නියෝජිතයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා නම් කර තිබේ.

    අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව නිවේදනය කර ඇත.

    ලංකාවට දුන් ආධාර -ආයෝජන වෙනුවෙන් දේශපාලන ප්‍රතිලාභ එපා – චීනය

    0

    ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක චීන ආයෝජන ව්‍යාපෘති හෝ මූල්‍යාධාර වෙනුවෙන්, කිසිදු දේශපාලන ප්‍රතිලාභයක් ලබාගැනීමට වෑයම් නොකරන බව චීනය කියාසිටී.

    විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා පසුගියදා පළ කළ අදහසකට ප්‍රතිචාර දක්වමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක චාඕ ලීජියැං මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (28) පැවති මාධ්‍ය හමුවක දී ය.

    චීනය කිසිවිටකත් බලහත්කාරයෙන් ශ්‍රී ලංකාවට ණය දීමක් සිදු කර නොමැති බව අලි සබ්‍රි මහතා පවසා ඇත. චීනය විවිධාකාර ක්‍රම ඔස්සේ ශ්‍රී ලංකාවට මූල්‍ය හා මානුෂීය අතින් පුළුල් සහායක් ලබා දී තිබේ. “ණය උගුල” ‍යනු බටහිර රටවල ප්‍රබන්ධයක් පමණක් වන අතර, චීනය මුල සිට ම ශ්‍රී ලංකාවේ සමීප මිතුරෙකු බව අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

    අලි සබ්‍රි මහතාගේ මෙම ප්‍රකාශය කෙරෙහි චීනය ප්‍රසාදය පළ කරන  බව චාඕ ලීජියැං මහතා පැවසීය. එසේම, චීනය ශ්‍රී ලංකාවට සහය ලබා ‍දී ඇත්තේ කිසිදු දේශපාලන කොන්දේසියකින් තොරව බව ද හෙතෙම අවධාරණය කළේය. චීනය අඛණ්ඩව ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනයට සහය වෙමින් සිටී. උපායමාර්ගික සබඳතාව ශක්තිමත් කරමින් දෙරට ජනතා සුබසෙත තහවුරු කිරීම චීනයේ අපේක්ෂාව ද බව චාඕ ලී ජියැං මහතා කියාසිටියේය.

    ලොව දැවැන්තම සක්‍රිය ගිනිකන්ද දශක දෙකකට පසුව පළමුවරට පුපුරයි

    0

    හවායිහි පිහිටි ලොව දැවැන්තම සක්‍රිය ගිනිකන්ද දශක දෙකකට පමණ පසුව පළමු වරට පුපුරා ගොස් තිබේ.

    අමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය (USGS) පවසන්නේ මෞනා ලෝආ නමැති මෙම ගිනිකන්ද පෙරේදා පෙරවරුවේ පුපුරා ගිය බවයි.

    එහි ලාවා බොහොමයක් කඳු මුදුනතේම රැඳී තිබුණත් අළුවල බලපෑම් ඇතිවිය හැකි බැවින් ගිනිකන්ද ආශ්‍රිතව දුරස්ථව වෙසෙන ජනතාවට ද අනතුරු ඇඟවීම් කර ඇත.

    කෙසේවෙතත් ඊසානදිග රිෆ්ට් කලාපය ලෙස හැඳින්වෙන ගිනිකන්දේ ඊසාන දෙසින් ලාවා ගලා යන බව එම ආයතනය පැවසීය.

    “ලාවා ප්‍රවාහය පහත් බිමේ වෙසෙන ප්‍රජාවකට කිසිදු තර්ජනයක් නෑ. නමුත් සියලුම ඇඟවීම් කර ඇත්තේ පිපිරීම ඊසානදිග රිෆ්ට් කලාපයේ පවතිනු ඇති බවටයි.” අමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය පැවසීය.

    සුළඟ සමඟ ගිනිකන්දේ අළු, ගෑස් සහ වීදුරු කැබලි වෙනත් තැනකට ගෙන යා හැකි බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

    කෙසේවෙතත් මෙම තත්ත්වය සඳුදා දින හිලෝ සහ හොනොලුලු අතර ගුවන් ගමන් 10 ක් අවලංගු කිරීමට නිරිතදිග ගුවන් සමාගම් පොළඹවන ලදී.

    ‘මේ මොහොතේ, අපි වෙනත් බලපෑම් බලාපොරොත්තු නොවෙමු,’ ගුවන් සේවයේ ප්‍රකාශකයෙක් පැවසීය.

    ‘අතීත සිදුවීම් මත පදනම්ව, මෟනා ලෝආ පුපුරා ගිය පසුව ලාවා ගලා යාමේ පිහිටීම සහ ප්‍රගතිය වේගයෙන් වෙනස් විය හැක,’ USGS පවසයි.

    බලධාරීන් ගිනිකන්ද අවට ජනතාව ඉවත් කිරීමේ නියෝග නිකුත් කර නොමැති නමුත් හවායි හි හදිසි නවාතැන් කඳවරු කිහිපයක් විවෘත කර ඇති බව එරට පුවත් වාර්තා කරයි.

    Mauna Loa, හවායි හි දකුණු දෙසින් පිහිටි දිවයිනෙන් අඩක් ආවරණය කරන ගිනිකන්දකි.

    එය පැසිෆික් සාගරයට ඉහලින් අඩි 13,600 (මීටර් 4,145) ට වඩා ඉහලින් පිහිටා ඇත.

    ගිනිකන්දේ දිය යට පදනමේ සිට සළකා බැලූ කළ එය සාගර පතුලේ සිට අඩි 30,000 ක් ඉහළට පවතින අතර එනම් එවරස්ට් කන්දට වඩා උසැති ය.

    1843 සිට මෟනා ලෝආ 33 වතාවක් පුපුරා ගොස් ඇත.

    අමෙරිකානු භූ විද්‍යා පර්යේෂණායනයට අනුව ගිනි කන්දෙහි පළමු පිපිරීම, හොඳින් ලේඛනගත වී ඇති ඓතිහාසික පිපිරීමක් ලෙස සැළකේ.

    These photographs were taken by Ken Hon, Scientist in Charge of HVO from Waikoloa at about 1:27am. #MaunaLoa #MaunaLoaErupts
    These photographs were taken by Ken Hon, Scientist in Charge of HVO from Waikoloa at about 1:27am. #MaunaLoa #MaunaLoaErupts

    කාර් එකේ පුපුරණ ද්‍රව්‍ය අරන් ගිය අයෙක් STF දැලේ

    0

    මෝටර් රථයකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකුව මීටියාගොඩ පොලිස් වසමේ ගලගොඩ මංසන්දියේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

    ජෙලට්නයිට් කූරු 02, විදුලිමය නොවන ඩෙටනේටර් 04, සාමාන්‍ය සේවා නූල් 01, ඇමෝනියා නියිට්‍රේටි කිලෝ ග්‍රෑම් 04 ක් මෝටර් රථයේ තිබී හමුවී ඇත.

    මෙම පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් වයස අවුරුදු 44 ක මාපලගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුව අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මීටියාගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

    මෙමේ පුපුරණ ද්‍රව්‍ය සන්තකයේ තබා ගෙන සිටියේ යම් අපරාධ සදහා යෙදවීමට දැයි විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

    මෙම පිපුරුමිකාරක තත්පරයට අඩි 6400 සිට 8600 දක්වා පැතිරවියහැකි අතර මෙම පුපුරන ද්‍රව්‍ය පහත් පුපුරන ද්‍රව්‍ය ගනයට අයත්වන අතර මෙමගින් රථවාහන පුද්ගලනාශක ගොඩනැගිලි විනාශකිරිමේ හැකියාවක් පවතින බව පොලිස් විශේෂ කාර්ය බලකා මාධ්‍ය අංශය සඳහන් කරයි.

    විශේෂ කාර්ය බලකාය කුලිගොඩ උප කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විඳුර දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය කුලිගොඩ උප කඳවුරේ උප පොලිස් පරීක්ෂක සි.එම්.සි. ප්‍රියරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම කර තිබේ.

    රු. කෝටි 38ක ග්ලූකො මීටර් සිද්ධිය ගැන හොයන්න කමිටුවක්

    0

    ඉන්දියානු ණය ආධාර යටතේ සෞඛ්‍ය අමාත්‍යංශයට Gluco Meter තොගයක් මිලදී ගැනීමේ හැකියාව සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කමිටුවක් පත්කිරීමට නියමිත බව වාර්තා වේ.

    ඉන්දියානු ණය ආධාර යටතේ රුපියල් කෝටි 38ක් වටිනා ග්ලූකෝ මීටර් තොගයක් මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවා තිබූ අතර එම ණය ක්‍රමය අවසන් වී ඇති හෙයින් මෙම ග්ලූකෝ මීටර් මිලදී ගැනීමේ අර්බුදයක් ගොඩනැගී ඇතැයිද සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි.

    ඉන්දියානු ණය ආධාර අවසන් වී ඇති හෙයින් එම ග්ලූකෝ මීටර් ටෙන්ඩරය අහෝසි කර ඇති බවත් ඒ සඳහා අලුතින් ටෙන්ඩර් කැඳවිය යුතු බවටත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් කරුණු පෙන්වා දී ඇතැයි ද වාර්තා වේ.

    නිසි ටෙන්ඩර් පටිපාටියට ලබන ජනවාරි මාසයේ දී gluco meter තොගයක් ලැබෙන හෙයින් හදිසියේ ග්ලූකෝ මීටර් මිලදී ගැනීමට රුපියල් කෝටි 38ක මුදලක් වැය කිරීම ගැටළු සහගත බව ද එම නිලධාරීන්ගේ අදහස වී තිබේ.

    ඉන්දියානු ණය ආධාර යටතේ ගන්නා ග්ලූකො මීටර් බව කියමින් එම ණය ආධාර නොමැති වුවහොත් වෙනත් ක්‍රමයකින් මුදල් ගෙවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පොරොන්දු වී ඇතැයිද පැවසේ.

    ඕමානයේදී කතුන්ට හිරිහැර කළ කුෂාන් කටුනායකදි අත්අඩංගුවට

    0

    ඕමානයේ රැකියා සඳහා ගොස් විවිධ පීඩාවන්ට ලක්ව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවාසයේ රැකවරණය පතා යන කතුන්ට අයුතු බලපෑම්කර ලිංගික අඩත්තේට්ටම් කළ බවට චෝදනා එල්ලවී වැඩ තහනමට ලක්ව සිටින තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම් ලෙස කටයුතු කළ එදිරච්චිලාගේ කුෂාන් නැමැත්තාව කටුනායක ගුවන්තොටුපොලේදී අද අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්තේය.

    ඕමානයේ සලාලා ගුවන්තොටුපොලේ (Salalah Airport ) සිට මෙරටට පැමිණ අලුයම 3.55 ට පමණ ගොඩබස්සවන ලද ගුවන් යානයකින් ඔහු මෙරටට පැමිණි විට අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළදාම,ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාශය සඳහන් කළේය.

    මේ වන විට නාරාහේන්පිට පොල්හේන්ගොඩ පිහිටි තැනැත්තන් වෙළදාම,ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාශයේ රදවාගෙන දීර්ඝ ලෙස මෙම සැකකරුගෙන් ප්‍රශ්න කරමින් සිටී.

    ඕමානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන නිලධාරියා ලෙස සේවය කරමින් සිටි මෙම සැකකරුට එරෙහිව කාන්තාවන් කිහිප දෙනෙක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත. ඒ අනුව මෙම පුද්ගලයා එරට සේවය සඳහා ගොස් විවිධ හිරිහැරයන්ට ලක්ව රැකවරණය පතා ගිය කතුන් රැසකට ලිංගික අඩත්තේට්ටම්කර ඇති බවත් රැකවරණය පතා එන ඇතැම් කතුන්ව ඒ අයව එරටට ගෙන්වා ගත් ඒජන්සි වෙත නැවත භාරදෙන බවත් විමර්ශන වලින් අනාවරණය වී තිබේ.

    විදුලිබල මණ්ඩලය ගැන හෙට සිට ක්‍රියාත්මක වන දේ..

    0

    විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට පත් කරන ලද කමිටුව විසින් ලබා දුන් යෝජනාවලියට අද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

    ඒ අනුව විදුලිබල ප්‍රතිව්‍යුහගත පනත මසක් තුල සකස් කිරීමට පියවර ගැනේ.

    එම ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු හෙට සිට ක්‍රියාත්මක වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    ලීට්‍රෝ ගෑස් ප්‍රශ්න කියන්න අංකයක්

    0

    රට තුළ ලීට්‍රෝ ගෑස් හිඟවීමක් තිබුණද ඉදිරි දින කිහිපය තුළ එය යථා තත්ත්වයට පත්වන බවත් ලිට්‍රෝ ගෑස් මිලදී ගැනීමේදී ගැටලුවක් ඇතිවුවහොත් 1311 අමතා දැනුම්දිය හැකි බවත් එම සමාගම පවසයි.

    එහි සභාපති මුදිත පීරිස් මහතා පවසන්නේ දෙසැම්බර් මාසය සඳහා පමණක් ටොන් 34,000 ක ධාරිතාවක් ඇනවුම් කර ඇති බවය.

    එහි පළමු තොගය නොවැම්බර් 30 වනදා දිවයිනට පැමිණෙන බව සභාපතිවරයා සඳහන් කළේය.

    උත්සව සමයේ අධික ඉල්ලුම හා අයහපත් කාලගුණය නිසා ගෑස් ගොඩබෑමේ කටයුතු ප්‍රමාදවීම සහ තවත් හේතු කිහිපයක් නිසා සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

    උත්තර ලංකා සභාගයේ අධාරකරුවෙකුට පහරදුන් සජබ සංවිධායක හැංඟෙයි

    0

    හඟුරන්කෙත සංස්කෘතික ශාලාවේදී ඊයේ (27) පැවති උත්තර ලංකා සභාගයේ නුවරඑළිය දිස්ත්‍රික් රැස්වීම සදහා සැරසිලිකරමින් සිටි පුද්ගලයෙකුට පහරදී සැරසිලි කඩා බිඳ දැමීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයන සමඟි ජන බලවේගයේ ආසන සංවිධායක ජයලත් බණ්ඩාර දිසානායක මහතා සැඟවී සිටින බව හඟුරන්කෙත පොලීසිය කියයි.

    ප්‍රදේශය මඟහැරමින් සැඟවී සිටින ඔහුව අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

    පහරකෑමට ලක්වූ උත්තර ලංකා සභාගයේ ආධාකරුවෙක් වන හඟුරන්කෙත ගොනගන්තැන්න මාලියද්දේ පදිංචිකරුවෙක් වන චන්දන කුමාර හේරත් නැමැත්තා හඟුරන්කෙත රෝහලට ඇතුලත්ව මේ වන විටත් ප්‍රතිකාර ලබන බවද එම නිලධාරියා කීය.

    උසස්පෙළට 80% ආයෙත්

    0

    2023 වර්ෂයේ සිට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනීසිටින සිසුන් සඳහා 80% පාසල් පැමිණීම අනිවාර්ය කෙරේ.

    අධ්‍යාපන අමාත්‍යාංශය මේ බව දැනුම් දී ඇත.

    2022 උසස් පෙළ විභාගයට පෙනීසිටින සිසුන් සඳහා 80% පැමිණීම තහවුරු කිරීම අත්‍යවශ්‍ය නොවන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

    මොබයිල් ෆෝන් -ඩේටා ගාස්තු ගැන මැතිසබේදී කියූ දේ..

    0

    ජංගම දුරකතන ගාස්තු සහ DATA ගාස්තු සඳහා සහනයක් ලබාදීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස සමගි ජනබලවේග‍ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා අද රජයෙන් ඉල්ලීමක් කළේය.

    පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයා මෙම ඉල්ලීම කළේ පසුගියදා මෙම ගාස්තු ඉහළ යාම නිසා මෙරට බොහෝ පිරිසකගේ අන්තර්ජාල ගාස්තු හා බැඳුණු මාධ්‍ය භාවිතයට බාධා එල්ල වී ඇති බවයි.

    “අද බොහෝ දෙනෙක් රූපවාහිනිය නරඹන්නේ, ඒ වගේම ගීතවලට සවන් දෙන්නේ, සමාජ මාධ්‍ය පරිහරණය කරන්නේ, බොහෝ විට අධ්‍යාපනය ලබන්නේත් ජංගම දුරකථනවලින් සහ data වලින් බව. ඒක මෑත කාලයේ අපිට බොහෝ පැහැදිලිව දකින්න තියෙන දෙයක්. ජංගම දුරකථන ගාස්තු සහ Data ගාස්තු මේ වනවිට විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ජංගම දුරකතනය ඔස්සේ සමාජ මාධ්‍ය පරිභෝජනය කරන හැම කෙනෙක්ටම විශාල ලෙස ඒක බලපාලා තියෙනවා. ඒ මිල ගණන් ඉහළ යාම නිසා දැඩි අපහසුතාවයකට ඒ පිරිස පත්ව තිබෙනවා. ඒ නිසා කථානායකතුමනි ජංගම දුරකථන ගාස්තු සහ ඩේටා ගාස්තුවලට යම් සහනයක් ලබාදීම කෙරෙහි කරුණාකර රජයේ අවධානය යොමු කරන්න කියලා, ඒ ගැන විශේෂ උනන්දුවක් දක්වන්න කියලා, අපේ ජනමාධ්‍ය ඇමතිතුමාගෙන් මම ඉල්ලා සිටිනවා.”

    පාස්කු ප්‍රහාරයට අල්ලා නිදහස් කළ පුද්ගලයකු ඝාතනය වේ

    0

    මට්ටක්කුලිය සාවියා පටුමගේ නිවසක තාවකාලිකව පදිංචිව සිටි මොහොමඩ් බදුර්දීන් මොහොමඩ් ෆර්හාන් නැමැත්තාව අද දහවල් කාලයේදී කපාකොටා ඝාතනයකර තිබේ

    මට්ටක්කුලිය මැද පාරේදී මෙම ඝාතනය සිදුව ඇත.

    මෙම පුද්ගලයා පාස්කු ප්‍රහාරයට සැකපිට අත්අඩංගුවට ගෙන නිදහස් කර ඇති අයෙකි.

    මෙම පුද්ගලයා පිළිබදව ආරක්ෂක අංශවල අධික්ෂණයට ලක්වෙමින් සිටි අයෙකි.

    මාස 5කට කෝච්චි නැතිවෙන තැන

    0

    උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට යාපනය දක්වා දුම්රිය ධාවනය මාස 5ක කාලයක් ධාවනය අත්හිටුවීමට තීරණය කර තිබේ.

    ඒ ජනවාරි මස 15 වැනිදා සිටයි.

    අබලන්ව ඇති දුම්රිය මාර්ගය පිළිසකර කරන තෙක් මෙලෙස එම කොටසේ දුම්රිය ධාවනය නවතා දමන බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කීය.

    වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මහතා මේ පිළිබද අද පාර්ලිමේන්තුවේදී නැඟූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියාසිටියේ ය.

    ඩයනාගේ පුරවැසිභාවය ගැන ලියවිලි දෙන්නැයි බලධාරීන්ට උසාවියෙන් නියෝග

    0

    රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති රීට් පෙත්සම විභාග කිරීමට අභියාචනාධිකරණය තීරණය කර තිබේ.

    ඒ අනුව ඇයගේ පුරවැසිභාවය පිළිබඳ අදාළ ලියකියවිලි ඉදිරිපත් කරන ලෙස අධිකරණය විසින් ආගමන විගමන පාලකවරයාට නියෝග කර ඇතැයි සඳහන් ය.

    මෙම පෙත්සම ලබන දෙසැම්බර් 12 වැනිදා යළි කැඳවීමට නියමිතය.

    ද්විත්ව පුරවැසියන්ට මෙරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක කටයුතු කිරීමට තිබූ අවස්ථාව, පසුගිය දා එහිදී සම්මත කරගත් 21 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අවහිර කරන ලදී.

    ප්‍රදේශ කිහිපයක හෙට පැය 12ක් වතුර නෑ

    0

    හෙට (29) පෙරවරු 9.30 සිට පැය 12 ක් කළුතර ඇතුලු ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසයි.

    ඒ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙනි.

    ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, මොරොන්තුඩුව, කළුතර උතුර සහ දකුණ, කටුකුරුන්ද, නාගොඩ ඇතුලු ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවෙයි.

    රජයට එරෙහිව චීනය පුරා අරගල

    0

    චීනය පුරා දැඩි ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ මාලාවක් නිර්මාණය වී ඇති අතර එහිදී විරෝධතාකරුවන් විසින් චීන ජනාධිපතිවරයාට සිය ධුරයෙන් ඉවත්වන ලෙසට බලකරමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ඒ අනුව මේවන විට දහස් ගණනක් වූ විරෝධතාකරුවන් චීනයේ ෂැංහැයි නගරය වෙත පැමිණ ඇති බවත් එහිදී ඔවුන් විසින් දැඩි ආණ්ඩුවිරෝධී පාඨ සහ පුවරු සහිතව සිය විරෝධය පළකරන බව බීබීසි පුවත්සේවය වාර්තා කර තිබිණි.

    මෙම විරෝධතා වලට මූලික හේතුව වී ඇත්තේ චීන රජය විසින් එරට තුල ගෙන යන දැඩි කොරෝනා මර්ධන ප්‍රතිපත්ති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මේ අතර චීනය පුරා හටගෙන ඇති විරෝධතා වර්ධනය වීමට ප්‍රධානතම හේතුවක් ව ඇත්තේ චීනයේ Urumqi නගරයේ කොරෝනා වැලැක්වීම සඳහා එහිසිටි ජනතාව සමඟ වසා දැමූ ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් දස දෙනෙකු මියයාමයි.

    එහිදී ජනතාව ප්‍රකාශ කර ඇත්තේ රජයේ දැඩි කොරෝනා මර්ධන සීමා හේතුවෙන් ගොඩනැගිල්ලේ සිටින ජනතාවට පිටතට පැමිණීමට නොහැකි වූ බවයි.

    චීනයේ විශාලතම නගරය සහ රටේ නැගෙනහිර ගෝලීය මූල්‍ය කේන්ද්‍රස්ථානයක් වන ෂැංහයි හි සෙනසුරාදා රාත්‍රියේ විරෝධතාවයේදී මිනිසුන් “ෂී ජින්පින්, ඉවත් වන්න” සහ “කොමියුනිස්ට් පක්ෂය, ඉවත් වන්න” වැනි සටන් පාඨ විවෘතව කෑගසනු ඇසුණූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

    එහිදී ඇතැම් පුද්ගලයින් සමහරු හිස් සුදු බැනර් අතැතිව සිටි අතර තවත් සමහරු ඉටිපන්දම් දල්වා Urumqi හි විපතට පත් වූවන් වෙනුවෙන් මල් තැබූහ.
    එවැනි ඉල්ලීම් චීනය තුළ අසාමාන්‍ය දසුනක් වන අතර, රජයට සහ ජනාධිපතිවරයාට එරෙහි ඕනෑම සෘජු විවේචනයක ප්‍රතිඵලයක් වශයෙන් දරුණු දඬුවම් පැමිණවිය හැකිය.

    එහෙත් විශ්ලේෂකයින් පවසන්නේ චීනයේ කොරෝන මර්ධන ප්‍රතිපත්ති කෙරෙහි වැඩෙන අතෘප්තිය රජය දැඩි ලෙස අවතක්සේරු කර ඇති බවක් පෙනෙන්නට ඇති අතර, එයින් ඉවත් නොවන බවට මෑතකදී ප්‍රතිඥා දුන් ෂී ජින්පිං සමඟ තත්ත්ව දරුණු අතට පත්ව ඇති බව ආවරණයවේ.

    කෙසේවෙතත් චීනය මේවන විට ගෙන යන දැඩි කොරෝනා මර්ධන ප්‍රතිපත්ති එරට ආර්ථිකයටද දැඩි ලෙස බලපා ඇති අතර එය එරට ආර්ථික වර්ධන වේගය මෙන්ම ඇතැම් නිෂ්පාදනගාර චීනයෙන් වෙනත් රටවල පිහිටුවීමටද අයෝජකයින් පියවරගෙන තිබේ.

    කියන දේ නාහන රාජ්‍ය ආයතනවලට ඉහළින් දැඩි නියෝගයක්

    0

    රාජ්‍ය ආයතන මගින් පවත්වන උත්සව, විවෘත කිරීම්, සම්මන්ත්‍රණ ඇතුළු අත්‍යවශ්‍ය නොවන වියදම් අත්හිටුවමින් නිකුත් කර ඇති චක්‍රලේඛය තදින් ක්‍රියාත්මක කරන ලෙස භාණ්ඩාගාර ලේකම්වරයා විසින් යළි දැනුම් දී තිබේ.

    රජයේ වියදම් දැඩිව පාලනය කිරීමේ අරමුණින් රජයේ ආයතන විසින් විවිධ උත්සව සදහා දරනු ලබන වියදම් අත්හිටුවමින් අංක 3/2022 දරන ජාතික අයවැය චක්‍රලේඛය නිකුත් කර තිබුණේ අප්‍රේල් මස 26 වනදායි.

    පසුව තවත් චක්‍රලේඛ කිහිපයක් මගින් උත්සව කටයුතුවලට අදාලව වියදම් නොදැරිය යුතු බවට රාජ්‍ය ආයතන දැනුම්දීමක් කර තිබුණද එම නියමයන්ට පටහැනිව තවදුරටත් එවැන වියදම් දරනු ලබන බවට වාර්තා වි ඇත.

    භාණ්ඩාගාර ලේකම් කේ.එච්. මහින්ද සිරිවර්ධන විසින් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා, සමාගම් සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානින් මෙන්ම රාජ්‍ය බැංකු ප්‍රධානීන් වෙත පෙරේදා යලි මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ ඒ අනුව ය.

    මේ යටතේ රාජ්‍ය ආයතනවල විවෘත කිරීම්, නිලධාරීන් විසින් රාජකාරි භාර ගැනීම හා විශ්‍රාම ගැනීමට අදාළව පවත්වන උත්සව, සුහද හමුවීම්, ප්‍රියසම්භාෂණ ඇතුළු සියලුම ආකාරයේ උත්සව පැවත්වීම වෙනුවෙන් රජයේ හෝ ස්වකීය ආයතනවල ඉපයිම් භාවිත කරමින් දරනු ලබන වියදම් නැවැත්විය යුතු බවට නැවත අවධාරණය කර ඇත.