fbpx
තවත්

    බොදුබල සේනා තහනම එපා – පාස්කු වාර්තා ඇමති කමිටුවෙන් නිර්දේශයක්

    0

    බොදු බල සේනා සංවිධානය තහනම් කිරීමට පාස්කු කොමිසමේ අවසන් වාර්තාව නිර්දේශ කර තිබුණද අමාත්‍ය අනුකමිටු වාර්තාව එය නොකළ යුත්තක් ලෙස නිර්දේශ කර තිබේ.

    පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව අධ්‍යයනය කර ඒ පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමට‍ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය පෙබරවාරි මස 19 වනදා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කළේය. එම අනුකමිටු වාර්තාව තුළ කොමිසමේ වාර්තාවේ නිර්දේශ 78ක් ක්‍රියාත්මක කළ යුතු බවට හඳුනාගෙන ඇත.

    එම නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ කෙසේද, ක්‍රියාත්මක කරන්නේ කුමන ආයතන ද යන්න වාර්තාවට ඇතුළත් කර තිබේ.

    ශ්‍රී ලංකාවේ වහබ්වාදය තහනම් කළ යුතු බවට පාස්කු කොමිසම විසින් නිර්දේශ අනුමත කරන අමාත්‍ය අනු කමිටුව මඟින් නිර්දේශ කර ඇත්තේ සියලුම තවුහිද් සංවිධාන තහනම් කිරීමට සළකා බැලිය යුතුය බවය.

    ශ්‍රී ලංකාවේ පීස් ටීවී තහනම් කිරීමට පාස්කු කොමිසම මඟින් නිදේශ කර තිබූ අතර එය අමාත්‍ය අනු කමිටුව මඟින් තහවුරු කර ඇති බව වාර්තා වේ.

    ශ්‍රී ලංකා ජමාතේ – ඊ – ඉස්ලාම් සංවිධානය සහ ජවාඅත් – ඊ – ඉස්ලාම් ශිෂ්‍ය ව්‍යාපාරය තහනම් කිරීමට පාස්කු කොමිසම මඟින් කර තිබූ නිර්දේශය ද අමාත්‍ය අනු කමිටුව අනුමත කළේය.

    මේ අතර පාස්කු කොමිසම විසින් ආගමික හේතු සහ විශ්වාසයන් මත පදනම්ව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම තහනම් කිරීමට පාස්කු කොමිසම නිර්දේශ කර තිබුණි.

    අමාත්‍ය අනු කමිටුව එම කරුණට නිර්දේශ කර ඇත්තේ ශ්‍රී ලංකා සමාජය ජාතිය හා ආගම පදනම් කරගෙන බෙදී ඇති බැවින් එය වෙනස් කළ යුත්තේ ආකල්පමය වෙනසකින් මිස නීති සම්පාදනයෙන් නොවන බවය.

    මෙරට චීන ජාතිකයන්ට සිනෝෆාම් එන්නත දී අවසන්

    0

    මෙරට සිටින චීන ජාතිකයන් 2,456 දෙනෙකුට සීනෝෆාර්ම් COVID-19 එන්නතේ පළමු මාත්‍රාව ආරක්ෂිතව ලැබී තිබෙන බව චීන තානාපති කාර්‍යාලය පවසයි.

    තවත් සති 3 කින් 2 වන මාත්‍රාව ලබාදීමට නියමිතය.

    සිනෝෆාම් එන්නත් වැඩපිළිවෙළ සාර්ථක කිරීමට දායක වූ මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය, වෛද්‍යවරුන්, හෙද ඇතුළු සෞඛ්‍ය කාර්‍යමණ්ඩල සහ සෙසු පාර්ශ්ව වෙත චීන තානාපති කාර්‍යාලය සිය ස්තූතිය පළකර තිබේ.

    විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට මෙරට පැමිණීමට තිබූ බාධා ඉවත් කෙරේ

    0
    Airport

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගය පරිදි, යළි සියරටට පැමිණීමේ අපේක්ෂාවෙන්‌ සිටින ශ්‍රී ලාංකිකයන්ට සහන සැලසීමේ පියවරක්‌ වශයෙන්‌, අද දින (06) විදේශ අමාත්‍යාංශය විසින්‌ මෙරටට ඇතුළුවීමේ ක්‍රියා පටිපාටිය සමාලෝචනය කරන ලදී.

    මෙම නව ක්‍රියාපටිපාටිය යටතේ, ශ්‍රී ලාංකිකයන්‌, ශ්‍රී ලංකාවේ විදේශ ගමන්‌ බලපත්‍ර මගින්‌ ගමන්‌ කරන ද්විත්ව පුරවැසියන්‌, ශ්‍රී ලාංකිකයන්ගේ විදේශික කලත්‍රයන්‌ හා අවිවාහක දරුවන්‌ සහ ගුවන්‌ මගින්‌ පැමිණෙන ශ්‍රී ලංකා නාවිකයින්ට විදේශ අමාත්‍යාංශයේ සහ සිවිල්‌ ගුවන්‌ සේවා අධිකාරියේ පූර්ව අනුමැතියකින්‌ තොරව ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අවසර දෙනු ලැබේ.

    කළමනාකරණය කළ හැකි මගීන්‌ සංඛ්‍යාවක්‌ පවත්වා ගැනීමේ වගකීම සිවිල්‌ ගුවන්‌ සේවා අධිකාරිය වෙත පවරා ඇත.

    ඔවුන්‌ අදාළ ගුවන්‌ සමාගම්‌ හරහා දේශීය නිරෝධායන හා අවශ්‍ය අනෙකුත්‌ සේවා සැපයුම්‌ සමහ කටයුතු කළ හැකි ආකාරයට මෙම සංඛ්‍යා නියාමනය කරනු ඇත.

    පැමිණෙන සියලුම මගීන්‌ මෙහි පැමිණෙන විට ක්‍රියාත්මකව පවතින සෞඛ්‍ය නීති රීති සහ මාර්ගෝපදේශ දැඩි ලෙස පිළිපැදිය යුතුය.

    “දික්කසාද කෙනෙකුටත් ලෝක විවාහක රූ රැජිණ තරඟෙට යන්න පුළුවන් තැන මම හදනවා”

    0

    තමාගෙන් පසු ලෝක විවාහක රූ රැජිණ තරගයට දික්කසාද වු කාන්තාවකට වුවද යා හැකි අයුරින් අවස්ථාව සලසන බව ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ කිරුළ අද යළි හිමිකරගත් පුෂ්පිකා ද සිල්වා පවසයි.

    කිරුළ ලබාගැනීමෙන් පසු එය පැළඳ අද පස්වරුවේ කොළඹ දී මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය,

    “මගේ ජීවිතේ මට වැරදුන තැන් ගොඩක් තියෙනවා. හැබැයි ඒ වැටුණු හැම තැනකදීම මට ශක්තියක් වුණේ මගේ අම්මා තාත්තා ඒවාගේම මගේ අක්කා. මගේ දරුවාව හදන්න මම කරන කැපකිරීම, කවුරු මගේ ජීවිතේ හිටියාත් තැතත් මගේ ජීවිතේ මම ගෙනියනවා මගේ දරුවා නිසා. මගේ අම්මා තාත්තා නිසා. මම යකඩ ගැහැණියෙක්. මම වැටෙනවානම් මීට අවුරුදු 3කට 4කට කලින් ඒ වැටුණ තැනදී තමයි මම වැටෙන්නේ මේ කිරුළ ගන්න මට ලොකුම බලාපොරෙත්තු වුණේ. මම වගේ දරුවෙකු එකක් තනි වුණ සින්ගල් මාම්. ඒවාගේ ගැහැනු ලංකාවේ ගොඩක් දුක්විඳිනවා. මේ කිරුළ මගේ නෙමෙයි ඒ අයගේ මම හිතන්නේ මේ කිරුළෙන් ඒ අයගේ අනාගතය එළිය කරන්න පුළුවන්නම් ඒක තමයි මගේ සතුට. මම ඩිවෝස් නැහැ. තවමත් මම විවාහකයි. අනිවාර්යෙන් මගෙන් පස්සේ වර්ල්ඩ් පැජන්ඩ් එකකට ඩිවෝස් වුණ කෙනෙකුට මේ වගේ තරඟයකට සහභාගී වෙන්න පුළුවන් වෙන්නට කියන තැන මම හදනවා. “

    CIDයේ විශ්‍රාමික දත්ත නිලධාරීන් යළි බඳවා ගැනේ

    0

    අංජනා මල්ලවආරච්චි

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කොට විශ්‍රාම ගොස් සිටින දත්ත නිලධාරීන් පිරිසක් යළි සේවයට බඳවා ගන්නා බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසීය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කීර්තිමත් ආයතනයක් වන අතර එහි දක්ෂ නිලධාරීන් පිරිස් සිටි ස්ථානයක් බව ද විශ්‍රාම ගොස් සිටින එවන්නේ නිලධාරීන් තවදුරටත් අවශ්‍ය බවද ඇමතිවරයා ද කීය.

    විශ්‍රාම ගොස් සිටින එවැනි දත්ත නිලධාරීන් ඉදිරියටත් බඳවා ගන්නා බවද චමල් රාජපක්ෂ මහතා පැවසීය.

    ස්විස් පැන්න නිශාන්ත සිල්වා ඇතුළු සී.අයි. ඩී. තුනක් මිනිස් ඝාතනයකට අල්ලන්නැයි නීතිපති කියයි

    0

    මිනිස් ඝාතන හා මංකොල්ලකෑම්වල නිරතව සිටි ඌව සහ දකුණු පළාත්වල නමගිය පාතාල අපරාධකරුවෙක් වූ ආමි සුරංග නැමැත්තාව 2006 වසරේදී සෙවනගල කෙසෙල් වගා බිමකදී ආයුධ පෙන්වීමට ගොස් වෙඩි තබා ඝාතනය කිරීමක් සම්බන්ධයෙන් ස්ට්සර්ලන්තයට පළාගොස් සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ලකෑම් විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාව සිටි නිශාන්ත සිල්වා ඇතුළු නිලධාරීන් තිදෙනෙක් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙත අද (06) දැනුම් දුන්නේය.

    නිශාන්ත ද සිල්වා සමග ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත රත්නායක සහ පොලිස් කොස්තාපල් හේමකුමාර යන නිලධාරීන් දෙදෙනා එම ඝාතනයට අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මුලින්ම දැනුම් දෙන්නේ 2019 වසරේදීය. එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස සේවයේ නිරතවූ ශානි අබේසේකර මහතා එම උපදෙසට අනුුව ක්‍රියාත්මක නොවී එම ඝාතනය සාධාරණ මිනිස් ඝාතනයක් බවට නීතිපති දෙපාර්තමේන්තුව සමග තර්ක කරමින් සිටියේය.

    එම ඝාතනය සම්බන්ධයෙන් වූ නඩු විභාගය ඇඹිලිපිටිය අධිකරණයේ විභාග වන අතර ආමි සුරංගව කෙසෙල් කොරටුුවට රැගෙන ගොස් පොලීසිය විසින් වෙඩි තබනු දුටු පුද්ගලයෙක්ද අධිකරණය හමුවේ සාක්ෂි ලබාදී තිබේ. එම සාක්ෂිකරු ආමි සුරංග නැමැත්තාගේ මාමා ය.

    “එදා ආමි සුරංග මගේ ගෙදර නිදාගෙනයි හිටියේ. පොලීසියෙන් කියල පිරිසක් නිවසට කඩා වැදුණා. එක් අයෙක් තමා අයි.පී. රත්නායක බව කිව්වා. තවත් අයෙක් නිශාන්ත සිල්වා කියලත් කිව්වා. ඒ අය නිදාගෙන සිටටි බෑනව ඇහැරවල ගෙයින් එළියට අරගෙන ගියා. ඒ වෙලාවේ මට සැකයක් ඇතිවුනා. එයාලට නොදැනෙන්න ගස් පදුරු අස්සෙන් රිංගමින් පස්සෙන්ම ගියා. ඒ එක් අවස්ථාවකදී රත්නායක කියල හදුන්නල දුන්න නිලධාරියාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ආවා. සුළු වේලාවක් ඒ අය දුරකතනයෙන් කථා කළා. ඒ වෙලාවේ නිශාන්ත සිල්වා යැයි හදුන්නාදුන් නිිලධාරියාගේ අතට දුරකතනය දුන්නා. ඔහු යමක් කථාකර අනතුරුව දුරකතනය අනෙත් නිලධාරියාට ලබාදීල ගිනි අවියක් අතට අරගෙන බෑනව කෙසෙල් හේනට අරගෙන ගියා. ටික වේලාවකට පස්සේ වෙඩි හඩක් ඇසුනා.“ යැයි ඔහු අධිකරණය හමුවේ සාක්ෂි ලබාදී ඇත්තේ එසේය.

    නිශාන්ත සිල්වා ඇතුළු නිලධාරීන්ට එරෙහිව පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් නීති කෘත්‍යක් ආරම්භ කිරීම සදහා පියවර ගන්නා ලෙසත් එහි මූලික පියවර ලෙස ඔවුුන්ව අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන්කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නීතිපතිවරයා පොලිසියට ඉකුත් 2019 අගෝස්තු මාසයේදී මුලින්ම උපදෙස් දෙන්නේ එම සාක්ෂියට අනුවය. එම නීති උපදෙස් අනුව පොලීසිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් නැවතත් සිහිකැදවීමක් නොවැම්බර් මාසයේදී සිදුව තිබුණි. එහෙත් මෙතෙක් පොලීසිය නීතිපති උපදෙස් ක්‍රියාත්මක කර තිබුනේ නැති බැවින් නීතිපතිවරයා නැවත් අද ‍අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයාට ඒ බව දැනුම් දී තිබේ.

    ඒ අනුව එම නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය මූලික පියවර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද සවස් වන විට පියවර ගෙන තිබුණි. නිශාන්ත සිල්වා රටින් පළාගොස් ඇති බැවින් අධිකරණයට ඒ ගැන කරුණු වාර්තාකර ජාත්‍යන්තර පොලීසිය මගින් රතු නිවේදනයක් නිකුත් කර ගැනීමට පියවර ගන්නා බව උසස් පොලිස් නිිලධාරියෙක් සදහන් කළේය.

    කිරුළ උදුරාගත්තේ ඇයි? ලෝක රූ රැජින පොලිසියට කී කථාව

    0

    ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙස තේරීපත්වූ පුෂ්පිකා සිල්වාගේ කිරුළ ගලවා දෙවැනි ස්ථානයට තේරීපත්වූ ආශ්‍යා බස්නායකට කිරුළ පලන්දවන ලද්දේ තරගයේ නීති රීතිවලට අනුව බව ලෝක විවාහක රූ රැජින වන කැරොලයින් ජූරි කුරුදුවත්ත පොලීසියේ නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ සදහන්කර තිබේ.

    ඇය අද 06 පෙරවරුවේ කුරුදුවත්ත පොලිස් ස්ථානය හමුුවට පැමිණියේ චූලා පද්මේන්ද්‍රන් සමගිනි. තමාගේ කිරුළ මේ දෙදෙනා විසින් ගලවනු ලැබූ බවට පුෂ්පිකා සිල්වා විසින් කුරුදුවත්ත පොලීසියට කළ පැමිණිල්ලකට අනුව ඔවුන් දෙදෙනාව පොලීසියට කැදවා තිබුණි.

    පුෂ්පිකා සිල්වා දික්කසාද වූ තැනැත්තියක් බවත් එවැනි අයට තරගයට සහභාගිවීමට හැකියාව ඇතත් කිරුළ දැරීමට අවස්ථාවක් නොමැති බවත් කැරොලයින් ජූරි පොලීසිය හමුවේ පවසා ඇත.

    සිිය කිරුළ ගලවා ඉවත් කිරීමේදී තුවාල සිදුවූ බවට ඇය විසින් පොලීසියට පැමිණිලිකර නොමැති බව කුරුදුවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරනාත් සමරකෝන් මහතා සදහන් කළේය.

    පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සහරාන් නෙවෙයි

    0

    පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොළකරුවන් ලෙස නවුෆර් මවුලවි සහ හජ්ජුල් අක්බර් යන පුද්ගලයින් හඳුනාගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.

    ඔහු මේවනවිට රිමාන්ඩ් භාරයේ සිටින බව අමාත්‍ය සරත් වීරසේකර මහතා , පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් සහ ඇමති මණ්ඩල අනු කමිටු වාර්තාව සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා අද පැවැති මාධ්‍ය හමුවේ දී පැවසීය .

    ආරක්ෂක අංශ භාරයේ සිටින නවුෆර් මවුලවි

    රංජන්ට දුන් අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා – සජිත්

    0

    සිරගතව සිටින රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට අතුරු තහනම් නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කරන ලද රිට් පෙත්සම ප්‍රතික්ෂේප කරමින් දුන් අභියාචනාධිකරණ තීන්දුව අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බව විපක්ෂනායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

    සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු ආසනය සම්බන්ධයෙන් විපක්ෂය විසින් ප්‍රශ්නයක් මතු කිරීමත් සමඟ අද පාර්ලිමේන්තුවේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නිවාඩු කාලය අප්‍රේල් 12 වන දිනට පෙර අනුමත කරන ලෙස ඔහු කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

    අලුත් අවුරුද්දේ නැකත් සීට්ටුව ජනපතිට පිළිගැන්වේ

    0

    සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව චාරිත්‍රානුකූලව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (06) පෙරවරුවේ පිළිගන්වනු ලැබීය.

    චිරාගත සාම්ප්‍රදායී පිළිවෙත් අනුව අඬබෙරකරුවෙක් සමග පැමිණි නැකැත්කරු විසින් රැගෙන ආ නැකැත් සීට්ටුව ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබීය.

    අලුත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ආහාර පිසීම, ලිප ගිනි දැල්වීම, ආහාර අනුභවය, හිසතෙල් ගෑම සහ නව වසරේ රැකියා සඳහා පිටත්ව යාම ආදී සුබ මුහුර්තයන් නැකත් සීට්ටුවට ඇතුළත්ය.

    කොවිඩ් මර්දනයට රුසියාවේ එන්නත් මිලියන 13 ක්

    0

    කොවිඩ් 19 වෛරස මර්දනය සඳහා රුසියාවේ නිෂ්පාදනය කර ඇති ‘ස්පුට්නිට් v’ එන්නත් මාත්‍රා තවත් මිලියන 06 ක් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

    මෙම අනුමැතිය ලැබී ඇත්තේ මෙයට පෙර ‘ස්පුට්නිට් v’ මාත්‍රා මිලියන 07 ක් මිලට ගැනීමට ලැබී තිබූණු කැබිනට් අනුමැතියට අමතරවය.

    ඒ අනුව රුසියානු එන්නත් මාත්‍රා මිලියන 13 ක් මිලට ගැනීමට මේ වන විට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

    ‘ස්පුට්නිට් v’ මාත්‍රාවක් මිලදී ගැනීමට නියමිතව ඇත්තේ ඇමරිකානු ඩොලර් 9.95 බැගිනි.

    ත්‍රිපෝෂ හදන්න අයවැයෙන් මිලියන 1500ක්

    0

    ළමා පෝෂණ අතිරේකයක් වන ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා මේ වසරේ අයවැයෙන් මිලියන 1500 ක් වෙන් කර ඇතැයි කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන අමාත්‍ය පියල් නිශාන්ත මහතා අද (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.

    ළමුන් අතර මන්දපෝෂණය තුරන් කිරීම සඳහා රජය ගෙන ඇති පියවර පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ විසින් මතු කරන ලද වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    ඇතැම් මව්පියන්ට උදේ ආහාරය ලබාදීමට නොහැකි වීම නිසා ළමයින් පාසල් නොයන බවත්, ගැහැණු ළමයින්ගේ සනීපාරක්ෂක ගැටලු වාර්තා වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    මේ වසරේ සිට ත්‍රිපෝෂ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බවත්, ඉදිරියේදී පෙර පාසල් දරුවන්ට උසස් තත්ත්වයේ බිස්කට් ලබා දීමට සැලසුම් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

    වැසුණු සරසවි යළි ඇරේ

    0

    කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හමුවේ වසා දැමුණු විශ්වවිද්‍යාල සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසු අධ්‍යන කටයුතු සදහා සිසුන්ට විවෘත කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණයකර තිබේ.

    ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා වට කිහිපයක්ද පවත්වා ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ තොරතුරු සදහන් කළේය.

    මුලින් තීරණය කර තිබුණේ කොවිඩ් එන්නත් විශ්වවිද්‍යාල සිසුන්ටද ලබාදී මෙම මස මුල සිට අධ්‍යන කටයුතු සදහා විශ්ව විද්‍යාල විවෘත කරන්නටය. එහෙත් එන්නත්කරනයේ ප්‍රමාදය හේතුවෙන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව විශ්ව විිද්‍යාල අලුත් අවුරුද්දෙන් පසු විවෘත කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේය.

    එක්සත් ජාතික පක්ෂය විරෝධතාවක

    0

    එක්සත් ජාතික පක්ෂය විසින් පරිසර විනාශයට එරෙහිව අද 06 කොළඹ තුංමුල්ල මංසන්ධියේදී විරෝධතාවක නිරතව සිටි අයුරු.

    ලෝක විවාහක රූ රැජිණ කැරොලයින් කුරුඳුවත්ත පොලීසියේ

    0

    ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙස තේරීපත්වූ පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ ගැලවීම සම්බන්ධයෙන් සමාජයේ මේවන විට ඇත්තේ ලොකු කථාබහකි. තමාගේ හිස මත පැලදි කිරුළ බහත්කාරයෙන් ගැලවීමේදි හිසට තුවාල සිදුවූ බවට පුෂ්පිිකා කුරුදුවත්ත පොලිස් ස්ථානයට ගොස් ඊයේ 05 පැමිණිල්ලක්ද කලාය. විවාහක ලෝක රූ රැජිනක් වන කැරොලයින් ජූරි , තරග සංවිධායක මණ්ඩලයේ සාමාජිකාවක් වන චූලා පද්මේන්ද්‍රන්, තරග අධ්‍යක්ෂකවරයෙක් වන චන්දිමාල් ජයසිංහ, පුෂ්පිකාගෙන් ගැලවූ කිරුළ පැලන්දන ලද දෙවැනි ස්ථානයට පත්වූ ආශ්‍යා බස්නායක ඇතුළු කිහිප දෙනෙක්ට පුෂ්පිකා චෝදනා එල්ලකර තිබුණාය.

    එම පැමිණිල්ලට අනුව ඒ සියළු දෙනාටම කුරුදුවත්ත පොලිස් ස්ථානය හමුවේ ඊයේ 05 දිනම පෙනී සිටින්නැයි පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරනාත් සමරකෝන් මහතා දැනුම් දීමක් කළේය. එහෙත් ඒ අනුව පොලිස් ස්ථානය හමුවේ පෙනී සිටියේ ආශ්‍යා බස්නායක පමණි. ඇය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන සාරනාත් බස්නායක මහතාගේ බිරිදය.

    කෙසේ වෙතත් ඊයේ පොලීසිය හමුුවේ පෙනී නොසිටි අය අය අතර සිටින කැරොලයින් ජූරි අද පෙරවරුවේ පොලීසිය හමුවේ පෙනී සිට ඇත. විනිසුරු මණ්ඩලයක් තීරණයක් ලබාදී තිබියදී ජයග්‍රාහිකාවකගේ කිරුළ ප්‍රසිද්ධියේ ගලවා දැමීමට ඇයට ඇති අයිතිය කුමක්දැයි මෙහෙදී පොලීසියේ විශේෂ අවධානයට යොමුකර විමර්ශන පවත්වනු ලැබීම විශේෂත්වයකි.

    ජූරිගේ කිරුළ ගැලවෙයි? – ලෝක විවාහක රූ රැජිණ කමිටුවෙන් නිවේදනයක්

    0

    ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරඟාවලිය අවසානයේදී වූ සිද්ධියේදී ලෝක විවාහක රූ රැජිණ වන කැරොලයින් ජූරි මහත්මියගේ ක්‍රියාකලාපය පිළිබඳ සමාලෝචනය කරන බව ලෝක විවාහක රූ රැජිණ සංවිධානය නිවේදනය කර තිබේ.

    ජාත්‍යන්තර විවාහක රූ රැජිණ තරඟාවලියට තරඟ කිරීම සඳහා එවන තරගකාරිය කවරකු වුවද ඇය විවාහක වී තිබීම අනිවාර්ය බවද එම නිවේදනයේ සදහන් ය. එමෙන්ම ජාත්‍යන්තර තරගයේදී ඔවුන් ගනු ලබන්නේ සදාචාරාත්මක විනිශ්චයක් නොව සුදුසුකම් සපුරා ඇත්නම් තරග කිරීමට ඉඩදීම සහ ජයග්‍රාහිකාව තෝරාගැනීම බවද එම සංවිධානය පෙන්වා දෙයි.

    ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරඟාවලිය අවසානය ලෝක විවාහක රූ රැජිණ ලෙස කැරොලයින් ජූරි මහත්මිය විසින් පාලනය කිරීම ගැන කනගාටු වන බවත්, සුදුසු යැයි සැලකෙන පියවර ගැනීම සඳහා ඔවුන් සිද්ධිය සමාලෝචනය කර ඔවුන්ගේ තක්සේරුවේ ප්‍රතිඵල ලබාදීමට අපේක්ෂා කරන බවත් එම සංවිධානය වැඩිදුරටත් නිවේදනය කර ඇත.

    ඉරිදා සවස කොළඹ නෙලුම් පොකුණේදී පැවැත්වූ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරඟයේ අවසන් මහා තරගය රට පුරා පුළුල් අවධානයක් දිනා ගත් අතර, ජයග්‍රාහිකාව වූ පුෂ්පිකා ද සිල්වා වේදිකාවට නංවාගෙන කිරුළු පැළඳීමෙන් පසුව පුෂ්පිකා දික්කසාද වූ අයකු බව කියමින් ජූරි කිරුළ ගලවා දැමීය.

    ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගයේ චර්යාධර්ම පද්ධතියට මෙන්ම වත්මන් ලෝක විවාහක රූ රැජිණ ලෙස ඇයගේ පාලන සමයේදී ඇය විසින් අනුගමනය කිරීමට බැඳී සිටින පූර්ව රෙගුලාසිවලට පටහැනිව කටයුතු කිරීම නිසා ඔවුන්ගේ වර්තමාන කිරුළ හිමිකාරිනියගේ හැසිරීම පිළිබඳව ඔවුන් දැඩි සේ කලබලයට පත්ව ඇති බවත්, ඔවුන්ගේ ක්‍රියාකලාපය ගැන අවංකවම කනගාටු වන බවත් ලෝක විවාහක රූ රැජිණ සංවිධානය කීය.

    ජූරිගේ ජූරිය ගැන ලොව පළමු විවාහක රූ රැජිණ කම්පා වෙයි

    0

    ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ කිරුළ දිනූ සැණින් ජයග්‍රාහිකාව වූ පුෂ්පිකා ද සිල්වාගෙන් වේදිකාව මත දී කිරුළ ගලවා දෙවැනියා වෙත කිරුළ පැළදූ ලෝක විවාහක රූ රැජිණ වන කැරොලයින් ජූරි විසින් කළ ක්‍රියාව ලොව පළමු විවාහක රූ රැජිණ වන, රෝසි සේනානායක මහත්මිය විසින් කනගාටුව පළකර තිබේ.

    ගැටලුවක් ඇත්නම් එය විසඳිය යුතුව තිබුණේ වේදිකාවෙදි නොව වේදිකාවෙන් පිටත බව සේනානායක මහත්මිය කියා සිටියාය.

    ලෝක රූ රැජිණ ලෙස කැරොලයින් ජූරි මහත්මියගේ හැසිරීම ගැන තමන් කම්පාවට පත්වූ බව ඇය කීය.

    එය පිළිකුල් සහගත බවත් ජූරිගේ හැසිරීම සදාචාර විරෝධී බවත් කිසිසේත් පිළිගත නොහැකි බව රෝසි සේනානායක මහත්මිය වැඩිදුරටත් කීවාය.

    නෙළුම් පොකුණ රඟහලේ පෙරේදා (04) රාත්‍රි පැවති අවසන් මහා තරඟයට ආරාධිත අමුත්තියක ලෙස රෝසි සේනානායක මහමහත්මිය ද සහභාගි වූවාය.

    මුල් ජයග්‍රාහකයා වූ පුෂ්පිකා ද සිල්වාට සුබ පතන්නට ඇය වේදිකාවට පැමිණ සිටියද මෙම සිද්ධිය සිදුවීමට පෙර ඇය පිටව ගියාය.

    “අපි කාන්තාවන්ට සහයෝගය දැක්විය යුතුයි. අපට කාන්තාවන්ට සහයෝගය දැක්විය නොහැකි නම් අපි කට වසාගෙන සිටිය යුතුයි. ”සේනානායක මහත්මිය පැවසුවාය.

    “මට තේරෙන්නේ නැහැ මේක කොහෙන්ද ආවේ කියලා.

    ලොව පළමු විවාහක රූ රැජිණ ලෙස ඇය ශ්‍රී ලංකාවේ සියලුම කාන්තාවන් වෙනුවෙන් පුෂ්පිකා ද සිල්වාගෙන් සමාව අයැද සිටියාය.

    දික්කසාද වීම හේතුවෙන් පුෂ්පිකා ද සිල්වා මෙම ජයග්‍රහණයට සුදුසු නැතැයි පවසමින් කැරොලයින් ජූරි සහ චූලා පද්මේන්ද්‍රන් විසින් කිරුළ ගලවා තිබුණි.

    සිද්ධියෙන් පසු පුෂ්පිකා ද සිල්වා පොලීසියට පැමිණිල්ලක් කර කිරුළ කැරොලයින් ජූරි විසින් ගලවාගැනීමේදී හිස්කබලට තුවාල වූ බව පවසා රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

    ජාතික අධ්‍යක්ෂක චන්දිමාල් ජයසිංහ පවසන්නේ පුෂ්පිකා ද සිල්වා දික්කසාද වූ බවට වන ප්‍රකාශයන්ට කිසිදු සාක්ෂියක් නොමැති බවයි.

    පුෂ්පිකා ද සිල්වාගේ ස්වාමිපුරුෂයා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ ඔවුන් දෙදෙනා වසර 4ක සිට වෙන්වී සිටින බවත් දික්කසාද නඩුව ඇත්තේ අවසන් අදියරේ බවත් ය.

    පුෂ්පිකා ද සිල්වා යළිත් ජයග්‍රාහකයා බවට පත් කර ඇති බව ජාතික සංවිධායක චන්දිමාල් ජයසිංහ පැවසූ අතර හෙට කොළඹ පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔටුන්න නිල වශයෙන් ඇයට ලබා දෙන බව ද කීය.

    එමෙන්ම මෙම සිදුවීම කැරොලයින් ජූරිගේ ලෝක විවාහක රූ රැජිණ කිරුළටද අහිතකර වනු ඇති බව ඔහු පවසා තිබේ.

    කුළියාපිටියේ බුදු කුටි කඩා හිරේ සිටි ඉන්දියානුවා මරුට

    0

    කුලියාපිටියේ පිහිටි බුදු කුටි 04 කට පහරදී හානි කිරීමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටි ඉන්දියානු ජාතිකයා මිය ගොස් ඇත.

    හදිසියේ ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන් වාරියපොළ බන්ධනාගාරයේ සිට අද (05) රාත්‍රියේ ඔහුව වාරියපොළ රෝහලට රැගෙන යමින් සිටියදී මියගොස් ඇතැයි බන්ධනාගාර තොරතුරු සදහන් කළේය.

    දිලිප් කුමාර් නැමැති 47 හැවරදි ඉන්දියානු ජාතිකයෙක් එසේ මියගොස් තිබේ. කුළියාපිටියේ කාන්තාවක් සමග ඔහු විවහා වී සිටියේය. ඉකුත් මාර්තු 19 වෙනිදා කුළියාපිටියේ බුදු කුඩි 04 කට පහරදී හානි කිිරීමක් සම්බන්ධයෙන් ප්‍රෙද්ශයේ ජනතාව අතර උණුසුම් තත්වයක් ඇති විය. එහිදී පොලීසිය ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා මෙම ඉන්දියානුවාව අත්අඩංගුවට ගත්තේය. එම පහරදීමට හේතුව නිෂ්චිත ලෙස අඅනාවරණය නොවීය. බීමත්ව ඉන්දියානුවා බුදු කුටිවලට පහරදී ඇතැයි පොලීසිය එදා සදහන් කළේය.

    සලෙයිගේ පැමිණිල්ලට මන්ත්‍රී නලින් පැය තුනක් රහස් පොලීසියේ

    0

    රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලෙයි මහතා විසින් කළ පැමිණිල්ලකට අදාලව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (05) පැය තුනක පමණ කාලයක් ප්‍රශ්න කරනු ලැබීය.

    පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදුකළ සහරාන් හෂීම්ව මලයාසියාවේදී සුරේෂ් සලෙයි මුණගැසී ඇතැයි මාධ්‍ය හමුවකදී නලින් බණ්ඩාර මහතා කළ ප්‍රකාශයක් අදාල පැමිණිල්ලට මුල්වී තිබුණි. ඒ සම්බන්ධයෙන් නලින් බණ්ඩාර මන්ත්‍රීවරයාගෙන් වන්දි ඉල්ලා එන්තර වාසියක්ද සලෙයි මහතා සිය නීතීඥයින් මගින් යොමුකරනු ලැබීය.

    නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා එම ප්‍රකාශය කරනු ලබන්නේ ඉකුත් 17 වෙනිදාය.

    එම මාධ්‍ය හමුවේදී කළ කරුණු අසත්‍ය බවත් තමන් කිසිදිනෙක සහරාන් හෂීම් හමුවී නොමැති බවත් රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානි මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ ප්‍රකාශයක් ලබා දෙමින් නලින් බණ්ඩාර මන්ත්‍රීවරයාට එරෙහිව පැමිණීල්ලක් කර තිබුණි. එම පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට සහකාර පොලිිස් අධිකාරීවරයෙකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක්ද පත්කරනු ලැබීය.

    ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට අවස්ථා දෙකකදී නලින් බණ්ඩාර මන්ත්‍රීවරයාව කැදවනු ලැබීය. මුල් අවස්ථාවේදී ඔහු වෙනුවෙන් නීතීඥවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව හමුවට ඉදිරිපත් වූ අතර ඔහු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නේ දෙවැනි කැදවීමට අනුවය.

    පැය තුනකට පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණි නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා සදහන් කරන්නේ රජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලෙයි සහ සහරාන් මලයාසියාවේදී හමුවූ බවට වූ තොරතුර ගැන තමා දැනුවත්වන්නේ වෙඩ් අඩවිය ප්‍රවෘත්තියකින් බවය. එම ප්‍රවෘත්තිය මෙතෙක් නිිවැරදි කිරීමක් කර නොමැති බවත් එබැවින් එම තොරතුර නිවැරදි තොරතුරක් යැයි විශ්වාස කරමින් එම ප්‍රකාශය කළ බව ඔහු එහිදී වැඩිදුරටත් සදහන් කළේය.

    පාස්කු වාර්තාවේ ක්‍රියාත්මක කළ යුතු නිර්දේශ 78ක් හඳුනා ගනී – ඇමති අනු කමිටු වාර්තාව ජනපතිට

    0

    පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව අධ්‍යයනය කර ඒ පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමේ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ අවසන් වාර්තාව මගින් නිර්දේශ 78ක් හඳුනාගෙන තිබේ.

    එම නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ කෙසේද, ක්‍රියාත්මක කරන්නේ කුමන ආයතන ද යන්න පිළිබඳ සදහන් වාර්තාව කමිටුවේ සභාපති, අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඇතුළු කමිටු සාමාජිකයන් විසින් අද (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දෙනු ලැබීය.

    2021 පෙබරවාරි මස 19 වන දින කමිටුව පත් කරනු ලැබිණ.

    කමිටු වාර්තාව මාර්තු මස 15 වන දිනට පෙර ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ ද වැඩිදුර විමර්ශනය සඳහා කමිටුව තවත් සති දෙකක කාලයක් ලබා ගත්තේය.

    නීතිමය කාරණා පිළිබඳ නිර්දේශ මීට පෙර නීතිපතිවරයා වෙත යොමු කරනු ලැබීය.

    කමිටුවේ සෙසු සාමාජිකයන් වන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන සහ කමිටුවේ ලේකම් ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (නීති) හරිගුප්ත රෝහණධීර යන මහත්වරු වාර්තාව භාරදීමේ අවස්ථාවට එක්ව සිටියහ.

    වාහන ආනයනයේදී ඉලෙක්ට්‍රික් වාහනවලට වැඩි සැලකිල්ලක්

    0
    Electric car in charging

    වාහන ආනයනය සීමා යම් දිනක ලිහිල් කරන විට රජය වැඩි සැලකිල්ලක් යොමුකරන්නේ ඉලෙක්ට්‍රික් වාහන සම්බන්ධයෙන් බව මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

    මේ වන විට ලෝකයේ බොහෝ රටවල් ඉලෙක්ට්‍රික් වාහන සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් දක්වන බවද ඔහු සදහන් කරයි.

    රාජ්‍ය ඇමතිවරයා මේ බව සදහන් කරනු ලැබුවේ අද (05) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී මොහොමඩ් මුසම්මිල් මන්ත්‍රීවරයා විසින් අසන ලද ප්‍රශ්ණයකට පිළිතුරු සපයමිණි.

    යහපාලන රජය පැවැති 2015 සිට 2019 දක්වා වසර පහේදී පමණක් රුපියල් කෝටි එක්ලක්ෂ විසිතුන් දහස් නවසියයක් පමණ වටිනා වාහන 25,15546ක ආනයනය කර ඇතැයිද රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සදහන් කළේය.

    2015 වසරේ වාහන 647444ක් ද, 2016 වසරේදී වාහන 469304ක් ද, 2017 වසරේදී වාහන 460201ක්ද, 2018 වසරේදී වාහන 494488ක් ද 2019 වසරේදී වාහන 344059 වශයෙන් රටවල් 103 කදී මෙලෙස වාහන ආනයනය කර තිබෙන බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    වත්මන් රජය මේ වන විට වාහන ආනයනය සීමා කර ඇත්තේ කොවිඩ් 19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන රටේ ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීමේ අරමුණන් යුතුව යැයි ද රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.

    රාජ්‍ය ආයතන පහක සේවකයෝ ඉහළ වැටුප් වර්ධකයක් ඉල්ලා වෘත්තීය සටනකට සූදානමක්

    0

    අංජනා මල්ලවආරච්චි

    ශ්‍රී ලංකාවේ ප්‍රබල රාජ්‍ය ආයතන පහක සේවක සේවිකාවෝ මේ වසරේ දී 30% ක ඉහළ වැටුප් වැඩි වැඩි කිරීමක් ඉල්ලා වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

    ලංකා විදුලිබල මණ්ඩලය, වරාය අධිකාරිය, ජල සම්පාදන මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ රජයේ බැංකුවල සේවක සේවිකාවෝ 30%ක වැටුප් වැඩිවීම ඉල්ලා වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව ඇති බව වාර්තා වේ.

    එම රාජ්‍ය ආයතනවලට වැටුප් වැඩිවීමක් හිමිවන්නේ වසර තුනෙන් තුනට වන අතර ඉකුත් 2018 වසරේදී අවසන් වරට වැටුප් වැඩිවීමක් ලබා දී තිබිණ.

    එම ආයතන 30%ක වැටුප් වැඩිවීමක් ලබාදී තිබුණද ඒවායේ පාලනාධිකාරිය මඟින් සියයට 25ක වැටුප් වැඩිවීමක් ලබාදීම සඳහා සාකච්ඡා කරමින් සිටින බවට වාර්තා වේ.

    මෙරට කොරෝනා වසංගතය අස්සේ මාතෘ මරණ අඩුවීම ජගත් සංවිධානයක් අගයයි

    0

    අංජනා මල්ලවආරච්චි

    covid වසංගතය පැතිර ගිය කාලයේදී මෙරට සිදුව ඇත්තේ සාමාන්‍යයෙන් වසරකට සිදුවන මාතෘ මරණ සංඛ්‍යාවට වඩා එක් මාතෘ මරණයක් පමණකැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සහ සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

    කොරෝනා තදින් පැතිර ගිය 2020 වසරේ මුල් මාස හය ඇතුළත රටක සිදුවන මාතෘ මරණ සංඛ්‍යාවට වඩා මරණ විස්සක් වැඩිපුර සිදුවනු ඇතැයි ඇස්තමේන්තු කර තිබුණ නමුත් ශ්‍රී ලංකාව විශාල ජයග්‍රහණයක් ලැබූ බව ද එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල කියයි.

    ශ්‍රී ලංකාව ඉතාමත් ප්‍රශස්ත අන්දමින් ක්‍රියාත්මක වී සියලුම මාතෘ මරණ අඩු කිරීම සඳහා කටයුතු කළ බවට ශ්‍රී ලංකාව ඒ සඳහා දරන උත්සාහයේ ප්‍රශස්ත බවට එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල කියයි.

    CIDයේ සිටි සැකකරුවන් 4ක් ඩෙංගු හැදී රෝහලට

    0

    කොස්ගොඩ තාරක ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත සිටින සැකකරුවන් සිව්දෙනෙකු ඩෙංගු රෝග වැළඳීම හේතුකොටගෙන දැඩි ආරක්ෂාව මධ්‍යයේ ඊයේ රෝහල් ගත කර තිබේ.

    කොස්ගොඩ තාරකට අමතරව ඔහුගේ සහෝදරයෙකු වන මධුක නිර්මාල් පෙරේරා, ඩබ්ලිව් එම් පී පි බණ්ඩාර හා පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙක් වන මොහොමඩ් ඊබ්‍රාහිම් මෙසේ ඩෙංගු වැළඳීම හේතුවෙන් රෝහල් ගත කර ඇත.

    ඊට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයේ නිරත පොලිස් නිලධාරීන් කීප දෙනෙකුට ද ඩෙංගු වැළඳී තිබෙන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

    මේ තත්ත්වය මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරිශ්‍රය සහ ඒ අවට ඊයේ වන විට දූමායනය කර පිරිසිදු කිරීමේ කටයුතු සිදු කර ඇත .

    බන්ධනාගාර ගත කර සිටී කොස්ගොඩ තාරක ගිනි අවි ජාවාරමක් සම්බන්ධයෙන් රඳවාගෙන ප්‍රශ්න කරනු ලබයි. එය ආරක්ෂක ලේකම්වරයාගෙන් ලබාගත් විශේෂ නියෝගයක් මතයි.

    පාම්‌ ඔයිල් ආනයනය තහනම් – ගැසට්ටුව අද නිකුත් කරන්න ජනපති නියෝග

    0

    වහාම‌ ක්‍රියාත්මක වන පරිදි පාම්‌ ඔයිල්‌ ආනයනය සම්පූර්ණයෙන්‌ තහනම්‌ කිරීමට ජනාධිපති ගෝඨාභය රාජෂක්ෂ මහතා උදෙස්‌ දී ඇති පරිදි ඊට අදාල ගැසට්‌ නිවේදනය අද (2021-04-05) නිකුත්‌ කරන ලෙස ජනාධිපති ලේකම්වරයා‌ විසින්‌ ආනයන අපනයන පාලක වෙත දැනුම්‌ දී ඇත.

    දැනට ආනයනය කර ඇති පාම්‌ ඔයිල්‌ නිකුත්‌ කිරීම්‌ සම්පූර්ණයෙන්ම නතර කරන ලෙස ද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස්‌ දී තිබේ.

    මේ සමගම‌ කටු පොල්‌ වගාව ද සම්පූර්ණයෙන්ම තහනම්‌ කෙරේ.

    මේ අතර කටු පොල්‌ වගාව සම්පූර්ණයෙන්ම තහනම්‌ කිරිමට ජනාධිපතිවරයා දී ඇති උපදේශය බලාත්මක කරමින්‌ අදාළ නීති යටතේ නියෝග පනවා ඇත.

    මෙරට කටු පොල්‌ වගාව ක්‍රමයෙන්‌ නතර කිරීමට ජනාධිපතිවරයා විසින්‌ උපදෙස්‌ දී තිබුනේ මීට මාස 6කට පමණ පෙරය.

    දැනට පවතින කටු පොල්‌ වගාව අදියරෙන්‌ අදියර වරකට 10% බැගින්‌ ගලවා ඉවත්‌ කර ඒ වෙනුවට රබර්‌ හෝ පරිසර හිතකාමී වෙනත්‌ වගාවන්‌ කිරීමට එම‌ සමාගම්‌ හා ආයතන සම්බන්ධ නීතියෙන්‌ බැඳීම්‌ සඳහා අවශ්‍ය පියවර ගැනීමට ද උපදෙස්‌ දී ඇත.

    මෙය සම්පූර්ණයෙන්‌ ක්‍රියාත්මක වූ විට කටු පොල්‌ වගාව සහ පාම්‌‌ ඔයිල්‌ පරිභෝජනය සම්පූර්ණයෙන්ම නතර කිරිම්‌ රජයේ අරමුණයි.

    කොවිඩ් දෙවන මාත්‍රාව දෙන්න එන්නත් ලක්ෂ 3ක් වෙන් කරලා

    0

    කොරෝන මර්දන එන්නත ලබා ගත් පුද්ගලයින්ට එහි දෙවන මාත්‍රාව සඳහා oxford – AstraZeneca Covishield එන්නත් තුන්ලක්ෂයක් පමණ දැනට වෙන්කර ඇතැයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් මර්ධන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.

    එන්නත් දෙවන මාත්‍රා ලබා දීම එළඹෙන අප්‍රේල් මස 19 වන දා සිට ආරම්භ කරන බවත් අමාත්‍යවරිය සඳහන් කළේ අද (05) පාර්ලිමේන්තුවේදී ඇසූ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    කොවිඩ් දෙවන මාත්‍රාව සති 04කින් ගත යුතු බව මීට ඉහතදී සඳහන් කර තිබුණද නවතම පර්යේෂණ දත්ත අනුව එය සති 10ත් 12 දක්වා බවත් ඒ අනුව ඉතිරි එන්නත් තොගය ඒ අතර තුර ලබා ගත හැකි බැවින් කිසිදු ගැටළුවක් මෙහිදී ඇති නොවන බවද අමාත්‍යවරයි අවධාරණය කළාය.

    ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා රජය ලබාදෙන දීමනාව සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා රජය ලබා දෙන රු 2500 යේ මාසික දීමනාව ඉදිරියේදී ලබා දීමට කටයුතු කරන බවයි. අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් මේ සඳහා මුදල් ඉල්ලා ඇති අතර මුදල් ලැබුණු වහාම අදාළ ගෙවීම් කරන බවද අමාත්‍යවරිය සඳහන් කළාය.

    ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 238,640ක් දෙනා පොරොත්තු ලේඛනයේ සිටින බවත් එම පුරවැසියන්ටද රු2000 දීමනාව ලබා දීම සඳහා ද කැබිනට් පත්‍රිකාවක් යොමු කර ඇතැයිද ඇය සඳහන් කළාය.

    කොවිඩ් එන්නත් අපනයනය තහනම් කර නෑ – ඉන්දියාව

    0
    vaccine

    අංජනා මල්ලවආරච්චි

    ඉන්දියාව ඇස්ට්‍රාසෙනෙකා එන්නත් අපනයනය කිරීමේ තහනමක් පනවා නැතැයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

    ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය ඉකුත් දෙවැනි දා ඒ බව තහවුරු කර ඇතැයිද මහ කොමසාරිස් මහකොමසාරිස් කාර්යාලය කියයි.

    ඉන්දියාව ඉකුත් සතියේ දී ලොව රටවල් රැසකට එන්නත් අපනයනය කළ බව ද ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කියයි.

    ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ දොළහකට අධික ප්‍රමාණයක් මේ වන විට ශ්‍රී ලංකාවට සපයා තිබෙන බවද ඉන්දීය මහ මහකොමසාරිස් කාර්යාලය කියයි.

    ශ්‍රී ලංකාවේ සමීප මිතුරෙකු සහ අසල්වාසියකු වශයෙන් ඉන්දියාව තම රට තුළ එන්නත්කරණය අරඹා දින කිහිපයකින් ශ්‍රී ලංකාවට දෙන්නත් ලබාදීමට සහතික වූ බවද මහ කොමසාරිස් කාර්යාලය පවසයි

    වැලි අල්ලන්න ගිය යාපනයේදී පොලිස් නිලධාරියෙක් යට කළ කැබ් රථය අල්ලයි

    0

    යාපනය වඩමාරච්චි වලිපුරුචි ගම්මානයේදී නීති විරෝධිව වැලි කපා ප්‍රවාහනය කිරීමේ ජාවාරමක් ගැන කරුණු සොයා බැලීමට ගිය යාපනය පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් යටකර පළාගිය වැලි ප්‍රවාහනය කළ බොල්රෝ වර්ගයේ කැබ් රථයක් සමග එහි රියදුරු අද (05) දින අත්අඩංගුවට ගත්බව යාපනය නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතා සදහන් කළේය.

    පොලීසියට ලද දුරකතන ඇමතුමකට අනුව වැලි ජාවාරම සිදුවන ස්ථානයට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පොලිස් කණ්ඩායමක් ගොස් ඇත්තේ ඊයේ පෙරවරුවේදීය. ඒ යන විිට ජාවාරම්කරුවන් පළාගොස් ඇත. එහිදී එක් සැකකරුවෙක් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා විසින් අල්ලාගෙන සෙසු සැකකරුවන් පසුපස පන්නා යන ලෙස නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

    ඒ අනුව පොලිස් නිලධාරීන් පළායමින් සිටින ජාවාරම්කරුවන් පසුපස පන්නමින් සිටියදී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අල්ලාගත් සැකකරුව වැලිපොළ ආසන්න මාර්ගයේ රදවාගෙන සිට ඇත. එම අවස්ථාවේදී වැලි ඡාවාරමට සම්බන්ධ පුද්ගලයෙකුට අයත් බොල්රෝ වර්ගයේ කැබ් රථයක් වේගයෙන් පැමිණ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාව යටකරමින් පළාගොස් තිබේ.

    ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ පාදයක් බිදී ඇති බවත් ඔහු යාපනය රෝහලට ඇතුලත්කර ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කළේය.

    රූ රැජිණ කිරුළ අහිමි වූ පුෂ්පිකා පොලීසියට ගොස් රෝහල්ගත වෙයි

    0

    ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරඟාවලියේ ඊයේ රාත්‍රි පැවති අවසන් මහා තරගයේ ජයග්‍රාහිකාව ලෙස නම් කෙරුණු විගස කිරුළ අහිමි වූ පුෂ්පිකා ද සිල්වා හදිසියේ අද රෝහලට ඇතුළත් කර ඇත්තේ පොලීසියට පැමිණිල්ලක් ද කිරීමෙන් බව වාර්තා වේ.

    හිසට දැමූ කිරුළ යළි ගැලවීමේදී හිසට සිදුවූ තුවාල හේතුවෙන් මෙලෙස රෝහල්ගතවූ බව ඇයගේ ප්‍රකාශකයා පැවසීය.

    පුෂ්පිකාගේ හිස්කබලට මෙමගින් තුවාල ලබා ඇති බව පැවසේ. ඊයේ රාත්‍රියේ සිදුවීමෙන් පසු ඇය දැඩි මානසික අවපීඩනයෙන් පෙළුණු බවට ද ඇයගේ පාර්ශ්වය පවසයි.

    පුෂ්පිකා තම ස්වාමිපුරුෂයාගෙන් දික්කසාද නොවූ බවත් වෙන්ව සිටිම පමණක් සිදුව ඇති නමුත් තමාට කිරුළ පැළඳූ පසු ලෝක විවාහක රූ රැජිණ වන කැරොලයින් ජූරි විසින් ඇයට එරෙහිව නගා ඇති චෝදනා සියල්ල අසත්‍ය බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.

    වේදිකාවේදී ජූරිගේ ක්‍රියාවන්ට සහාය දුන් චූලා පද්මේන්ද්‍රට එරෙහිව පුෂ්පිකා විසින් පැමිණිල්ලක් ගොනු කර ඇත.

    ඔවුන් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමෙන් තමාට හානියක් කිරීමට අදහස් කළ බව ඇය ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.