fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්සලෙයිගේ පැමිණිල්ලට මන්ත්‍රී නලින් පැය තුනක් රහස් පොලීසියේ

    සලෙයිගේ පැමිණිල්ලට මන්ත්‍රී නලින් පැය තුනක් රහස් පොලීසියේ

    රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලෙයි මහතා විසින් කළ පැමිණිල්ලකට අදාලව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (05) පැය තුනක පමණ කාලයක් ප්‍රශ්න කරනු ලැබීය.

    පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදුකළ සහරාන් හෂීම්ව මලයාසියාවේදී සුරේෂ් සලෙයි මුණගැසී ඇතැයි මාධ්‍ය හමුවකදී නලින් බණ්ඩාර මහතා කළ ප්‍රකාශයක් අදාල පැමිණිල්ලට මුල්වී තිබුණි. ඒ සම්බන්ධයෙන් නලින් බණ්ඩාර මන්ත්‍රීවරයාගෙන් වන්දි ඉල්ලා එන්තර වාසියක්ද සලෙයි මහතා සිය නීතීඥයින් මගින් යොමුකරනු ලැබීය.

    නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා එම ප්‍රකාශය කරනු ලබන්නේ ඉකුත් 17 වෙනිදාය.

    එම මාධ්‍ය හමුවේදී කළ කරුණු අසත්‍ය බවත් තමන් කිසිදිනෙක සහරාන් හෂීම් හමුවී නොමැති බවත් රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානි මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ ප්‍රකාශයක් ලබා දෙමින් නලින් බණ්ඩාර මන්ත්‍රීවරයාට එරෙහිව පැමිණීල්ලක් කර තිබුණි. එම පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට සහකාර පොලිිස් අධිකාරීවරයෙකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක්ද පත්කරනු ලැබීය.

    ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට අවස්ථා දෙකකදී නලින් බණ්ඩාර මන්ත්‍රීවරයාව කැදවනු ලැබීය. මුල් අවස්ථාවේදී ඔහු වෙනුවෙන් නීතීඥවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව හමුවට ඉදිරිපත් වූ අතර ඔහු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නේ දෙවැනි කැදවීමට අනුවය.

    පැය තුනකට පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණි නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා සදහන් කරන්නේ රජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලෙයි සහ සහරාන් මලයාසියාවේදී හමුවූ බවට වූ තොරතුර ගැන තමා දැනුවත්වන්නේ වෙඩ් අඩවිය ප්‍රවෘත්තියකින් බවය. එම ප්‍රවෘත්තිය මෙතෙක් නිිවැරදි කිරීමක් කර නොමැති බවත් එබැවින් එම තොරතුර නිවැරදි තොරතුරක් යැයි විශ්වාස කරමින් එම ප්‍රකාශය කළ බව ඔහු එහිදී වැඩිදුරටත් සදහන් කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.