fbpx
තවත්

    ගෝඨාභයට නොතීසි

    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය අද නොතීසි නිකුත් කර තිබේ.

    ඒ කොළඹ මහාධිකරණය විසින් මරණ දඩුවම් නියම වී සිටි යුද හමුදා සැරයන් සුනිල් රත්නායක ජනාධිපති සමාව මත නිදහස් කිරීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වමිනි.

    මෙම නියෝගය නිකුත් කෙරු‍ණේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවණමුත්තු මහතා ගොනුකළ මුලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ය.

    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ යුද හමුදා සැරයන් සුනිල් රත්නායක යන අයට අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි දන්වා නොතීසි නිකුත් කිරිමට අවසර දෙන ලෙස පෙත්සම අද කැදවූ අවස්ථාවේ පෙත්සම් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ එම් ඒ සුමන්තිරන් මහතා ප්‍රකාශ කළේ ය.

    එම ඉල්ලීම පිළිගනිමින් විත්තිකරුට ජනාධිපති සමාව ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නොතීසි නිකුත්කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර ඇත.

    යාපනය මිරුසුවිල් ප්‍රදේශයේ දී අවුරුදු 5ක කුඩා දරුවෙකු ඇතුළු අවතැන්ව සිටි සිවිල් වැසියන් අට දෙනෙකු මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැරයන් සුනිල් රත්නායක මහතාට මහාධිකරණය මරණ දඩුවම නියම කර තිබුණි.

    අනතුරුව මරණ දඩුවමෙන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා සුනිල් රත්නායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළේය.

    එම පෙත්සම සලකා බැලූ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ද මහාධිකරණ තීන්දුව තහවුරු ක‍ර තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img