fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්වාහන ආනයනයේදී ඉලෙක්ට්‍රික් වාහනවලට වැඩි සැලකිල්ලක්

    වාහන ආනයනයේදී ඉලෙක්ට්‍රික් වාහනවලට වැඩි සැලකිල්ලක්

    වාහන ආනයනය සීමා යම් දිනක ලිහිල් කරන විට රජය වැඩි සැලකිල්ලක් යොමුකරන්නේ ඉලෙක්ට්‍රික් වාහන සම්බන්ධයෙන් බව මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

    මේ වන විට ලෝකයේ බොහෝ රටවල් ඉලෙක්ට්‍රික් වාහන සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් දක්වන බවද ඔහු සදහන් කරයි.

    රාජ්‍ය ඇමතිවරයා මේ බව සදහන් කරනු ලැබුවේ අද (05) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී මොහොමඩ් මුසම්මිල් මන්ත්‍රීවරයා විසින් අසන ලද ප්‍රශ්ණයකට පිළිතුරු සපයමිණි.

    යහපාලන රජය පැවැති 2015 සිට 2019 දක්වා වසර පහේදී පමණක් රුපියල් කෝටි එක්ලක්ෂ විසිතුන් දහස් නවසියයක් පමණ වටිනා වාහන 25,15546ක ආනයනය කර ඇතැයිද රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සදහන් කළේය.

    2015 වසරේ වාහන 647444ක් ද, 2016 වසරේදී වාහන 469304ක් ද, 2017 වසරේදී වාහන 460201ක්ද, 2018 වසරේදී වාහන 494488ක් ද 2019 වසරේදී වාහන 344059 වශයෙන් රටවල් 103 කදී මෙලෙස වාහන ආනයනය කර තිබෙන බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    වත්මන් රජය මේ වන විට වාහන ආනයනය සීමා කර ඇත්තේ කොවිඩ් 19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන රටේ ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීමේ අරමුණන් යුතුව යැයි ද රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.