fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්කොවිඩ් මර්දනයට රුසියාවේ එන්නත් මිලියන 13 ක්

    කොවිඩ් මර්දනයට රුසියාවේ එන්නත් මිලියන 13 ක්

    කොවිඩ් 19 වෛරස මර්දනය සඳහා රුසියාවේ නිෂ්පාදනය කර ඇති ‘ස්පුට්නිට් v’ එන්නත් මාත්‍රා තවත් මිලියන 06 ක් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

    මෙම අනුමැතිය ලැබී ඇත්තේ මෙයට පෙර ‘ස්පුට්නිට් v’ මාත්‍රා මිලියන 07 ක් මිලට ගැනීමට ලැබී තිබූණු කැබිනට් අනුමැතියට අමතරවය.

    ඒ අනුව රුසියානු එන්නත් මාත්‍රා මිලියන 13 ක් මිලට ගැනීමට මේ වන විට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

    ‘ස්පුට්නිට් v’ මාත්‍රාවක් මිලදී ගැනීමට නියමිතව ඇත්තේ ඇමරිකානු ඩොලර් 9.95 බැගිනි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.