ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (18) දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
ඒ ඉන්දුනීසියාවේ බාලිහි පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සහභාගී වීම සඳහා ය.
10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසිය “සාමුහික සෞභාග්‍ය සඳහා ජලය” යන තේමාව යටතේ අද සිට මැයි 20 වන දින දක්වා ඉන්දුනීසියාවේ බාලි හි පැවැත්වීමට නියමිතයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැයි 20 වනදා සමුළුව අමතා සිය විශේෂ දේශනය සිදුකිරීමට කරන බව සඳහන් ය.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මහතාගේ ආරාධනයක් මත ජනාධිපතිවරයා මෙම සංචාරයට එක්වන බවයි.
මේ අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද අද (18) ඉන්දුනීසියාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.
ඒ, ජගත් ජල සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහා ය.
සමුළුව හෙට සිට ලබන 21 වැනිදා දක්වා පැවැත්වෙයි.
හිටපු ජනාධිපතිනිය එම සමුළුවට සහභාගී වන්නේ, ඉන්දුනීසියා රජයේ සහ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපතිවරුන්ගේ කවුන්සිලයේ ආරාධනයකට අනුවයි.