තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රටපුරා බන්ධනාගාර නිලධාරීහු දවස් 2ක් ලෙඩ වෙති

    රටපුරා බන්ධනාගාර නිලධාරීහු දවස් 2ක් ලෙඩ වෙති

    සියලු ශ්‍රේණිවලට අයත් බන්ධනාගාර නිලධාරීන් දින 02ක් අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර තිබේ.

    බන්ධනාගාර නිලධාරී එකමුතුව පවසන්නේ ලබන 20 වැනිදා පෙ.ව. 6.00 සිට 22 වැනිදා පෙ.ව. 6.00 දක්වා අසනීප නිවාඩු වාර්තා කරන බවයි.

    අධික ජීවන බරින් මිරිකී සිටින බන්ධනාගාර නිලධාරීන්ට රු.25000ක වැටුප් වැඩිවීමක් උදෙසා මෙම විරෝධතාව ක්‍රියාත්මක ය.

    එබැවින් මෙම ඉල්ලීම් ඉල්ලනු ලබන්නේ කිසිදු තනතුරු බේදයකින් තොරව සමස්ථ බන්ධනාගාර නිලධාරීන් වෙනුවෙන් හෙයින් දිවයින පුරා පිහිටි සියලු බන්ධනාගාර ආයතනවල සියලු ශ්‍රේණිවල නිලධාරීන්ගේ සහයෝගය බලාපොරොත්තු වන බවද එම එකමුතුව පවසයි.

    prison
    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img