තවත්

    සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විෂය නිර්දේශයෙන් පාඩම් රැසක් අඩුකරයි

    0

    කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ දරුවන්ට නිසිලෙස අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව අහිමිවූ බැවින් ඉදිරියේදී පැවැත්වෙන සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගයන්ට මුහුණ දෙන දරුවන්ගේ විෂය කොටස් සංශෝධනය කිරිමට මේ වන විට පියවර ගනිමින් ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු සදහන් කළේය.

    ඒ අනුව දැනට 10 සහ 11 ශ්‍රේණිවල අධ්‍යාපනය ලබන දරුවන්ගේ ගණිතය, විද්‍යාව ඇතුළු විෂයන් රැසකම පාඩම් කොටස් කිහිපයක්ම ඉවත්කිරීමට පියවර ගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් මේ වන විටත් පාසල් ගුරුවරුන්ව දැනුවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

    ඉදිරියේදී පැවැත්වෙන විභාගවල ප්‍රශ්න පත්‍ර සැකසීමේදී යම් සංශෝධනයන් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් එල්.එම්.ඩී. ධර්මසේන මහතා අද සදහන් කළේය.

    කොවිඩ් වසංගත තත්වය නිසා දිගු කාලයක් පාසල් පැවැත්වීමට නොහැකි වූ බැවින් මෙම තීරණය ගත් බව ඒ මහතා සදහන් කරයි.

    ඉදිරියේදී පැවැත්වෙන ශිෂ්‍යත්ව, උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර සැකසීමේදී ඇගයෙන විෂය කරුණු තීරණය කර සිසුන් දැනුවත් කිරීමට පියවර ගන්නා බවද ඔහු සඳහන් කළේය.

    මහේල.. සදාතනික ක්‍රිකට් වීරයන් අතරට

    0

    ලොව ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කළ සේවය ඇගැයීම වෙනුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලිය විසින් නම් කරනු ලබන සදාතනික විශිෂ්ඨයින්ගේ (Hall of Fame) ක්‍රීඩා නාම ලේඛනයට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ටෙස්ට් නායක මහේල ජයවර්ධන මහතාව එක් කරමින් ඉහළම ගෞරව නම්බු නාමය ලබා දීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් එම විශිෂ්ඨයින්ගේ ලැයිස්තුවට එක් වුණු තෙවැනි සදාතනික විශිෂ්ඨයා වන්නේද මහේල ජයවර්ධන වේ. ඔහුට පෙර ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් සහ හිටපු නායක කුමර් සංගක්කාර මෙම නම්බු නාමයට පාත්‍ර වූ සෙසු ක්‍රීඩකයින් දෙපළ වෙති. එම නම් කිරීමේදී මහේල ජයවර්ධනට අමතරව දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හිටපු නායකයකු වන වේග පන්දු යවන ෂෝන් පොලොක් සහ එංගලන්ත ක්‍රීඩිකාවක වන ජැනට් බ්‍රෙටින්ටද එම නම්බු නාමය ලබා දීමට අයි.සී.සී.ය පියවර ගෙන තිබේ.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 159 ක්, එක්දින තරග 448 ක් සහ විස්සයි-20 තරග 55 කට මහේල ක්‍රීඩා කර තිබේ. ලොව වැඩිම ටෙස්ට් ලකුණු ලාභීන් අතර 9 වැනි ස්ථානයේ පසුවන මහේල රැස් කළ ඇති ලකුණු සංඛ්‍යාව 11,814 කි. ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 49.84 ක් රඳවා තබා ගැනීමට සමත්ව සිටින දකුණතින් පන්දුවට පහර දුන් පිතිකරුවා එයට ශතක 34 ක් ඇතුළත් කරගෙන සිටියි. ඉනිමක වැඩිම ලකුණු ලෙස දකුණු අප්‍රිකාවට එරෙහිව 2006 වසරේදී රැස් කරන ලද ලකුණු 374 සටහන් කරගෙන සිටින හිටපු ටෙස්ට් නායකයා ලෝක කුසලාන තරගාවලි 2 කදී (2007 සහ 2021) ශ්‍රී ලංකාව අනුශූරතාවය දක්වා රැගෙන යෑමට සමත්වූවේය. එම තරගයේදී කුමාර් සංගක්කාර සමඟ තෙවැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද ලකුණු 624 අදටත් වසර 40 කට වඩා පැරණි ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තාවී ඇති හොඳම ලකුණු සම්බන්ධතාවය ලෙසින් සටහන් වේ.

    එක්දින තරග 448 කට ද සිය දායකත්වය ලබා දී සිටින මහේල මුලු ලකුණු 12,650 ක් රැස් කිරීමට සමත්ව සිටියි. ලෝක කුසලාන අවසන් මහ තරගයක ශතකයක් ලද විරළ පිතිකරුවන් අතරට එක්වීමට සමත්ව සිටින ජයවර්ධන එම තරග අංශය යටතේ ශතක 19 ක් රැස් කර ගැනීමට සමත්ව සිටියි. විස්සයි-20 තරග අංශයේ ලොව සිව්වැනියට ශතකයක් වාර්තා කළ පිතිකරුවා බවටද මහේල පත්ව සිටියි.

    මහේල මේ වනවිට ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගොස් සිටී. පුහුණුකරු වෘත්තිය තෝරාගෙන සිටින මහේල, කිසිදු අයකිරීමකින් තොරව වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකවරයා ලෙසින් කටයුතු කරයි.

    -SLC-

    චීන නැවේ පොහොර නැවත පරීක්ෂා කිරීමක් නෑ

    0

    මේ වනවිට මෙරට මුහුදු තීර⁣යේ නැංගුරම් ලා තිබෙන මතභේදාත්මක චීන කාබනික පොහොර නැවේ අඩංගු පොහොර සාම්පල නැවත පරීක්ෂා කිරීමක් සිදු නොකරන බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පවසයි.

    නැවේ ඇති පොහොර සාම්පල තුන්වන පාර්ශ්වයකට ලබා දී නැවත පරීක්ෂා කිරීමට ඉල්ලිම් ඉදිරිපත්ව තිබුණ ද එවැන්නක් කිරීමට අවශ්‍යතාවක් නොමැති බවද ඔහු පැවසීය.

    මෙරට ශාඛ නිරෝධායන ආයතනය කරන ලද කාබනික පොහොර සාම්පල පරික්ෂා කිරීම් පිළිබඳව සෑහිමකට පත්වන බැවින් තෙවන පාර්ශවයකට ලබාදී පොහොර පරික්ෂා කිරීමේ අවශ්‍යතාවයක් නැතැයිද ඔහු ප්‍රකාශ කළේය.

    පොලිස් වෛද්‍ය සේවා අංශයේ ලොකු පුටුවට පළමු වරට වෛද්‍යවරයෙක්

    0

    ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ප්‍රථම වතාවට පොලිස් වෛද්‍ය සේවා අංශයේ ප්‍රධානියා ලෙස වෛද්‍යවරයෙක් පත්කර තිබේ.

    උප සේවා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වෛද්‍ය ඩබ්ලිව්.සී. රණසිංහ මහතා එසේ වෛද්‍ය සේවා අංශයේ ප්‍රධානියා ලෙස පත්කර ඇත. වසර 20 ක පමණ කාලයක් ඔහු පොලිස් වෛද්‍ය අංශයේ සේවයේ නිතරව සිටින අතර ඉකුත් පෙබරවාරියේ සිට ඔහු ප්‍රධාන වෛද්‍ය නිලධාරියා ලෙස පොලිස් රෝහලේ කටයුතු කරනු ලැබීය.

    ශ්‍රී ලංකා පොලිස් වෛද්‍ය අංශයේ සේවයට බදවා ගනු ලබන්නේ රජයේ වෛද්‍යවරුන්ය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතියෙන් වසර 05 කොන්ත්‍රාත් කාලයකට එම වෛද්‍යවරුන් බදවා ගනු ලබන අතර ඔවුන්ට සහකාර පොලිස් අධිකාරී තනතුර ඇතුළු පහසුකම් රැසක් පොලිස් දෙපාර්තමේන්තුවෙන් ලබාදෙයි. සේවා අවශ්‍යතා මත වසර 05 න් 05 ට සේවා දීර්ඝ කිරීම් සිදුවන අතර මෙතෙක් පොලිස් වෛද්‍ය සේවා අංශයේ ප්‍රධානියා ලෙස සේවයේ නිරතවූයේ පොලිස් සේවයේ ස්ථිර නිලධාරියෙකි.

    ඉකුත් පෙබරවාරියේදී නව ප්‍රධානියා ලෙස පත්කල රණසිංහ මහතාගේ සේවය අවසන් කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව පියවර ගත්තද පසුව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ මැදිහත්වීම මත සේවය අවසන්කර දින 14 ක් වැනි කෙටි කාලයක් තුළ නැවත සේවයට පැමිණි බවත් පසුව ප්‍රධාන වෛද්‍ය නිලධාරියා ලෙසද පත්වීම් ලැබුණු බවත් පොලිස් දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.

    ඒ වන විට පොලිස් වෛද්‍ය සැපයුම් අංශයේ ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියක් වන මදාරා ආරියසේන මහත්මියයි. වෛද්‍ය සේවා අංශයේ සිදුවූ අක්‍රමිකතා රැසක් හෙළිකර ගනිමින් ඇය ඒවාට නැවත ඉඩ නොතබමින් පොලිස් වෛද්‍ය අංශය ඉහළ තලයකට ගෙන ඒමට කැපවීමකින් ක්‍රියාකල බව පොලිස් තොරතුරු සදහන් කළේය. එහෙත් හිටි හැටියේම මෙයට මාස දෙකකට පමණ පෙර ඇය වෛද්‍ය සේවා අංශයේ ප්‍රධානී තනතුර වන අධ්‍යක්ෂධූරයෙන් ඉවත්කර පොලිස් විභාග අංශයට මාරුකරනු ලැබීය. අනතුරුව එහි අධ්‍යක්ෂ ලෙස වෛද්‍ය අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස සේවයේ නිරතව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී.කේ. සේරසිංහ මහතාව පත්කරනු ලැබීය.

    එම පත්වීමෙන් මාස දෙකක් ඉක්ම යන්නට මත්තෙන් පොලිස් වෛද්‍ය සේවා අංශයේ පරිපාලනය කොටස් දෙකකට වෙන්කර මෙතෙක් එහි අධ්‍යක්ෂධූරය දැරූ සේරසිංහ මහතා සිවිල් නිලධාරීන්ගේ පරිපාලන අධ්‍යක්ෂ ලෙසත් ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රණසිංහ මහතා වෛද්‍ය සේවා අංශයේ නිලධාරීන්ගේ පරිපාලන අධ්‍යක්ෂ ලෙසත් පත්කර තිබේ.

    මෙයට සති දෙකකට පරෙ පොලිස් රෝහල් වෛද්‍ය කමිටුවේ රැස්වීමක් අවසානයේදී පොලිස් රෝහලේ සේවයේ නිරතව සිටි විශේෂඥ වෛද්‍යවරුන් මෙම පත්කිරීමට විරෝධයක් පවා දක්වා ඇතැයි පොලිස් තොරතුරු සදහන් කළේය. ඊට මුල්වී ඇත්තේ වෛද්‍යවරුන්ගේ පරිපාලන අධ්‍යක්ෂ ලෙස පත්කල රණසිංහ මහතා විශේෂඥ වෛද්‍යවරයෙක් නොවන බැවින් විශේෂඥ වෛද්‍යවරුන් සිය පරිපාලනය ඔහු විසින් සිදු කිරීමට එතරම් කැමැත්තක් නොදැක්වීමය.

    එසේ තිබියදීත් මෙම පත්කිරීම මේ වන විට සිදුව ඇති අතර මෙතෙක් එම පත්කිරීමට විරෝධයක් එල්ලවී නැති බව පොලිස් රෝහල් තොරතුරු සදහන් කළේය. මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට නව රෝහල් අධ්‍යකෂ වෛද්‍ය රණසිංහ මහතාව සම්බන්ධකර ගැනීමට උත්සහගත්තද එය ව්‍යර්ථ විය.

    අවුරුද්දක් යනතෙක් රාජ්‍ය සේවයට මහජන මුදලින් මුකුත් නෑ

    0

    රාජ්‍ය සේවයට වසරක් යනතුරු කිසිදු ආකාරයකින් මහජන මුදල් වැයකිරීමේ හැකියාවක් නැතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

    රාජ්‍ය සේවය බරක් වී ඇති බවත් රාජ්‍ය සේවකයන්ට තවදුරටත් ලොසිජර දෙන්න අවශ්‍යතාවක් නොමැති බව අයවැය පිළිබඳ කරුණු පැහැදිලි කිරීම වෙනුවෙන් අද පැවැති මාධ්‍ය හමුවේදී මුදල් ඇමතිවරයා කීය.

    රාජ්‍ය සේවයේ, විශ්‍රාමිකයින් සඳහා වැටුප් වැඩිකිරීමට මෙවර අයවැයෙන් මුදලක් වෙන් නොවීම පිළිබඳ මාධ්‍යවේදියකු නැඟු ප්‍රශ්නයට මුදල් අමාත්‍යවරයා මෙලෙස ප්‍රතිචාර දැක්වීය.

    “රජයට දරාගන්න බැරි තරම් රාජ්‍ය සේවය පුළුල් වෙලා තියෙනවා. තවදුරටත් අපි ලොසින්ජර දෙන්න අවශ්‍ය නෑ. අපි අවංකව පිළිගන්න ඕන මේ රාජ්‍ය සේවය අපේ රටට බරක්. යම්කිසි ආකාරයක රාජ්‍ය සේවකයින්ට සහනයක් දෙනවා කියන්නේ ජනතාවගෙන් ඒ සඳහා මුදල් එකතු කරගන්න ඕන. රජයකට මුදල් ලබාගන්න ක්‍රමය තමයි මහජනතාවගෙන් ඒක ලබාගෙන තවත් පාර්ශවයකට දෙන එක. මම පැහැදිලිව කියන්න ඕන වර්ෂයක් යනකම් මොන ආකාරයකින්වත් රාජ්‍ය සේවය වෙනුවෙන් තවත් මහජන මුදල් වැය කරන්න හැකියාවක් නෑ.

    එනමුත් රාජ්‍ය සේවකයින්ගේ ප්‍රධාන වශයෙන් මුල්‍යමය ප්‍රතිපාදන වෙන් නොකළත් යම් ආකාරයේ සහන දෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා සමහර රාජ්‍ය සේවකයින් අවුරුදු 45ට වගේ කාලයක් තමයි රාජ්‍ය සේවයට දෙන්නේ. ඔවුන් අවුරුදු 55න් විශ්‍රාම යන කොට අවුරුදු දහයක් විශාම වැටුප් ලැබුණත් අපේ රටේ දැන් තියෙන සෞඛ්‍යමය පැත්තෙන් ඇතිවෙලා තියන කරුණු මත අපේ පරමායුෂ කාලය වැඩි වෙලා තියනවා. ඒ නිසා අපි අවුරුදු 10කින් රාජ්‍ය සේවකයෙකුගේ විශ්‍රාම කාලය දික් කරලා තියෙනවා. මෙතනදී ගණන් හදලා බලන්න මොනතරම් ලාභයක් කෙනෙකුට ලැබෙනවද කියලා. පළපුරුද්ද සහිත රාජ්‍ය සේවකයින්ගේ අත්‍යවශ්‍ය තත්ත්වයක් අපේ රාජ්‍ය සේවයේ තිබුණා. ඒ නිසා තවත් ක්‍රමවේද කිහිපයකින් රාජ සේවකයින් සහන සැලසීමට ක්‍රියා කරලා තියෙනවා නැවත වාරයක් වගකීමකින් කියනවා මේ රාජ්‍ය සේවකයින්ගේ සංඛ්‍යාව පුළුල් කරන්න අපිට පුලුවන් කමක් නැහැ. නමුත් විශ්‍රාම යන සංඛ්‍යාව අනුව වාර්ෂිකව සේවක සංඛ්‍යාව තරුණ පිරිස ඇතුළු කර ගැනීමට කටයුතු කරනවා. දැනට අනුමත රාජ්‍ය සේවකයින් 1401890ක් 1423116 ක් ඉන්නවා.

    නිදහස ලැබෙන කොට මේ රටේ ජනතාවට 113 දෙනෙකුට එක රාජ්‍ය සේවකයෙක් බැගින් හිටියේ. නමුත් අද වෙනකොට 13 දෙනෙකුට එක් අයෙක් බැගින් ඉන්නවා. එතරම් රාජ්‍ය සේවය පුළුල් වෙලා තියෙනවා. මේ අය වැයේදී අපි ඔවුන්ට පඩියකින් වැඩි කිරීමට නොහැකි වුනත් යම් යම් සහන සලසලා තියෙනවා. අපි ආඩම්බර වෙනවා විනයගරුක රාජ්‍ය සේවකයින් විශාල පිරිසක් අපට ඉන්න රටක්. විශේෂයෙන්ම ආපදා වස්ථාව ලදී ක්‍රියා කරපු ආකාරය ගැන අපි සතුටු වෙනවා. හැකි පළවෙනි අවස්ථාවේදී රාජ්‍ය සේවකයින්ට ඒ කළ යුතු කටයුතු සිදු කරන්න රජයට පුළුවන් බව කියනවා. ඒ වගේම පෞද්ගලික අංශයේ සේවකයන් ගැනත් අපි දීර්ඝ වශයෙන් කල්පනා කරලා තියෙනවා.” යැයි ද මුදල් ඇමතිවරයා කීය.

    විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අත්‍යාවශ්‍ය භාණ්ඩවලට නෑ

    0

    අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ පැනවීමට සූදානමක් නොමැති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

    ළඟදීම එම බදු පැනවෙන භාණ්ඩ දැනගත හැකි වනු ඇති බව හෙතෙම කීය.

    අයවැය යෝජනා සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා අද පැවැති මාධ්‍ය හමුවේදී ඔහු පෙන්වා දෙන්නේ අයවැයේ සඳහන් කරන ලද ලබන වසරේ් සිය අයකරන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අලුත් පියවරක් නොව පෙර වසරේ අයවැයේ යෝජනාව ක්‍රියාත්මක කිරීම පමණක් බවයි.

    බදු ප්‍රතිපත්තිය ලොකු වෙනසක් නොකළ යුතු බවට තමාට ලද කොන්දේසියට අනුව මෙවර අයවැයේ බදු වෙනස්කම් විශාල ලෙස සිදුකොට නැතැයි හෙතෙම කීය.

    “ගිය අවුරුද්දේ හඳුන්වාදුන් හඳුන්වා දුන් බදු ප්‍රතිපත්තිය ලොකු වෙනසක් නොකර එකේ ඉන්න ඕන කියලා මට මෙවර අයවැය හදද්දි මට ලැබුණු එක කොන්දේසියක්. විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ගිය අයවැය යෝජනාවක්. එය නීති කෙටුම්පත් කරන්න ඒකට සියලු දෙවල් සූදානම් කර තිබෙනවා. එය ක්‍රියාත්මක කිරීම තමයි අපි 2022 ජනවාරි පළවෙනිදා සිට කරන්නේ. එක තුළින් අපි විටින් විට වෙනස් කරන්නේ නැතුව එකම ප්‍රතිපත්තියක රඳා පවතින බදු ක්‍රමයක්. මේක තුලදී අපි හඳුනාගෙන තිබෙනවා යම් යම් බදු අයකරගන්නා ජාති කීපයක්. එය දැන්ම එළියට දැම්මොත් ඒකෙන් අනිසි වාසි ගන්න ඉඩ තියෙනවා සමහර අය.

    ඒ නිසා එයට මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා මටවත් කියන්නෙත් අඩුවෙන්, මොකද අපි දේශපාලනඥයෝ. මාධ්‍ය ඉස්සරහ නිතර නිතර යනව. ඒවායෙන් මොකක් හරි හෙළිදරව් වුනොත් ඒකෙන් එතනම අවාසි වෙන්න පුළුවන්. හොදම උදාහරණය තමයි මේ සිගරට් මිල ගැනත් යම් යම් මාධ්‍යවලින් ප්‍රචාරය වීම නිසා සමහර කොටස් කර එකතු කරලා තියෙනවා දැන්. මම දේශපාලකයෙක් හැටියට ඕකට උත්තර දෙන්න කැමති නමුත් මුදල් ඇමැතිවරයා හැටියට මට වගකීමක් තියෙනවා ඒ ඇතුළු කරන භාණ්ඩ කියන්න එපා කියලා මට උපදෙස් ලැබිලා තියෙනවා. හැකි ඉක්මනින් විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද බදු ඇතුලත් කරන සහ ඉවත් කරන භාණ්ඩ ගැන දැනගන්න පුලුවන්. ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩවලට හෝ වෙනත් අවශ්‍ය භාණ්ඩවලට ඒ බද්ද අය කරන්නේ නැහැ.”

    ඔලුවිල් වරාය අධිකාරියෙන් ගැලවෙයි

    0

    අම්පාර ඕලුවිල් වරාය, වරාය අධිකාරියේ පාලනයෙන් ඉවත් කර ධීවර අමාත්‍යංශය යටතට පැවරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    ඒ අනුව ඔලුවිල් වරාය නවීන පහසුකම් සහිත වරායක් ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට රජය තීරණය කර ඇතැයි හෙතම සඳහන් කළේය.

    2014 වසරේ දී මෙම වරායේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර තිබුණ ද පසුගිය කාලයේ දී එම කටයුතු නවතා තිබූ බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-11-13

    0
    ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා ඝාතනය කෙරුණේ 1989 නොවැම්බර් 13 වන දිනයි
    ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා ඝාතනය කෙරුණේ 1989 නොවැම්බර් 13 වන දිනයි

    ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා ඝාතනය කෙරුණේ 1989 නොවැම්බර් 13 වන දිනයි

    රණවිරු පවුල් 9 කට බලංගොඩින් ඉඩම්

    0

    ඉඩම් නොමැති රණවිරුවන් වෙත ලබාදීම සඳහා ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි පරිත්‍යාගශීලියකු වන එල්. කේ. කුසුමාවතී මහත්මිය විසින් තම මියගිය ස්වාමිපුරුෂයාට පිං පිණිස තෑගි ඔප්පුවකින් රණවිරු සේවා අධිකාරිය වෙත පරිත්‍යාග කරන ලද රූඩ් දෙකයි පර්චස් 38 ක ඉඩමෙන් පර්චස් 10 බැගින් වූ ඉඩම් කැබලි නමයක් ආබාධිත රණවිරුවන් 8 දෙනෙකුට සහ මියගිය රණවිරුවෙකුගේ මවකට ලබා දීම සඳහා ඔප්පු අත්සන් කිරීමේ මූලික වැඩසටහනක් රණවිරු සේවා අධිකාරියේ දී ඊයේ (12) සිදුකරන ලදී.

    මෙහිදී සබරගමු පළාතට අයත් රත්නපුර දිස්ත්‍රික්කයේ, බලන්ගොඩ ප්‍රදේශයේ, මැදකොරලේ හෙල උඩපත්තුවේ, අංක 254, පහල මස්සැන්න බලංගොඩ ග්‍රාම සේවා වසම තුල පිහිටි අබේසිංහ හේන හෙවත් විලේගොඩ කෑල්ල ඉඩම ( රූඩ් දෙකයි පර්චස් 38 ක) තාවකාලිත බලපත්‍ර මගින් පදිංචිය සඳහා රණවිරු පවුල් නමයක් සඳහා ලබාදී තිබුණි.

    මෙම ඉඩම් කැබලි සඳහා වන නිත්‍යානුකූල අයිතිය පැවරීම සඳහා රණවිරු සේවා අධිකාරියේ මැදිහත්වීම මත ශ්‍රී ලංකා යුද හමුදාවේ නීති සේවා අධ්‍යක්ෂක මණ්ඩලයේ සහාය ඇතිව පහත සඳහන් රණවිරු පවුල් 09 සඳහා සින්නක්කර ඔප්පු අත්සන් කිරීමෙන් අනතුරුව පවරා දීමේ කටයුතු නුදුරේදී සිදු කිරීමට නියමිතය.

    රණවිරු සේවා අධිකාරියේ සභාපති, විශ්‍රාමික මේජර් ජෙනරල් නන්දන සේනාධීර විසින් මෙම ඔප්පු සදහා නිළ වශයෙන් අත්සන යොදා සහතික කරන ලදී.

    රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂක තුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සහ රණවිරු පවුල්වල සාමාජිකයන් කීප දෙනෙකු මෙම අවස්ථාව සදහා සහභාගී වන ලදී.

    ගංවතුරට හසුව මරණාසන්න මිනිසකු කර තබාගෙන දිව ගිය පොලිස් නිලධාරිනිය

    0

     

    ඉන්දියාවට මේ දිනවල බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයෙන් බලපෑ පුද්ගලයින්ට පිහිට වූ වීර පොලිස් නිලධාරිනියක් සම්බන්ධයෙන් මේ දින වල ඉන්දියාව පුරාම කතාබහට ලක්වේ.

    අධික වර්ෂාවත් සමඟ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට බලපා ඇති ගංවතුර තත්ත්වයත් සමඟ විපතට පත්වූවන්ගේ පිහිටට පැමිණි වීර පොලිස් නිලධාරිනියක් සම්බන්ධයෙන් මේවට විට ඉන්දියාව පුරාම අවදානයට ලක්ව තිබේ.

    චෙන්නායි හී ටී.පී. චත්රම් හී පොලිස් පරීක්ෂකවරියක් වන ඊ. රාජේෂ්වරී පසුගියදා ගංවතුරට  හසුවූ පුද්ගයින්ට සහය වෙමින් ජනතාව මුදාගැනීමේ නිරතවී ඇත.

    එහිදී ගංවතුර හසුවූ  සුසාන භූමි සේවකයකු වූවිසි පස් හැවරිදි තරුණයකු ඒ මොහොත වන විටත් මරණයට පත්ව ඇති බවට බොහෝදෙනා සිතුවද ඔහු ඒ වන විටත් ජීවිතයත් මරණයත් අතර සටන් කරමින් සිටින බව වටහා ගත් පොලිස් නිලධාරිනිය වහාම ක්‍රියාත්මක වී තිබේ.

    ඒ අනුව ඇය වහාම අදාල තරුණයා සිය කරමතට ගෙන කඩිනමින් ලඟම තිබූ ත්‍රීරෝධ රථයක් වෙත ගෙන ගොස් ඇති අතර පසුව ඔහුව රෝහල්ගත කිරීමට පියවරගෙන ඇත.

    මෙම අවස්ථාව අසල සිටි තැනැත්තෙු සිය ජංගම දුරකථනයෙන් වීඩියෝගත කර ඇති අතර පසුව එය සමාජ ජාල මාධ්‍යවෙත මුදාහැර තිබේ.

    වීඩියෝව සමාජ ජාල මාධ්‍යවෙත මුදා හැරීමත් සමඟම විශාල පිරිසක් පොලිස් නිලධාරිනියට සිය ප්‍රසංශාව එක්කර ඇති අතර 53 හැවිරිදි පොලිස් නිලධාරිනිය වීරවරියක් ලෙස හැදින්වීමට පටන්ගෙන ඇත.

    පසුව ඇගේ මෙම වීර ක්‍රියාව අගය කරමින් තමිල්නඩාු මහ ඇමතති එම්.කේ. ස්ටාලින් ඇයව විශේෂ ඇගයීමකටද ලක්කර තිබේ.

    ඇය සිය වෘත්තීය ජීවිතය පුරාවටම සිය දිවි පරදුවට තබා කටයුතු කර ඇති අතර 1992 වර්ෂයේදී තමිල්නාඩුවේ හින්දු ආගමික උත්සවයක ඇති වූ තෙරපීමකින් ජනතාව මුදා ගැනීමට ඉදිරිපත්වූ නීර්භීත චරිතයකි.

    සිරිල් ගාමිණි පියතුමන්ට සී.අයි.ඩී.යෙන් දැනුම්දීමක්

    0

    රාජ්‍ය බුද්ධි සේවගේ අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් කළ පැමිණිල්ල විභාග කිරීමට ලබන සඳුදා (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තතමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන්ට දැනුම් දීමක් කර ඇත.

    මෙයට පෙර අවස්ථා දෙකකදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිරිල් ගාමිණී පියතුමන්ව කැදවූත් එතුමා ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණීයේ නැත.

    තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි සඳහන් කරමින් එය වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි පවසා එතුමා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබීය.

    නොවැම්බර් 02 වෙනිදා ඉදිරිපත්කරනු ලැබූ එම පෙත්සම 08 වෙනිදා සළකා බැලූ අතර එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන්නේ සිරිල් ගාමිණී පියතුමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නොමැති බවය.

    අයවැය බද්දෙන් මත්පැන් මිල වැඩිවෙන හැටි

    0

    අයවැයෙන් යෝජිත බදු පැනවීමෙන් පසු මත්පැන් මිල සංශෝධනය වන ආකාරය රජය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

    ඒ අනුව,

    විදේශීය මත්පැන් (මිලි ලීටර් 750) රුපියල් 126 කින්,
    වයින් (මිලි ලීටර් 750) රුපියල් 14.40කින්
    බියර් (මිලි ලීටර් 330 – 5% අඩු) රුපියල් 3කින් අය
    බියර් (මිලි ලීටර් 330 – 5% වැඩි) රු. 14.96කින්
    දේශීය මධ්‍යසාර 01 වර්ගය (මිලි ලීටර් 750) රුපියල් 96 කින්
    වෙනත් දේශීය මධ්‍යසාර වර්ග 2ක් (මිලි ලීටර් 750) රු. 103ක් බැගින් ඉහළ යනු ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

    ගිනි අවියක් සමඟ පාතාල අපරාධකරුවෙක් කොටුකර ගනී

    0

    පාතාලයේ අපරාධකරුවෙක් වන තොටලඟ චානා නැමැත්තා රටින් පළායාමට පෙර ඔහුගේ ගෝලයෙකුට සඟවා තබා ගැනීමට දුන් ඉතාලියේ නිෂ්පාදිත රිවෝල්වරයක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්ව ඇත.

    දෙපානම පන්නිපිටියේදී විශේෂ කාර්ය බලකාය ඊයේ කළ වැටලීමකදී එම ගිනි අවිය සොයාගෙන ඇත්තේ චානාගේ ගෝලයාද සමඟිනි.

    වයස අවුරුදු 46 ක් පමණ වන සැකකරු ගිනි අවියද සමඟ විමර්ශන කටයුතු සදහා මහරගම පොලීසියට භාරදී ඇත.

    විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ (බුද්ධි/විශේෂ මෙහෙයුම්) සහකාර පොලිස් අධිකාරී ඩී.පී.යූ. කොඩිතුවක්කු මහතාගේ උපදෙස් මත විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය II හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එහි ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සී.ආර්. පාරමුල්ලගේ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීම කර තිබේ.

    අද එන්නත් මධ්‍යස්ථාන 123ක්

    0

    වයස අවුරුදු 20ට වැඩි සියලු දෙනාට අද දිනයේත් කොළඹ ගම්පහ, කළුතර, ගාල්ල යන දිස්ත්‍රික්කවල පහත මධ්‍යස්ථානවලදී කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන බව ජනාධිපති ලේකම් කාර්‍යාලය දන්වයි.

    එම මධ්‍යස්ථාන ඇතුළුව අද දිනයේ ද දිස්ත්‍රික් 21ක් පුරා මධ්‍යස්ථාන 123 කදී එන්නත් ලබාදේ.

    අද එන්නත් ලබා දෙන සියලූම මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

    Vaccination Centers on 13.11.2021

    කොළඹ විශ්ව විද්‍යාලට ඉංජිනේරු පීඨයක්

    0

    කොළඹ විශ්ව විද්‍යාලයට අභිනව ඉංජිනේරු පීඨයක් ආරම්භ අද දිනයේ සිදු විය. මේ සඳහා විශේෂ උත්සවයක් විශ්ව විද්‍යාලයේදී පැවැත්විණි. එම වැඩසටහන මෙතනින් නරඹන්න.

     

     

    දැනට කොළඹ විශ්ව විද්‍යාලයේ පීඨ 7 ක් පවතින අතර නවතම ඉංජිනේරු පීඨයත් සමග ඒ සංඛ්‍යාව 8 ක් වනු ඇති. දැනට වසරකට ඉංජිනේරු විද්‍යාව උදෙසා ඇතුලත් කරාන්න ප්‍රමාණය 2213 ක් වන අතර අභිනව ඉංජිනේරු පීඨය හරහා මේ ප්‍රමාණය ඉදිරියේදී තවදුරටත් වැඩි වනු ඇති.

    කොළඹ විශ්ව විද්‍යාලයේ අභිනව ඉංජිනේරු පීඨයේ විෂයමාලා සම්පාදනයට ලංකාවේ ප්‍රමුඛතම ඉංජිනේරු පීඨය වන මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සහයද ලැබෙනු ඇත.

    කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධ ඉංජිනේරු පීඨයක් 1950 දී ආරම්භ කරන ලද නමුත් පසුව 1965 දී එය පේරාදෙණියට මාරු කරන ලදී.

    යෝජිත ඉංජිනේරු පීඨයේ යෝජනාව සම්මත කිරීමේ දෙදින මූලික වැඩමුළුවක් 2018 ජනවාරි 12 සහ 13 යන දෙදින පානදුර ජී ජී හෝටලයේදී කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක, ලේඛකාධිකාරී, බර්සාර් සහ සමඟින් පැවැත්වුනු නමුත් මේ සමාරම්භය ඔස්සේ මේ ක්‍රියාවලිය තව තවත් වේගවත් වනු ඇති.

    කොළඹ-කටුනායක අධිවේගය ඉරිදා පැය 18ක් වැසේ

    0

    නව කැලණි පාලමේ ඉදිකිරීම් කටයුතු නිසා කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය ඉරිදා (14) පෙරවරු 6.00 සිට පැය 18 කාලයක් වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කරයි.

    කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ (E 01) පෑලියගොඩ අන්තර් හුවමාරුව හා පවතින කැලණි පාලම අතර කොටස නොවැම්බර් 14 වන ඉරිදා උදෑසන 6.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා⁣ මෙලෙස වසා තැබෙන බව එම අධිකාරිය පවසයි.

    ඒ සඳහා විකල්ප මාර්ග ලෙස කොළඹ – නුවර මාර්ගයත් (A1), කොළඹ – මීගමුව මාර්ගයත් (A3) භාවිත කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දෙයි.

    නැනෝ නයිට්‍රජන් දියර පොහොර උපරිමයෙන් ගෙන්වන්න කැබිනට් තීන්දුවක්

    0

    නැනෝ නයිට්‍රජන් දියර පොහොර උපරිමයෙන් මෙරටට ගෙන්වීමටත්, ගොවීන් සඳහා කාබනික පොහොර නොමිලයේ ලබාදීමටත් අද (12)⁣ පෙරවරුවේ පැවැති විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමේදි අනුමැතිය හිමිවූ බව අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා පවසයි.

    යූරියා පොහොර ගෙන්වීම නුසුදුසු බැවින් අමාත්‍ය මණ්ඩලය ඉහත තීරණයට එළැඹි බව අමාත්‍යවරයා සඳහන් කරයි.

    ඒ අනුව ගොවි ජනතාවට ඉදිරියේදි නැනෝ නයිට්‍රජන් දියර පොහොර උපරිමයෙන් ලැබෙනු ඇතැයි හෙතම සඳහන් කළේය.

    මඟහැරැණ පාඩම් ඉගැන්වීමට ක්‍රමවේදයක්

    0

    කොරෝනා වයිරස ව්‍යාපෘතිය හේතුවෙන් පාසල් වසා දමා තිබූ කාලයේ මඟහැරැණ පාඩම් ඉගැන්වීම සඳහා ජාතික අධ්‍යාපන ආයතනය ක්‍රමවේදයක් සකස් කර තිබේ.

    ඒ අනුව මෙම මාසයේ සිට ලබන වසරේ මාර්තු මාසය දක්වා සති 20 ක කාලයක් ඉගැන්වීම් කොටස්වලින් අත්‍යාවශ්‍යම කොටස් තෝරාගෙන සිසුන්ට ඉගැන්වීමට පියවර ගැනීමට නියමිතව ඇත.

    බස්නාහිර පළාත ඇතුළුව අනෙකුත් පළාත්වල සිසුන්ගෙන් සියයට 45 ක පිරිසකට පාඩම් කටයුතු මගහැරී ගොස් ඇති බව ජාතික අධ්‍යාපන ආයතනය සඳහන් කරයි.

    කෙසේ වෙතත් මෙම වසරේ දී අධ්‍යයන කටයුතු ඊට වඩා වැඩි වශයෙන් මගහැරී ගොස් ඇති බව ද ජාතික අධ්‍යාපන ආයතනය සඳහන් කරයි.

    දැල්වු පහන් දැල්වී තිබේවා..ගැයු ලක්‍ෂ්මන් විජේසේකර සමුගනී

    0

    ප්‍රවීණ සංගීතඥ ලක්‍ෂ්මන් විජේසේකර මහතා අද (12) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.
    සංගීතවේදියෙකු, ගායන හා රංගන ශිල්පියෙකු ලෙස ඒ මහතා ජනතා හදවත් වැළඳ ගත්තේය.

    රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී ලක්‍ෂ්මන් විජේසේකර මහතා මෙලෙස මියයන විට 73 වැනි වියේ පසුවිය.

    ලක්‍ෂ්මන් විජේසේකර මහතාගේ දැල්වු පහන්, සිනා පිපෙනා,ඔබ මට තරුවකි, දෑත දෙපාලන,මේ ප්‍රේම සීමා මාලකේ ආදී ගීත රැසක් රසික හදවත් දිනාගත්තේය.

    විලම්බීත, දඟයන්ට පමණයි, ටිකිරි සහ උංගි යන ටෙලිනාට්‍යවලට සංගීත අධ්‍යක්ෂණයෙන් ද දායක වූ ඒ මහතාගේ බිරිඳ නැසීගිය ප්‍රවීණ රංගන ශිල්පී චන්ද්‍රා කළුආරච්චි මහත්මියයි.

    ඔවුන්ට දියණියක සහ පුතකු සිටියි. ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක වන අමා විජේසේකර ඔහුගේ දියණියයි.

    ලක්ෂමන් විජේසේකර මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා ගල්කිස්ස කලාපුරයේ පිහිටි අංක 140/31/5 නිවසේ හෙට (13) දින තැන්පත් කෙරෙනු ඇත.

    දේහය පිළිබඳ අවසන් කටයුතු ඉරිදා (14) ගල්කිස්ස පොදු සුසාන භුමියේ දී පැවැත්වෙයි.

    බැසිල්ගේ සම්පූර්ණ අයවැය කතාව මෙන්න..

    0

    මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් මේ වනවිට පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරන ලද මංගල අයවැයේ සාරාංශය පහත දක්වා ඇත.

    Budget Speech 2022 (Annexures) - Sinhala

    2022 සම්පූර්ණ අයවැය කතාව පහතින් දැක්වේ.

    Budget Sinhala

    අයවැය: රේගුවේ සිරවී ඇති සියලු වාහන නිදහස් කෙරේ

    0

    බදු හා දඩ මුදල් ගෙවීමට යටත්ව රේගුවේ සිරවී ඇති සියලුම වාහන නිදහස් කිරීමට අයවැය කතාවෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා යෝජනා කරයි.

    වරායවල වාහන 700ක් පමණ වසර 7ක් තිස්සේ දිරමින් පවතින බැවින් බදු හා දඩමුදල් ගෙවීමට යටත්ව මෙලෙස මුදාහරින ලෙස හෙතෙම දැන් පැවැත්වෙන අයවැය කතාවේදී කියාසිටී.

    අයවැය: රාජ්‍ය නිලධාරීන්ට යතුරු පැදි

    0

    රජයේ නිලධාරීන්ට යතුරු පැදි ලබාදීම සඳහා රුපියල් මිලියන 500ක් මෙවර අයවැයෙන් වෙන් කෙරේ.

    මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේදී දැන් ඉදිරිපත් කරන අයවැය කතාවේ මේ බව යෝජනා කර සිටී.

    රජයේ සේවකයන් සඳහා යතුරුපැදි ලබාදීමේ ව්‍යාපෘතිය මේ අනුව යළි හඳුන්වාදීම මෙමගින් සිදුකෙරේ.

    අයවැය: ගැබිනි කතුන්ට පෝෂණ මල්ල අවුරුදු 2ක්

    0

    ගැබිනි කතුන්ට ලබාදෙන පෝෂණ මල්ල වසර 2ක් සඳහා ලබාදීමට අයවැයෙන් යෝ්ජනා කෙරේ.

    ඒ සදහා තවත් මිලියන 1000ක් මෙවර අයවැයෙන් වෙන්කෙරෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේදී දැන් ඉදිරිපත් කරන අයවැය කතාවේ මේ බව යෝජනා කර සිටී.

    ඒ වාර්ෂිකව වෙන් කෙරන මිලියන 4000ට අමතරව ය .

    අයවැය: විපක්ෂෙ ඉද්දී මතක් වෙන ආණ්ඩුවට ආවම අමතක වෙන දේ බැසිල් කියයි

    0

    බන්ධනාගාර රැඳවූවන්ගේ සනීපාරක්ෂක කටයුතු වැඩිදියුණු කිරීමට මිලියන 200ක් වෙන්කෙරේ.

    “මේක හැමදාම විපක්ෂෙ ඉද්දී මතක් වෙනවා. ආණ්ඩුවට ආවම මේක අමතක වෙනවා.” යනුවෙන් පවසමින් මුදල් ඇමතිවරයා අයවැය කතාව ‍තුළ මෙම යෝජනාව ඉදිරිපත් කළේය.

    මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේදී දැන් ඉදිරිපත් කරන අයවැය කතාවේ මේ බව යෝජනා කර සිටී.

    අයවැය: පාසල් වෑන් – ප්‍රයිවට් බස්වලට සහන දෙන්න මුදල් වෙන්වෙයි

    0

    කොවිඩ් සමයේ රට වසා තැබිම හේතුවෙන් ආදායම් අහිමි වූ පාසල් වෑන් රථ හා පාසල් බස් රථ සහන සැලසීමට රුපියල් මිලියන 400ක් වෙන් කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේදී දැන් ඉදිරිපත් කරන අයවැය කතාව මගින් යෝජනා කර සිටී.

    ආදායම අහිමි වූ ත්‍රිරෝද රථ හිමියන්ට සහන සැලසීමට රුපියල් මිලියන 700ක් වෙන් කෙරේ.

    පුද්ගලික බස් රථ හිමියන් සඳහා සහන සැලසීමට රුපියල් මිලියන 1500ක් වෙන් කෙරේ.

    මැතිසබය විනාඩි 10කට කල්තැබීය.

    අයවැය: කුලී ත්‍රිරෝද රථ කර්මාන්තයට වෙනම අධිකාරියක්

    0

    කුලී ත්‍රිරෝද රථ කර්මාන්තයට නියාමන අධිකාරියක් හඳුන්වා දෙනු ඇත දීමට මෙවර අයවැයෙන් යෝජනා කෙරේ.

    ගාස්තු හා සේවා ප්‍රමිතිගත කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් මෙම පියවර ගන්නා බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේදී දැන් ඉදිරිපත් කරන අයවැය කතාවේ මගින් යෝජනා කර සිටී.

    අයවැය: රාජ්‍ය සේවක විශ්‍රාම වයස් සීමාව ඉහළට

    0

    රාජ්‍ය සේවයේ විශ්‍රාම යන වයස් සීමාව ද අවුරුදු 65 දක්වා ඉහළ දැමීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙවර අයවැයෙන් යෝජනා කරයි.

    මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේදී දැන් ඉදිරිපත් කරන අයවැය කතාවේ මේ බව යෝජනා කර සිටී.

    අයවැය: රාජ්‍ය සේවාවේ දුරකතන – ඉන්ධන වියදම් කප්පාදුවක්

    0

    රාජ්‍ය නිලධාරීන් සඳහා ලබාදෙන ඉන්ධන සීමාව ලීටර් 5කින් අඩු කිරීමටත් රාජ්‍ය ආයතන හා නිලධාරීන් සඳහා දුරකතන දීමනාව 25%කින් කප්පාදු කිරීමට ලබන අයවැයෙන් යෝජනා වෙයි.

    රාජ්‍ය ආයතනවල විදුලි බිල ද කප්පාදු කිරීමට අයවැයේ යෝජනා කර ඇත.

    මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන අයවැය කතාවේ මේ බව යෝජනා කර සිටී.

    මේ අතර විශේෂ අවශ්‍යතා සහිත පුරවැසියන් සඳහා සමාන අයිතිවාසිකම් වලංගු කිරීම සඳහා නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කෙරේ.

    මෙමගින් විශේෂ අවශ්‍යතා ඇති අය සඳහා සමාන අවස්ථා ලබා ගැනීමේ සංකල්පය රටට වැඩි සමානාත්මතාවය ගෙන ඒම තවදුරටත් තහවුරු වනු ඇත.

    අයවැය: පාර්ලිමේන්තු මන්ත්‍රීලාගේ විශ්‍රාම වැටුප ලබන සේවා කාලය වසර 5කින් දිගු කරන්න යෝජනා

    0

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප ලබාගැනීම සඳහා සම්පූර්ණ කළයුතු අඛණ්ඩ වසර ගණන 5කින් වැඩි කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අයවැය යෝජනාවක් කරයි.

    මේ වනවිට ඔහු විසින් ඉදිරිපත් කරන අයවැය කතාවේ මේ බව සඳහන් කළේය.

    ඒ අනුව දැනට වසර 5ක්ව පවතින එම කාලසීමාව වසර 10ක් දක්වා වැඩිකිරීමට අයවැයෙන් යෝජනා කර ඇත.

    මෙය ජනාධිපතිවරයාට ද අදාළ වන පරිදි නීති සංශෝධන සැකසීමට ද යෝජනා කළ බව පවසන බැසිල් අමාත්‍යවරයා විපක්ෂයේ උසුළු විසුළු මධ්‍යයේ සිනාසෙමින් කියාසිටියේ ‘අපේ පක්ෂයේ දෙන්නෙකුටම තමා නැතිවෙන්නේ’ යනුවෙනි.

    මෛත්‍රීගේ අලුත් සන්ධානයේ සාකච්ඡා ඇරඹේ

    0

    එක්සත් ජනතා නිදහස් සන්ධානය මූලික කරගනිමින් නව දේශපාලන සන්ධානයක් බිහිකිරීම සඳහා වන සාකච්ඡාවක් සන්ධානයේ සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (11) පැවැත්විණි.

    මෙම සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ 31 නායකයන් සහ නියෝජිතයෝ සහභාගීවූහ.

    එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර සිටියේ නව සන්ධානය සමඟ එක්වීමට කැමති ඕනෑම දේශපාලන පක්ෂයක් සමඟ සාකච්ඡා කීරීමට සූදානම් බවයි.

    මෙම සාකච්ඡාව සඳහා ජාතික මහජන පක්ෂය, ලිබරල් පක්ෂය, එක්සත් ලංකා ජනබල පෙරමුණ, ජනතා අරැණළු පක්ෂය, එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී මහජන පක්ෂය, එක්සත් නිදහස් පක්ෂය,මව්බිම ජාතික පෙරමුණ, අපේ ජන උරුමය පක්ෂය,මහජන සංවර්ධන පක්ෂය,ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණ,සමාජ සංවර්ධන පක්ෂය,නව සිහල උරුමය පක්ෂය, එක්සත් ලංකා ජනතා පක්ෂය,එක්සත් ලංකා පොදුජන පෙරමුණ, කම්කරු විමුක්ති පෙරමුණ, මුස්ලිම් උලමා පක්ෂය, ප්‍රගතිශීලී ජනතා සේවක පක්ෂය,ජාතික පෙරමුණ, ලංකා ජනතා ජාතික පක්ෂය,ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ,එක්සත් කොංග්‍රසය, ශ්‍රී ටෙලෝ පක්ෂය, මව්බිම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ,එක්සත් ලංකා මහා සභාව,නව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ,ඉන්දියානු සම්බවයක් ඇති මහජන පක්ෂය,එක්සත් ශ්‍රී ලංකා පෙරමුණ,හෙලබිම ජනතා පක්ෂය යන දේශපාලන පක්ෂ නි⁣යෝජිතයෝ සහභාගීවූහ.