තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මෛත්‍රීගේ අලුත් සන්ධානයේ සාකච්ඡා ඇරඹේ

    මෛත්‍රීගේ අලුත් සන්ධානයේ සාකච්ඡා ඇරඹේ

    එක්සත් ජනතා නිදහස් සන්ධානය මූලික කරගනිමින් නව දේශපාලන සන්ධානයක් බිහිකිරීම සඳහා වන සාකච්ඡාවක් සන්ධානයේ සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (11) පැවැත්විණි.

    මෙම සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ 31 නායකයන් සහ නියෝජිතයෝ සහභාගීවූහ.

    එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර සිටියේ නව සන්ධානය සමඟ එක්වීමට කැමති ඕනෑම දේශපාලන පක්ෂයක් සමඟ සාකච්ඡා කීරීමට සූදානම් බවයි.

    මෙම සාකච්ඡාව සඳහා ජාතික මහජන පක්ෂය, ලිබරල් පක්ෂය, එක්සත් ලංකා ජනබල පෙරමුණ, ජනතා අරැණළු පක්ෂය, එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී මහජන පක්ෂය, එක්සත් නිදහස් පක්ෂය,මව්බිම ජාතික පෙරමුණ, අපේ ජන උරුමය පක්ෂය,මහජන සංවර්ධන පක්ෂය,ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණ,සමාජ සංවර්ධන පක්ෂය,නව සිහල උරුමය පක්ෂය, එක්සත් ලංකා ජනතා පක්ෂය,එක්සත් ලංකා පොදුජන පෙරමුණ, කම්කරු විමුක්ති පෙරමුණ, මුස්ලිම් උලමා පක්ෂය, ප්‍රගතිශීලී ජනතා සේවක පක්ෂය,ජාතික පෙරමුණ, ලංකා ජනතා ජාතික පක්ෂය,ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ,එක්සත් කොංග්‍රසය, ශ්‍රී ටෙලෝ පක්ෂය, මව්බිම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ,එක්සත් ලංකා මහා සභාව,නව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ,ඉන්දියානු සම්බවයක් ඇති මහජන පක්ෂය,එක්සත් ශ්‍රී ලංකා පෙරමුණ,හෙලබිම ජනතා පක්ෂය යන දේශපාලන පක්ෂ නි⁣යෝජිතයෝ සහභාගීවූහ.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img