fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අත්‍යාවශ්‍ය භාණ්ඩවලට නෑ

    විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අත්‍යාවශ්‍ය භාණ්ඩවලට නෑ

    අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ පැනවීමට සූදානමක් නොමැති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

    ළඟදීම එම බදු පැනවෙන භාණ්ඩ දැනගත හැකි වනු ඇති බව හෙතෙම කීය.

    අයවැය යෝජනා සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා අද පැවැති මාධ්‍ය හමුවේදී ඔහු පෙන්වා දෙන්නේ අයවැයේ සඳහන් කරන ලද ලබන වසරේ් සිය අයකරන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අලුත් පියවරක් නොව පෙර වසරේ අයවැයේ යෝජනාව ක්‍රියාත්මක කිරීම පමණක් බවයි.

    බදු ප්‍රතිපත්තිය ලොකු වෙනසක් නොකළ යුතු බවට තමාට ලද කොන්දේසියට අනුව මෙවර අයවැයේ බදු වෙනස්කම් විශාල ලෙස සිදුකොට නැතැයි හෙතෙම කීය.

    “ගිය අවුරුද්දේ හඳුන්වාදුන් හඳුන්වා දුන් බදු ප්‍රතිපත්තිය ලොකු වෙනසක් නොකර එකේ ඉන්න ඕන කියලා මට මෙවර අයවැය හදද්දි මට ලැබුණු එක කොන්දේසියක්. විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ගිය අයවැය යෝජනාවක්. එය නීති කෙටුම්පත් කරන්න ඒකට සියලු දෙවල් සූදානම් කර තිබෙනවා. එය ක්‍රියාත්මක කිරීම තමයි අපි 2022 ජනවාරි පළවෙනිදා සිට කරන්නේ. එක තුළින් අපි විටින් විට වෙනස් කරන්නේ නැතුව එකම ප්‍රතිපත්තියක රඳා පවතින බදු ක්‍රමයක්. මේක තුලදී අපි හඳුනාගෙන තිබෙනවා යම් යම් බදු අයකරගන්නා ජාති කීපයක්. එය දැන්ම එළියට දැම්මොත් ඒකෙන් අනිසි වාසි ගන්න ඉඩ තියෙනවා සමහර අය.

    ඒ නිසා එයට මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා මටවත් කියන්නෙත් අඩුවෙන්, මොකද අපි දේශපාලනඥයෝ. මාධ්‍ය ඉස්සරහ නිතර නිතර යනව. ඒවායෙන් මොකක් හරි හෙළිදරව් වුනොත් ඒකෙන් එතනම අවාසි වෙන්න පුළුවන්. හොදම උදාහරණය තමයි මේ සිගරට් මිල ගැනත් යම් යම් මාධ්‍යවලින් ප්‍රචාරය වීම නිසා සමහර කොටස් කර එකතු කරලා තියෙනවා දැන්. මම දේශපාලකයෙක් හැටියට ඕකට උත්තර දෙන්න කැමති නමුත් මුදල් ඇමැතිවරයා හැටියට මට වගකීමක් තියෙනවා ඒ ඇතුළු කරන භාණ්ඩ කියන්න එපා කියලා මට උපදෙස් ලැබිලා තියෙනවා. හැකි ඉක්මනින් විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද බදු ඇතුලත් කරන සහ ඉවත් කරන භාණ්ඩ ගැන දැනගන්න පුලුවන්. ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩවලට හෝ වෙනත් අවශ්‍ය භාණ්ඩවලට ඒ බද්ද අය කරන්නේ නැහැ.”

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.