තවත්

    වැටුප් වැඩිවීම් ඉල්ලා බැංකු සේවකයෝ හෙට මුදල් ඇමති හමුවෙති

    0

    මෙවර අයවැය මගින් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි වීම් හා දීමනා ලබා නොදීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමඟ හෙට (16) දින අමාත්‍යාංශයේ පැවැත්වෙන සාකච්ඡා අසාර්ථක වුවහොත් ලබන (22) වැනිදා වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹීමේ තීරණයක් ගන්නා බව ලංකා බැංකු සේවක සංගමය අවධාරණය කරයි.

    මෙම සාකච්ඡාව සඳහා රාජ්‍ය බැංකු හතක නියෝජිතයන් සහභාගීවන බවඑම සංගමයේ ප්‍රධාන ලේකම් රංජිත් සේනානායක මහතා පැවසීය.

    කෙසේ වෙතත් හෙට දිනයේ මුදල් අමාත්‍යවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාවෙන් පසුව වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවද ඔහු පැවසුවේය.

    පොලිස් ඔත්තුකරුවෙකුගේ දෑත් කපා කැලෑ පැන්න පාතාල අපරාධකරු අත්අඩංගුවට

    0

    පානදුර කුඩු සලිදුගේ හෙරෙයින් කිලෝ 40 ක් අත්අඩංගුවට ගැනීමට කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට ඔත්තුවක් ලබාදුන්නේ යැයි කියා පුද්ගලයින් දෙදෙනෙකුගේ දෑත් කපා දමා සැඟවී සිටි බණ්ඩාරගම පොඩි චතූ නැමැත්තා ගංජා කිලෝ 05 ක් සමඟ කතරගම පොලීසියේ අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරගතවී ඇතැයි පොලිස් තොරතුරු සදහන් කළේය.

    එම අත්අඩංගුවට ගැනීම සැබෑ ලෙසම සිදුවූවක්ද එසේත් නොමැති නම් සැළසුම් සහගතව සිදුවූවක්ද යන්න පිළිබදව දකුණු පළාත් භාර ජ්‍යෙයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මෙහෙයැවීමෙන් විමර්ශනයක්ද ආරම්භකර තිබේ.

    පොඩි චතූ නැමැති එම අපරාධකරු ඉකුත් ඔක්තෝම්බර් 17 වෙනිදා මහා දවාලයේ බණ්ඩාරගමදී පුද්ගලයින් දෙදෙනකුගේ දෙයත් කපන්නේ දොනෝ දහක් බලා සිටියදීය. මත්කුඩු නඩුවකට බන්ධනාගාරගතව සිට ඊට දින 04 ට පෙර ඇප ලබා නිදහස් වූ එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් මෙහෙයුමක් දියත්කරන විට ඔහු නීතීඥයෙක් මාර්ගයෙන් පානදුර අධිකරණයට භාරවීමට සූදානම් විය. අධිකරණය විසින් ඔහුව භාර නොගැනීම හේතුවෙන් නීතීඥවරයාගේ රැකවරණය ලබමින් දින කිහිපයක් සැඟවී සිටි ඔහු මෙසේ හිටි හැටියේම කතරගම පොලීසියට ගංජා සමග හසුවීම ගැටළු සහගත බව පොලිස් දෙපාර්තමේන්තුව තුළ දැඩි සැකයක් මතුව තිබේ.

    උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කරනු ලැබුවේ චතූ නැමැති මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු අඩුම තරමින් ඔහු ගැන අපරාධ ලේඛනාගාරයටවත් තොරතුරු දැනුම් දී පරීක්ෂාවක් කර තිබේදැයි මේ වන විට සොයා බලමින් සිටින බවකි.

    මේ අතර පොලීසියට මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු දුන්නේ යැයි කියන තවත් පුද්ගලයෙක්ගේ දෑත්ද ඉකුත් 13 වෙනිදා කැස්බෑවේදීද කපාදමා ඇත. දකුණු අත මැණික් කටුව අසලින් වෙන්වන්නට කපා ඇතැයි පොලීසිය සදහන් කරයි.

    රජයේ පාසල්වල ඉතිරි ශ්‍රේණි ලබන සතියේ සිට ඇරඹේ

    0

    රජයේ පාසල්වල දැනට ආරම්භ කොට නැති ඉතිරි ශ්‍රේණි ලබන සතියේ සිට විවෘත කිරීමට රජය තීරණය කර තිබේ.

    අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී මේ බව කීය.

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල්ට එරෙහි පරීක්ෂණ පුළුල් වේ

    0

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා විසින් මහ මගදී පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවූ වීඩියෝව සහ තමාට පහරදී කිරිඇල්ල පොලිස් ස්ථානයට රැගෙනගොස් නිරුවත්කර හිංසනය කළ බවට එම පුද්ගලයා විසින් නීතී සමාගමක් මගින් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය පුළුල් විමර්ශනයක් ආරම්භකර තිබේ.

    කිරිඇල්ලට ගොස් මේ වන විටත් ඇසින් දුටු සාක්ෂි සහ පර්යේෂණාත්මක සාක්ෂි රැසක්ම විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් රැස්කරගෙන ඇත.

    රන්මල් කොඩිතුවක්කු මහතාගෙන් පහරකෑමට ලක්වූ පුද්ගලයා බීමතින් සිටි බවට චෝදනාවක් රන්මල් කොඩිතුවක්කු මහතාගේ පාර්ශවයෙන් එල්ලවූවත් මූලික විමර්ශනවලින් පැහැදිලිවී ඇත්තේ එම පුද්ගලයා බීමතින් සිට නැති බවය.

    එහෙත් එම පහරදීම බදුවන අවස්ථාවේදී රන්මල් කොඩිතුවක්කු මහතා බීමතින් සිටි බවට චෝදනාවක් පහරකෑමට ලක්වුණු පුද්ගලයාගෙන් මෙන්ම එම පහරදීම ඇසින් දුටු පුද්ගලයින්ගෙන් එල්ලවන බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් සදහන් කළේය. ඒ සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමුකර ඇති බවද එම නිලධාරියා කීය.

    රන්මල් කොඩිතුවක්කු මහතාගෙන් පැහැරකෑ පුද්ගලයා බීමතින් සිටි බව සනාථ කිරීමට කිරිඇල්ල පොලීසියේදී බීමත් රියදුරන් සම්බන්ධයෙන් කෙරන පරීක්ෂණයක්ද පවත්වා තිබේ. එම පරීක්ෂණයට අනුව ඔහු බීමත් බව සනාතවී තිබේ. එම පරීක්ෂණය සිදුවූයේ කෙසේද? සැබෑ ලෙසම එම පරීක්ෂණ කට්ටලවලට ස්වසනය ඇතුළු කළේ අදාල පුද්ගලයාමද නැතිනම් වෙනත් බීමත් පුද්ගලයෙක්ද ආදී කරුණු සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් කෙරෙන බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.

    චීන පොහොර ආයෙ පරීක්ෂා කරන්නෙ නෑ

    0

    තුන්වන පාර්ශවයක් හරහා චීන පොහොර නැවත පරීක්ෂා කිරීමට එකඟතාවයක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසයි.

    චීන සමාගම නැවත පරීක්ෂා කළද, ශාක නිරෝධායන රෙගුලාසිවලට අනුව ප්‍රතික්ෂේප කරන ලද පොහොර පිළිගනු නොලැබෙන බවත් හෙතෙම අවධාරණය කරයි.

    හමුදාව යටතේ තිබූ වලිකාමම් අක්කර 3000ක් මුල් හිමිකරුවන්ට

    0

    ආරක්ෂක අංශ යටතේ පැවැති යාපනය වලිකාමම් උතුරු ප්‍රදේශයේ ඉඩම් අක්කර 3000ක් පමණ ඒවායේ මුල් හිමිකරුවන්ටම ලබාදීමට රජය තීරණය කර ඇතැයි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා සඳහන් කළේය

    යුධ සමයේදී ආරක්ෂක අංශ යටතට පත්වූ ඉඩම් ඒවායේ මුල් හිමිකරුවන්ටම ලබාදීම සම්බන්ධයෙන් තමා පසුගියදා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ බවද ඔහු පැවසීය.

    ඒ අනුව මේවනවිට ආරක්ෂක අංශ යටතේ තිබෙන උතුරු පළාතේ ඉඩම් ක්‍රමයෙන් ඒවායේ මුල් හිමිකරුවන්ටම ලබාදීමට රජය කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    අද එන්නත් මධ්‍යස්ථාන 103ක්

    0

    වයස අවුරුදු 20ට වැඩි සියලු දෙනාට අද දිනයේත් කොළඹ ගම්පහ, කළුතර, ගාල්ල යන දිස්ත්‍රික්කවල පහත මධ්‍යස්ථානවලදී කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන බව ජනාධිපති ලේකම් කාර්‍යාලය දන්වයි.

    එම මධ්‍යස්ථාන ඇතුළුව අද දිනයේ ද දිස්ත්‍රික් 15ක් පුරා මධ්‍යස්ථාන 103 කදී එන්නත් ලබාදේ.

    අද එන්නත් ලබා දෙන සියලූම මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

    Vaccination Centers on 15.11.2021

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-11-15

    0

     

    මියුසියස් විද්‍යාලය ඇතුලූ පාසල් ආරම්භ කරමින් නිදහස් සටනට සහයෝගය දැක්වූ මාරි මියුසියස් හිගින්ස් මැතිණිය ලංකාවට පැමිණිෳයේ 1950 නොවැම්බර් 15 වන දිනයි

    විස්සයි 20 ලෝක කුසලානය ඕස්ට්‍රේලියාව දිනා ගනී

    0

    විස්සයි 20 ලෝක කුසලානය 2021 දිනා ගැනීමට ප්‍රභල ඕස්ට්‍රේලියානු කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත්විය.

    පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත පිළි ලකුණු 172කට සීමා කිරීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත් වූහ.

    ඒ අනුව ජයග්‍රාහී ඉලක්කය 19 වැනි පන්දුවාරයේ පසුකර යාමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය.

    ඕස්ට්‍රේලියාව වෙනුවෙන් මිචෙල් මාස් නොදැවී ලකුණු 77ක් ලබා ගත්තේය.ඩේවිඩ් වොනර් ලකුණු 53යි.

    නවසීලන්තය 172/4 (20)
    ඕස්ට්‍රේලියාව 173/2 (18.5)

    කිරි දෙනුන් 2500ක් ගෙන්වන තීන්දුවක්

    0

    කිරි දෙනුන් 2,500 ක් කඩිනමින් ආනයනය කරන බව පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩි.බී. හේරත් මහතා පවසයි.

    ඔහු වැඩිදුරටත් සඳහන් කරසිටියේ දේශීය කිරි නිෂ්පාදනය වැඩිකිරීමේ අරමුණින් මෙම තිරණය ගත් බවයි.

    කිරි ගවයන් ගෙන්වීම සඳහා සමාගම් 04 ක් සඳහා එම සතුන් ගෙන්වීමට අවසර ලබාදී ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

    රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ මෙහිදී රජය පහසුකම් සැපයිම පමණක් සිදුකරන බවයි.

    ආන්දෝලනාත්මක පොහොර නැව ගැන චීන තානාපති කී දේ

    0

    මේ වන විට මහත් ආන්දෝනයට තුඩුදී ඇති චීන පොහොර නැව තුන්වැනි පාර්ශවයක් මගින් යළි පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකාව එකඟවී ඇතැයි චීන තානාපති චී ෂෙන්ග් හොන්ග් මහතා සදහන් කරයි.

    සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහනායක වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනාහිමියන් බැහැ දැකීමට අද පෙරවරුවේ පැමිණි චීන තානාපතිවරයා අනතුරුව මාධ්‍ය හමුවේ ඒ බව සදහන් කරනු ලැබීය.

    "මට අවබෝධවෙලා තියෙනවා පොහොර අර්බුදය පිළිබඳව දැඩි අවධානයක් යොමුවෙලා තියෙනවා කියලා. මගේ පුද්ගලික මතය තමයි කාබනික පොහොර අර්බුදය වාණිජමය ගැටලුවක්. මම කනගාටුවට පත්වෙනවා. ඇතැම් ශ්‍රී ලාංකික පිරිස් මේ ගැටලුව ව්‍යාකූල කිරීමට මෙය දේශපාලනීකරණයට ලක්කිරීමට තැත් කිරීම පිළිබඳව. මට දැනගන්න ලැබිලා තියෙනවා චීන සමාගම සහ ශ්‍රී ලංකාව ගිවිසුමකට එළඹිලා තියෙනවා නිෂ්පාදනයේ තත්ත්වය පරීක්ෂා කිරීමට තුන්වන පාර්ශ්වයක පරීක්ෂණයක් සිදුකරන්න." යැයි තානාපතිවරයා මාධ්‍ය හමුවේ එසේ සදහන් කරනු ලැබීය.

    මෙම ගැටළුව රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් බවට එය පත්කර ගතයුතු නැති බවත්, එය වාණිජ වශයෙන් විසඳා ගතයුතු බවත් එහිදී චීන තානාපතිවරයා අවධාරණය කළේය.

    වැටුප් දීමනා ඉල්ලා රාජ්‍ය නිලධාරීහු ජනපතිට ලියති

    0

    රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිකිරීමක් හෝ දීමනාවක් ලබා නොදීම සම්බන්ධයෙන් අවධානය යොමුකර කඩිනමින් විසඳුම් ලබාදීමට රජය කටයුතු නොකරන්නේ නම් පූර්ව දැනුම්දීමකින් තොරව වෘත්තීය ක්‍රියාමාර්ග වලට යොමුවන බව රාජ්‍ය නිළධාරි සමිති සම්මේලනය
    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිඛිතව දැනුම් දී තිබේ.

    එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ මෙවර අයවැය මගින් මිලියන 1.5ක් වූ රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිකිරීමක් හෝ දීමනාවක් ලබානොදීම හේතුවෙන් ඔවුන්ගෙන් යැපෙන මිලියන 6 ට ආසන්න ජනතාවක් ජීවත්වීම පිළිබඳ ගැටලුවකට මුහුණ දී සිටින බවයි.

    එබැවින් රජය කඩිනමින් මේ පිළිබඳ අවධානය යොමු කර විසඳුම් දීමට ක්‍රියා කළයුතු බව රාජ්‍ය නිලධාරී සමිති සම්මේලනයේ ජාතික සංවිධායක බී.ඒ.පී බස්නායක මහතාගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත යවා ඇති ලිපියේ සඳහන් වේ.

    ඝාතන වැලක් කොට ඉන්දියාවට පලාගිය අතුරුගිරියේ ලඩියා අත්අඩංගුවට

    0
    arrested

    කළුතර එතනමඩලේදී බන්ධනාගාර බස් රථයකට ප්‍රහාරයක් එල්ලකර පාතාලයේ සමයං ඇතුළු 07 දෙනෙකු ඝාතනයකර ඉන්දියාවට පළාගොස් සිටි පාතාලයේ ප්‍රබලයෙක් වන අතුරුගිරියේ ලඩියා බැංගලූර්හීදී ඉන්දියානු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

    අංගොඩ ලොක්කුගේ ප්‍රධානතම ගෝලයා වූ ලඩියා බන්ධනාගාර බස් රථ ප්‍රහාරයෙන් දින කිහිපයකට පසුව ඉන්දියාවට පළායන්නේ අංගොඩ ලොක්කාද සමග බෝට්ටුවක නැගීය. ඒ 2017 වසරේදීය.

    අංගොඩ ලොක්කාත් ලඩියාත් ඊට මාසදෙකකට පමණ පසුව ව්‍යාජ ලෙස සකස් කළ විදෙස් ගමන් බලපත්‍ර දෙකකින් ඉන්දියාවේ සිට ඩුබායි බලා යාමට සූදානම් වූ අවස්ථාවේදී චෙන්නායි ගුවන්තොටුපොලේදී එරට ආගමන විගමන බලධාරීන්ගේ අත්අඩංගුවට පත්විය.

    අනතුරුව ඔවුන්ව චෙන්නායි බන්ධනාගාරයේ රදවා තබන්නේ ආගමන විගමන නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙනි. මාස කිහිපයක් එරට බන්ධනාගාරයේ රදවා සිටි ඔවුන් දෙදෙනා ඇපමත නිදහස ලැබීමෙන් පසු ඉන්දියාවේ නවාතැන් ගනිමින් කුලියට මිනී මරමින් මෙරට පාතාලය මෙහෙයවමින් මත්කුඩු ජාවාරමේ නිරත විය.

    අංගොඩ ලොක්කා සහ ලඩියා ඉන්දියානු පුරවැසියන් ලෙස පෙනී සිටිමින් මෙරට අපරාධ මෙහෙයවමින් කෝටිපතියන් බවට පත්වන්නේ මත්කුඩු ජාවාරමිනි. මත්කුඩු ජාවාරමේ මුදදල් බෙදා ගැනීමේදී වැඩි කොටසක් අංගොඩ ලොක්කාගේ ගිණුමට බැරවීම හේතුවෙන් අංගොඩ ලොක්කා සමග ලඩියා හිත් අමනාපකමක් ඇතිවන බව සදහන්ය. අංගොඩ ලොක්කා ඉන්දියාවේදී අභිරහස් ලෙස මරණයට පත්වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස කියැවිණි.

    අංගොඩ ලොක්කාගෙන් පසු ඔහුගේ තැන හිමිකරගත් ලඩියා මෙරට පාතාලය ඉන්දියාවේ සිට මෙහෙයවමින් සිටියදී ඉන්දියානු පොලීසිය විසින් කළ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස ඔහු කොටුවී ඇති බව සදහන්ය. ලඩියාගේ අත්අඩංගුවට ගැනීම ඉන්දියානු මාධ්‍ය පවා වාර්තාකර තිබී ඇත.

    පසුගිය දිනවල මෙරට පොලීසිය කළ මෙහෙයුම් වලදින්ද ලඩියාගේ දේපොල රැසක් සොයාගත්තේය. ඒ අතර බස් රථ තුනක්ද විය.

    ප්‍රදේශ කිහිපයක ජනතාවට නායයාම් ගැන අවධානයෙන් ඉන්නැයි උපදෙස්

    0
    Landslide

    දිස්ත්‍රික් 7කට හෙට පස්වරු 4 දක්වා නායයාමේ අවදානම් පිළිබඳ අනතුරු අඟවා තිබේ.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙප‍ාර්තමේන්තුව පවසයි.

    වැසි තත්ත්වය හේතුවෙන් පහත දිස්ත්‍රික්කවලට අයත් ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් සිටිය යුතු බවට නිවේදනය කර තිබේ.

    Landslide_Early_warning_Report_at_1600hrs_on_2021__1636886750

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන වාණිජ නිලධාරී ලෙස රිචඩ් නටල් පත්කෙරේ

    0

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ නව ප්‍රධාන වාණිජ නිලධාරී ලෙස Richard Nuttall මහතා තෝරා පත් කරගෙන තිබේ.

    ගුවන් සේවා ක්ෂේත්‍රයේ දශක තුනකට වැඩි පළපුරුද්දක් ඇති විශේෂඥයෙකු වන ඒ මහතා බොහෝ ප්‍රමුඛ ගුවන් සේවා සහ ආයතන කිහිපයකම ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව තනතුරු හොබවා ඇත.

    ඒ මහතාගේ ප්‍රවීණත්වය සහ පළපුරුද්ද ගුවන් සේවා කළමනාකරණය, වර්ධනය, උපාය මාර්ග සංවර්ධනය, ඩිජිටල් උපාය මාර්ග, උපදේශනය, ගෝලීය නායකත්වය, ආදායම් කළමනාකරණය, ජාල සැලසුම්කරණය, ගුවන් සේවා බෙදා හැරීම සහ විකුණුම් යන ක්ෂේත්‍ර කිහිපයකම විහිදී පවතී.

    Richard Nuttall මහතා මහාද්වීප 5ක් පුරා ආයතන රැසක ප්‍රධාන විධායක නිලධාරී, CCO සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික තනතුරු හොබවා ඇති අතර ඒ මහතා ආයතන තුළ තිරසාර වර්ධනයක් ඇති කිරීමේ සුවිශේෂී වාර්තා තබමින් අත්දැකීම් සම්භාරයක් සතුව ඇති ප්‍රවීණයෙකි.

    ඔහුගේ වෘත්තීය ජීවිතයේ ප්‍රමුඛතම අවස්ථා කිහිපයක් ලෙස ; Saudia Airlines හි විකුණුම්, උප සභාපති- Skyteam ගුවන් සේවා සන්ධානයේ විධායක මණ්ඩල සාමාජික, Royal Jordanian හි ප්‍රධාන වාණිජ සහ උපාය මාර්ගික නිලධාරි, Bahrain Air හි ප්‍රධාන විධායක නිලධාරී, Kenyan Airways හි වාණිජ අධ්‍යක්ෂ, පිලිපීන ගුවන් සේවයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් සහ Americas of Polar Air Cargo හි විකුණුම් සහ අලෙවි උප සභාපති ලෙස වැඩකටයුතු සිදුකර තිබේ.

    ඒ මහතාගේ වාණිජ නායකත්වය යටතේ Saudia Airlines විසින් නිෂ්පාදන වැඩිදියුණු කිරීම, සහ වැඩි දියුණු කළ ලාභදායිත්වය ඇතුළත් ව්‍යාපෘතියක් වන ‘Vision 2020’ ආරම්භ කරන ලද අතර එය වසර තුනක් තුළ 30% ක සමස්ත වර්ධනයක් ලබා ගැනීමට සමත් විය.

    Royal Jordanian හි ඒ මහතාගේ සේවා කාලය තුළ, උපායමාර්ගික නායකත්වය තුළින් ගුවන් සේවය ඩොලර් මිලියන 80 ක ශුද්ධ ආදායම් වර්ධනයක් පෙන්නුම් කළේය. හෙතෙම උපදේශන ආයතන සහ විවිධ ආයතන සඳහා උපදේශන භූමිකාවන් ඉටු කර ඇති අතර එයට Alvarez & Marsal සහ Amadeus Saudi Arabia Ltd ඇතුළත් විය.

    දෙදරු පියෙකු වන ඒ මහතා පාඨකයෙකු සහ සංචාරකයෙක් ලෙස හඳුන්වාදිය හැක. හෙතෙම ගොල්ෆ් ක්‍රීඩකයෙකු සහ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙසත් කටයුතු කර ඇති අතර, එංගලන්තයේ අවුරුදු 15න් පහළ පාසල් සහ හොංකොං කණ්ඩායම් නියෝජනය කර ඇත.

    ඒ මහතා ශ්‍රීලංකන් ගුවන් සේවය හා එක්වන්නේ ජාතික ගුවන් සේවය ඵලදායී සහ තිරසාර ව්‍යාපාරික ගමනක් යන අවස්ථාවකය.

    එසේම ගුවන් සේවය පුළුල් ගෝලීය ගුවන් ගමන් ජාලය වැඩිදියුණු කිරීම් සහ ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම තුළින් රටේ සංචාරක පුනර්ජීවනය කිරීමේ ප්‍රයත්නයන්ට සහාය වෙමින් ප්‍රගතිශීලී ගමනක් ආරම්භ කර ඇති අවස්ථාවකය.

    පාකිස්ථානයේ ත්‍රස්ත විරෝධී මෙහෙයුම් 2කින් සොල්දාදු‍වන් 3ක් මරුට

    0

    පාකිස්ථානයේ බලුකිස්ථානයේ සහ කයිබර් පක්ටන්ක්වා ප්‍රාන්තවල සිදුවූ ත්‍රස්ත විරෝධී මෙහෙයුම් දෙකකදී පාකිස්ථානු සොල්දාදු‍වෝ තිදෙනකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

    එමෙන්ම ත්‍රස්තවාදීන් කිහිපදෙනකු ද එහිදී ජීවිතක්ෂයට පත්වූ බව නිව්ස් ඉන්ටර්නැෂනල් පුවත් වාර්තා කරයි.

    ටර්බට් හි අවට ප්‍රදේශයේ ත්‍රස්තවාදීන් සිටින බවට ලද බුද්ධි තොරතුරක් මත ආරක්ෂක අංශ විසින් බලුකිස්ථානයේ ටර්බට් අවට මෙහෙයුමක් දියත් කළ බව එම පුවත් සඳහන් කළේය.

    කෙසේවෙතත් ආරක්ෂක අංශ විසින් ටර්බට් වැටලීමත් සමඟ ත්‍රස්තවාදීන්ට දැඩි ලෙස හානි සිදුවූ බවට වාර්තා කර තිබේ.

    මෙම මෙහෙයුමේදී සාර්ගෝධාහි සෙපෝයි රම්සාන් සහ ස්වාබිහි ලාන්ස් නායික් ලියාක්වාට් ඉක්බාල් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

    ස්වාබිහිදී සාමාන්‍ය වැසියන් නිතර ගැවසෙන මාර්ගයක ත්‍රස්තවාදීන් ඇටවූ වැඩිදියුණු කරන ලද පුපුරණ ද්‍රව්‍ය ඉවත් කිරීමේ යෙදී සිටියදී ලක්කි මාර්වාට් හි පදිංචි සෙපෝයි ඉනාමුල්ලලාහ් ෂහඩාට් ද මරු වැළඳ ගත්තේ ය.

    බලුකිස්ථානයේ සාමය කඩාකප්පල්කිරීමේ අරමුණින් ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් මැඩලීමට පාකිස්ථාන ආරක්ෂක හමුදා දැඩිව කටයුතු කරන බව එම පුවත් වාර්තා කළේය.

    මේ අතර ඊයේ සිදුවූ බෝම්බ පිපිරීමකින් පොලිස් නිලධාරීන් දෙදෙනකු ද මියගොස් ඇත.

    බැසිල්ගේ ප්‍රකාශය සජිත් හෙළාදකියි

    0

    රාජ්‍ය සේවය රටට බරක් බව පවසමින් කළ අපහාසය පිලිකුලෙන් යුතුව හෙලා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    නිවේදනයක් නිකුත් කරමින් ඔහු දෙන්නේ ආණ්ඩුව නියමින් හෝ අනියමින් සූදානම් වන්නේ මෙරට රාජ්‍ය සේවය දියකර හරින්නට බව ය.

    විපක්ෂ නායකවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් මේ බව සඳහන් වේ.

    “රාජ්‍ය සේවය රටට උසුලන්නට දරන්න බැරි තරම් පුළුල් වී ඇති බවත් එය රටට බරක් බවත් මුදල් අමාත්‍යවරයා පවසා තිබේ. එය ආණ්ඩුවේද ස්ථාවරය බවද අප විශ්වාස කරන අතර එම ප්‍රකාශය අපි පිළිකුලෙන් යුතුව හෙලා දකිමු.

    • ආණ්ඩුව නියමින් හෝ අනියමින් සූදානම් වන්නේ මෙරට රාජ්‍ය සේවය දියකර හරින්නට බව පැහැදිලිය. රාජ්‍ය සේවයේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 සිට 65 දක්වා ඉහළ නංවන බවට ජනප්‍රිය යෝජනාවක් අයවැයට ඉදිරිපත් කරන අමාත්‍යවරයා, ඊට පසුදා ම පවසා සිටින්නේ මෙරට රාජ්‍ය සේවය රටට බරක් බව ය. තමන් විසින්ම ඉදිරිපත් කරන මතය ඊට පසු දින තමන් විසින්ම උල්ලංඝනය කරන අමාත්‍යවරයා ස්වකීය විහිලු සහගත අයවැය යෝජනාවලියටම උචිත ලෙස කටයුතු කරමින් සිටී.

    මැතිවරණයන් අවස්ථාවලදී කූඨප්‍රාප්තියට නංවා පූජාසනයක හිඳුවන රාජ්‍ය සේවකයින්ට, ස්වකීය අරමුණ ඉටු කර ගැනීමෙන් පසු ආණ්ඩුව විසින් මෙලෙස සැලකීම පිළිබඳව අප විමතියට පත් නොවන්නේ, එය මේ කලගුණ නොදත් ආණ්ඩුවේ ස්වරූපයම නිසාය.

    • කොරෝනා ඇතුලු ව්‍යසනකාරී තත්ත්වයන් තුළදී රාජ්‍ය සේවයේ ප්‍රශංසනාත්මක සහ අනභිභවනීය මැදිහත් වීම, ව්‍යසනය අවසන්වන් වන්නටත් පෙර අමතක කළ ආණ්ඩුව අද ඔවුන් රටට බරක් සේ සැලකීම ආණ්ඩුවේ අවස්ථාවාදී බව මොනවට පසක් කරයි.

    • කොරෝනා වෛරසය අබියස රාජ්‍ය පරිපාලන අංශ ප්‍රධානීන් මෙන්ම සෞඛ්‍ය, ආරක්ෂක, ප්‍රවාහන, තැපැල්, සතොස, සමෘද්ධි, ග්‍රාම නිලධාරී, මහජන සෞඛ්‍ය පරීක්ෂක, පවුල් සෞඛ්‍ය, පාරිභෝගික සේවා ඇතුළු අංශ ගණනාවක රාජ්‍ය සේවකයින් තම යුතුකම් කොටස රට වෙනුවෙන් ඉටු නොකරන්නට අද රට විශාල අර්බුදයකට මුහුණ දෙනු නොඅනුමානය.

    කෙසේ වෙතත්, කිසිදු සැලසුම් සහගත වැඩපිළිවෙළක් නොමැතිව හිතු මනාපයට රාජ්‍ය ආයතනවලට බඳවා ගැනීම් සිදු කළේ කවුරුන්ද යන්න රටම දනී.

    • සෞභාග්‍යයේ දැක්මෙහි ප්‍රධාන පොරොන්දුවක් මත, රාජ්‍ය සේවයට අලුතින් ලක්ෂයක් බදවා ගත්තේය. ඊට අමතරව උපාධිදාරීන් 50,000ක් බදවා ගනු ලැබීය. මෙයින් සිදුවූයේ එතෙක් රාජ්‍ය බදු ආදායමෙන් 47%ක් රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් ලෙස කලමනාකරණය කොට තිබූ වැය ප්‍රතිශතය 86%ක් වීමය. රටේ තරුණ පරම්පරාවට රැකියා ලබාදීම පිළිබඳව අප එක පයින් එකඟ නමුත්, ඊට මුවාවී අන්තනෝමතික ලෙස, සැලසුමකින් තොරව, දේශපාලන බල න්‍යාය පත්‍රය සකස් කර ගැනීම උදෙසා රාජ්‍ය සේවයේ ඔළුගෙඩි පිරවීමේ ආදීනව අද රටට අත් විදින්නට සිදුව තිබේ.

    • අයවැය යෝජනා ප්‍රකාරව විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 දක්වා වර්ධනය කිරීමෙන් එය තවත් ඉහළ නැංවෙනු ඇත.

    මේ සියල්ල ආණ්ඩුව විසින් කරනු ලැබූ අත්තනෝමතික, අවස්ථාවාදී කටයුතු විනා, සැලසුම් සහගත ක්‍රියාමාර්ග නොවේ.

    එකිනෙකට නොගැලපෙන විකාර සහගත ප්‍රතිපත්ති හේතුකොටගෙන රාජ්‍ය සේවය බරක් බවට පත් කොට ඇත්තේ ආණ්ඩුව මිස අන් කිසිවෙක් නොවේ.

    ආණ්ඩුව වහාම කළ යුත්තේ කුමක්ද?

    • රාජ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාවේ වාර්තාව ප්‍රකාරව සිදු කළ යුත්තේ, ඵලදායීතාවයෙන් යුක්ත රාජ්‍ය ආයතන ශක්තිමත් කිරීම.

    ඵලදායී බව වර්ධනය කිරීම සඳහා රාජ්‍ය පරිපාලනමය මූලධර්මය හා ව්‍යුහය වෙනස්කිරීම.

    • ප්‍රතිපත්ති සහ වැඩසටහන් ඵලදායි අන්දමින් සම්පාදනය කිරීම සහ ඇගයීම් සිදුකරන බවට සහතික කරන රාජ්‍ය පරිපාලන පද්ධතියක් නිර්මාණය කිරීම සහ, නූතනත්වයට ගැලපෙන පරිදි, රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය තාක්ෂණික සහ සැලසුම් සහගත ලෙස ප්‍රතිනිර්මාණය කිරීම ය.

    • මේ කිසිවක් පිළිබඳව මායිම් නොකොට, තමන් වෙතින් සිදුවූ වරද මෙරට රාජ්‍ය සේවකයින්ගේ පිට පටවා අත සෝදා ගැනීමට ආණ්ඩුව ගනු ලබන නිර්ලජ්ජිත උත්සාහය පිළිබඳව අප බලවත් විරෝධය ආණ්ඩුවට පල කරන අතර, වර්තමාන ආණ්ඩුව බිහි කිරීම වෙනුවෙන් සක්‍රීයව මැදිහත් වී ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටුකළ මේ රටේ අති බහුතරයක් වූ රාජ්‍ය සේවකයින්ට ද එම ප්‍රකාශය හරහා එල්ල කරනු ලැබුවේ බලවත් අතුල් පහරක් සේ අපි දකිමු.

    සජිත් ප්‍රේමදාස
    විපක්ෂ නායක

    විදේශ ඇමති හෙට IORA සමුළුවට

    0

    විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ඩකා නුවර පැවැත්වෙන ඉන්දියානු සාගර වටද්දර සංගමයේ (IORA) 21 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වෙයි.
     
    ඒ අනුව ඔහු ලබන 15-18 යන දිනවල බංග්ලාදේශයේ ඩකා නුවර නිල සංචාරයක නිරත වනු ඇත.

    ඉන්දියානු සාගර වටද්දර සංගමයේ (IORA) 21 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීම (COM) සඳහා අමාත්‍යවරයා සහභාගී වීමට නියමිත අතර, මෙහිදී 2021-2023 යන කාල සීමාව සඳහා වන IORA හි උප සභාපති ධුරය ශ්‍රී ලංකාවට හිමි වනු ඇත.

    ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කමිටු (CSO) රැස්වීමට පෙර අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වේ.

    මෙම රැස්වීම අතරතුර දී ද්විපාර්ශ්වික වශයෙන් දෙරටටම වැදගත් වන කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට අමාත්‍ය පීරිස් මහතා අපේක්ෂා කරයි.

    ගුරු – විදුහල්පති අරගලය අත්හිටුවයි

    0

    ගුරු-විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවීමට වෘත්තීය සමිති තීරණය කරයි.

    ඒ 2022 ජනවාරි 20 දක්වා ය.

    යකඩ යකාටත් වාරණ දැමූ වැහි බිංදු..

    0

    පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දුම්රිය මාර්ගයට හානි සිදුවීම නිසා ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය පල්ලෙවෙලට සීමා විය.

    ඇමති ජොන්ස්ටන්ගෙන් විපක්ෂයට අභියෝගයක්

    0
    johnston fernando

    “ඔච්චර විවේචනය කරන එකේ කයිවාරු ගහන එකේ ආර්ථිකය වැටිලා නම් ගොඩ ගන්න විදිය පැය 24ක් ඇතුළත ජනතාව වෙත ඉදිරිපත් කරන්න කියලා මම අභියෝගයක් කරනවා” යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

    ඔහු මේ බව සඳහන් කළේ අද (14) දින මහාමාර්ග අමාත්‍යාංශයේ දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    “අද වන විට මුළු ලෝකයම අර්බුදයට ලක් වෙච්චි අවස්ථාවක්. අපේ ලංකාව විතරක් නෙවෙයි ලෝකයේ හැම රටක්ම කොවිඩ් වසංගතය නිසා ආර්ථික වශයෙන් අර්බුදයට ලක්වෙලා. නමුත් අපේ ආණ්ඩුව එම අර්බුදය හොඳින් කළමනාකරණය කරමින් සිටිනවා.

    මම දැක්කා විපක්ෂය කියනවා බඩු මිල අඩු කලේ නෑ කියලා. ඇමරිකා එක්සත් ජනපදය, එංගලන්තය, ප්‍රංශ විතරක් නෙවෙයි ලෝකයේ හැම රටක්ම පාහේ උද්ධමනය වැඩි වෙලා. මේ උද්ධමනය වැඩිවීම අපට විතරක් බලපාන දෙයක් නොවේ. අද තාක්ෂණය දියුණුයි. පොඩ්ඩක් අන්තර්ජාලය පරිහරණය කරලා බලන්න. බොරු වපුරන්න එපා, හරියට අපේ රටේ විතරයි ප්‍රශ්න තියෙන්නෙ කියලා. උද්ධමනය වැඩි අපේ රටේ විතරයි කියලා විපක්ෂය පෙන්නන්න හදන්නේ.

    කොවිඩ් වසංගතය නිසා සෑම දෙයකම මිල ඉහළ ගිහින් තියෙන්නේ.ලෝකයේම නිෂ්පාදන පහලට වැටිලා. කර්මාන්ත ජාල ගෝලීය වශයෙන් බිඳවැටිලා. බහුපාර්ශ්වීය වගේම ද්විපාර්ශ්වීය උපකාර සීමා වෙලා. කොවිඩ් අර්බුදය හේතුවෙන් හැම රටකටම වගේ අනෙක් රටවල් උදව් කරන්න විදිහක් නෑ. මොකද හැම රටකටම තමුන්ගේ අභ්‍යන්තර ගැටලු විසඳා ගන්න වෙලා තියෙන්නෙ නිසා. ඉතින් මේ වගේ කරුණු නිසා ධනවත් රටවල් වලින් ණය ලබා ගැනීම, ආධාර ලබා ගැනීම යම් අපහසුතාවක් තිබෙනවා, ලෝකයේ හැම රටකටම.

    අපි නිෂ්පාදන ආර්ථිකයක් කරා යා යුතුව තිබෙනවා. හැමදාම කාගෙන්වත් යැපෙන්නේ බෑ කියන එක මේ කොවිඩ් වසංගතයක් එක්ක හැමෝම තේරුම් අරන් තිබෙනවා. ඒ වගේම සංවර්ධන කටයුතු අඛණ්ඩව කරගෙන යාම අත්‍යවශ්‍යයි. මොකද තව දුරටත් අපේ රට ආපස්සට ගෙන යන්න බෑ. මාර්ග ඇතුළු යටිතල පහසුකම් දියුණු වුණොත් තමයි රටක් දියුණු වෙන්නේ. විපක්ෂයේ අය අහනවා ඇයි පාරවල් හදන්නේ කියලා. හදන්නේ රට සංවර්ධනය කරන්න. මේවා ඉදිරි ආයෝජන. විපක්ෂයේ මන්ත්‍රීවරු අපෙන් ඉල්ලන්නේ පාරවල් ඔවුන් දන්නවා පාරක වටිනාකම.එහෙම ඉල්ලලා අහනවා පාරවල් සංවර්ධනය මොකටද කියලා.

    ඒ වගේම මෙවර අයවැයෙන් සෑම ග්‍රාම සේවා වසමකටම මිලියන තුනක් වෙන් කරලා තියෙනවා. පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට මිලියන 5ක් ලබා දීලා තියෙනවා. අපිට පක්ෂ නෙවෙයි වැදගත් වෙන්නේ, ජනතාවට සේවය කරන එකයි. සමෘද්ධිය ‍ ග්‍රාම සංවර්ධන ව්‍යාපාරයක් කරලා තියෙනවා.

    අපි මන්ත්‍රී විශ්‍රාම වැටුප ලබා දෙන්න නම් අවුරුදු 10ක් ඉන්න ඕනි කියන එක මෙවර අය වැයෙන් අපි ඉදිරිපත් කරලා තියෙනවා. මන්ත්‍රීවරුන්ගේ, රාජ්‍ය නිලධාරීන්ගේ ඉන්ධන කප්පාදු කරලා තිබෙනවා. දුරකථන බිල්පත් වලින් 25% ක් අඩු කරලා තියෙනවා. මෙහෙම අපි ආදර්ශයක් දුන්නා රජයේ වියදම් අඩු කරලා.

    අපි අනිවාර්යෙන් නිෂ්පාදන ආර්ථිකයක් කරා යා යුතුමයි.ලෝකෙ රටවල් මේ වනවිට කොවිඩ් වසංගතය නිසා විනාශ වෙච්ච ආර්ථිකය හදා ගන්න වෙර දරනවා. බඩුමිල වැඩි වීම තාවකාලිකයි.නිශ්පාදන අඩුවෙනකොට ඉල්ලුමට සරිලන සැපයුමක් නැති වෙනකොට භාණ්ඩ මිල ඉහල යනවා.නැවත් නිෂ්පාදන වෙනකොට භාණ්ඩ වෙලෙදපොලට එනකොට මිල ආයෙත් පහල යනවා.මේ ලෝකයටම අර්බුද තියෙන වෙලාවේ විපක්ෂය කරන්නේ කයිවාරු ගහන එකයි. විවේචනය කරන එකයි විතරයි. මම විපක්ෂයට අභියෝගයක් ලබා දෙනවා. ඔච්චර විවේචනය කරන එකේ කයිවාරු ගහන එකේ විපක්ෂය රටේ ආර්ථිකය ගොඩනගන්න ඔවුන් වැඩපිළිවෙළක් සකස් කරලා ඇති කියලා. ඒ හින්දා විපක්ෂයට කියනවා ආර්ථිකය වැටිලා නම් ගොඩ ගන්න විදිය පැය විසි හතරක් ඇතුළත ජනතාව වෙත ඉදිරිපත් කරන්න කියලා.ඇත්තම කතාව විපක්ෂයට වැඩ පිලිවෙලක් නෑ.”

    සලේගේ අපහාස නඩුව: යස්මින් සූකාට – එංගලන්ත වෙබ් අඩවිකරුවන්ට යළි සිතාසි

    0

    මානව හිමිකම් නීතිඥවරයකු සහ දකුණු අප්‍රිකාවේ මානව හිමිකම් පදනමේ විධායක අධ්‍යක්ෂවරයා ද වන යස්මින් සූකා සහ වෙබ් අඩවි ක්‍රියාකරුවෙක් ඇතුළුව එක්සත් රාජධානියේ වෙසෙන තවත් වගඋත්තරකරුවන් දෙදෙනෙකුට එරෙහිව කොළඹ දිසා අධිකරණය විසින් 2022 පෙබරවාරි මාසයේදී අධිකරණයේ පෙනී සිටින ලෙසට යළි සිතාසි නිකුත් කර තිබේ.

    ඒ, රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ විසින් ගොනු කරන ලද සිවිල් අපහාස නඩුවක් අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදීය.

    විත්තිකරුවන් අධිකරණයේ පෙනී නොසිටින බවට අවධානයට යොමු වූ අවස්ථාවේදී යළි සිතාසි නිකුත් කරන ලෙස අතිරේක දිසා විනිසුරු ඒ.ඩී.චතුරිකා ද සිල්වා මෙනවිය නියෝග කළාය.

    මෙම නඩුවේදී, මේජර් ජෙනරාල් සලේ, ඔහුට එරෙහිව කරන ලද අසත්‍ය, ද්වේෂසහගත, අපහාසාත්මක ප්‍රකාශ වෙනුවෙන් මානව හිමිකම් නීතීඥ සහ ක්‍රියාකාරිනියක වන යස්මින් සූකා සහ ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය ව්‍යාපෘතිය (ITJP) සහ වෙබ් අඩවි ක්‍රියාකරුගෙන් රුපියල් බිලියන 1 ක වන්දි මුදලක් ඉල්ලා සිටී.

    රජයේ වෛද්‍යවරයෙකුට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම ප්‍රතික්ෂේප කරමින් අසත්‍ය සාක්‍ෂි ලබා දීමට සහ ඔහුට තර්ජනය කරමින් අත්අඩංගුවේ තබා ගැනීමට බල කළ බවට පැමිණිලිකරුට චෝදනා එල්ල විය.

    දැනට ඇමරිකාවේ සිටින එම වෛද්‍යවරයා චෝදනා කර තිබුණේ පැමිණිලිකරු විසින් කරනු ලබන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අසත්‍ය සාක්ෂි ලබා දෙන ලෙස තමාගෙන් ඉල්ලා සිටි බවටය.

    පැමිණිල්ලේ දී සලේ මහතා ප්‍රකාශ කර ඇත්තේ, ඔහු දැනට මේජර් ජෙනරාල් නිලය දරණ කීර්තිමත් වෘත්තියක් සහිත (RWP, RSP, USP, NDC, PSC, MDEFS) ලද හමුදා නිලධාරියෙකු බවයි.

    1987 වසරේ ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳුණු තමාට උසස්වීම් කිහිපයක් ලැබී ඇති බවද ඔහු පෙන්වා දී තිබේ. ඔහු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර ඇත. මේජර් ජෙනරාල් සලේ ද Covid-19 තුරන් කිරීමේ කාර්ය සාධක බලකායේ සාමාජිකයෙකි.

    පළමු විත්තිකාරිය වන සූකා විසින් තමා එල්ල කරමින් කරන ලද ප්‍රකාශය 2 වැනි විත්තිකරු විසින් ක්‍රියාත්මක කරන වෙබ් අඩවියේ සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ යන භාෂාවලින් 2020 ජූනි 01 වැනි දින පළ කර ඇති බවට ඔහු පැමිණිලි කරයි.

    එමෙන්ම 2 වන සහ 3 වන විත්තිකරුවන් විසින් අසත්‍ය, ද්වේෂසහගත සහ අපහාසාත්මක ලෙස විස්තර කරන ලද එම ප්‍රකාශයන් වෙබ් අඩවියේ පළ කර ප්‍රසිද්ධ කළ බව ඔහු පවසයි.

    මේජර් ජෙනරාල් ඒ අනුව තමාට සිදුවී ඇති අලාභය සම්බන්ධයෙන් රුපියල් බිලියනයක් හෝ ඊට සමාන ඇමරිකානු ඩොලර්වලින් ගෙවන ලෙසට ආයාචනයක් කර තිබේ.

    නඩුව ලබන වසරේ පෙබරවාරි 22 වැනිදා යළි කැඳවීමට නියමිතය.

    සයිබර් ප්‍රහාරයක් ගැන FBI ඊ‍-මේල්වලින් අනතුරු ඇඟවීමක්

    0

    අමෙරිකානු FBI රහස් ඔත්තු ‍සේවයේ එක් අභ්‍යන්තර server විසින් ඉදිරියේ වියහැකි යැයි කියනු ලබන සයිබර් ප්‍රහාරයක් ගැන අනතුරු අඟවමින් ව්‍යාජ ඊමේල් පණිවිඩ 100,000කට වැඩි ප්‍රමාණයක් යවා තිබීම පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි විදෙස් වාර්තා පවසයි.

    එක්සත් ජනපද ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් බව හඟවමින් එම ඊමේල්වල සඳහන්ව ඇත්තේ හදිසි අනතුරු ඇඟවීමක් ලෙස ප්‍රකාශ වන පරිද්දෙනි. ඒවා නම් කර තිබුණේ: ‘Urgent: Threat actor in systems’ යනුවෙනි.

    Threat actor හෝ malicious actor යනු පරිගණක, උපාංග, පද්ධති හෝ ජාල ඇතුළුව සයිබර් අවකාශයකට හානියක් කිරීමට අදහස් කරන ක්‍රියාවකට සහභාගී වන පුද්ගලයෙකු හෝ පුද්ගලයින් කණ්ඩායමකි.

    ඊයේ උදෑසන පටන්ගත් මෙම සිදුවීම දිගටම පවතින තත්වයක කොටසක් බව එෆ්බීඅයි ආයතනය ප්‍රකාශ කළ නමුත් වැඩිදුර තොරතුරු ලබා දී නැත.

    Dark Overlord ලෙස හැඳින්වෙන කප්පම් කණ්ඩායමක ‘සංකීර්ණ දාම ප්‍රහාරයක’ ඉලක්කය ඔවුන් බව ඊමේල් ලබන්නන්ට දන්වා ඇතැයි ලාභ නොලබන ස්පෑම් විරෝධී නිරීක්ෂණ ආයතනයක් වන Spamhaus පවසා තිබේ.

    ඊයේ ප්‍රකාශයක් නිකුත් කරමින් FBI ප්‍රකාශ කළේ ‘@ic.fbi.gov විද්‍යුත් තැපැල් ගිණුමකින් ව්‍යාජ විද්‍යුත් තැපෑල් යැවීමේ සම්බන්ධ සිද්ධිය අද උදෑසන සිට දැන සිටි’ බවයි.

    ගැටලුව අනාවරණය වූ පසු බලපෑමට ලක් වූ දෘඪාංග ඉක්මනින් ඉවත් කළ බව නියෝජිතායතනය පවසයි. ‘නාඳුනන ඊමේල් යවන්නන්ගෙන් ප්‍රවේශම් වන්න’ සහ සැක කටයුතු ක්‍රියාකාරකම් රජයට වාර්තා කරන ලෙස රජය ජනතාවට අවවාද කළේය.

    FBI පද්ධතිය වෙත ප්‍රවේශයක් ඇති පුද්ගලයෙකු විසින් ඊමේල් යවා තිබේද නැතහොත් හැකර්වරුන් සම්බන්ධ දැයි තවමත් පැහැදිලි නැත.

    සිවිල් වැසියන් ඝාතනය වසන් කළ අමෙරිකාවේ සිරියානු ගුවන් ප්‍රහාරය

    0

    ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක අංශ විසින් 2019 වර්ෂයේදී සිරියාවට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් කාන්තාවන් සහ ළමුන් ඇතුලු සිවිල් වැසියන් 64 දෙනෙකු මරණයට පත්වීම වසන් කර ඇති බවත් එය ඇමරිකානු හමුදා විසින් සිදු කළ යුධඅපරාධයක් බවට සැලකිය හැකි බවත් නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

    ඒ අනුව ඇමරිකානු හමුදා විසින් සිරියාවේ බාගුස් වෙත ගුවන් ප්‍රහාර දෙකක් එල්ල කර ඇති බවත් ඊට ඇමරිකානු විශේෂ මෙහෙයුම් ඒකය සහ භූමියේ සිටි භට කණ්ඩායම් එක්ව මෙම ප්‍රහාර එල්ල කර ඇති බවද ආදාල පුවත්පත අනාවරණය කර තිබේ.

    එම පුවත්පත අනාවාරණය කරන පරිදි එක්සත් ජනපද මධ්‍යම විධානය විසින් සිරියාවේ සිදු කරනු ගුවන් මෙහෙයුම් අධීක්ෂණය කර ඇති අතර පළමුවරට මෙම සිතියේදී ඔවුන් විසින් තමන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රහාර එල්ලවූ බවට පිළිගෙන ඇති අතරම එම ප්‍රහාර තමන් විසින් සාධාරණීකරණය කරන බවද දන්වා ඇත.

    එක්සත් ජනපද මධ්‍යම විධානය විසින් නිවේදනයක් නිකුක් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ගුවන් ප්‍රහාර වලින් 80 දෙනෙකෙු මරණයට පත්ව ඇති බවයි. එහිදී ඉස්ලාමීය සටන්කාමීන් 16 දෙනෙකු සහ සිවිල් වැසියන් සිව් දෙනෙකු මරණයට පත්ව ඇති බවද සඳහන් කර ඇත.

    එසෙම තවත් 60 දෙනෙකු ප්‍රහාරයෙන් මරණයට පත්ව ඇති බවත් ඔවුන් සිවිල් වැසියින් දැයි සනාථ කර ගැනීමට නොහැකි බවත් ඇතැම් කාන්තාවන් සහ ළමුන් සටන් කාමීන් වීමට හැකි බවද මධ්‍යම විධානය පෙන්වාදී තිබේ.

    “මෙම ප්‍රහාරය නීත්‍යානුකූල ස්ව්‍යං ආරක්ෂාව උදෙසා එල්ල කළ ප්‍රහාරයක්. එහිදී නියමිත ක්‍රමවේද අනුගමනය කරමින් සිවිල් වැසියන් එහි රැදී සිටීමේ ප්‍රවනතාවය අවමක කිරීමට අදාල පියවර ගනු ලැබ තිබෙනවා.”

    “අපි සිවිල් වැසියන්ගේ ජීවිත වලට හානියක් සිදුවීම පිළිකුල් සහත දෙයෙක් ලෙසයි දකින අතර සිවිල් වැසියන්ට හානියක් වීම වැලැක්වීමට හැකි සෑම පියවරක්ම ගනු ලබනවා. මෙම ගුවන් ප්‍රහාරයේදී අපි ස්ව්‍යංව ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදු කළා. එහිදී අනාවරණය වූ සාක්ෂි අනුව එහිදී සිදුවූ අපෙක්ෂා නොකළ ජීවිත හානි වල පූර්ණ වගකීම භාර ගනු ලබනවා.” යනුවනේ අදාල නිවේදනයේ සඳහන්ව ඇත.

    මේ අතර ඇමරිකා ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කළ පරීක්ෂණය අනුව මෙම ප්‍රහාර සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් කළ නොමැති බවත් වැදගත් කරණු රැසක් එහිදී ඉවත්කර ඇති බවත් නිව්යෝක් ටයිම්ස් පුවත්පත ප්‍රකාශ කරන අතර ඔවුන්ගේ ආනාවරණය රහසිගත ලිපිගොනු පදනම්කර ගෙන සිදු කළ කර ඇති බවත් ඊට සෘජුව සම්බන්ධ පුද්ගලයින්ගෙන් ප්‍රකාශද ඊට පදනම්වී ඇති බවයි.
    එම ප්‍රහාරය එල්ලවන අවස්ථාවේදී මෙහෙයුම් මධ්‍යස්ථානයේ සිටි ඇති ගුවන් හමුදා නීතිඥයෙකු පවසා ඇත්තේ එය යුද අපරාධයක් ලෙස සැලකිය හැකිබවත් පසුව එය සූක්ෂම වෙනස් කරන ඇති බවත් ආදල පුවත්පත වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

    අය-වැයට සහය දෙනවාද නැද්ද? – මෛත්‍රී වැට උඩ

    0

    මෙවර අය-වැයට සහය ලබාදෙන්නේද නැද්ද යන්න පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී සාකච්ඡා කර තීරණයක් ගන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    ඒ අනුව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඉදිරියේදී පක්ෂ මධ්‍යම කාරක සභාව කැඳවීමට නියමිතව ඇතැයිද ඔහු සඳහන් කළා.

    එමෙන්ම විශ්‍රාම වැටුප් කප්පාදුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ ජනතාවගේ ප්‍රශ්න විසදෙනවානම් විශ්‍රාම වැටුප කැප කිරීමට තමන් සූදානම් බවයි.

    අද එන්නත් මධ්‍යස්ථාන 69ක්

    0

    වයස අවුරුදු 20ට වැඩි සියලු දෙනාට අද දිනයේත් කොළඹ ගම්පහ, කළුතර, ගාල්ල යන දිස්ත්‍රික්කවල පහත මධ්‍යස්ථානවලදී කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන බව ජනාධිපති ලේකම් කාර්‍යාලය දන්වයි.

    එම මධ්‍යස්ථාන ඇතුළුව අද දිනයේ ද දිස්ත්‍රික් 11ක් පුරා මධ්‍යස්ථාන 69 කදී එන්නත් ලබාදේ.

    අද එන්නත් ලබා දෙන සියලූම මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

    Vaccination Centers on 14.11.2021-1

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-11-14

    0
    හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය ජවහල්ලාල් නේරු තුමාගේ උපන් දිනය 1889 නොවැම්බර් 14 වන දිනයි
    හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය ජවහල්ලාල් නේරු තුමාගේ උපන් දිනය 1889 නොවැම්බර් 14 වන දිනයි

    හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය ජවහල්ලාල් නේරු තුමාගේ උපන් දිනය 1889 නොවැම්බර් 14 වන දිනයි

    කඩුගන්නාවෙන් වැසූ කොළඹ-මහනුවර මාර්ගය ඇරෙන දිනය නිශ්චිත නෑ

    0

    නායයෑමේ අයවාදානමට ලක්ව තිබෙන කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයේ පරීක්ෂණ රැසක් මේ වන විට සිදුවෙමින් පවතින බැවින් මාර්ගය විවෘත වන දිනයක් පිළිබඳව නිෂ්චිතවම කිව නොහැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

    එම මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ නායයාමේ අවදානමට ලක්ව ඇති ස්ථානයේ අද (13) උදෑසන භෞතික පරීක්ෂණයක් සිදුවිය.

    එම පරීක්ෂණ මගින් කන්ද අභ්‍යන්තරයේ ඇති ජලය මේවනවිට ඉවත් කෙරෙමින් පවතිනවා.

    ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඇතුළු ආයනත කිහිපයක නියෝජිතයින් එම පරීක්ෂා කිරීම් සිදු කරයි.

    ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ එමගින් කන්ද නායයෑම වලකාලීමට උත්සහ ගන්නා බවයි.

    නායයෑමේ අවදානම හේතුවෙන් පහළ කඩුගන්නාව ප්‍රදේශයේ පිහිටි වෙළඳසැල් 30 කට ආසන්න සංඛ්‍යාක් ද මේ වනවිට ඉවත් කර තිබේ.

    සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විෂය නිර්දේශයෙන් පාඩම් රැසක් අඩුකරයි

    0

    කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ දරුවන්ට නිසිලෙස අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව අහිමිවූ බැවින් ඉදිරියේදී පැවැත්වෙන සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගයන්ට මුහුණ දෙන දරුවන්ගේ විෂය කොටස් සංශෝධනය කිරිමට මේ වන විට පියවර ගනිමින් ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු සදහන් කළේය.

    ඒ අනුව දැනට 10 සහ 11 ශ්‍රේණිවල අධ්‍යාපනය ලබන දරුවන්ගේ ගණිතය, විද්‍යාව ඇතුළු විෂයන් රැසකම පාඩම් කොටස් කිහිපයක්ම ඉවත්කිරීමට පියවර ගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් මේ වන විටත් පාසල් ගුරුවරුන්ව දැනුවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

    ඉදිරියේදී පැවැත්වෙන විභාගවල ප්‍රශ්න පත්‍ර සැකසීමේදී යම් සංශෝධනයන් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් එල්.එම්.ඩී. ධර්මසේන මහතා අද සදහන් කළේය.

    කොවිඩ් වසංගත තත්වය නිසා දිගු කාලයක් පාසල් පැවැත්වීමට නොහැකි වූ බැවින් මෙම තීරණය ගත් බව ඒ මහතා සදහන් කරයි.

    ඉදිරියේදී පැවැත්වෙන ශිෂ්‍යත්ව, උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර සැකසීමේදී ඇගයෙන විෂය කරුණු තීරණය කර සිසුන් දැනුවත් කිරීමට පියවර ගන්නා බවද ඔහු සඳහන් කළේය.