fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලිස් ඔත්තුකරුවෙකුගේ දෑත් කපා කැලෑ පැන්න පාතාල අපරාධකරු අත්අඩංගුවට

    පොලිස් ඔත්තුකරුවෙකුගේ දෑත් කපා කැලෑ පැන්න පාතාල අපරාධකරු අත්අඩංගුවට

    පානදුර කුඩු සලිදුගේ හෙරෙයින් කිලෝ 40 ක් අත්අඩංගුවට ගැනීමට කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට ඔත්තුවක් ලබාදුන්නේ යැයි කියා පුද්ගලයින් දෙදෙනෙකුගේ දෑත් කපා දමා සැඟවී සිටි බණ්ඩාරගම පොඩි චතූ නැමැත්තා ගංජා කිලෝ 05 ක් සමඟ කතරගම පොලීසියේ අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරගතවී ඇතැයි පොලිස් තොරතුරු සදහන් කළේය.

    එම අත්අඩංගුවට ගැනීම සැබෑ ලෙසම සිදුවූවක්ද එසේත් නොමැති නම් සැළසුම් සහගතව සිදුවූවක්ද යන්න පිළිබදව දකුණු පළාත් භාර ජ්‍යෙයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මෙහෙයැවීමෙන් විමර්ශනයක්ද ආරම්භකර තිබේ.

    පොඩි චතූ නැමැති එම අපරාධකරු ඉකුත් ඔක්තෝම්බර් 17 වෙනිදා මහා දවාලයේ බණ්ඩාරගමදී පුද්ගලයින් දෙදෙනකුගේ දෙයත් කපන්නේ දොනෝ දහක් බලා සිටියදීය. මත්කුඩු නඩුවකට බන්ධනාගාරගතව සිට ඊට දින 04 ට පෙර ඇප ලබා නිදහස් වූ එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් මෙහෙයුමක් දියත්කරන විට ඔහු නීතීඥයෙක් මාර්ගයෙන් පානදුර අධිකරණයට භාරවීමට සූදානම් විය. අධිකරණය විසින් ඔහුව භාර නොගැනීම හේතුවෙන් නීතීඥවරයාගේ රැකවරණය ලබමින් දින කිහිපයක් සැඟවී සිටි ඔහු මෙසේ හිටි හැටියේම කතරගම පොලීසියට ගංජා සමග හසුවීම ගැටළු සහගත බව පොලිස් දෙපාර්තමේන්තුව තුළ දැඩි සැකයක් මතුව තිබේ.

    උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කරනු ලැබුවේ චතූ නැමැති මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු අඩුම තරමින් ඔහු ගැන අපරාධ ලේඛනාගාරයටවත් තොරතුරු දැනුම් දී පරීක්ෂාවක් කර තිබේදැයි මේ වන විට සොයා බලමින් සිටින බවකි.

    මේ අතර පොලීසියට මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු දුන්නේ යැයි කියන තවත් පුද්ගලයෙක්ගේ දෑත්ද ඉකුත් 13 වෙනිදා කැස්බෑවේදීද කපාදමා ඇත. දකුණු අත මැණික් කටුව අසලින් වෙන්වන්නට කපා ඇතැයි පොලීසිය සදහන් කරයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.