fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සිවිල් වැසියන් ඝාතනය වසන් කළ අමෙරිකාවේ සිරියානු ගුවන් ප්‍රහාරය

    සිවිල් වැසියන් ඝාතනය වසන් කළ අමෙරිකාවේ සිරියානු ගුවන් ප්‍රහාරය

    ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක අංශ විසින් 2019 වර්ෂයේදී සිරියාවට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් කාන්තාවන් සහ ළමුන් ඇතුලු සිවිල් වැසියන් 64 දෙනෙකු මරණයට පත්වීම වසන් කර ඇති බවත් එය ඇමරිකානු හමුදා විසින් සිදු කළ යුධඅපරාධයක් බවට සැලකිය හැකි බවත් නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

    ඒ අනුව ඇමරිකානු හමුදා විසින් සිරියාවේ බාගුස් වෙත ගුවන් ප්‍රහාර දෙකක් එල්ල කර ඇති බවත් ඊට ඇමරිකානු විශේෂ මෙහෙයුම් ඒකය සහ භූමියේ සිටි භට කණ්ඩායම් එක්ව මෙම ප්‍රහාර එල්ල කර ඇති බවද ආදාල පුවත්පත අනාවරණය කර තිබේ.

    එම පුවත්පත අනාවාරණය කරන පරිදි එක්සත් ජනපද මධ්‍යම විධානය විසින් සිරියාවේ සිදු කරනු ගුවන් මෙහෙයුම් අධීක්ෂණය කර ඇති අතර පළමුවරට මෙම සිතියේදී ඔවුන් විසින් තමන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රහාර එල්ලවූ බවට පිළිගෙන ඇති අතරම එම ප්‍රහාර තමන් විසින් සාධාරණීකරණය කරන බවද දන්වා ඇත.

    එක්සත් ජනපද මධ්‍යම විධානය විසින් නිවේදනයක් නිකුක් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ගුවන් ප්‍රහාර වලින් 80 දෙනෙකෙු මරණයට පත්ව ඇති බවයි. එහිදී ඉස්ලාමීය සටන්කාමීන් 16 දෙනෙකු සහ සිවිල් වැසියන් සිව් දෙනෙකු මරණයට පත්ව ඇති බවද සඳහන් කර ඇත.

    එසෙම තවත් 60 දෙනෙකු ප්‍රහාරයෙන් මරණයට පත්ව ඇති බවත් ඔවුන් සිවිල් වැසියින් දැයි සනාථ කර ගැනීමට නොහැකි බවත් ඇතැම් කාන්තාවන් සහ ළමුන් සටන් කාමීන් වීමට හැකි බවද මධ්‍යම විධානය පෙන්වාදී තිබේ.

    “මෙම ප්‍රහාරය නීත්‍යානුකූල ස්ව්‍යං ආරක්ෂාව උදෙසා එල්ල කළ ප්‍රහාරයක්. එහිදී නියමිත ක්‍රමවේද අනුගමනය කරමින් සිවිල් වැසියන් එහි රැදී සිටීමේ ප්‍රවනතාවය අවමක කිරීමට අදාල පියවර ගනු ලැබ තිබෙනවා.”

    “අපි සිවිල් වැසියන්ගේ ජීවිත වලට හානියක් සිදුවීම පිළිකුල් සහත දෙයෙක් ලෙසයි දකින අතර සිවිල් වැසියන්ට හානියක් වීම වැලැක්වීමට හැකි සෑම පියවරක්ම ගනු ලබනවා. මෙම ගුවන් ප්‍රහාරයේදී අපි ස්ව්‍යංව ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදු කළා. එහිදී අනාවරණය වූ සාක්ෂි අනුව එහිදී සිදුවූ අපෙක්ෂා නොකළ ජීවිත හානි වල පූර්ණ වගකීම භාර ගනු ලබනවා.” යනුවනේ අදාල නිවේදනයේ සඳහන්ව ඇත.

    මේ අතර ඇමරිකා ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කළ පරීක්ෂණය අනුව මෙම ප්‍රහාර සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් කළ නොමැති බවත් වැදගත් කරණු රැසක් එහිදී ඉවත්කර ඇති බවත් නිව්යෝක් ටයිම්ස් පුවත්පත ප්‍රකාශ කරන අතර ඔවුන්ගේ ආනාවරණය රහසිගත ලිපිගොනු පදනම්කර ගෙන සිදු කළ කර ඇති බවත් ඊට සෘජුව සම්බන්ධ පුද්ගලයින්ගෙන් ප්‍රකාශද ඊට පදනම්වී ඇති බවයි.
    එම ප්‍රහාරය එල්ලවන අවස්ථාවේදී මෙහෙයුම් මධ්‍යස්ථානයේ සිටි ඇති ගුවන් හමුදා නීතිඥයෙකු පවසා ඇත්තේ එය යුද අපරාධයක් ලෙස සැලකිය හැකිබවත් පසුව එය සූක්ෂම වෙනස් කරන ඇති බවත් ආදල පුවත්පත වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.