fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සයිබර් ප්‍රහාරයක් ගැන FBI ඊ‍-මේල්වලින් අනතුරු ඇඟවීමක්

    සයිබර් ප්‍රහාරයක් ගැන FBI ඊ‍-මේල්වලින් අනතුරු ඇඟවීමක්

    අමෙරිකානු FBI රහස් ඔත්තු ‍සේවයේ එක් අභ්‍යන්තර server විසින් ඉදිරියේ වියහැකි යැයි කියනු ලබන සයිබර් ප්‍රහාරයක් ගැන අනතුරු අඟවමින් ව්‍යාජ ඊමේල් පණිවිඩ 100,000කට වැඩි ප්‍රමාණයක් යවා තිබීම පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි විදෙස් වාර්තා පවසයි.

    එක්සත් ජනපද ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් බව හඟවමින් එම ඊමේල්වල සඳහන්ව ඇත්තේ හදිසි අනතුරු ඇඟවීමක් ලෙස ප්‍රකාශ වන පරිද්දෙනි. ඒවා නම් කර තිබුණේ: ‘Urgent: Threat actor in systems’ යනුවෙනි.

    Threat actor හෝ malicious actor යනු පරිගණක, උපාංග, පද්ධති හෝ ජාල ඇතුළුව සයිබර් අවකාශයකට හානියක් කිරීමට අදහස් කරන ක්‍රියාවකට සහභාගී වන පුද්ගලයෙකු හෝ පුද්ගලයින් කණ්ඩායමකි.

    ඊයේ උදෑසන පටන්ගත් මෙම සිදුවීම දිගටම පවතින තත්වයක කොටසක් බව එෆ්බීඅයි ආයතනය ප්‍රකාශ කළ නමුත් වැඩිදුර තොරතුරු ලබා දී නැත.

    Dark Overlord ලෙස හැඳින්වෙන කප්පම් කණ්ඩායමක ‘සංකීර්ණ දාම ප්‍රහාරයක’ ඉලක්කය ඔවුන් බව ඊමේල් ලබන්නන්ට දන්වා ඇතැයි ලාභ නොලබන ස්පෑම් විරෝධී නිරීක්ෂණ ආයතනයක් වන Spamhaus පවසා තිබේ.

    ඊයේ ප්‍රකාශයක් නිකුත් කරමින් FBI ප්‍රකාශ කළේ ‘@ic.fbi.gov විද්‍යුත් තැපැල් ගිණුමකින් ව්‍යාජ විද්‍යුත් තැපෑල් යැවීමේ සම්බන්ධ සිද්ධිය අද උදෑසන සිට දැන සිටි’ බවයි.

    ගැටලුව අනාවරණය වූ පසු බලපෑමට ලක් වූ දෘඪාංග ඉක්මනින් ඉවත් කළ බව නියෝජිතායතනය පවසයි. ‘නාඳුනන ඊමේල් යවන්නන්ගෙන් ප්‍රවේශම් වන්න’ සහ සැක කටයුතු ක්‍රියාකාරකම් රජයට වාර්තා කරන ලෙස රජය ජනතාවට අවවාද කළේය.

    FBI පද්ධතිය වෙත ප්‍රවේශයක් ඇති පුද්ගලයෙකු විසින් ඊමේල් යවා තිබේද නැතහොත් හැකර්වරුන් සම්බන්ධ දැයි තවමත් පැහැදිලි නැත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.