fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ඝාතන වැලක් කොට ඉන්දියාවට පලාගිය අතුරුගිරියේ ලඩියා අත්අඩංගුවට

    ඝාතන වැලක් කොට ඉන්දියාවට පලාගිය අතුරුගිරියේ ලඩියා අත්අඩංගුවට

    කළුතර එතනමඩලේදී බන්ධනාගාර බස් රථයකට ප්‍රහාරයක් එල්ලකර පාතාලයේ සමයං ඇතුළු 07 දෙනෙකු ඝාතනයකර ඉන්දියාවට පළාගොස් සිටි පාතාලයේ ප්‍රබලයෙක් වන අතුරුගිරියේ ලඩියා බැංගලූර්හීදී ඉන්දියානු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

    අංගොඩ ලොක්කුගේ ප්‍රධානතම ගෝලයා වූ ලඩියා බන්ධනාගාර බස් රථ ප්‍රහාරයෙන් දින කිහිපයකට පසුව ඉන්දියාවට පළායන්නේ අංගොඩ ලොක්කාද සමග බෝට්ටුවක නැගීය. ඒ 2017 වසරේදීය.

    අංගොඩ ලොක්කාත් ලඩියාත් ඊට මාසදෙකකට පමණ පසුව ව්‍යාජ ලෙස සකස් කළ විදෙස් ගමන් බලපත්‍ර දෙකකින් ඉන්දියාවේ සිට ඩුබායි බලා යාමට සූදානම් වූ අවස්ථාවේදී චෙන්නායි ගුවන්තොටුපොලේදී එරට ආගමන විගමන බලධාරීන්ගේ අත්අඩංගුවට පත්විය.

    අනතුරුව ඔවුන්ව චෙන්නායි බන්ධනාගාරයේ රදවා තබන්නේ ආගමන විගමන නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙනි. මාස කිහිපයක් එරට බන්ධනාගාරයේ රදවා සිටි ඔවුන් දෙදෙනා ඇපමත නිදහස ලැබීමෙන් පසු ඉන්දියාවේ නවාතැන් ගනිමින් කුලියට මිනී මරමින් මෙරට පාතාලය මෙහෙයවමින් මත්කුඩු ජාවාරමේ නිරත විය.

    අංගොඩ ලොක්කා සහ ලඩියා ඉන්දියානු පුරවැසියන් ලෙස පෙනී සිටිමින් මෙරට අපරාධ මෙහෙයවමින් කෝටිපතියන් බවට පත්වන්නේ මත්කුඩු ජාවාරමිනි. මත්කුඩු ජාවාරමේ මුදදල් බෙදා ගැනීමේදී වැඩි කොටසක් අංගොඩ ලොක්කාගේ ගිණුමට බැරවීම හේතුවෙන් අංගොඩ ලොක්කා සමග ලඩියා හිත් අමනාපකමක් ඇතිවන බව සදහන්ය. අංගොඩ ලොක්කා ඉන්දියාවේදී අභිරහස් ලෙස මරණයට පත්වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස කියැවිණි.

    අංගොඩ ලොක්කාගෙන් පසු ඔහුගේ තැන හිමිකරගත් ලඩියා මෙරට පාතාලය ඉන්දියාවේ සිට මෙහෙයවමින් සිටියදී ඉන්දියානු පොලීසිය විසින් කළ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස ඔහු කොටුවී ඇති බව සදහන්ය. ලඩියාගේ අත්අඩංගුවට ගැනීම ඉන්දියානු මාධ්‍ය පවා වාර්තාකර තිබී ඇත.

    පසුගිය දිනවල මෙරට පොලීසිය කළ මෙහෙයුම් වලදින්ද ලඩියාගේ දේපොල රැසක් සොයාගත්තේය. ඒ අතර බස් රථ තුනක්ද විය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.