fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හමුදාව යටතේ තිබූ වලිකාමම් අක්කර 3000ක් මුල් හිමිකරුවන්ට

    හමුදාව යටතේ තිබූ වලිකාමම් අක්කර 3000ක් මුල් හිමිකරුවන්ට

    ආරක්ෂක අංශ යටතේ පැවැති යාපනය වලිකාමම් උතුරු ප්‍රදේශයේ ඉඩම් අක්කර 3000ක් පමණ ඒවායේ මුල් හිමිකරුවන්ටම ලබාදීමට රජය තීරණය කර ඇතැයි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා සඳහන් කළේය

    යුධ සමයේදී ආරක්ෂක අංශ යටතට පත්වූ ඉඩම් ඒවායේ මුල් හිමිකරුවන්ටම ලබාදීම සම්බන්ධයෙන් තමා පසුගියදා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ බවද ඔහු පැවසීය.

    ඒ අනුව මේවනවිට ආරක්ෂක අංශ යටතේ තිබෙන උතුරු පළාතේ ඉඩම් ක්‍රමයෙන් ඒවායේ මුල් හිමිකරුවන්ටම ලබාදීමට රජය කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.