තවත්

    ශ්‍රී ලංකා වරලත් ජනමාධ්‍යවේදී ආයතනය හදන්න මෙහෙයුම් කමිටුවක්

    0

    ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පිහිටුවීමට යෝජිත ශ්‍රී ලංකා වරලත් ජනමාධ්‍යවේදී ආයතනය ස්ථාපනය කිරීම සඳහා ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් මෙහෙයුම් කමිටුවක් පත් කර තිබේ.

    එම මෙහෙයුම් කමිටුව දහතුන් දෙනෙකුගෙන් සමන්විත වන අතර ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා, එම අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයා සහ එම අමාත්‍යාංශයේ නීති නිලධාරිනිය ඇතුළු ආචාර්ය සහ විෂයේ ප්‍රවීණයන් පිරිසක් එම මෙහෙයුම් කමිටුවට අයත් බව ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

    ජනමාධ්‍ය විෂය ක්ෂේත්‍රයේ සහතික පත්‍ර පාඨමාලාවේ සිට උපාධි සහ පශ්චාත් උපාධි මට්ටම දක්වා අධ්‍යයන අවස්ථා සැලසීමට හැකි වන පරිදි ජනමාධ්‍ය උසස් අධ්‍යාපනයට පර්යේෂණ හා පුහුණු ආයතනයක් ලෙස මෙම වරලත් ජනමාධ්‍යවේදී ආයතනය ස්ථාපිත කිරීමට නියමිතය.

    නව කොරෝනා ප්‍රභේදය නිසා දකුණු අප්‍රිකාවට යුරෝපයේ දොර වැසේ

    0

    දකුණු අප්‍රිකාවෙන් නව කොරෝනා වෛරස ප්‍රභේදයක් හඳුනා ගැනීමත් සමඟ යුරෝපා සංමය සහ රටවල් කිහිපයක්ම සිය දේශ සීමාවන්ට සංචාරකයින්ට සීමා කිරීමට තීරණය කර ඇත.

    නව ප්‍රභේදය මෙම සතිය මුලදී ප්‍රථමයෙන් හඳුනාගත් අතර පෙර පැවති කොරෝනා ප්‍රභේදවලට සාපේක්ෂව වැඩි වේගයින් පැතිරයාමක් පෙන්නුම් කරන බවද විද්‍යඥයි පෙන්වා දෙයි.

    මම ප්‍රභේදය දැනට භාවිතා වන එන්නත් මගින් මර්ධන කළහැකිදැයි තවමත් අධ්‍යනය කරමින් පවතින බවද විද්‍යාඥයින් පවසිය.

    ඒ අනුව මේ වන විට බ්‍රිතාන්‍ය විසින් සිය රට තුලට දකුණු අප්‍රිකාවෙන් පැමිණෙන ගුවන් ගමන් තහනම් කිරීමටත් දකුණු අප්‍රිකාවට ආසන්න රටවලින් පැමිණෙන පුද්ගලියින්ට නිරෝධානය කිරීමටද තීරණය කර ඇත.

    මීට අමතරව යුරෝපා සංගමයද දකුණු අප්‍රිකාවෙන් පැමිණෙන ගුවන් ගමන් නතර කිරීමට මේවන විටත් සලකා බලමින් සිටින බවට වාර්තා වේ.

    එමෙන්ම, ජපානය, ඉන්දියාව සහ ඊශ්‍රායලයද  සිය දේශ සීමා තර කිරීමට පියවර ගෙන තිබේ.

    මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත්තේ නව ප්‍රභෙදය හේතුවෙන් රටවල් කඩනමින් සංචරණ තහනම් පැනවීම ගැන සිය අවදානය යොමු කරන බවත් දැන පෙර දී තිබූ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම ප්‍රමාණවත් බවයි.

    “කටකැඩුණු අයගෙ කතාවලට ආණ්ඩුවෙන් යන්නෙ නෑ” -මහින්ද අමරවීර

    0

    කට කැඩුණු කතා කියමින් පාර්ලිමේන්තුවම අපකීර්තියට පත්කරන කිහිප දෙනකු කී පලියට ආණ්ඩුවෙන් ඉවත්වීමට තම පක්ෂය සූදානම් නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට පැමිණියේ ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ආරාධනය අනුව යැයිද ඔහු සඳහන් කළේය.

    වත්මන් ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 14 දෙනා නිසා බව කටකැඩිච්ච කතා කියන උදවිය අමතක නොකළ යුතු බව ඔහු පැවසීය.

    2015 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා ගෙදර යැවීමට කටයුතු කළෙත් අද කෑගහන අයම බව කී අමාත්‍යවරයා ඔවුන් මෙවරත් ඒ දෙයම සිදුකරන බවද සඳහන් කළේය.

    කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    එහිදී අමාත්‍යවරයා මෙසේද කීවේය.

    පාර්ලිමේන්තුවේ සිටින කිහිප දෙනෙකුගේ අශෝබන හැසිරීම නිසා එහි සිටින 225 දෙනාම අපකීර්තියට පත්වෙලා.
    මෙවැනි පාර්ලිමේන්තුවක් මම මීට පෙර දැක නැහැ.

    කිහිප දෙකනුගේ හැසිරීම නිසා මහජනතාවට පාර්ලිමේන්තුව එපා වෙලා. මෙවැනි දේවලින් සිදුවන්නේ රට මෙන්ම පාර්ලිමේන්තුවත් ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලුවට ලක් වීමයි.

    මම 1994 සිට පාර්ලිමේන්තුව නියෝජනය කරන නමුත් මීට පෙර මෙවන් තත්ත්වයක් තිබී නැතැයි ද මහින්ද අමරවීර අමාත්‍යවරයා පැවසීය.

    තමන් පාර්ලිමේන්තුවට ආ සමයේ මන්ත්‍රීවරුන් කතානායකවරයාට ඉතා ගරු කළ බවත්, වචනයකින් හෝ එතුමාට අපහසුවක් වෙයි කියා වචන පාවිච්චි කිරීමේ දී පවා ප්‍රවේසම් වූ බවත් කී ඇමතිවරයා වර්තමානයේ කටකැඩිච්චි කතා කියන අය කතානායකවරයාගේ නියෝගයක්වත් ගණන් ගන්නේ නැතිවීම ඉතා කණගාටුදායක තත්වයක් බව ද කීවේය.

    සිතුල්පව්ව පූජාභූමි ගැසට්ටුව අංගසම්පූර්ණ වෙයි

    0

    ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරස්ථානයට අයත් පූජනීය ප්‍රදේශය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කරමින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    පූජා භූමියේ චිරාත්කාලීන සුරක්ෂිත බව සඳහා මෙම තීරණය ගන්නා ලද බව අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙයි.

    මෙයට පෙර සිතුල්පව්ව රජ මහා විහාරස්ථානයේ පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කරමින් ගැසට් කර තිබුණ ද එහි වූ අඩුපාඩු හේතුවෙන් පූජා භූමියකට ලැබිය යුතු සංවර්ධනයක් නොලැබිණි.

    මේ අනුව ඉදිරියේ දී සිතුල්පව්ව රජමහා විහාරයට අයත් පූජනීය ප්‍රදේශය ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරය පූජා භූමිය ලෙස නම් කීරීමට ද නියමිතය.

    “පාස්කු ප්‍රහාරයට අදාළව මෛත්‍රීපාලට එරෙහිව නීතිමය පියවර ගන්න”- ප්‍රසන්න රණතුංග

    0

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකිවයුතු බැවින් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි යන්න තමාගේ ස්ථාවරය බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    ආණ්ඩුව හැටියට ශක්තිමත්ව ඉදිරියට යන්න නම් සෘජු තීරණ වලට ගත යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළා.

    අමාත්‍යවරයා මෙසේද පැවසුවේය.

    ආණ්ඩුව ඇතුළේ කවුරුහරි ඉන්න බැරි කෙනෙක් ඉන්නවනම් ඇතුලේ ඉඳගෙන සියලු වරප්‍රසාද අරගෙන බොරුවට කෑ ගහන්නේ නැතුව එළියට යන්න පුළුවන්.එහෙම නැත්නම් ආණ්ඩුවත් එක්ක සාමූහික වගකීම ආරක්ෂා කරගෙන කටයුතු කරන්න ඕනේ.

    පසුගිය කාලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙහෙයවපු පුද්ගලයන් පිළිබඳව අපට ගැටලුවක් තියෙනවා. ඒ නිසා තමයි පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී මම කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගෑවිච්ච එකෙකුට ඡන්දෙ දෙන්න එපා කියලා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පක්ෂය විනාශ කළා.ඒගොල්ලො අද මේ ආණ්ඩුවත් විනාශ කරන්න හදන්නේ. පාස්කු ප්‍රහාරයට හිටපු ජනාධිපතිවරයා සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනේ. හැමදාම එතුමාට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන තැන ඉඳගෙන මම කතා කරනවා. පසුගිය කාලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු එළියෙ කතා කරන දේවල් අපි අහගෙන හිටියා. හැමදාම කටවහගෙන ඉන්න බැහැ. ඒ කියන දේවල් වලට උත්තර දෙනකොට සමහර අයට රිදෙනවා. එහෙම රිදෙන කොට ඒගොල්ලො කියන දේවල් වලට වඩා ගොඩක් දේවල් අපිට කියන්න වෙයි.

    ආණ්ඩුවක් ගෙනියන්න තුනෙන් දෙකේ බලයක් අවශ්‍ය නැහැ. චන්ද්‍රිකා මැතිනිය ආණ්ඩුවක් ගෙනිච්චා එක මන්ත්‍රී කෙනෙක්ගෙන්. යන අය ඔක්කොම එළියට ගියත් අපිට ආණ්ඩුව ගෙනියන්න පුළුවන් යැයි ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.

    ගම්පහ,යක්කල වීදියවත්ත ප්‍රදේශයේ පැවැති උත්සවයකදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකය පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

    නත්තල් නිවාඩුව දින 4 ක් – දින 2ක් ඉස්කෝලේ නෑ

    0

    සියලුම රජයේ පාසල් සහ කතෝලික පාසල් සඳහා නත්තල් නිවාඩු දිනයන් රජය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

    ඒ අනුව එළඹෙන නත්තල් උත්සවය හේතුවෙන් දෙසැම්බර් 23, 24, 25, 26 දක්වා නත්තල් නිවාඩුව ලෙස ප්‍රකාශයට පත්කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය.

    මේ අනුව ලබන 23 (බ්‍රහස්පතින්දා) සහ 24 (සිකුරාදා) දිනවල පාසල් නිවාඩු වන අතර යළි එම සිසුන්ට ලබන 27 වැනිදා සිට පාසල් පැවැත්වේ.

    ලොවක් හඳුනන ‘කොළ ඇස් ඇත්තීට’ ඉතාලියේ සෙවණ ලැබෙයි

    0

    ඉතා ආකර්ෂණීය දෙනෙත් යුගලයකට හිමිකම් කියන 1985දී නැෂනල් ජියෝ ග්‍රැපික් සඟරාවේ කවර වර්ණවත් කළ ඇෆගනිස්ථාන දැරිය වන ෂර්බාත් ගුලා හට ඉතාලියේ සරණාගත භාවය හිමිවී තිබේ.

    සී.එන්.එන්. පුවත් සේවය වාර්තා කරන අන්දමට ගුලා හට ඉතාලි අග්‍රාමත්‍ය මරියෝ ඩ්‍රාගි විසින් මෙම සරණාගතභාවය ලබාදී ඇත.

    ඉකුත් අගෝස්තු මාසයේදී ඇෆග්නිස්ථානයේ පාලන බලය තලෝබාන් සංවිධානයට යටතට පත්වීමත් සමඟ එරටින් පලායන සිවිල් වැසියන්ට සහන සැලසීමේ වැසටහන යටතේ ගුලා හට සරණාගත භාවය හිමිවූ බව ඉතාලි රජය විසින් ඊයේ නිවේදනය ක කරනු ලැබ තිබිණි.

    ඇෆගනිස්ථායේ ඇතිව තිබූ තත්ත්වය හමුවේ සිවිල් සංවිධාන සහ ස්වෙච්ඡා ක්‍රියාකාරීන් ගුලාට හට සරණාගතභාවය ලබාදෙන ලෙස කළ ඉල්ලීම මත අග්‍රමාත්‍ය මාරියෝ ඩ්‍රාගි විසින් ඇයට ඉතාලියේ සරණාගතභාය ලබාදීමට පියවරගෙන තිබූ බවද අදාල නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව තිබිණි.

    1984 වර්ෂයේදී  සෝවියට් දේශය ඇෆ්ගනිස්ථානය ආක්‍රමාණය කිරීමට උත්සහ කිරීමත් සමඟ අසල්වැසි පාකිස්තානයට පලාවිත් සරණාගත කඳවුරක රැදී සිටි 12 හැවරිදි ගුලා ඡායාරූප ශිල්පී ස්ටීව් මැක්ක්‍රේගේ කැමරා කාචයට හසවූ අතර 1985දී ඇය නැෂනල් ජියෝ ග්‍රැපික් මුල් පිටුව වර්ණවත් කිරීමට සමත් වූවාය.

    ඒත් සමඟ ඇය පිළිබඳ ලොව පුරා අවාදානය යොමු වුවද ඇය පිළිබඳ ලොව වැඩියමක් දැන නොසිටි අතර වසර ගණනාවකට පසු 2002 වර්ෂයේදී මැක්ක්‍රේ හට ඇයව යලිත් සොයා ගැනීමට හැකිවිය.

    දැනට 49 හැවරිදි වියෝ පසුවන ඇයගේ පවුලේ සාමාජිකයින් හටද සරණාගතභාවය ලැබුනේද යන්න තවමත් නිෂ්චිත නොමැති බවත් ඒ සම්බන්ධයෙන් ඉතාලි රජය තවමත් නිල ප්‍රකාශයක් කර නොමැති බවද වාර්තාවේ.

    ලංවිම ඉංජිනේරුවෝ විදුලි බිඳවැටීම් ගැන අනතුරු අඟවති

    0

    ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය විසින් ආරම්භ කළ අකුරට වැඩකිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය දෙවන දිනටත් අද 26 සාර්ථකව ක්‍රියාත්මක කළ බව එම සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා පැවසීය .

    ලංවිම ඉංජිනේරු සංගමය නියෝජනය කරන ඉංජිනේරුවන් විශාල පිරිසක් තම සංගමයේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සමඟ සහයෝගීව කටයුතු කරන හෙයින් ඉදිරියේ දී විදුලිය බිඳවැටීම් අනතුරක් ඇති විය හැකි බව ද සෞම්‍ය කුමාර වඩු මහතා පැවසීය.

    සවස හතරෙන් පසුව සේවය නොකිරීම නිසා හදිසි බිඳවැටීම් යථාතත්ත්වයට පත් කිරීමට හෝ විශාල බිඳවැටීම් නඩත්තු කිරීමට කිසිදු ඉංජිනේරුවකු සහභාගී නොවන බව ද සෞම්‍ය කුමාර වඩු මහතා පැවසීය.

    අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ඉදිරියේ දී අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා දියත් කරන බවද ඔහු සඳහන් කළේය.

    යුගදනවි බලාගාරයේ කොටස් අයිතිය ඇමරිකානු සමාගමකට විකිණීමට එරෙහිව ලංවිම ඉංජිනේරු සංගමය එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබේ.

    “ශ්‍රී ලංකාවට කාබනික කෘෂිකර්මාන්තයක් එපා” – සරසවි ආචාර්ය කෘෂි අනුකමිටුව

    0

    ශ්‍රි ලංකාවේ කෘෂිකර්මාන්තය 100%ක් කාබනිකකරණය කිරීමේ රජයේ තීරණය හකුළා ගන්නා ලෙස විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය නියෝජනය කරන කෘෂිකර්මාන්තය සම්බන්ධ අනුකමිටුවේ කෘෂි විද්‍යාඥයෝ නිවේදනය කරති.

    කෘෂි විද්‍යාව පිළිබඳ විශේෂඥයින් අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ විශ්වවිද්‍යාල ප්‍රජාවගේ අනුදැනුමකින් තොරව සහ විරෝධය නොතකා දේශපාලනඥයින් තර්ජනය කිරීම් සහ නිහඬ කිරීම් හරහා මෙම අත්තනෝමතික උත්සාහය දියත් කරන බවද එම සංගමය සඳහන් කරයි.

    අදූරදර්ශි අවිද්‍යාත්මක ක්‍රමවේද නිසා මේ වන විට ශ්‍රී ලංකාවේ වාණිජ කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන්ම බිද වැටීමේ තත්ත්වයකට පත්ව තිබෙන බව එම නිවේදනයේ සඳහන් වේ.

    මුළු රටම එකවර කාබනිකකරණය කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය නැවත සලකා බලා නිවැරදි ලෙස කාබනික කෘෂිකර්මාන්තය ක්‍රියාවට නැංවීමට අවශ්‍ය පියවර ගන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවද එහි සඳහන් වේ.

    කෘෂි විද්‍යාඥයන්ගේ විශේෂඥ උපදෙස් ලබා ගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවද එසේ නොමැති වුවහොත් රටේ කෘෂිකර්මාන්තය කඩා වැටී ඉන් ආර්ථිකයට දැඩි බලපෑම් ඇතිවිය හැකි බව ද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය නියෝජනය කරන කෘෂි විද්‍යාඥයෝ පෙන්වා දෙති .

    අයවැයට පක්ෂ වූ මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රී තිදෙනාගෙන් නිදහසට කරුණු අහයි

    0

    අයවැයට පක්ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් තිදෙනාට නිදහසට කරුණු ඉදිරිපත් කරන්නැයි අද 26 ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය දැනුම් දී තිබේ .

    දිගාමඩුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෆයිසාල් කාසිම් සහ එච්.එම්.එම්. ෆාරිස් යන මන්ත්‍රීවරුන් දෙදෙනාත් මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී නසීර් අහමඩ් මහතා මහතාත් පසුගියදා අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී ආණ්ඩුව සමග එක්ව ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

    ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය තීරණය කර තිබුණේ මේ අය-වැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට ය.

    පක්ෂයේ තීන්දු නොතකා අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ඉහත මන්ත්‍රීවරුන් තිදෙනා පක්ෂයේ දරණ සියලුම තනතුරුවලින් ඉවත් කිරීමට ද කිරීමටද මුස්ලිම් කොංග්‍රසය කටයුතු කළේය.

    නිදහසට කරුණු විමසා විනය පරීක්ෂණයක් පවත්වා එම මන්ත්‍රීවරුන් තිදෙනා සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සඳහන් කරයි.

    ලංගම ආදායම වැඩිවෙයි

    0

    මෙම වසරේ ගතවූ කාලය තුළ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ආදායම රුපියල් මිලියන 65ක් දක්වා වර්ධනය වී ඇතැයි එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඒ.එච් පණ්ඩුක ස්වර්ණහංස මහතා සදහන් කරයි.

    ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය යටතේ මේ වනවිට දිවයින පුරා ධාවනයට බස්රථ 4700ක් එක් කර ඇතැයිද ඔහු සදහන් කළේය.

    ඒ අතරට අන්තර් පළාත් බස්රථ 1600ක් හා සිසුසැරිය බස් රථ 1400ක් ද මේ වනවිට ධාවනයට එක්කර ඇති බවද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා පැවසීය.

    නිරන්තරයෙන්ම ජනතාවට ගුණාත්මක ප්‍රවාහන සේවාවක් ලබාදීමට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය කටයුතු කරන බවද ඔහු සදහන් කළේය.

    ගෑස්වලට මොකද වෙන්නෙ?

    0

    ගෑස් කාන්දුවීම් සමඟ සිදුවන පිපුරුම් සහ ගිනි ගැනීම් අසාමාන්‍ය ලෙස මේ වන විට පවතින්නේ ඉහළ යමිනි.

    වැලිගම පිහිටි කුඩා සංචාරක නිවාඩු නිකේතනයක ඉකුත් 04 වෙනිදා සිදුවූ පිපුරුමත් සමඟ අද වන විට සමාජයේ අවධානයට යොමුවෙමින් සිදුවූ ගෑස් කාන්දුවීම්වලින් ඇතිවුණු පිපුරුම් ගණන 07 කි. ඒ අතර එක් ජීවිත හානියක් පවා සිදුව තිබීම හේතුවෙන් මෙම පිපුරුම් සුළුවෙන් තැකිය නොහැකිය.

    වාර්තාවන ආකාරයට අනුව පසුගිය 15 වෙනිදා අලව්වේ නිවසක සිදුවූ පිරුරුමත් 16 වෙනිදා රත්නපුරයේ නිවසක සිදුවූ පිපුරුමත් ගෑස් කාන්දු සමඟ ඇතිවන පිපුරුම් හා ගිනි ගැනීම්ය. බෝම්බ පිපුරුමකට නොදැවෙනි තරමේ දැවැන්ත හානි මේ සිදුවීම් 03 ටම බලපා තිබුණු අතර නිවාස වලට දැඩි ලෙස හානි ගෙනදී තිබුණේය.

    වඩාත් සමාජයේ අවධානයට යොමුවූ පිපුරුමක් ලෙස වාර්තා වන්නේ කොළඹ 07 පිහිටි මැක්ඩොනල් අවන්හලේ ඉකුතත් 20 වෙනිදා සිදුවූ පිපුරුමය. එම පිපුරුමෙන් මැක්ඩොනල් අවන්හලට පමණක් නොව, පැරණි තුරඟ තරග පිටියේ ප්‍රේක්ෂකාගාර ගොඩනැගිල්ලට ද සැළකිය යුතු හානියක් ගෙන දුන්නේය.

    මේ අතර ඉකුත් 13 වෙනිදා වැලිකන්දේ නිවසකද මෙවන් පිපුරුමක් සිදුව තිබුණත් එය සමාජය හමුවේ නිරාවරණය නොවීය. එම පිපුරුම ගැන තොාරතුරු එළියට එන්නේ පිපුරුමත් සමඟ හටගත් ගින්නකින් තුවාල එම නිවසේ සිටි තරුණියක් කොළඹ ජාතික රෝහලේදී ඊයේ මිය යාමත් සමඟිනි. එසේ නොවන්නට එම පිපුරුම අනාවරණය වන්නේ නැත. ඒ අනුව තවත් මෙවැනි පිපුරුම් කොතරම් රටේ තැන තැන සිදුවී තිබේදැයි කියන්නට බැරිය.

    වැලිකන්දේ තරුණිය ජීවිතයත් මරණයත් අතර දින 12 ක් තිස්සේ සටන්කර මාරයාට බිලිවන විට හෝකන්දර පිහිටි නිවසකද පිපුරුමක් සිදුවන්නේ දැඩි හානියක් ගෙන දෙමිනි. එහිදී නිවසේ ගිනි ගැනීමක් සිදු නොවන අතර ගෑස් සිලින්ඩරය ඉහළට විසිවී මුළුතැන්ගෙයි සිවිලිම කඩාගෙන වහලටද හානිගෙන දී තිබුණේය. නිවෙස් හිමියා කොළඹ රාජකීය විිද්‍යාලයේ ගුරුවරයෙකි. මෙම අනතුර සිදුවන්නේ අලුයම් කාලයේදීය. මැක්ඩොනල් අවන්හල් පිපුරුම, වැලිගම පිපුරුම මෙන්ම අලව්ව හා රත්නපුර පිපුරුම් පවා සිදුවන්නේ ද අලුයම් කාලයේදීය.

    වැලිකන්දේ ඉකුත් 13 වෙනිදා සිදුවන පිපුරුම සහ අද නිකවැරටියේ සිදුවන පිපුරුම් වාර්තාවන්නේ දහවල් කාලයේදීය.

    මෙම පිපුරුම් සිදුවන්නේ ගෑස් කාන්දුවකින් නොවන බවට ගෑස් සමාගම් සදහන් කරන්නේ ගෑස් ලිප් සහ ගෑස් සිලින්ඩරය හා සම්බන්ධවන උපකරණ වල දෝෂ මෙම තත්වයන්ට මුල්වී ඇතැයි කියමින් ඇඟ බේරා ගනිමිනි. එහෙත් ඊට පිළිතුරු දෙමින් මේ වන විට සමාජ මාධ්‍ය ජාලවල හුවමාරුවන වීඩියෝ පට කිහිපයකි මේ.

    කොවිඩ් කරල ලංකාවටත් ගේන්න ජනපති නියෝග

    0

    Covid-19 වෛරසය මර්දනයට භාවිත කරන ‘Molnupiravir’ ඖෂධ කරල රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා ආනයනය කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාට උපදෙස් දෙයි.

    එක්සත් රාජධානිය සහ තවත් රටවල් කිහිපයක් මෙම කරල කොවිඩ් ආසාදිතයන් සඳහා භාවිතා කරයි.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ද මේ සඳහා හිමිව ඇත.

    මේ අතර කොරෝනා මර්දන එන්නත්‌ දෙවන මාත්‍රාව ලැබ මාස තුන ඉක්ම වූ වයස අවුරුදු 60ට වැඩි සියලු දෙනාට ජංගම සේවා මගින්‌ කොවිඩ් බූස්ටර් මාත්‍රාව ලබාදීමට කටයුතු කරන්නැයි ජනාධිපතිවරයා අද (26) පෙරවරුවේ කොවිඩ්‌ මර්දන විශේෂ කමිටුව රැස්වූ අවස්ථාවේදී සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස්‌ දෙයි.

    රෝහල්‌ වෛද්‍ය සායන සඳහා පැමිණෙන වයස අවුරුදු 60 ඉක්ම වූ සියලුදෙනාට ද එම සායන තුළදී බූස්ටර් මාත්‍රාව ලබාදීමට තීරණය කෙරිණි.

    කොරෝනා මර්දන දෙවන එන්නත්‌ මාත්‍රාව ලැබ මාසයක්‌ ඉක්ම වූ වයස අවුරුදු 20ට වැඩි බෝනොවන රෝග වලින්‌ පෙළෙන සියලු දෙනාට ද තුන්වන මාත්‍රාව ලබාදීමට තීරණය විය.

    ඒ අනුව පිළිකා රෝගීන්‌, පිළිකා රෝග සඳහා ප්‍රතිකාර ලබන්නන්‌, අවයව බද්ධ කළ රෝගීන්‌, රුයිර කාන්දුකරණ රෝගීන්‌, බෝ නොවන රෝගයක්‌ හේතුවෙන්‌ ප්‍රතිශක්තිකරණය අඩු සියලුදෙනාට විශේෂඥ වෛද්‍ය නිර්දේශ මත එන්නත්‌ තුන්වන
    මාත්‍රාව ලබාදීම සිදු කෙරේ.

    අදෘළ සායනයෙන්‌ හෝ සෑම සෙනසුරාදා දිනකම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන්‌ මෙම පිරිසට තුන්වන එන්නත්‌ මාත්‍රාව ලබාගැනීමට හැකි බව සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂ ජනරාල්‌, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

    කොවිඩ්‌ ආසාදිතයන්‌ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කළ මොල්නුපිරවීර්‌ කැප්සුලය ලබාදීම පිළිබඳ මෙගිදී සාකච්ඡා කෙරුණු අතර කොවිඩ්‌ එන්නත ගෙන්වූ
    ආකාරයටම රාජ්‍ය ඹෟෂධ නීතිගත සංස්ථාව මගින්‌ අදාළ ඹෟෂධ මෙරටට ගෙන්වීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාට දැනුම්‌ දුන්නේය.

    කොවිඩ්‌ අවධානම පිළිබඳ ග්‍රාමීය ජනතාව තුළ ඇති අඩු සැලකිල්ල පිළිබඳව ද මෙහිදී සාකච්ඡාව කළ අතර ග්‍රාමීයව පැතිර යන කොවිඩ්‌ අවධානම පාලනය සහ ජනතාව දැනුවත්‌ කිරීමට ගත යුතු කඩිනම්‌ ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවට ලක්‌ විය.

    ගෑස් කාන්දු සමඟ සිදුවන පිපිරීම් ඉහළට – නිකවැරටියේත් අද පිපුරුමක්

    0

    නිකවැරටිය කන්දේගෙදර ප්‍රදේශයේ නිවසක මුළුතැන්ගෙය තුළ අද (26) දහවල් පිපුරුමක් සමඟ ගිනි ගැනීමක් සිදුව ඇති බව පොලීසිය සදහන් කරයි.

    ගෑස් ටැකියෙන් සිදුවුණු කාන්දුවක් මෙම පිපුරුමට මුල්වී ඇතැයි මූලික විමර්ශන වලින් පෙනී ගොස් ඇතැයි නිකවැරටිය පොලීසිය සඳහන් කළේය.

    මෙම පිපුරුමෙන් සහ ගිනි ගැනීමෙන් නිවසට දැඩි ලෙස හානි සිදුව තිබෙන බවද පොලීසිය සදහන් කරයි.

    පිපුරුම සිදුවන අවස්ථාවේ නිවසේ කිසිවෙකුත් නොසිටීම නිසා ජීවිත හානියක් සිදුව නැති බව ද පොලීසිය සදහන් කරයි.

    මෙම පිපුරුම සහ ගිනි ගැනීම සම්බන්ධයෙන් රස පරීක්ෂකවරයා දැනුවත්කරන ලෙස තමා නිකවැරටිය පොලීසියට දැනුම් දුන් බව වයඹ පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජය ධර්මරත්න මහතා සදහන් කළේය.

    ගෑස් කාන්දුවක් සමඟ ඇතිවුණු පිපුරුමකින් තරුණියක් මිය යයි

    0

    වැලිකන්ද සඳුන්පිටියේ නිවසක මුළුතැන්ගෙයි සිදුවූ ගෑස් කාන්දුවක් සමඟ ඇතිවුණු පිපුරුමකින් සහ ගිනි ගැනීමකින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තරුණියක් ඊයේ (25) සවස මියගොස් ඇත.

    මෙම අනතුර සිදුව ඇත්තේ ඉකුත් 13 වෙනිදාය.

    අයේෂා කුමුදුනී නැමැති 19 වියැති තරුණියක් මෙසේ මියගොස් ඇතැයි වැලිකන්ද පොලීසිය සදහන් කරයි.

    ගෑස් උදුන දැල්වීමට යාමේදී පිපුරුමක් සමඟ ගිනි ජාලාවක් මතුව ඇති බවත් එම ගින්නෙන් ඇය බරපතල තුවාල ලබා වැලිකන්ද රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලට මාරුකර තිබියදී මියගොස් ඇති බව පොලීසිය සදහන් කළේය.

    පොලීසිය සදහන් කරනු ලැබුවේ ගෑස් කාන්දුවක් මෙම අනතුරට හේතුව බව විමර්ශනවලින් පෙනී ගිය බවය.

    අනතුරට ලක්ව මියගිය තරුණිය

    කොළඹ ට්‍රැෆික් හොයන ගුවන් හමුදා ඩ්‍රෝන් මෙහෙයුමක්

    0

    කොළඹ ප්‍රදේශයේ රථ වාහන තදබදය පිළිබඳ නිරීක්ෂණය කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව ද සම්බන්ධ වී තිබේ.

    ඒ බෙල් 212 හෙලිකොප්ටර් යානයක් සහ ඩ්‍රෝන යානා උපයෝගී කරමිනි.

    කොළඹ ප්‍රදේශයේ රථවාහන ගමනාගමනය නිරීක්ෂණය කිරීම සඳහා නෙළුම් පොකුණ හන්දිය, ආයුර්වේද හන්දිය, දියත උයන ප්‍රදේශය, පංචිකාවත්ත ප්‍රදේශය, නව කැලණි පාලම ප්‍රදේශය සහ පාර්ලිමේන්තු හන්දිය යන ප්‍රදේශවල මෙම මෙහෙයුම් සිදු කෙරේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙ උපදෙස් පරිදි ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ මඟපෙන්වීම මත ගුවන් හමුදාව ශ්‍රී ලංකා පොලිසිය සමඟ ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස මෙය දියත් කරන ලදී.

    ආසියානු දුනු විදීමේ සංගමයේ පුටුවකට ප්‍රථමවරට අපේ කාන්තාවක්

    0

    ආසියානු දුණු විදීමේ සංගමයේ කමිටු සාමාජිකයෙක් ලෙස ප්‍රධාන පොලිස් පරික්ෂිකා සුනෙත්‍රා සෙනෙවිරත්න මහත්මිය තේරීපත්ව ඇත.

    ආසියානු රටවල් 37 ක සහභාගිත්වයෙන් බංගලාදේශ ඩකා නුවරදී පැවැති ආසියානු දුණු විදීමේ වාර්ෂික සම්මේලන නිලවරණයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවෙමින් ඇය මෙම තනතුරට පත්ව තිබේ.

    ආසියානු දුණු විදීමේ සංගමයේ මෙම තනතුරට පත්වූ ප්‍රථම ශ්‍රී ලංකික සාමාජිකාව වන්නේ ද මෙම නිලධාරිනිය බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

    ඇය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් අද නිකුත් කළ මාධ්‍ය නිවේදනය මෙසේය.

    නැගෙනහිර කලාපීය තාක්ෂණ සමුළුව අද

    0

    තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය සංවිධානය කරන නැගෙනහිර කලාපීය තාක්ෂණ දැනුම ලබාදීමේ වැඩසටහන අද දවස පුරා ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වේ.

    ශ්‍රී ලංකාවේ ඩිජිටල් තාක්ෂණය පුරෝගාමී ආයතනය වන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සංවිධානය කරන හතරවෙනි කලාපීය සමුළුව මෙය වේ.

    රාජ්‍ය නිලධාරීන් විදුලි සංදේශ නිලධාරීන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ඇතුළු පිරිසක් එම වැඩසටහනට සහභාගි වෙති.

    තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ සභාපති ඕෂධ සේනානායක, ප්‍රධාන විධායක නිලධාරි මහින්ද බී හේරත් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එම වැඩමුළුවට සහභාගි වෙති.

    ගෑස් ප්‍රමිතියට අලුත් නීති ඉදිරි සති දෙකේදී

    0

    ඉදිරි සති දෙක ඇතුළත ගෑස්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් තවදුරටත් නීතිරීති පනවන බව සමුපකාර සේවා අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා පවසයි.

    ලාෆ් සහ ලිට්‍රෝ යන සමාගම් නිකුත් කරන ගෑස්වල සංයුතිය පරීක්ෂා කිරීමට ද රජය තීරණය කර තිබේ.

    ඒ අනුව ගෑස්වල සංයුතිය පරීක්ෂා කිරීම සඳහා දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ගෑස් සිලින්ඩර් සාම්පල් වශයෙන් ලබාගත් බව හෙතෙම කීය.

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය එලෙස සාම්පල් ලෙස ලබාගත් ගෑස් සිලින්ඩර් අදාළ පරීක්ෂාව සඳහා ඛනිජ තෙල් සංස්ථාව වෙත ඊවේ දින භාර දී ඇත.

    නිවැරැදි ගෑස් භාවිතය පිළිබඳ සෑම නිවසක්ම දැනුවත් කිරීමට වැසටහන් දියත් කරන ලෙස ගෑස් සමාගම්වලට රාජ්‍ය ඇමැතිවරයා දැනුම් දී තිබේ.

    රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න, කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක දී මේ බව පැවසීය.

    ඉකුත් දින කිහිපයේ දී ප්‍රදේශ රැසක සිදු වූ ගෑස් අනතුරුවලට හේතුව ගෑස් සංයුතිය වෙනස් වීම හේතුවෙන් සිලින්ඩර පුපුරා ගිනි ගැනීම් සිදු වී ඇති බවට සමාජයේ කතාබහක් නිර්මාණය වී තිබුණි.

    නමුත් එම ගෑස් අනතුරු සියල්ල සිදු වී ඇත්තේ ගෑස් සිලින්ඩර පුපුරා යාමෙන් නොව, ජනතාවගේ නොසැලකිල්ල හේතුවෙන්, ගෑස් කාන්දුවීමෙන් ගිනි ගැනීම් ඇති වී සිදු වූ අනතුරු බව රජයේ ජ්‍යෙෂ්ඨ සහකාර රස පරීක්ෂක රුෂාන් ප්‍රනාන්දු, මාධ්‍ය හමුවට එක්වෙමින් කීය.

    ‘ජනතාව භාවිත කරන එල්.පී. ගෑස්වල ප්‍රමිතිය ගැන පාරිභෝගික අධිකාරිය ගැසට් නිවේදන රැසක් නිකුත් කර තිබෙනවා. නමුත් ඉතිහාසයේ සිටම ගෑස් අනතුරු රැසක් සිදු වී තිබෙනවා. සාමාන්‍යයෙන් වසරකට ගෑස් අනතුරු 10ක් පමණ වාර්තා වෙනවා.’

    ඉන්දියාව වෙත ශ්‍රීලන්කන් ගුවන් මෙහෙයුම් තවත් පුුළුල් කෙරේ

    0
    සේයාරූ- ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ (මැද) ඊයේ නවදිල්ලියේ දී මාධ්‍ය අමතමින්, (වමේ සිට) ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මාධ්‍ය හා මහජන සම්බන්ධතා කළමනාකරු, ප්‍රධාන වාණිජ නිලධාරී රිචඩ් නටල්, ජාත්‍යන්තර විකුණුම් සහ බෙදාහැරීම් ප්‍රධානී දිමුතු තෙන්නකෝන් සහ ඉන්දියාවේ ප්‍රාදේශීය කළමනාකරු රවී රවීන්ද්‍රන්.

    වසංගතය හේතුවෙන් තාවකාලිකව නවතා දැමූ ගමනාන්ත යථාතත්වයට පත්කරමින් COVID-19 වසංගතයට පෙර සිදුකළ මට්ටමටම ඉන්දියානු සංචාරකයින්ට ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් වැඩි කර දීමටත් තම සමාගම කැපවී සිටින බවට ශ්‍රීලංකන් ගුවන්සේවය ඊයේ ඉන්දීය සංචාරකයින්ට සහතික විය.

    ශ්‍රීලංකන් එයාර්ලයින්ස් හි සභාපති අශෝක් පතිරගේ මහතා පැවසුවේ “ඉන්දියාව අපගේ විශාලතම වෙළඳපොළයි. ඉන්දියානු වෙළඳපොළ සම්බන්ධයෙන් උපරිමයෙන් අපගේ ගුවන් මෙහෙයුම් නැවත ස්ථාපිත කිරීමට අපි කැපවී සිටිමු. රට අගුලු දැමීමේ කාල පරිච්ඡේදය තුළ සහ බොහෝ ගෝලීය සංචාරක සීමාවන් නොතකා අපි ඉන්දියාවට සහ ඉන් පිටතට මගී සහ භාණ්ඩ ප්‍රවාහන ගුවන් ගමන් දිගටම ක්‍රියාත්මක කළෙමු.

    ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඉන්දීය වෙළඳපොලේ මෙහෙයුම් පිළිබඳව දැනුවත් කිරීමටත්, අගුලු දැමීම් ඉවත් වෙමින් පවතින බැවින් සහ ගෝලීය සංචාරක සීමාවන් ලිහිල් කර ඇති බැවින් එය වෙන්කරවා ගැනීමට සංචාරකයින් අතර විශ්වාසය ගොඩනඟා ගැනීමටත් මෙය කදිම අවස්ථාවක්” බව ද පතිරගේ මහතා වැඩිදුරටත් පැවසීය.

    “පසුගිය මාස කිහිපය තුළ ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට සංචාරකයින් ගලා ඒම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. දේශසීමා විවෘත කළ පළමු රටවල් කිහිපයෙන් එකක් වන ශ්‍රී ලංකාව Covaxin ලබා ගත් අය ඇතුළුව සම්පූර්ණයෙන්ම එන්නත් කරන ලද ඉන්දියානු සංචාරකයින් පිළිගත්තා. ඉන්දියාව ජාත්‍යන්තර සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවේ වඩාත්ම වැදගත් මූලාශ්‍ර වෙළඳපොළක් ලෙස දිගටම පවතිනු ඇති ”ඔහු පැවසීය.

    “වසංගතය පැතිරීමත් සමඟ සංචාරක කර්මාන්තයේ වෙනස්වන අවශ්‍යතා සපුරාලීමට ගුවන් සමාගමට හැකි වූ අතර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මිනිසුන්ගේ ගමනාගමනය සහ තීරණාත්මක සැපයුම් සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය,”ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන වාණිජ නිලධාරී රිචඩ් නට්ල් ප්‍රකාශ කළේය.

    ඒ අනුව, ගුවන් සමාගමේ ව්‍යාපාරික න්‍යාය පත්‍රය තුළ ප්‍රධාන කාර්යභාරයක් ලෙස භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම් සිදුකෙරෙුණු අතර, ශ්‍රීලංකන් ගුවන් සේ්වය සිය මෙහෙයුම් සඳහා වඩාත් කැපවූ භාණ්ඩ ප්‍රවාහන ගුවන් ගමන් හඳුන්වා දීමට ද සැලසුම් කරයි.

    ශ්‍රීලංකන් එයාර්ලයින්ස් හි ජාත්‍යන්තර විකුණුම් සහ බෙදාහැරීම් ප්‍රධානී දිමුතු තෙන්නකෝන් මහතා පැවසුවේ,”ගුවන් සමාගම දැන් ඉන්දියානු වෙළෙඳපොළ තුළ සිය පැවැත්ම යළි ස්ථාපිත කිරීම සඳහා සැලසුම් සහ ආයෝජන සමඟින් ඉදිරියට යමින් සිටින” බවයි.

    “මෑතකදී, ගුවන් සමාගම ඉන්දියානු මාධ්‍යවේදීන් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ හුරුපුරුදු (FAM) සංචාරයක් සඳහා පිටත් කර හැරියේය, එවිට ඔවුන්ට COVID-ආරක්ෂිත බව සහතික කිරීම සඳහා පහසුකම් සම්බන්ධයෙන් ඉන්දියානු සංචාරකයින් සඳහා රටේ වත්මන් පරිසරය පිළිබඳව යාවත්කාලීන කළ හැකිය. එසේම, ශ්‍රී ලංකාවේ විවිධ සංස්කෘතිය සහ උරුමයන් අත්විඳීමට යන ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ සන්නාම බලපෑම්කරුවන් පනස් දෙනෙකු සඳහා අපි මෑතකදී අවසන් කරන ලද ප්‍රධාන FAM චාරිකාවක් ඇතුළුව මාධ්‍ය FAM චාරිකා කිහිපයක් පැවැත්වුවෙමු. . මීට අමතරව, මේ මොහොතේ pan-India සන්නාම ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙමින් පවතී.

    මෑතකදී දිවයිනට පැමිණි ඉන්දීය මාධ්‍යවේදීන් කණ්ඩායමෙන් කොටසක් – https://en.newswave.lk/14383/

    ගෝලීය ගුවන් සේවා එහි පහළම ස්ථානයේ සිටි විට, ශ්‍රී ලංකන් ගුවන් සමාගම නයිරෝබි ඇතුළු නව ගමනාන්ත වෙත ගුවන් ගමන් දියත් කළේය. කොරියාව; මොස්කව්; ෆ්රැන්ක්ෆර්ට්; සිඩ්නි; කත්මණ්ඩු; සහ 2020 සහ 2021 කාලය තුළ පැරිස්, මාර්ගයේ තවත් ගමනාන්තයක් ඇත. ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගෝලීය ජාලය සැලකිය යුතු ලෙස පුළුල් වී තිබේ. ඉල්ලුම, ප්‍රතිචාරය වැනි සාධක හොඳින් අධ්‍යයනය කිරීමෙන් පසු සියලුම නව ගමනාන්ත හඳුන්වා දෙන ලදී. මෙම නව මාර්ග සිය ජාලය වැඩිදියුණු කිරීමට ගුවන් සමාගමේ අඛණ්ඩ කැපවීම සහ ලොව පුරා සිටින එහි මගීන්ට පවතින සංචාරක විකල්පයන් පෙන්නුම් කරයි.

    ශ්‍රී ලංකන් දැනට චෙන්නායි; තිරුචිරප්පල්ලි; මදුරෙයි; බැංගලෝර්; හයිද්රාබාද්; ත්‍රිවාන්ද්‍රම්; කොචි; දිල්ලි සහ මුම්බායි යන ඉන්දියානු නගරවලින් ක්‍රියාත්මක වේ.

    ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් කොළඹට සහ ඉන් ඔබ්බට ගමන් කිරීමට ඉන්දියානු සංචාරකයින් පොළඹවා ගැනීම සඳහා ගුවන් සමාගම පසුගිය මාස හතර තුළ ‘එකක් මිල දී ගෙන එකක් නොමිලේ ලබා ගන්න’ යන විශේෂ දීමනාවක් හඳුන්වා දුන්නේය. සම්පුර්ණයෙන්ම එන්නත් කරන ලද ඉන්දියානු සංචාරකයින් සඳහා දිවයින නැවත විවෘත කරන බවට ශ්‍රී ලංකා රජය විසින් කරන ලද නිවේදනයත් සමඟ මෙම වාසි පිරිනැමීම ඉතා සාර්ථක විය.

    තවද, ඉන්දියානු මගීන්ට වැඩි පහසුවක් සහ තේරීමක් ගෙන ඒම සඳහා ගුවන් සේවය විසින් ඉන්දියාවෙන් සහ ඉන්දියාවට සිය ගුවන් ගමන් වාර ගණන වැඩි කළේය. දැනට ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉන්දියාවේ නගර 9කින් සතිපතා ගුවන් ගමන් 54ක් සමඟින් ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි.

    සේයාරූ- ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ (මැද) ඊයේ නවදිල්ලියේ දී මාධ්‍ය අමතමින්, (වමේ සිට) ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මාධ්‍ය හා මහජන සම්බන්ධතා කළමනාකරු, ප්‍රධාන වාණිජ නිලධාරී රිචඩ් නටල්, ජාත්‍යන්තර විකුණුම් සහ බෙදාහැරීම් ප්‍රධානී දිමුතු තෙන්නකෝන් සහ ඉන්දියාවේ ප්‍රාදේශීය කළමනාකරු රවී රවීන්ද්‍රන්.

    කේරල ගංජා සමඟ අධිවේගයේ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

    0

    පෑලියගොඩ අධිවේගී මාර්ග පොලිස් මුරපොලේ සේවයේ නිරත පොලිස් නිලධාරියෙක් කේරල ගංජා කිලෝ 4 කට අධික ප්‍රමාණයක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කදවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    වරකාපොල පදිංචිකරුවෙක් වන මෙම පොලිිස් නිලධාරියා කාලයක් තිස්සේ කේරල ගංජා ඡාවාරමේ නිරතව සිට ඇතැයි විශේෂ කාර්ය බලකාය සැකකරයි.

    කේරළ ගංජා කිලෝ 6 යි ග්‍රෑම් 542 ක් ප්‍රවාහනය කරමින් සිටි මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19 ක පුද්ගලයක් ඊයේ අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීමේදී මෙම පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් තොරතුරු හෙළිවී ඇත.

    වැඩිදුර විමර්ශන සදහා ගංජා තොගය සමග පොලිස් නිලධාරියා රාගම පොලිස් ස්ථානයට භාරදී තිබේ.

    විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකායේ බස්නාහිර උතුර භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පි.ජේ.එස්. සිල්වෙස්ටර් මහතාට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ පොලිස් පරික්ෂක එස්.ඩි.පි.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැටලීම කර තිබේ.

    නිසි සෞඛ්‍ය උපදෙස් පිළිනොගන්නා පුද්ගලයින් සොයා පොලිස් මෙහෙයුම්

    0
    police stop

    නිසි සෞඛ්‍ය උපදෙස් නොපිළිපදිමින් ත්‍රී රෝද රථ සහ යතුරුපැදිවල ගමන් ගන්නා පුද්ගලයින් 2910 දෙනෙකුට ඊයේ දිනය තුළ අවවාදකර මුදා හැරිය බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

    බස්නාහිර පළාත කේන්ද්‍රකරගනිමින් ඊයේ දවස පුරා නිලධාරීන් 845 දෙනෙක් යොදවා කළ විශේෂ පොලිස් මෙහෙයුමේදී මෙසේ නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකල පුද්ගලයින් පොලිස් භාරයට ගෙන අවවාද කර මුදා හැර තිබේ.

    යතුරුපැදි 3068 ක් සහ ත්‍රීරෝද රථ 3207ක් පරීක්ෂාවට ලක්වුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි. එහිදී පරීක්ෂාවට ලක්වූ පුද්ගලයින් ගණන 9764 දෙනෙකි.

    අද එන්නත් මධ්‍යස්ථාන 116ක්

    0

    අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන්ට බූස්ටර් එන්නත ඇතුළුව කොවිඩ් මර්දන එන්නත් අද දිනයේ ද රට පුරා පිහිටි මධ්‍යස්ථාන 116කදී ලබාදෙන බව ජනාධිපති කාර්‍යාලය නිවේදනය කරයි.

    අද දිනයේදී එන්නත් ලබා දෙන සියලූම මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

    Vaccination Centers on 26.11.2021

    ජාතීන් අතර සමගිය ගොඩනැගීමේදී සැකයක් තබා නොගත යුතු බව ජනපති අවධාරණය කරයි

    0

    එක්සත් ජාතීන්ගේ සංවිධානය සෑමවිටම ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කරන බව එහි දේශපාලන කටයුතු, සාමය ගොඩනැගීම සහ සාම මෙහෙයුම් පිළිබඳ සහකාර මහ ලේකම් කලීඩ් කියාරි (Khaled Khiari) මහතා පවසයි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ඊයේ (25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති හමුවේ දී කලීඩ් කියාරි මහතා මේ බව සඳහන් කළේය.

    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරයට සමගාමීව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් (Antonio Guterres) මහතා අතර පැවති ද්විපාර්ශ්වික හමුවේ ප්‍රතිඵලයක් ලෙස කලීඩ් කියාරි මහතා මෙරටට පැමිණ සිටි. ඇන්ටෝනියෝ ගුටරෙස් මහතාගේ සුබපැතුම් ජනාධිපති වෙත පළ කළ කලීඩ් මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ ඇල්මකින් දිගුකාලීනව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව පැවසීය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පරිසරය කෙරෙහි දක්වන ඇල්ම හා උනන්දුව පිළිබඳ සතුට පළ කළ සහකාර මහ ලේකම්වරයා සහශ්‍ර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේදී ශ්‍රී ලංකාවේ කැපවීම අගය කළේය.

    නාවික හමුදාවේ දායකත්වයෙන් කඩොලාන පැළ ලක්ෂයක් රෝපණයට හා පරිසර සංරක්ෂණ වැඩපිළිවෙළ මගින් දේශගුණික විපර්යාස වළක්වා ගැනීමට කටයුතු යොදමින් සිටින බව එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැහැදිලි කරනු ලැබීය.

    කොවිඩ් – 19 වසංගතය හමුවේ එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමටත්, අනිකුත් අභියෝගවලට මුහුණ දීමටත් එක්සත් ජාතීන්ගේ සංවිධානය හා කොවැක්ස් පහසුකම හරහා මෙරටට ලබා දුන් සහාය පිළිබඳ ජනාධිපතිවරයා සිය ස්තූතිය පළ කළේය.

    2009 වසරේදී යුද්ධය අවසන් කිරීමෙන් පසු උතුරු නැගෙනහිර පළාත්වල රජය සිදුකළ සංවර්ධන වැඩපිළිවෙළ මගින් එම ප්‍රදේශවල සීග්‍ර දියුණුවක් සිදුව ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාවට පැමිණි සියලු ජාතීන් සමග වැඩ කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වූ අවස්ථාවේ තමා ඩයස්පෝරාවට කළ ආරාධනාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිහිපත් කළේය. ඒ පිළිබඳ සුබවාදීව ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා පැවසීය.

    ජාතීන් අතර සමගිය සහ සබඳතා පිළිබඳ දෙපාර්ශ්වයම අදහස් හුවමාරු කර ගැනිණ. සියලුම ජාතීන්ට නිදහසේ ජීවත්විය හැකි පරිසරයක් ශ්‍රී ලංකාව තුළ තිබේ. අධිකරණ අමාත්‍යවරයා මුස්ලිම් ජාතිකයෙකු බවත්, නීතිපතිවරයා දෙමළ ජාතිකයෙකු බවත් වෙනත් විශේෂ තනතුරු දරණ බොහෝ දෙනෙකු අනෙකුත් ජාතීන් බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ජාතීන් අතර සමගිය ගොඩනැගීමේදී රජය විශාල වැඩ කොටසක් සිදු කරන බැවින් ඒ කෙරෙහි කිසිඳු සැකයක් තබා නොගත යුතු බව රාජපක්ෂ මහතා පැවසීය.

    ජාතීන් අතර සමගියට අධ්‍යාපනය මූලික වන බව දෙපාර්ශ්වයේම අදහස විය.

    දකුණු අප්‍රිකාව වර්ගවාදය තුරන්කොට ඉදිරියට යෑමට අනුගමනය කළ ක්‍රියාදාමය අධ්‍යයනය කොට ඒ පිළිබඳ උගත හැකි පාඩම් තුළින් සිදු කළ හැකි දේ පිළිබඳ සොයා බලන බවත්, ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය අපේක්ෂා කරන බවත් ජනාධිපතිතුමා සඳහන් කළේය.

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර්- හම්ඩි (Hanaa Singer – Hamdy), එක්සත් ජාතීන්ගේ සාම සාධක දෙපාර්තමේන්තුවේ දේශපාලන සහ සාම සාධක කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ දේශපාලන නිලධාරී චියාකි ඕටා (Chiaki Ota), ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    දකුණු අප්‍රිකාවෙන් නව කොරෝනා ප්‍රභේදයක්

    0

    කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය් හඳුනා ගැනීමට දකුණු අප්‍රිකානු විද්‍යාඥයින්ට හැකියාව ලැබී ඇති බව වාර්තාවේ.

    ඒ අනුව මෙම නව ප්‍රභේදය B.1.1.529 ලෙස නම් කර ඇති අතර එය නව විකෘතිතාව ප්‍රතිශක්තීකරණ පද්ධතිය මඟ හැරීමටත් ඉතාවේගයෙන් පැතිරයාමේ හැකියාවක් පැවතිය හැකි බවට විද්‍යාඥයින් පවසයි.

    තවමත් මූලික මට්ටමේ පවතින මෙම වෛරසය මේවන විටත දකුණු අප්‍රිකාවේ ගවුටෙන්ග් පළාත් පැතිරයාමක් පෙන්නුම් කරන බවද විද්‍යාඥයින් පෙන්වාදෙයි.

    දකුණු අප්‍රිකාවෙන් මේවන විට නව ප්‍රභේදය වැලදුනු සියයකට අධික පිරිසක් හඳුනාගෙන ඇති අතර බොටස්වානා රාජ්‍යයෙන් සහ හොංකොන් යන ප්‍රදේශ වලින්ද නව ප්‍රභේදය ආසාදනය වුවන් හදුනාගෙන තිබේ.

    හොංකොන් හී හඳුනාගත් ආසාදිතයා දකුණු අප්‍රිකාවේ සංචාරය කර පැමිණි අයෙකු බවටද වාර්තාවේ.

    මේ අතර දකුණු අප්‍රිකාව විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොරෝනා වෛරසයේ නව ප්‍රභේද පිලිබඳ අධ්‍යනය කරන විශේෂ කණ්ඩාම සමඟ විශේස සාකච්ඡාවක් පැවැත්වීමට අවශ්‍ය බවටද දැණුම්දී ඇත.

    පාතාල අපරාධකරුවෙක් පොලිස් වෙඩි පහරින් මරුට

    0
    Israeli practice shooting with in a shooting range called Magnum 88 in Jerusalem, on March 08. 2007. Photo by Olivier Fitoussi /Flash90. *** Local Caption *** ?????????? ??? ???? ??? ??? ????? ???? ??

    පොලිස් අත්අඩංගුවේ සිටි පාතාල අපරාධකරුවෙක් ආයුධ පෙන්වීමට ගොස් අද අලුයම කළුතර දියගමදී වෙඩි ප්‍රහාරයකට ලක්ව මරුමුවට පත්ව තිබේ.

    හේවා ලුණුවිලගේ ලසන්ත නොහොත් ටින්කර් ලසන්ත නැමැති මෙම අපරාධකරු මාකදුරේ මධුෂ්ගේ සමීපතම ගෝලයෙකි. පොලිස් අත්අඩංගුවේ සිටි මාකදුරේ මධුෂ් අභිරහස් ලෙස මරුමුවට පත්වීමෙන් පසු මෙම අපරාධකරු හරක් කටා නැමැති මධුෂ්ගේ කල්ලියේම සාමාජිකයෙක් වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට කිට්ටු වී තිබේ.

    පොලීසිය සදහන් කරන්නේ මධුෂ්ගේ සමීපතයෙක් වූ සන්ෂයින් සුද්දා නැමැත්තාට මෑතකදී වැලිගමදී වෙඩි තැබීමට මොහු සම්බන්ධ බවයි. හරක් කටා නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ඩුබායි සිට ලබාදුන් කොන්ත්‍රාත්තුවකට අනුව එම ඝාතනය සිදුකර ඇති බව සදහන්ය.

    කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු ආයුධ පෙන්වීමට ගිය අවස්ථාවේදී සොයාගත් පිස්තේලයකින් පොලීසියට වෙඩි තැබීමට උත්සහ දරා ඇති බවත් ඊට පොලීසිය ප්‍රතිප්‍රහාර එල්ලකළ විට ඔහු මරුමුවට පත්ව තිබෙන බවත් පොලීසිය සදහන් කරයි.

    කළුතර කොට්ඨාස අපරාධ විිමර්ශන අංශයේ නිළධාරීන් දෙදෙනෙකු ද මෙහිදී තුවාල ලබා ඇති බව පොලීසිය සදහන් කරයි.

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-11-26

    0
    ලොව පුරා අතිශයින් ජනප්‍රියත්වයට පත් ලූවිස් කැරොල්ගේ Alice in Wonderland කෘතිය ප්‍රකාශයට පත් කෙරුණේ 1865 නොවැම්බර් 26 වන දිනයි
    ලොව පුරා අතිශයින් ජනප්‍රියත්වයට පත් ලූවිස් කැරොල්ගේ Alice in Wonderland කෘතිය ප්‍රකාශයට පත් කෙරුණේ 1865 නොවැම්බර් 26 වන දිනයි

    ලොව පුරා අතිශයින් ජනප්‍රියත්වයට පත් ලූවිස් කැරොල්ගේ Alice in Wonderland කෘතිය ප්‍රකාශයට පත් කෙරුණේ 1865 නොවැම්බර් 26 වන දිනයි

    කොවිඩ් ව්‍යාප්තිය වැඩියි- පාසල් ගැන තීරණයක් ගන්න -GMOA

    0

    කොරෝනා වයිරස ව්‍යාප්තියේ වැඩිවීමක් පෙන්නුම් කිරීමත් සමඟ පාසල් තවදුරටත් පවත්වාගෙන යන්නේ දැයි කඩිනමින් තීරණය කළ යුතු බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි.

    කොරෝනා රෝගී තත්ත්වය පාසල් දරුවන් අතර ව්‍යාප්ත වීම සම්බන්ධයෙන්ද කඩිනමින් සමාලෝචනයක් සිදුකළ යුතු බව එම සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සඳහන් කළේය.

    මේවනවිට දිවයින පුරා ප්‍රදේශ කිහිපයකින් වාර්තා වන කොරෝනා ආසාදිත දරුවන් සහ ගුරුවරුන් පිළිබඳ අනාවරණ වන බව ඔහු සඳහන් කළේය.

    දෙහිවල සත්වෝද්‍යානය සතිය පුරා විවෘතයි

    0

    නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව දෙහිවල ජාතික සත්වෝද්‍යානය සතියේ දින 7 ම විවෘතව තැබීමට කටයුතු කරන බව සත්වෝද්‍යානයේ අධ්‍යාපන නිලධාරී නිහාල් සෙනරත් මහතා පවසයි.

    ඒ අනුව පෙරවරු 8.30 සිට පස්වරු 5 දක්වා නරඹන්නන් සඳහා සත්වෝද්‍යානය ව්වෘත වන බව ඔහු සඳහන් කළේය.

    යම් හෙයකින් කිසියම් හෝ පුද්ගලයෙකුට උණ, කැස්ස හෝ සෙම්ප්‍රතිශ්‍යාව පවතින්නේ නම් සත්වෝද්‍යානය වෙත පැමිණීමෙන් වළකින ලෙස ද ඒ මහතා ඉල්ලීමක් කළේය.

    “විදුලි බිඳවැටීම් ගැන බයවෙන්න එපා” – ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරුවෝ

    0

    ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් ආරම්භ කළ වැඩ වර්ජනය නීතිවිරෝධී හා පදනම් විරහිත එකක් බව ලංකා විදුලිබල මණ්ඩලයේ ජේෂ්ඨ ඉංජිනේරුවන්ගේ සංගමය සඳහන් කරයි.

    ලංවිම ඉංජිනේරුවරුන් පිරිසක් ආරම්භ කර තිබෙන අකුරට වැඩකිරීමේ ක්‍රියාමාර්ගයට විදුලිබල මණ්ඩලයේ ජේෂ්ඨ ඉංජිනේරුවන් සම්බන්ධ නොවන බව ද විදුලිය බිඳවැටීම පිළිබඳව අනිසි බියක් ඇතිකර ගතයුතු නැතැයි ද ලංවිම ජේෂ්ඨ ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා කීය.

    ශ්‍රී ලංකාවේ පවතින ඩොලර් ප්‍රශ්නයට විසඳුම් ලබාගැනීම සඳහා එල්එන්ජී බලාගාරය පවරාදීම නීතිවිරෝධී නොවන බවට එහි කිසිදු අහිතකරතාවයක් නොදකින බව ද ජේෂ්ඨ ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

    ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයට අවශ්‍ය වන්නේ හදිසි මිලදීගැනීම් දක්වා මෙහෙයුම් කර ඒවායෙන් කොමිස් ලබාගැනීමට බවද ඔවුන්ට කිසිදු සහයක් ලබා නොදෙන බවට ද ජේෂ්ඨ ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා කීය.

    ලංකා විදුලිබල මණ්ඩලයේ පාලනාධිකාරියට සහය නොදැක්වීම පදනම් විරහිත ක්‍රියාමාර්ගයක් බවද ඔහු සඳහන් කළේය.

    එල්එන්ජී බලාගාර ගිවිසුම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග වෙන අතර වාරයේ මෙවැනි වෘත්තිය සමිති ක්‍රියා මාර්ගයක් ගැනීම නීති විරෝධී හා බලය පෙන්වීමේ ක්‍රියාමාර්ගයක් බවද ක්‍රියාමාර්ගයක් බවද ඔහු සඳහන් කළේය.