fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලංවිම ඉංජිනේරුවෝ විදුලි බිඳවැටීම් ගැන අනතුරු අඟවති

    ලංවිම ඉංජිනේරුවෝ විදුලි බිඳවැටීම් ගැන අනතුරු අඟවති

    ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය විසින් ආරම්භ කළ අකුරට වැඩකිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය දෙවන දිනටත් අද 26 සාර්ථකව ක්‍රියාත්මක කළ බව එම සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා පැවසීය .

    ලංවිම ඉංජිනේරු සංගමය නියෝජනය කරන ඉංජිනේරුවන් විශාල පිරිසක් තම සංගමයේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සමඟ සහයෝගීව කටයුතු කරන හෙයින් ඉදිරියේ දී විදුලිය බිඳවැටීම් අනතුරක් ඇති විය හැකි බව ද සෞම්‍ය කුමාර වඩු මහතා පැවසීය.

    සවස හතරෙන් පසුව සේවය නොකිරීම නිසා හදිසි බිඳවැටීම් යථාතත්ත්වයට පත් කිරීමට හෝ විශාල බිඳවැටීම් නඩත්තු කිරීමට කිසිදු ඉංජිනේරුවකු සහභාගී නොවන බව ද සෞම්‍ය කුමාර වඩු මහතා පැවසීය.

    අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ඉදිරියේ දී අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා දියත් කරන බවද ඔහු සඳහන් කළේය.

    යුගදනවි බලාගාරයේ කොටස් අයිතිය ඇමරිකානු සමාගමකට විකිණීමට එරෙහිව ලංවිම ඉංජිනේරු සංගමය එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබේ.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.