fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෑස් ප්‍රමිතියට අලුත් නීති ඉදිරි සති දෙකේදී

    ගෑස් ප්‍රමිතියට අලුත් නීති ඉදිරි සති දෙකේදී

    ඉදිරි සති දෙක ඇතුළත ගෑස්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් තවදුරටත් නීතිරීති පනවන බව සමුපකාර සේවා අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා පවසයි.

    ලාෆ් සහ ලිට්‍රෝ යන සමාගම් නිකුත් කරන ගෑස්වල සංයුතිය පරීක්ෂා කිරීමට ද රජය තීරණය කර තිබේ.

    ඒ අනුව ගෑස්වල සංයුතිය පරීක්ෂා කිරීම සඳහා දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ගෑස් සිලින්ඩර් සාම්පල් වශයෙන් ලබාගත් බව හෙතෙම කීය.

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය එලෙස සාම්පල් ලෙස ලබාගත් ගෑස් සිලින්ඩර් අදාළ පරීක්ෂාව සඳහා ඛනිජ තෙල් සංස්ථාව වෙත ඊවේ දින භාර දී ඇත.

    නිවැරැදි ගෑස් භාවිතය පිළිබඳ සෑම නිවසක්ම දැනුවත් කිරීමට වැසටහන් දියත් කරන ලෙස ගෑස් සමාගම්වලට රාජ්‍ය ඇමැතිවරයා දැනුම් දී තිබේ.

    රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න, කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක දී මේ බව පැවසීය.

    ඉකුත් දින කිහිපයේ දී ප්‍රදේශ රැසක සිදු වූ ගෑස් අනතුරුවලට හේතුව ගෑස් සංයුතිය වෙනස් වීම හේතුවෙන් සිලින්ඩර පුපුරා ගිනි ගැනීම් සිදු වී ඇති බවට සමාජයේ කතාබහක් නිර්මාණය වී තිබුණි.

    නමුත් එම ගෑස් අනතුරු සියල්ල සිදු වී ඇත්තේ ගෑස් සිලින්ඩර පුපුරා යාමෙන් නොව, ජනතාවගේ නොසැලකිල්ල හේතුවෙන්, ගෑස් කාන්දුවීමෙන් ගිනි ගැනීම් ඇති වී සිදු වූ අනතුරු බව රජයේ ජ්‍යෙෂ්ඨ සහකාර රස පරීක්ෂක රුෂාන් ප්‍රනාන්දු, මාධ්‍ය හමුවට එක්වෙමින් කීය.

    ‘ජනතාව භාවිත කරන එල්.පී. ගෑස්වල ප්‍රමිතිය ගැන පාරිභෝගික අධිකාරිය ගැසට් නිවේදන රැසක් නිකුත් කර තිබෙනවා. නමුත් ඉතිහාසයේ සිටම ගෑස් අනතුරු රැසක් සිදු වී තිබෙනවා. සාමාන්‍යයෙන් වසරකට ගෑස් අනතුරු 10ක් පමණ වාර්තා වෙනවා.’

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.