fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"පාස්කු ප්‍රහාරයට අදාළව මෛත්‍රීපාලට එරෙහිව නීතිමය පියවර ගන්න"- ප්‍රසන්න රණතුංග

    “පාස්කු ප්‍රහාරයට අදාළව මෛත්‍රීපාලට එරෙහිව නීතිමය පියවර ගන්න”- ප්‍රසන්න රණතුංග

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකිවයුතු බැවින් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි යන්න තමාගේ ස්ථාවරය බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    ආණ්ඩුව හැටියට ශක්තිමත්ව ඉදිරියට යන්න නම් සෘජු තීරණ වලට ගත යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළා.

    අමාත්‍යවරයා මෙසේද පැවසුවේය.

    ආණ්ඩුව ඇතුළේ කවුරුහරි ඉන්න බැරි කෙනෙක් ඉන්නවනම් ඇතුලේ ඉඳගෙන සියලු වරප්‍රසාද අරගෙන බොරුවට කෑ ගහන්නේ නැතුව එළියට යන්න පුළුවන්.එහෙම නැත්නම් ආණ්ඩුවත් එක්ක සාමූහික වගකීම ආරක්ෂා කරගෙන කටයුතු කරන්න ඕනේ.

    පසුගිය කාලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙහෙයවපු පුද්ගලයන් පිළිබඳව අපට ගැටලුවක් තියෙනවා. ඒ නිසා තමයි පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී මම කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගෑවිච්ච එකෙකුට ඡන්දෙ දෙන්න එපා කියලා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පක්ෂය විනාශ කළා.ඒගොල්ලො අද මේ ආණ්ඩුවත් විනාශ කරන්න හදන්නේ. පාස්කු ප්‍රහාරයට හිටපු ජනාධිපතිවරයා සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනේ. හැමදාම එතුමාට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන තැන ඉඳගෙන මම කතා කරනවා. පසුගිය කාලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු එළියෙ කතා කරන දේවල් අපි අහගෙන හිටියා. හැමදාම කටවහගෙන ඉන්න බැහැ. ඒ කියන දේවල් වලට උත්තර දෙනකොට සමහර අයට රිදෙනවා. එහෙම රිදෙන කොට ඒගොල්ලො කියන දේවල් වලට වඩා ගොඩක් දේවල් අපිට කියන්න වෙයි.

    ආණ්ඩුවක් ගෙනියන්න තුනෙන් දෙකේ බලයක් අවශ්‍ය නැහැ. චන්ද්‍රිකා මැතිනිය ආණ්ඩුවක් ගෙනිච්චා එක මන්ත්‍රී කෙනෙක්ගෙන්. යන අය ඔක්කොම එළියට ගියත් අපිට ආණ්ඩුව ගෙනියන්න පුළුවන් යැයි ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.

    ගම්පහ,යක්කල වීදියවත්ත ප්‍රදේශයේ පැවැති උත්සවයකදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකය පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.