fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලොවක් හඳුනන 'කොළ ඇස් ඇත්තීට' ඉතාලියේ සෙවණ ලැබෙයි

    ලොවක් හඳුනන ‘කොළ ඇස් ඇත්තීට’ ඉතාලියේ සෙවණ ලැබෙයි

    ඉතා ආකර්ෂණීය දෙනෙත් යුගලයකට හිමිකම් කියන 1985දී නැෂනල් ජියෝ ග්‍රැපික් සඟරාවේ කවර වර්ණවත් කළ ඇෆගනිස්ථාන දැරිය වන ෂර්බාත් ගුලා හට ඉතාලියේ සරණාගත භාවය හිමිවී තිබේ.

    සී.එන්.එන්. පුවත් සේවය වාර්තා කරන අන්දමට ගුලා හට ඉතාලි අග්‍රාමත්‍ය මරියෝ ඩ්‍රාගි විසින් මෙම සරණාගතභාවය ලබාදී ඇත.

    ඉකුත් අගෝස්තු මාසයේදී ඇෆග්නිස්ථානයේ පාලන බලය තලෝබාන් සංවිධානයට යටතට පත්වීමත් සමඟ එරටින් පලායන සිවිල් වැසියන්ට සහන සැලසීමේ වැසටහන යටතේ ගුලා හට සරණාගත භාවය හිමිවූ බව ඉතාලි රජය විසින් ඊයේ නිවේදනය ක කරනු ලැබ තිබිණි.

    ඇෆගනිස්ථායේ ඇතිව තිබූ තත්ත්වය හමුවේ සිවිල් සංවිධාන සහ ස්වෙච්ඡා ක්‍රියාකාරීන් ගුලාට හට සරණාගතභාවය ලබාදෙන ලෙස කළ ඉල්ලීම මත අග්‍රමාත්‍ය මාරියෝ ඩ්‍රාගි විසින් ඇයට ඉතාලියේ සරණාගතභාය ලබාදීමට පියවරගෙන තිබූ බවද අදාල නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව තිබිණි.

    1984 වර්ෂයේදී  සෝවියට් දේශය ඇෆ්ගනිස්ථානය ආක්‍රමාණය කිරීමට උත්සහ කිරීමත් සමඟ අසල්වැසි පාකිස්තානයට පලාවිත් සරණාගත කඳවුරක රැදී සිටි 12 හැවරිදි ගුලා ඡායාරූප ශිල්පී ස්ටීව් මැක්ක්‍රේගේ කැමරා කාචයට හසවූ අතර 1985දී ඇය නැෂනල් ජියෝ ග්‍රැපික් මුල් පිටුව වර්ණවත් කිරීමට සමත් වූවාය.

    ඒත් සමඟ ඇය පිළිබඳ ලොව පුරා අවාදානය යොමු වුවද ඇය පිළිබඳ ලොව වැඩියමක් දැන නොසිටි අතර වසර ගණනාවකට පසු 2002 වර්ෂයේදී මැක්ක්‍රේ හට ඇයව යලිත් සොයා ගැනීමට හැකිවිය.

    දැනට 49 හැවරිදි වියෝ පසුවන ඇයගේ පවුලේ සාමාජිකයින් හටද සරණාගතභාවය ලැබුනේද යන්න තවමත් නිෂ්චිත නොමැති බවත් ඒ සම්බන්ධයෙන් ඉතාලි රජය තවමත් නිල ප්‍රකාශයක් කර නොමැති බවද වාර්තාවේ.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.