fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"ශ්‍රී ලංකාවට කාබනික කෘෂිකර්මාන්තයක් එපා" - සරසවි ආචාර්ය කෘෂි අනුකමිටුව

    “ශ්‍රී ලංකාවට කාබනික කෘෂිකර්මාන්තයක් එපා” – සරසවි ආචාර්ය කෘෂි අනුකමිටුව

    ශ්‍රි ලංකාවේ කෘෂිකර්මාන්තය 100%ක් කාබනිකකරණය කිරීමේ රජයේ තීරණය හකුළා ගන්නා ලෙස විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය නියෝජනය කරන කෘෂිකර්මාන්තය සම්බන්ධ අනුකමිටුවේ කෘෂි විද්‍යාඥයෝ නිවේදනය කරති.

    කෘෂි විද්‍යාව පිළිබඳ විශේෂඥයින් අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ විශ්වවිද්‍යාල ප්‍රජාවගේ අනුදැනුමකින් තොරව සහ විරෝධය නොතකා දේශපාලනඥයින් තර්ජනය කිරීම් සහ නිහඬ කිරීම් හරහා මෙම අත්තනෝමතික උත්සාහය දියත් කරන බවද එම සංගමය සඳහන් කරයි.

    අදූරදර්ශි අවිද්‍යාත්මක ක්‍රමවේද නිසා මේ වන විට ශ්‍රී ලංකාවේ වාණිජ කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන්ම බිද වැටීමේ තත්ත්වයකට පත්ව තිබෙන බව එම නිවේදනයේ සඳහන් වේ.

    මුළු රටම එකවර කාබනිකකරණය කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය නැවත සලකා බලා නිවැරදි ලෙස කාබනික කෘෂිකර්මාන්තය ක්‍රියාවට නැංවීමට අවශ්‍ය පියවර ගන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවද එහි සඳහන් වේ.

    කෘෂි විද්‍යාඥයන්ගේ විශේෂඥ උපදෙස් ලබා ගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවද එසේ නොමැති වුවහොත් රටේ කෘෂිකර්මාන්තය කඩා වැටී ඉන් ආර්ථිකයට දැඩි බලපෑම් ඇතිවිය හැකි බව ද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය නියෝජනය කරන කෘෂි විද්‍යාඥයෝ පෙන්වා දෙති .

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.