fbpx
තවත්
    මුල් පිටුවCOVIDකොවිඩ් කරල ලංකාවටත් ගේන්න ජනපති නියෝග

    කොවිඩ් කරල ලංකාවටත් ගේන්න ජනපති නියෝග

    Covid-19 වෛරසය මර්දනයට භාවිත කරන ‘Molnupiravir’ ඖෂධ කරල රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා ආනයනය කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාට උපදෙස් දෙයි.

    එක්සත් රාජධානිය සහ තවත් රටවල් කිහිපයක් මෙම කරල කොවිඩ් ආසාදිතයන් සඳහා භාවිතා කරයි.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ද මේ සඳහා හිමිව ඇත.

    මේ අතර කොරෝනා මර්දන එන්නත්‌ දෙවන මාත්‍රාව ලැබ මාස තුන ඉක්ම වූ වයස අවුරුදු 60ට වැඩි සියලු දෙනාට ජංගම සේවා මගින්‌ කොවිඩ් බූස්ටර් මාත්‍රාව ලබාදීමට කටයුතු කරන්නැයි ජනාධිපතිවරයා අද (26) පෙරවරුවේ කොවිඩ්‌ මර්දන විශේෂ කමිටුව රැස්වූ අවස්ථාවේදී සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස්‌ දෙයි.

    රෝහල්‌ වෛද්‍ය සායන සඳහා පැමිණෙන වයස අවුරුදු 60 ඉක්ම වූ සියලුදෙනාට ද එම සායන තුළදී බූස්ටර් මාත්‍රාව ලබාදීමට තීරණය කෙරිණි.

    කොරෝනා මර්දන දෙවන එන්නත්‌ මාත්‍රාව ලැබ මාසයක්‌ ඉක්ම වූ වයස අවුරුදු 20ට වැඩි බෝනොවන රෝග වලින්‌ පෙළෙන සියලු දෙනාට ද තුන්වන මාත්‍රාව ලබාදීමට තීරණය විය.

    ඒ අනුව පිළිකා රෝගීන්‌, පිළිකා රෝග සඳහා ප්‍රතිකාර ලබන්නන්‌, අවයව බද්ධ කළ රෝගීන්‌, රුයිර කාන්දුකරණ රෝගීන්‌, බෝ නොවන රෝගයක්‌ හේතුවෙන්‌ ප්‍රතිශක්තිකරණය අඩු සියලුදෙනාට විශේෂඥ වෛද්‍ය නිර්දේශ මත එන්නත්‌ තුන්වන
    මාත්‍රාව ලබාදීම සිදු කෙරේ.

    අදෘළ සායනයෙන්‌ හෝ සෑම සෙනසුරාදා දිනකම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන්‌ මෙම පිරිසට තුන්වන එන්නත්‌ මාත්‍රාව ලබාගැනීමට හැකි බව සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂ ජනරාල්‌, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

    කොවිඩ්‌ ආසාදිතයන්‌ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කළ මොල්නුපිරවීර්‌ කැප්සුලය ලබාදීම පිළිබඳ මෙගිදී සාකච්ඡා කෙරුණු අතර කොවිඩ්‌ එන්නත ගෙන්වූ
    ආකාරයටම රාජ්‍ය ඹෟෂධ නීතිගත සංස්ථාව මගින්‌ අදාළ ඹෟෂධ මෙරටට ගෙන්වීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාට දැනුම්‌ දුන්නේය.

    කොවිඩ්‌ අවධානම පිළිබඳ ග්‍රාමීය ජනතාව තුළ ඇති අඩු සැලකිල්ල පිළිබඳව ද මෙහිදී සාකච්ඡාව කළ අතර ග්‍රාමීයව පැතිර යන කොවිඩ්‌ අවධානම පාලනය සහ ජනතාව දැනුවත්‌ කිරීමට ගත යුතු කඩිනම්‌ ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවට ලක්‌ විය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.