තවත්

    “ඔමික්‍රෝන් ප්‍රභේදය ලංකාවට ඒම වළක්වන්න බෑ”

    0

    දකුණු අප්‍රිකාවෙන් සොයා ගැණුනු ඔමික්‍රෝන් කොරෝනා වෛරස් ප්‍රභේදය මෙරටට ඇතුළුවීම වැළැක්විය නොහැකි වනු ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය.

    නමුත් මෙම වයිරස් ප්‍රභේදය මෙරටට ඇතුළුවීම වැළැක්වීම ප්‍රමාද කිරීමට කඩිනමින් ක්‍රියාමාර්ග ගතයුතු බවද ඇය සදහන් කළාය.

    එසේ නොවුනොත් එම වයිරස් ප්‍රභේදය ඉතාම ඉක්මනින් මෙරටට ඇතුළුවනු ඇතැයිද ඇය පැවසුවාය.

    අද (28) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සදහන් කර සිටියේ මෙම නව වයිරස ප්‍රභේදය ඉතා ඉක්මනින් පැතිර යන බවට වෛද්‍ය විශේෂඥයන් අනතුරු හඟවා ඇති බවය.

    මෙම නව වයිරස් ප්‍රභේදයට බියවීමෙන් පළක් නැති බවත් ආරක්ෂාව සඳහා නිරන්තරයෙන්ම සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතු බවද ඇය පැවසුවාය.

    සිම්බාබ්වේ හිරවී සිටින කාන්තා ක්‍රීකට් කණ්ඩායම මෙරටට ගේන්න ගුවන් සමාගම් සමඟ සාකච්ඡා අරඹයි

    0

    ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා සිම්බාබ්වේ හී පැවති ක්‍රිකට් තරඟ සඳහා සහභාගිවීමට ගොස් සිටියදී කොවිඩ් හේතුවෙන් එරට සිරවී සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙරටට ගෙන්වා ගැනීමට තනි ගුවන් යානාවක් වෙන්කර ගැනීම සම්බන්දයෙන් මේ වන විට ගුවන් සමාගම් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සාකච්ඡා පවත්වමින් ඇත.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා සදහන් කරන්නේ ඒ සඳහා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලයද සහයෝගය දක්වන බවය.

    කොවිඩ් හී නව ප්‍රභේදයක් වන ඔමික්‍රොන් ආසාදිතයන් හමුවී ඇති රටවල් අතර සිම්බාබ්වේද ඇතුලත්ය. ඒ හේතුවෙන් පැවත්වෙමින් තිබුණු ක්‍රිකට් තරගාවලිය ඊයේ (27) අත්හිටුවනු ලැබීය.

    අනතුරුව ක්‍රීඩිකාවන් එරටින් පිටත්වීමට පෙර කළ පී.සී.ආර්. පරීක්ෂාවේදී ශ්‍රී ලාංකීය ක්‍රීඩිකාවන් 07 දෙනෙකුට කොවිඩ් ආසාදිතව ඇතැයි තහවුරුවී තිබේ.

    මෙම සංචාරයට ගිය පිරිස ක්‍රීඩකයින් 20 දෙනෙකු සහ සහායක කාර්ය මණ්ඩලය 10 දෙනෙකුගෙන් සමත්විත විය.

    කොවිඩ් ආසාදිත ක්‍රීඩිකාවන් 07 දෙනා හැරුණු කොට සෙසු ක්‍රීඩිකාවන් සහ කාර්ය මණ්ඩලය ඊයේ සෙසු විදෙස් කණ්ඩායම් 08 ද සමඟ ඩුබායි බලා පැමිණීමට නියමිතව තිබුණි. එහෙත් සෙසු කණ්ඩායම් ශ්‍රී ලංකික කණ්ඩායමේ සාමාජිකයන් ගුවන් යානාවට ප්‍රවේශකර ගැනීමට අකමැත්ත ප්‍රකාශ කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට සිම්බාබ්වේ හී රැදී සිටීමට මේ වන විට සිදුව ඇත.

    GMOAට එරෙහිව ආයුර්වේද වෛද්‍යවරුන් නීති මඟට

    0

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආයුර්වේද වෛද්‍යවරුන්ට හා දේශීය ප්‍රතිකාර ක්‍රමවලට දිගින් දිගටම අකුල්හෙලන බවට දේශීය හා ආයුර්වේද වෛද්‍යවරුන්ගේ ස්වාධීන එකමුතුව චෝදනා කරයි.

    රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ක්‍රියාකලාපයන්ට එරෙහිව ඉදිරියේදී නීති මගින් කටයුතු කරන බව ද දේශීය හා ආයුර්වේද වෛද්‍යවරුන්ගේ ස්වාධීන එකමුතුවේ කැඳවුම්කරු දේශීය වෛද්‍ය සුමුදු ලියනආරච්චි මහත්මිය පැවසුවාය.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතා ජනමාධ්‍යය ඉදිරියේ දේශීයත්ත්වය අගය කරමින් කතා කළ ද ඔහුගේ දෙබිඩි පිළිවෙත මෙම කටයුතුවලින් හෙළිවන බව ද ලියනාරච්චි මහත්මිය පැවසුවාය.

    කොවිඩ් මර්දන එන්නත් ලබාගත් පුද්ගලයින්ට ඇතිවන අතුරු ආබාධවලට දේශීය වෛද්‍ය ක්‍රමයෙන් ප්‍රතිකාර ලබාදීම සඳහා ස්ථාන කීපයක ඉකුත් දිනවල පැවැත්වූ ආයුර්වේද වෛද්‍ය සායනවලට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විවිධ බාධා පැමිණ වූ බවද සුමුදු ලියනආරච්චි මහත්මිය කීවාය.

    booster එන්නත දෙන අනිවාර්ය තැන් තුනක් මෙන්න..

    0

    වයස අවුරුදු 60ට වැඩි ජේෂ්ඨ පුරවැසියන් සඳහා ලබාදෙන කොවිඩ් මර්දන තෙවන මාත්‍රාව හෙවත් booster මාත්‍රාව ලබා දීමේ වැඩසටහන දිනපතා ස්ථාන කිහිපයක දී පැවැත්වෙන බව ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කරයි.

    කොළඹ විහාර මහා දේවී උද්‍යානය, පනාගොඩ බෝධිරාජාරාමය සහ වේරහැර යුධහමුදා කදවුර යන ස්ථානවල දී ස්ථානවල දී වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට booster එන්නත් මාත්‍රාව ලබා ගත හැකි බවද ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කරයි.

    මීට අමතරව සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයින්ට ද එම ස්ථානවල දී එහි දෙවන මාත්‍රාව ලබා ගත හැකි බව ද යුද හමුදාව සඳහන් කරයි.

    එන්නත්කරන වැඩසටහන දිනපතා පෙරවරු 8 සිට පස්වරු 4:30 දක්වා පැවැත්වේ.

    එන්නත ගත් ලාංකික සංචාරකයින්ට සිංගප්පූරුවේ නිරෝධායනය නෑ

    0

    එන්නත්කරණයට ලක්ව සිටින සංචාරකයින්ට නිරෝධායනය වීමකින් තොරව සිය රටේ සංචාරය කිරීමේ වැඩපිළිවෙළක් සිංගප්පූරුව ආරම්භ කර තිබේ.

    ඒ අනුව ශ්‍රී ලංකාව සහ තවත් රටවල් ගණනාවක සංචාරකයින්ට ඔවුන් තමන්ගේ රටවලින් පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇත්නම් එම කාඩ්පත පෙන්වා නිරෝධායනය වීමකින් තොරව සිංගප්පූරුවට ඇතුළු විය හැකි බවද සිංගප්පූරු රජය නිවේදනය කර තිබේ.

    පූර්ණ එන්නත්කරණය කරන සංචාරකයින්ට නිරෝධායනය වීමකින් තොරව සංචාරය කිරීමට අවස්ථාව සලසමින් එන්නත්කරණ සංචාරක තීරු නමින් වැඩපිළිවෙළක්ද සිංගප්පූරුව ආරම්භ කර තිබේ.

    එම වැඩපිළිවෙල ලබන දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    ඒ අනුව ශ්‍රී ලංකාවේ සහ තවත් රටවල් ගණනාවක සංචාරකයින් එන්නත් කරණයට ලක්ව ඇත්නම් නිරෝධායනය වීමකින් තොරව සිංගප්පූරුවේ සංචාරය කළ හැකි බවද සිංගප්පූරු රජය නිවේදනය කර තිබේ.

    ටින්කරින් ලසන්ත පොලිස් අත්අඩංගුවේදී මියයාම නීතිවිරෝධී ඝාතනයක් – නීතිඥ සංගමය

    1

    එච්.එල්. ලසන්ත හෙවත් ටින්කරින් ලසන්ත නමැත්තා පොලිස් අත්අඩංගුවේදී මිය යාම නීතිවිරෝධී ඝාතනයක් බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් රජීව් අමරසූරිය මහතාගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර තිබේ.

    එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

    2021 නොවැම්බර් 25 වැනිදා රාත්‍රියේ නීතිඥ සඳහා ආරියදාස මහතා නීතිඥ සංගමය සභාපතිවරයාට දුරකථන ඇමතුමක් ලබා දෙමින් එච්.එල්. ලසන්ත හෙවත් ටින්කරින් ලසන්ත නම් ඔහුගේ සේවාදායකයකු කළුතර කොට්ඨාසයේ පොලිස් අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව හා ආයුධ අත්අඩංගුවට ගැනීමට ගිය විටදී විට දී ඇති වන වෙඩි හුවමාරුවකින් මියගිය බවට ඇඟවෙන පරිදි පොලිසිය විසින් තම සේවාදායකයා ඝාතනය කිරීමට සැලැස්මක් ඇති බවට තොරතුරු ඔහුට ලැබී ඇති බවයි.

    කෙසේ වෙතත් නොවැම්බර් 26 වැනි දින මාධ්‍ය විසින් වාර්තා කරනු ලැබුවේ සැකකරු ආයුධ අත්අඩංගුවට ගැනීමට ගිය විට දී වෙඩි වැදී මියගිය බවයි.

    නැවත වතාවක් ශ්‍රී ලංකා පොලිසිය නීති විරෝධී ඝාතනයන් සමඟ සම්බන්ධව ඇත.

    එම ඝාතන සිදු වන්නේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය වාර්තාව පරීක්ෂාවට ලක් වෙමින් තිබෙන වකවානුවකය.

    බිඳ වැටෙන දවැටෙන මානව හිමිකම් තත්ත්වය රටටත් ආර්ථිකයත් තර්ජනාත්මක ප්‍රතිඵල නිර්මාණය කිරීමට ඉඩ ඇති පසුබිමක් තුළය.

    ඔමික්‍රෝන් ඕස්ට්‍රේලියාවටත් රිංගයි

    0

    දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් ඔමික්‍රෝන් කොරෝනා වෛරස ප්‍රභේදය ආසාදනය වූවන් දෙදෙනෙකු ඕස්ටේ්‍රලියාවෙන් හඳුනාගෙන තිබේ.

    මෙම ආසාදිතයින් දෙදෙනා දකුණු අප්‍රිකානු කලාපයේ සිට ඕස්ටේ්‍රලියාවට පැමිණ ඇති නිව් සවුත්වෙල්ස් සෞඛ්‍ය බලධාරීන් නිවේදනය කර ඇත.

    ආසාදිතින් සෙනසුරාදා දිනයේදී සිඩ්නි නගරයට පැමිණ ඇති අතර එහිදී සිදුකළ පරීක්ෂාවකදී ඔවුන්ට කොරෝනා වෛරසය වැලදී ඇති බවට අනාවරණය වී තිබේ. එහිදී සිදු කළ වැඩිදුර පරීක්ෂාවකදී ඔවුන් හට නන ඔමික්‍රෝන් ප්‍රභේදය වැලදී ඇති බවට හඳුනාගෙන ඇත.

    මෙම ආසාදිතයින් දෙදෙනා පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් වන අතර ඔවුන් තුලින් කිසිඳු රෝග ලක්ෂණයක් පෙන්නුම් කර නොමැති බවද නිව් සවුත්වෙල්ස් සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කරයි.

    අදාල ආසාදිතයින් සමග තවත් දොලොස් දෙනෙකු පැමිණ ඇති අතර ඔවුන්ද දින 14ක කාලයකට නිරෝධායනයට යොමු කර ඇති බවත් ඕස්ටේ්‍රලියානු බලධාරීන් සඳහන් කරයි.

    ඒ අනුව නව වෛරස ප්‍රභේදය අසාදනය වුවන් මේවන විට බි්‍රතාන්‍ය, ඉතාලිය සහ ජර්මනියෙන් හඳුනාගෙන තිබේ.

    සිම්බාබ්වේ ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන් 7කට කොවිඩ්

    0

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් හත් දෙනෙකු COVID-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි.

    සිම්බාබ්වේ හි පැවැත්වෙන 2021 ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟය වෙනුවෙන් කණ්ඩායම එහි ගිය ද තරග, ඔමික්‍රොන් වෛරසය නිසා අප්‍රිකානු කලාපය කෙරෙහි ඇතිවූ අනියත සැකසංකා මත අත්හැර දමා ඇත.

    තරගාවලිය දෙසැම්බර් 05 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබිණි.

    අප්‍රිකානු කලාපයේ පැතිර යන ඔමික්‍රොන් කොවිඩ් වෛරස් ප්‍රභේදය හමුවේ සිම්බාබ්වේ හි ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිළ අතර හරාරේ නුවරදී පැවැත්වීමට නියමිතව තිබූ තරගය ද අවලංගු විය.

    සියලුම කණ්ඩායම් තවමත් සිම්බාබ්වේ හි රැඳී සිටි.

    තරගාවලිය ඉදිරියට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අවසන් තීන්දුවක් ගැනීමට නියමිත බවද ඔහු සඳහන් කලා.

    ඔමික්‍රොන් ප්‍රභේදය හමුවේ දකුණු අප්‍රිකාව – සිම්බාබ්වේ – ලෙසොතෝ – නැමීබියාව – ස්වාසිලන්තය සහ බොට්ස්වානා යන රටවලින් පැමිණෙන පුද්ගලයන්ට ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රටට ඇතුලුවීම සඳහා අවසර නොදීමටද ශ්‍රී ලංකාව තීරණය කළේය.

    දරු ප්‍රසූතියට බයිසිකලෙන් රෝහලට ගිය මන්ත්‍රීවරිය

    0

    දරු ප්‍රසූතිය සඳහා ආසන්න වූ මොහොතේ සිය පැපදියෙන් රෝහල වෙත ගිය මන්ත්‍රීවරියක් සම්බන්ධයෙන් නව සීලන්තයෙන් වාර්තාවේ.

    නවසීලන්තයේ හරිත පක්ෂය නියෝජනය කරන ජූලි ඈන් ජෙන්ටර් නැමති මන්ත්‍රීවරිය රෝහල වෙත ලඟාවන විටත් ප්‍රසව වේදනාවෙන් පසුව ඇති අතර රෝහල් ගතවීමෙන් පැයකට පමණ පසුව දරුවා බිහිකර ඇති බවට නව සීලන්ත මාධ්‍ය වාර්තා කරයි.

    දරු ප්‍රසූතියෙන් පසුව ඇය සිය ෆේස් බුක් ගිණුමේ තමන් අළුයම 3.04ට සිය පවුලේ නවතම සාමාජියා පිළිගත් බවත් තමන් කිසිම වෙලාවෙක දරු ප්‍රසූතියට බයිසිකලය පැදයාමට බලා පොරොත්තු නොවූ බවද සඳහන් කර තිබිණි.

    ලක්ෂ පනහක පමණ ජනතාවක් ජීවත්වන නව සීලනත්යේ ඉතාම සාමාන්‍ය දිවිපෙවතක් ගෙවන දේශපාලඥයින් සුලභ අතර එරට අග්‍රමාත්‍යවරියගේ කාරුණික බව පිළිබඳව ලොව පුරා නිරන්තරයෙන් කතා බහට ලක්වේ.

    “අපේ දේශපාලනය නවත්වන්න කාටවත් බැහැ”

    0

    ආණ්ඩුවේ ඇතුලේ හිටියද පක්ෂයක් ලෙස තම පක්ෂයට දේශපාලනය කිරීමට ඇති අයිතිය කාටවත් නවත්වන්න පුලුවන්කමක් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

    එබැවින් පක්ෂය නැවත වතාවක් ශක්තිමත් කිරීම වෙනුවෙන් කාගෙන්වත් අවසර ගතයුතු නැතැයිද ඔහු සදහන් කළේය.

    රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය.

    මහින්ද මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා විදිහට තමයි යුද්ධය ජයග්‍රහණය කලේ.ඒ යුධ ජයග්‍රහණයේ අයිතිය තියෙන්නෙත් පක්ෂයක් විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටයි.ලෝකයේ කවදාවත් ජයග්‍රහණය කරන්න බෑ කිව්ව, පරාද කරන්න බෑ කිව්ව ප්‍රභාකරන්ව පරාද කරන්න පුලුවන් වුණෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයාටයි.

    අපි ආණ්ඩුවට ආවේ මෛත්‍රීපාල සිරිසේන විදිහට වෙනම නෙමෙයි.අපි ආවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් විදිහට.අපි ගෝඨාභය මහත්තයා එක්ක ගිවිසුම් අත්සන් කරනවා.අපි පොහොට්ටුවත් එක්ක ගිවිසුම් අත්සන් කරනවා.ඒ අත්සන් කරන්නේ පුද්ගලික නම් වලින් නෙමෙයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට, එහෙම නම් අද අපි ආණ්ඩුවේ ඇතුලේ හිටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දේශපාලනය කිරීමේ අයිතිය තියෙනවා.ඒ අයිතිය කාටවත් නවත්වන්න පුලුවන්කමක් නෑ,තැන්තැන්වල ආඩපාලී කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් පක්ෂයක් කිරීමේ අරමුණ අපෙන් ඈත් කරන්න කාටවත් පුලුවන්කමක් නැතැයිද ඔහු සදහන් කළේය.

    පාන් ගෙඩියේ මිල යළිත් නගී

    0

    අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් ඉහළ දමා තිබේ.

    කෙටි කෑම රුපියල් 5කින් ඉහළ දමා ඇත.

    තිරිඟු පිටි මිල ඉහළ දමා තිබීම ආදී කරුණු ගණනාවක් නිසා බේකරි හිමියන්, ආපනශාලා හිමියන් ආහාර වර්ග කිහිපයක මිල ඉහළ දැමීමට තීරණය ගෙන ඇත.

    කොත්තු ඇතුළුව කඩ කෑම මිල ආයෙත් වැඩිවෙයි

    0

    හෙට සිට සැකසූ ආහාර වර්ග ගණනාවක මිල ඉහළ දැමීමට ආපනශාලා හිමියන්ගේ සංකගමය පියවර ගෙන තිබේ.

    ඒ අනුව කොත්තුවක මිල රුපියල් 10කින් ඉහළ දැමෙනු ඇත.

    එමෙන්ම කෙටි කෑම රුපියල 5කින් වැඩි කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

    මහවැලි ගඟට වැටුණු කාර් එකක් සහ පුද්ගලයෙක් අතුරුදන් – 2නෙක් බේරාගනී

    0

    මහනුවර, ගුරුදෙණිය මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් මහවැලි ගඟට පෙරළී පුද්ගලයකු අතුරුදන් වී තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ අනතුරින් අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු මුදාගත් බවයි.

    ඔවුන් දෙදෙනා රෝහල් ගත කර ඇති අතර මෝටර් රථය සහ තවත් පුද්ගලයෙකු මෙතෙක් සොයාගෙන නැත.

    ඊයේ (27) රාත්‍රී කාලයේ මෙම අනතුර සිදුව තිබේ.

    අද එන්නත් මධ්‍යස්ථාන 66ක්

    0

    අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන්ට බූස්ටර් එන්නත ඇතුළුව කොවිඩ් මර්දන එන්නත් අද දිනයේ ද රට පුරා පිහිටි මධ්‍යස්ථාන 66කදී ලබාදෙන බව ජනපති කාර්‍යාලය නිවේදනය කරයි.

    අද දිනයේදී එන්නත් ලබා දෙන සියලූම මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

    Vaccination Centers on 28.11.2021

    කින්නියා අනතුරට ලක්ව රෝහලේ සිටි තවත් දරුවෙක් ජීවිතක්ෂයට

    0

    ත්‍රිකුණාමලය – කින්නියා කලපුවේ කුරුංඤ්ඤන්කේනි ප්‍රදේශයේ පාලම් පාරුව පෙරළීමෙන් පසුගියදා සිදුවූ අනතුරින් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් දරුවකු මියගොස් තිබේ.

    පසුගිය 23 වනදා පාලම් පාරුව පෙරළීමෙන් සිදු වූ අනතුරෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ හය හැවිරිදි දරුවෙකු මෙලෙස මියගොස් ඇත.

    එම දරුවා ත්‍රිකුණාමලය මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඇත.

    ඒ අනුව සිද්ධියෙන් මේ වනවිට මියගොස් ඇති සංඛ්‍යාව 07 දක්වා ඉහළ ගොස් තිබේ.

    ඔමික්‍රෝන හමුවේ ඊශ්‍රායලය දේශ සීමා සියලුම විදේශිකයින්ට වසා දමයි

    0

    නව ඔමික්‍රෝන වෛරස ප්‍රභේදය පැතිරයාම ආරම්භ වීමත් සමඟම ඊශ්‍රායලය විසන් එරට දේශ සීමා සියලුම විදේශීකයින්ට වසා දැමීමට තීරණය කර ඇත.

    මෙම දේශ සීමා වසා දැමීමට ඉදිරි දින 14ක කාලයට බලපැවැත්වෙන බවත් එම කාලය තුලදී නව වෛරස ප්‍රභේදය පිළිබඳ වැඩි තොරතුරක් අනාවරණය කර ගැනීමට හැකිවනු ඇති බවට තමන් විශ්වාස කරන බව ඊශ්‍රායල අග්‍රාමත්‍ය නෆ්ටාලි බෙනට් ප්‍රකාශ කර තිබේ.

    ඒ අනුව ඊශ්‍රායලයට ඇතුලුවන එරට පුරවැසියන් සියලුම දෙනා නිරෝධායන වීම අනිවාරය වනු ඇති බවත් එය එන්නත් පූර්ණ එන්නත්කරණයට ලක්වූවන්ටද අදාල බව අග්‍රාමාත්‍ය බෙනට් ප්‍රකාශ කරයි.

    මෙම නව වැඩසටහන යටතේ මෙතෙක් ත්‍රස්වාදීන්ගේ ක්‍රියාකාරකම් අනාවරණය කරගැනීමට යොදාගත් ජංගම දුරකථන ඔස්සේ පුද්ගලයින් ලුහු බැදීමේ ක්‍රමවේදය යොදාගෙන ජනතාව ගමන් කරණ ස්ථාන පරීක්ෂා කිරීමටද පියවර ගන්නා බවට එරට අග්‍රාමාත්‍ය නෆ්ටාලි බෙනට් පවසා තිබේ.

    මේවන විට නව ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූ එක් පුද්ගලයෙකු ඊශ්‍රායලයෙන් හඳුනාගෙන ඇති අතර එම ප්‍රභේදය වැලදී ඇති බවට සැකකරන තවත් හත් දෙනෙකෙු හඳුනාගෙන ඇති බවට එරට රජය ප්‍රකාශ කරයි.

    කළුබෝවිල ගොඩනැගිල්ලක ගින්නක්

    0

    කළුබෝවිල රෝහල අසල ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇතැයි වාර්තා වේ.

    ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ යොදවා ඇත.

    නීතිය පාසල් විෂය නිර්දේශයටත්

    0

    මෙරට ක්‍රියාත්මක නීතිය පාසැල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම පිළිබඳව සොයා බැලීමට පත්කළ තාක්ෂණික කමිටු වාර්තාව මෙි වනවිට අධ්‍යාපන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උපදේශන කාරක සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කොට තිබේ.

    ඒ අනුව දැනට අනිවාර්ය විෂයක්ව පවතින පුරවැසි අධ්‍යාපන විෂය මෙම ප්‍රතිසංස්කරණයෙන් පසුව නීතිය හා පුරවැසි අධ්‍යාපනය ලෙස වෙනස් කිරීමට එම කමිටු වාර්තාව මඟින් යෝජනා කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.

    අධ්‍යාපන කටයුතු පිළිබඳ උපදේශන කාරක සභාවේ දී අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මෙය ප්‍රකාශ කර තිබේ.

    කුස්සියේ මරණ වළක්වාගන්න සඳුන්පිටිය තරුණියගේ මරණයෙන් පාඩමක් ඉගෙන ගමු ?

    0
    dead body

    ගිනි ඇවිලීමකින් මිය ගිය වැලිකන්දේ සඳුන්පිටිය ගම්මානයේ නිවසක පදිංචිව සිටි 19 හැවිරිදි විවාහක තරුණියක් වන අයෝශා කුමුදුනීගේ මරණය ගැන සැබෑ ලෙසම සිදුවුයේ ගෑස් කාන්දුවකින් ගිනි ඇවිලීමකින්ද එසේත් නොමැති නම් ඇය සියදිවි හානිකර ගැනීමකට කළ ගිනි තබා ගැනීමක්ද යන්න පිළිබදව ඇත්තේ තවමත් නොවිසිදුනු ගැටළු ගණනාවකි.

    ඇගේ සිරුරට ගිනි ඇවිලී ඇයව මුලින්ම වැලිකන්ද රෝහලට ඇතුළත් කෙරී ඇත්තේ ඉකුත් 13 වෙනිදා පෙරවරු 10.30 ත් 11.00 අතර කාලය තුළදීය. එම අවස්ථාවේදී නිවසේ සිට ඇත්තේ ඇය පමණි. සිරුරට ගිනි ඇවිලී ඇය කෑ ගසන හඬින් ඇය සිටි නිවස දෙසට මුලින්ම පැමිණ ඇත්තේ අසල්වැසි කාන්තාවකි. ඒ වන විට ගිනි ඇවිළුනු ඇය සිට ඇත්තේ නිවසින් පිටතට පැමිණ නිවස ඉදිරිපිට කොටසකය. එම අසල්වැසි කාන්තාව පොලීසියට පවසා ඇති ආකාරයට නම් ගිනි ජාලාවකින් ඇය වැසී සිට නැත. පිළිස්සුනු ඇදුම් ඉවත්කර නිවස තුළට ගොස් ඇයට ඇදුමක් රැගෙනවිත් එය අන්දවා ඇත්තේද එම අසල්වැසි කාන්තාවකි.

    මේ කාන්තාවගෙන් වැලිකන්ද පොලීසිය මේ ගැන කතාකරන්නේ 17වෙනිදායින් පසුවය. ඒ 13 වෙනිදා සිදුවූ එම ගිනි ගැනීම ගැන වැලිකන්ද පොලීසිය පවා දැන්ගන්නේ 17 වෙනිදා වූ බැවිනි. වැලිකන්ද පොලීසිය තම පොලිස් බල ප්‍රදේශයේ සිදුවූ මෙම ගිනි ගැනීම ගැන මුල් තොරතුර දැන ගන්නේද කොළඹ මරදාන පොලිස් ස්ථානය මගින් ලබාදුන් පොලිස් පණිවුඩයකට අනුවය.

    වැලිකන්දේ සිදුවූ ගිනි ගැනීමක් ගැන මරදාන පොලීසියට තොරතුරු ලැබෙන්නේ කොළඹ ජාතික රෝහලින්ය. වැලිකන්ද රෝහලට ඉකුත් 13 වෙනිදා ඇතුලත්කරන ඇය පොලොන්නරුව රෝහලටත් එතැනින් ජාතික රෝහලටත් එවා තිබුණේ වැඩිදුර ප්‍රතිකාර සඳහාය. කොළඹ ජාතික රෝහලේ පිළිස්සුම් ප්‍රතිකාර ඒකකයේ දින කිහිපයක් ප්‍රතිකාර ලැබූ ඇය වෛද්‍යවරුන්ට පවසා තිබුණේ මාළු වෑංඡනය ගෑස් ලිපේ තබා ගිනි දල්වන විට එකවරම සිරුරට ගිනි ඇවිලුනු බවය. ඇය එහිදී තමන් සියදිවි හානිකර ගැනීමට උත්සහ දැරූ බවක් හෝ ඒ සදහා මොනයම් හෝ ඉන්ධනයක් භාවිතා කළ බවක් කියන්නේ නැත. මේ කතාව ඇය තමාට ප්‍රතාකාර කළ වෛද්‍යවරුන්ට පවසන්නට වූයේද දැඩි පිළිස්සුම් තුවාල වලට ප්‍රතිකාර ලබමින් වේදනාවෙන් මිරිකී සිටින අවස්ථාවකදීය.

    කොළඹ ජාතික රෝහලේ පිහිටි පොලිස් මුරපොල ක්‍රියාත්මක වන්නේ මරදාන පොලිස් ස්ථානය මගිනි. පැය 24 පුරාම රෝහල් පොලීසිය අවධියෙන් සිටින අතර රෝහලට රැගෙන රෝගීන් සම්බන්ධයෙන් සිටින්නේ නිරන්තරයෙන් ඇස ගසාගෙනය. විශේෂයෙන් අණතුරු සහ පහරදීම් වලින් සිදුවන තුවාල සම්බන්ධයෙන් එම මුරපොල නිලධාරීන් සටහන් ලබාගෙන ඒ ගැන අදාල සිදුවීමට මුල්වන ප්‍රදේශයේ පොලිස් ස්ථාන දැනුවත් කරති.

    වැලිකන්දේ මෙම තරුණිය කොළඹ ජාතික රෝහලට රැගෙන එන විට තමාට සිදුවූයේ කුමක්ද කියා හරිහැටි කතාබහ කිරීමටවත් ඇයට හයියක් නොවීය. ඇය සිටියේ දැඩි වේදනාවකිනි. ඒ අනුව රෝහල් පොලීසියේ නිලධාරීන්ට ඇගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ 17 වෙනිදාය. රෝහල් පොලීසියේ නිලධාරීන්ටද ඇය පවසා සිටියේ වෛද්‍යවරුන්ට කී දේමය. සිය දිවි හානිකර ගැනීමක උත්සහයක් ගැන හෝ එවැනි සැකයක් උපදවා ගැනීමට හැකි තරමේ වචනයක්වත් පොලිස් නිලධාරීන් හමුවේ පවසන්නේ නැත. ඒ බව මරදාන පොලීසිය මෙන්ම පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පවා මෙම තීරුවට සනාථ කළේය.

    මරදාන පොලිස් ස්ථානයෙන් වැලිකන්ද පොලිස් ස්ථානයමෙම ගිනි ගැනීම දැන ගන්නේ ඒ අනුවය. මරදාන පොලිස් ස්ථානයේ සටහන්වලට අනුව 17 වෙනිදාම වැලිකන්ද පොලිස් ස්ථානයට එම දැනුම් දීම කර ඇත. ඒ බව වැලිකන්ද පොලිස් ස්ථානයයේ ඇති සටහන්වලින්ද කහවුරු වේ.

    හැබැයි වැලිකන්ද පොලිස් ස්ථානයේ දැනුම්දීමට අනුව අදාල ගිනි ගැනීම සිදුවූ නිවසට පොලොන්නරුව අපරධ ස්ථාන පරීක්ෂණාගාරයේ (සොකෝ) නිලධාරීන් ගොස් පරීක්ෂාකරන්නේ 19 වෙනිදාය. ඒ ඇය ගිනි ගැනීමට ලක්ව සතියකට ආසන්න කාලයකට පසුවය.

    ඇය පදිංචිව සිටි නිවස කුඩා නිවසකි. මුළුතැන් ගෙය ඇත්තේ සාලයට වම්පසිනි. මුළුතැන් ගෙයි ප්ලාස්ටික් බඩු භාණ්ඩ රැසකි. පොලිිතින් කඩදාසිවලින් වෙන් වූ බිත්තියක් ද එහි විය. නිදන ඇදක්ද වූයේ මුළුතැන් ගෙයිමය. මදුරු දැලක්ද අකුළා ගැටගසා තිබුණේය.

    සොකෝ නිලධාරීන් මේ දේවල් සියල්ලක්ම සටහන්කර ගත්තේය. ඒ අයට නිවස තුළ සිදුවූ ගිනි ගැනීමක කිසිදු ලක්ෂණයක් නිරීක්ෂණය නොවීය. අසල්වැසි කාන්තාවගේ තොරතුරු මත සොකෝ නිලධාරීන් ඇය ගිනි ගෙන සිටිනු ඇය දුටු ස්ථානය පරීක්ෂා කලේය. එම ස්ථානයේ ඇත්තේ තද පැල්ලමක් පමණි. එසේම මූඩිය විවරකර මුළුතැන් ගෙයි අඩක් අවසන් වූ භූමිතෙල් බෝතලයක්ද සොකෝ නිලධාරීන්ගේ අවධානයට යොමු විය. ගෑස් සිලින්ඩරය මෙන්ම රෙගුලේටරය ද ඒ අයගේ පරීක්ෂාවට ලක්විය. මේ සියල්ලක්ම සිදුවන්නේ 19 වෙනිදාය.

    ඒ අතර වැලිකන්ද පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ද මේ ගැන බොහෝ දෙනෙකුගෙන් කටඋත්තර ගත්තේය. ඒ අතර මෙම ගිනි ගැනීම සම්බන්ධයෙන් ප්‍රබල සාක්ෂියක් ලෙස පොලීසිය පෙන්වන්නේ ඇගේ සැමියාගේ සාක්ෂියයි. සැමියා පැවසුවායැයි පොලීසිය කියන්නේ එදින බිරිඳ තමා සමඟ බහින්බස් වීමක් සිදුවූ බවකි. එය බහින්බස් වීමක්ද රණ්ඩුවක්ද යන්න පැහැදිලි නැතත් දෙදෙනා අතර විරසික භාවයක් සිදුව ඇත. අනතුරුව ඔහු නිවසින් පිටව ගොස් ඇත. වැලිකන්ද පොලීසිය පැත්තෙන් ඉන් එහාට කියන කාරණාව වන්නේ ඇය සිය දිවි හානිකර ගන්නා බවට සැමියාට වට්ස් ඇප් ඇමතුමක් ගෙන පැවසූ බවකි. ඇය භූමිතෙල් සිරුරට හලාගන්නා බවක් සැමියා දැක ඇති බවද පොලීසිය සදහන් කරයි. ඒ ගැන සැමියා ප්‍රකාශයක් පවා ලබාදී ඇති බවද කියයි.

    පොලීසිය තවත් දෙයක් මෙහිදී කියයි. ඇය ගිනි ගන්නා විට ගින්න නිවා දමා ඇයට රෝහලගත කිරීමට මැදිහත් වූ අසල්වාසී කාන්තාවගේ ප්‍රකාශයෙන්ද ඇය සියදිවි හානිකර ගැනීමේ අපේක්ෂාවෙන් ගිනි තබා ගත් බව සනාථ වන බවය. එම කාන්තාව පවසනවායැයි පොලීසිය කියන්නේ ඇයට ඇඳුමක් ගෙන ඒමට නිවස තුළට ගිය ඇය මුළුතැන් ගෙයි බිම තැන තැන පැල්ලම් කිහිපයක් දුටු බවත් එම පැල්ලම් භූමිතෙල් විය හැකි බව ඇය පවසන බවය. එසේම ලිපේ මාළු ව්‍යාංජනයක් තිබෙනු තමා නොදුටු ඇය පවසා ඇති බවද පොලීසිය කියයි.

    පොලීසිය මේ ගිනි ගැනීම ගැන කියන්නේ එය පමණක් නොව. මුළුතැන් ගෙය තුළදී ගිනි ඇවිලීමක් සිදුවී නම් එසේ නැති නම් ගෑස් කාන්දුවකින් මෙම ගින්න හටගත්තේ නම් මුළුතැන්ගෙට හානි සිදුවිය යුතු බවය. මුළුතැන් ගෙයි ප්ලාස්ටික් භාණ්ඩ ඇතත් ඒවා පවා උණුවිය යුතු බවත් එවැනි ලක්ෂණ සොකෝ නිලධාරීන්ගේ නිරීක්ෂණයට හසුවී නැති බවත් පොලීසිය කියයි. මේ සෑම නිරීක්ෂණයක්ම සිදුවන්නේ සතියකට පමණය.

    මේ සියළු කාරණා අනුව පොලීසිය පැත්තේ නිගමනය සහ තර්කය වන්නේ ඇගේ මරණය සියදිවි හානිකර ගැනීමක් බවකි. එසේ නොමැතිව ගෑස් කාන්දුවකින් හෝ වෙනයම් අනතුරකින් ඇයගේ සිරුරට ගිනි ඇවිලී ඇති බවක් පොලීසියට පේන්නේ නැත. එවැන්නක් පොලීසිය දකින්නේද නැත. අඩුම තරමින් ඇය නිවසින් පිටත ගිනි තබා ගත්තේනම් ගිනි ලබාගත් ගිනි පෙට්ටිය හෝ වෙනයම් උපකරණයක් තිබිය යුතුය. ගිනි ගැනීමට ලක්වූ ඇගේ ගින්න නිවා පිළිස්සුනු ඇදුම් ගලවා නිරුවතින් හෝ අඩනිරුවතින් සිටි ඇයව රෝහලට රැගෙන යන්නට ඇදුමක් ගන්නට කලබලයෙන් නිවස තුළට ගිය අසල්වැසි කාන්තාවගෙන් ගෑස් ලිප උඩ මාළු ව්‍යංජනයක් තිබුණදෙැයි ප්‍රශ්න කළ පොලීසිය ඒ ගිනි පෙට්ටිය හෝ ගිනි තබාගැනීමට ගින්දර සොයාගත් යමක් ගැන ප්‍රශ්න කළේදැයි ඇත්තේ ගැටළුවකි. ඇය නිදා ගන්නා ඇද මත නම් ගිනි පෙට්ටියත් තිබී සොකෝ නිලධාරීන් නම් සොයාගෙන තිබුණි. ඒ සතියකින් පසුවය. එසේම එවන් කලබල තත්ත්වයක් හමුවේ ලිපේ තියෙන ව්‍යාංජනය යමෙකුට මතකයේ තිබේදැයි ඇත්තේ සැබෑම ගැටළුවකි. එසේම ඒ සිදුවීමෙන් සතියක පසුවය.

    පොලීසියේ කතාව එය වූවත් ඇගේ පියාද දියණිය පැවසූ බව කියමින් මාධ්‍යට පවසා තිබුණේ ඇය ගෑස් ලිප පත්තුකරන්නට ගොස් මෙම අනතුර සිදුවූ බවකි. මරණාසන්න තුවාල තබා සිටි ඇය දරා ගැනීමට නොහැකි තරමේ වේදනාවකින් මිරිකෙමින් සිටියදී බොරුවක් කියයිද? එවන් බොරුවක් ඇය ඒ වන විට සිටින තත්ත්වය හමුවේ මතකයට නැගේද? ඇයට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ට ඇය බොරුවක් ගොතමින් කියයිද? මේ ප්‍රශ්න වලට පිළිතුරු සෙවිය යුතුමය. ඇගේ මරණයේ සැබෑ අභිරහස විසදෙන්නේ එවිටය.

    මෙම ගිනි ගැනීම ගැන පොලීසියේ විග්‍රහය සිය දිවි හානිකර ගැනීමකි. මරණාසන්නව සිටි අවසන් ප්‍රකාශයෙන් කියැවෙන්නේ මාළු ව්‍යාංජනය ලිපේ තබා ගෑස් ලිප දල්වන විට සිරුරට ගිනි ඇවිළුණු බවය.

    සොකෝ නිලධාරීන් එම ගෑස් ලිපට ගෑස් ගැබෙන රෙගුලේටරය හා ගෑස් ටැංකිය මෙන්ම ගෑස් ටැංකියත් ලිපත් අතර රැගෙන යන රබර් බටය ගැන විශේෂ අවධානයක් යොමු කලාට එම ලිප දල්වන කොටස ගැන අවධානයක් යොමු වූ බවක් පොලීසිය පැත්තෙන් කියැවෙන්නේ නැත. ඇතැම් විට ගෑස් ලිපේ ගිනි ගල නිසි ලෙස ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ඇය නොදැනුවත්වම ලිප දැන්නොවී ගෑස් පිටතට යාමකින් පසු නැවතත් ලිප දල්වන්නට ගොස් පිටතට ගිය ගෑස් වලින් ගිනි ඇවිලෙන්නට ඇතැයි අනුමානයක්ද මෙහිදී කරන්නට පළුවනි. මේ ගැන පොලීසිය හෝ සොකෝ නිලධාරීන් සොයා බැලූ බවක් නම් අනාවරණය වන්නේ නැත. මූළුතැන් ගෙයි ඇති කිසිදු උපකරණයකට ගිනි ඇවිලීමක් සිදු නොවන්නේ ඇය ගිනි ඇවිලෙමින් නිවසින් පිටතට දුවගොස් උදව් ඉල්ලන නිසා යැයිද විශ්වාස කරන්නට පුළුවනි.

    මේ ගැනත් පොලීසිය යම් සොයා බැලීමක් කරන්නේ නම් ඇගේ මරණය සියදිවි හානිකර ගැනීමකින් සිදුවූවක් බව කියනවා වෙනුවට අපේ රටේ ගෘහණියන්ගේ නොසැලකිලිමත්කම ගැන රටට කියා තවත් කාන්තාවක් මෙවන් අනතුරකින් ගලවා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

    ගෑස් සංයුතිය පරීක්ෂා කරන සාම්පල වාර්තාවක් මොරටුව සරසවියට

    0

    ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල සංයුතිය පරීක්ෂා කිරීම සඳහා ඛනිජ තෙල් සංස්ථාවට යොමුකළ ගෑස් සාම්පල් දෙකෙන් එකක් පිළිබඳ වාර්තාව මොරටුව විශ්වවිද්‍යාලයේ රසායනාගාර විද්‍යා අංශ ප්‍රධානියා වෙත යොමුකළ බව පාරිභෝගික කටයුතු පිලිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කර තිබේ.

    ගෑස් සිලින්ඩරවල ප්‍රමිතිය හා සංයුතිය පරීක්ෂා කිරීමට තවත් දිස්ත්‍රික්ක 7 කින් හෙට සාම්පල් ලබා ගෙන ප්‍රමිති ආයතනය වෙත යොමුකරන බව හෙතෙම කීය.

    අද පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව කියා සිටියේය.

    ගත වූ දින කිහිපය තුල ගෑස් කාන්දු ආශ්‍රිතව ඇති වු ගිනි ගැනීම් සිද්ධීන් ප්‍රදේශ කිහිපයක් වාර්තා වීමත් සමග සිලින්ඩරවල අන්තර්ගත සංයුතිය සම්බන්ධයෙන් සමාජය තුල ආන්දෝලනයක් හටගැනිණ.

    ගෑස් මිලදී ගැනීමත් භාවිත කිරීමත් පිළිබඳ පාරිභෝගික ජනතාව ද මේ වනවිට පසුවන්නේ ඒ පිළිබඳව යම් සැකයකින් සහ බියකින වන අතර ජනතාව තුල පවතින මෙම ගැටලුකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය ඊයේ(26) කොළඹ ප්‍රදේශයේ වෙළඳපොලේ අලෙවියට තිබූ ගෑස් සිලින්ඩර සාම්පල් රසායනාගාර පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබුණි.

    රාජ්‍ය අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ගෑස් ටැංකි පුපුරා යාමක් සිදුව නොමැති බව රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සහ අනෙකුත් ආයතනවල මතය අනුව සඳහන් කළ හැකි බවයි.

    රත්නපුර, අලව්ව, වැලිගම, පන්නිපිටිය සහ කොළඹ තුරග තරග පිටිය අසල අවන්හලකින් ගෑස් කාන්දුවීමකින් සිදුවූ පිපිරීම් කිහිපයක් පසුගිය දිනවල වාර්තා විය.

    නුවර පාර පහළ කඩුගන්නාවෙන් හෙට උදෑසන 6 දක්වා වැසේ

    0

    කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව කොටස හෙට උදෑසන 6.00 දක්වා වසා දමා තිබේ.

    කෑගල්ල හා කඩුගන්නාව අවට පවතින අධික වර්ෂාව හේතුවෙන් මාර්ග සංවර්ධන අධිකාරිය මෙම පියවර ගෙන ඇත.

    මාර්ග සංවර්ධන අධිකාරිය රියැදුරන්ට දැනුම් දෙන්නේ, විකල්ප මාර්ග භාවිතා කරන ලෙසය.

    ගලිගමුවේ මාර්ගයකට පස්කන්දක් කඩා වැටේ – දිස්ත්‍රික් 6කට නායයාම් අනතුරු ඇඟවීම්

    0
    Landslide

    කෑගල්ල – අවිස්සාවේල්ල මාර්ගයේ ගලිගමුව, බෝයගනය මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබෙනවා.ඇතැයි වාර්තා වේ.

    මේ හේතුවෙන් එම මාර්ගය භාවිත කරන රියදුරන් සහ පදිකයින් සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය ඉල්ලා සිටී.

    මේ අතර නාය යෑමේ අවදානම් සහිත දිස්ත්‍රික්ක 6ක ප්‍රදේශ පිළිබඳ ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය අනතුරු අඟවා තිබේ.

    එලෙස අවදානමක් පවතින ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇත්තේ, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය, සහ රත්නපුර යන දිස්ත්‍රික්කයි.

    මහනුවර උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය, දැරණියගල, දෙහිඕවිට, මාවනැල්ල, වරකාපොල, රුවන්වැල්ල, කෑගල්ල, ගලිගමුව, යටියන්තොට,
    අරණායක, බුලත්කොහුපිටිය සහ රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය, කෑගල්ල මාවතගම සහ කුරුණෑගල පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජනතාවට නායයාම් අවදානම් අනතුරු අඟවා ඇත.

    ලබන මස සිට මාකුඹුර බස් නැවතුමෙන් අන්තර් පළාත් බස්

    0

    ලබන මාසයේ සිට කොට්ටාව, මාකුඹුර බස් පර්යන්තයේ සිට අන්තර්පළාත් නව බස් සේවාව ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා පවසයි.

    මෙම නව බස් සේවාව අනුරාධපුර, මහනුවර, මොණරාගල, කුරුණෑගල, වව්නියාව, මුලතිව් යන ප්‍රදේශයන්ට ධාවනය කෙරෙන කිරීමට නියමිත බවද ඔහු සදහන් කළේය

    අලුත් කොවිඩ් ප්‍රභේදයට නම් තියන්න WHO අකුරු මඟහැරියේ චීනය නිසා?

    0

    COVID-19 හි දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් නව ප්‍රභේදය සොයාගැනීමත් සමඟ ‍ලොව පුරා සෞඛ්‍ය අංශ ආර්ථික විශේෂඥයින් පමණක් නොව, දේශපාලන වශයෙන් ද යම් කනස්සල්ලක් හා කතාබහකට ලක්වීමට හේතුවී ති‍බේ.

    ඒ කොවිඩ් ප්‍ර‍භේද නම් කෙරෙන ග්‍රීක හෝඩියේ අකුරු 2ක් අතහැර එය Omicron ලෙස නම් කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානය චීනය කුපිත කරනොගැනීමේ ක්‍රියාමාර්ගයක් දැයි කතාබහට ලක්වී ඇත.

    ලෝක සෞඛ්‍ය සංවිධානය දකුණු අප්‍රිකාවේ ප්‍රථම වරට හඳුනා ගත් නවතම කොරෝනා වයිරස් ප්‍රභේදයේ නම සිකුරාදා ප්‍රකාශයට පත් කරන විට ග්‍රීක හෝඩියේ Nu සහ Xi අකුරු මඟහැර ඇත.

    එම අකුරු WHO වෙබ් අඩවියේ දත්තවලට අනුව, කොවිඩ් ප්‍රභේදයක් සඳහා තවමත් භාවිතා කර නොමැති ග්‍රීක හෝඩියේ ඊළඟ අකුරු විය.

    දේශපාලඥයින් අනුමාන කරන්නේ ‘නව’ යන අර්ථ දෙන Nu අකුර දැමීමෙන් ඇතිවිය හැකි ව්‍යාකූලත්වය වළක්වා ගැනීම සඳහා කණ්ඩායම ‘නු’ මඟහැර චීනයේ නායක ෂී ජින්පින්ග්ගේ නමට ලිඛිත සමානකම ඇති Xi මඟහැර ඇති බව ය.

    WHO මූලාශ්‍රයක් උපුටා දක්වමින් ටෙලිග්‍රාෆ් සංස්කාරකයෙකු සඳහන් කර ඇත්තේ ‘කලාපයක් අපකීර්තියට පත් කිරීමෙන් වළකින්න’ සඳහා Xi මඟ හැර ඇති බවයි.

    වෝල් ස්ට්‍රීට් ජර්නල් භාෂා තීරු ලිපි රචක බෙන් සිමර් ලියා තිබු‍ණේ ‘ව්‍යාකූල විය හැකි Nu සහ Xi නම් මඟ හැර කෙලින්ම Omicron වෙත යාම ගැන WHO වෙත ප්‍රශංසා’ යනුවෙනි.

    ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය ආයතන විසින් නව කොවිඩ් ප්‍රභේදය නු ලෙස හඳුන්වමින් පුවත් පළකර තිබුණේ ලෝක සෞඛ්‍ය සංවිධානය ඔමික්‍රෝන් නම් කිරීමට පෙරය. ඒ ලැයිස්තුවේ ඊළඟ අක්ෂරය පිළිවෙළින් භාවිත කරමිනි. කෙසේවෙතත් එම මාධ්‍ය ආයතනවල ක්‍රියාව පසුව හාස්‍යයට ද ලක්වී ඇත.

    ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රභේද විස්තර කිරීම සඳහා ඇල්ෆා, බීටා සහ ඩෙල්ටා වැනි ග්‍රීක අකුරු භාවිතා කර ඇති අතර, එහි වෙබ් අඩවියේ පවසන්නේ මෙම නාමය “විද්‍යාත්මක නොවන ප්‍රජාව විසින් සාකච්ඡා කිරීම පහසු සහ ප්‍රායෝගික වනු ඇති” බවයි. ඔමික්‍රොන් යනු ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සැලකිලිමත් විය යුතු ප්‍රභේදයක් ලෙස නම් කරන ලද පස්වන ප්‍රභේදයයි. Lambda, Epsilon සහ Mu ප්‍රභේද සියල්ල ද නම්කිරීමම් බවට පත් කර ඇත.

    නමුත් එක්සත් ජාතීන්ගේ මහජන සෞඛ්‍ය ඒජන්සිය හේතු දෙකක් නිසා Nu සහ Xi මග හැර ඇති බව ප්‍රකාශිකාවක් වන ආචාර්ය මාග්‍රට් හැරිස් පවසා තිබේ.

    ‘නු’ පිළිබඳ තර්කය වූයේ නමකට වඩා එය නව ප්‍රභේදය යැයි සිතා මිනිසුන් ව්‍යාකූල වනු ඇති බවයි. ‘XI’ යන්න පොදු වාසගමක් වන අතර අපකීර්තිය වැළැක්වීම සඳහා ස්ථාන නම්, පුද්ගලයින්ගේ නම්, සතුන් යනාදිය භාවිතා කිරීමෙන් වළකින නීති රීති වලට අපි එකඟ වී ඇත.’

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවියේ දක්වා ඇති කොවිඩ් ප්‍රභේදවල නම් ලැයිස්තුව.

    ග්‍රීක හෝඩිය

    දකුණු කොරියාව බලු මස් තහනමකට සැරසෙයි

    0

    දකුණු කොරියාව බලු මස් අනුභවය තහනම් කිරීම සලකා බැලීම සඳහා කාර්ය සාධක බලකායක් දියත් කර තිබේ.

    ඒ එරට ජනාධිපතිවරයා විසින් එම පුරුද්ද අවසන් කිරීම පිළිබඳව සොයා බැලීමට ඉදිරිපත් වීමෙන් පසුවය.

    තරුණ අය සාමාන්‍යයෙන් බලු මස් ආහාර ගැනීමට අරුචියක් පෙන්වන අතර සුරතල් සතුන් ජනප්‍රිය වෙමින් පවතින බැවින් රට තුළ බලු මස් සපයන අවන්හල් සංඛ්‍යාව ද පහත වැටී ඇත.

    කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු රජයේ කාර්යාල හතක් පැවසුවේ බලු මස් පරිභෝජනය තහනම් කළ හැකි නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා නිලධාරීන්, සිවිල් විශේෂඥයින් සහ අදාළ සංවිධානවල පුද්ගලයින්ගෙන් සමන්විත කණ්ඩායම දියත් කිරීමට තීරණය කළ බවයි.

    බලධාරීහු මහජන මතය විමසා බලමින් සුනඛ ගොවිපලවල්, ආපනශාලා සහ අනෙකුත් අංශවලින් තොරතුරු රැස්කරයි.

    දැනට මෙම තීරණය සඳහා එරට තුළ අකමැති පිරිස මෙන්ම කැමැති පිරිස ද සම සමව සිටින බව වාර්තා වේ.

    ශ්‍රී ලංකාවෙන් රටවල් 6 කට තහනමක්

    0

    රටවල් හයක සංචාරකයින්ට ශ්‍රී ලංකාවෙන් සංචාරක තහනමක් පනවා තිබෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කරයි.

    ඒ අනුව පසුගිය දින 14 තුළ දකුණු අප්‍රිකාව, නැමීබියාව, සිම්බාබ්වේ, බොට්ස්වානා, ලෙසෝතෝ සහ එස්වාටින් යන රටවලට ගිය විදේශිකයන්ට ශ්‍රී ලංකාව පැමිණීම තහනම් කරයි.

    omicron ලෙස නම් කරන ලද නව කොවිඩ් ප්‍රභේදයක් ප්‍රථම වරට නොවැම්බර් 24 වන දින දකුණු අප්‍රිකාවේදී අනාවරණය වූ අතර බොට්ස්වානා, බෙල්ජියම, හොංකොං සහ ඊශ්‍රායලයේ ද හඳුනාගෙන ඇත.

    රටවල් ගණනාවක් දැනටමත් දකුණු අප්‍රිකාවට සහ ඉන් පිටතට ගමන් කිරීම තහනම් කර හෝ සීමා කර ඇත.

    ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පැවසුවේ, මුලින් B.1.1.529 ලෙස නම් කරන ලද මෙම ප්‍රභේදයේ සිද්ධීන් සංඛ්‍යාව දකුණු අප්‍රිකාවේ සියලුම පළාත්වල පාහේ වැඩිවෙමින් පවතින බව පෙනෙන බවය.

    දකුණු අප්‍රිකානු නව කොරෝනා ප්‍රභේදය ‘ඔමික්‍රොන්’ ලෙස නම්කරයි

    0

    දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් නව කොරෝනා වෛරස ප්‍රභේදය ඔමික්‍රොන් ලෙසින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර තිබේ.

    ඒ අනුව මෙම නව ප්‍රභේදය සැලිකිලිමත්විය යුතු ප්‍රභේදයක් ලෙසද ඊයේ (26) රැස්වූ ලෝක සෞඛ්‍ය සංවිධන හදිසි රැස්වීමේදී නම් කර ඇති බවට වාර්තාවේ.

    ඔමික්‍රෝන් ප්‍රභේදය මෙතෙක් හඳුනාගත් කොරෝනා වෛරස ප්‍රභේද වලට සාපෙක්ෂව වැඩි විකෘති වීම සංඛ්‍යාවක් පෙන්නුම් කරන බවත් එය පැතිරයාමේ වේගය වැඩි බවත් විද්‍යාඥයින් පෙන්වාදෙයි.

    ඉකුත් 24 වැනිදා මෙම ප්‍රභේදය සම්බන්ධයෙන් මුල් වරට ලෝක සෞඛ්‍ය සංවිධානයට දකුණු අප්‍රිකාව දැණුම්දී තිබූ අතර දකුණු අප්‍රිකාවේ මෙන්ම බොට්ස්වානා, හොංකොන් සහ බෙල්ජියමෙන් මෙම නව ප්‍රභේදය ආසාදනය වූවන් හදුනාගෙන තිබේ.

    මේත් සමඟ බි්‍රතාන්‍ය ඇතුලු රටවල් රැසක් මේවන විටත් දකුණු අප්‍රිකාවෙන් පැමිණෙන සංචාරකයින්ට සිය දේශ සීමා වසා දැමීමට තීරණය කර ඇත.

    එසේම ඊයේ රාත්‍රියේදී ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින්ද දකුණු අප්‍රිකාව සහ තවත් ඊට ආසන්න රටවල් අටක සිට පැමිණෙන සංචරකයින්ට රටතුලට ඇතුලු වීම එළැඹෙන සදුදා සිට දේශ සීමා වසා දැමීමට තීරණය කර තිබේ.

    කෙසේ වෙතත් ඇතැම් පාර්ශව විසින් දකුණු අප්‍රිකාවෙන් පැමිණෙන ජනයාට දේශ සීමා වැසීම විවේචනය කර ඇති අතර තවත් පර්ශවයින් මේවන විටත් වෛරසය වෙනත් රටවලට පැතිර ගොස් ඇති බවටද සැක පළකරයි.

    අද එන්නත් මධ්‍යස්ථාන 132ක්

    0

    අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන්ට බූස්ටර් එන්නත ඇතුළුව කොවිඩ් මර්දන එන්නත් අද දිනයේ ද රට පුරා පිහිටි මධ්‍යස්ථාන 132කදී ලබාදෙන බව ජනපති කාර්‍යාලය නිවේදනය කරයි.

    අද දිනයේදී එන්නත් ලබා දෙන සියලූම මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

    Vaccination Centers on 27.11.2021

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-11-27

    0
    මෙරට පළමු අධිවේගී මාර්ගය වන දක්ෂිණ අධිවේගී මාර්ගය (E 01) එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් විවෘත කෙරුණේ 2011 නොවැම්බර් 27 වන දිනයි
    මෙරට පළමු අධිවේගී මාර්ගය වන දක්ෂිණ අධිවේගී මාර්ගය (E 01) එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් විවෘත කෙරුණේ 2011 නොවැම්බර් 27 වන දිනයි

    මෙරට පළමු අධිවේගී මාර්ගය වන දක්ෂිණ අධිවේගී මාර්ගය (E 01) එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් විවෘත කෙරුණේ 2011 නොවැම්බර් 27 වන දිනයි

    භයානක නව කොරෝනා ප්‍රභේදය යුරෝපයටත් රිංගලා

    0

    දකුණු අප්‍රිකාවෙන් හමුවූ නව කොරෝනා ප්‍රභේදය ආසාදිතයෙකු පළමු වරට යුරෝපයෙන් හදුනාගෙන තිබේ.

    ඒ අනුව බෙල්ජියමෙන්  මෙම නව ප්‍රභේදය  ආසාදනය වූ කාන්තාවක් හදුනාගෙන ඇත.

    මෙම කාන්තාවට කොරෝනා වෛරසය ආසාදන වී ඇති බවට ඉකුත් 22 වැනිදා හදුනාගෙන ඇති අතර පසුව කළ වැඩිදුර පරීක්ෂණයකදී ඇයට නව ප්‍රභේදය ආසාදනය වී ඇති බව හදුනාගෙන තිබේ.

    ඇය එන්නත්කරනයකට ලක්නොවූ කාන්තාවකි. ඇය ඊජිප්තුවේ සංචාරයක නිරතව යලි බෙල්ජියමට පැමිණ දින 11කට පසුව රෝග ලක්ෂණ පෙන්නුම කර ඇත.

    අදාල කාන්තාව ඊජිප්තුවේ සිට තුර්කය හරහා යලි බෙල්ජියමට පැමිණ ඇති බවටද මේවන විට අනාවරණය වී තිබේ

    ඒ අනුව මේවන විට ඇගේ පවුලේ සාමාජිකයන්ද පරීක්ෂාවකට ලක්කර ඇති බව බෙල්ජියමේ සෞඛ්‍ය බලධාරීන් පවසයි.

    නව ප්‍රභේදය වාර්තා වීමත් සමගම යුරෝපා සංගමය ඊට විශේෂ අවදානයක් යොමු කළ අතර දකුණු අප්‍රිඅප්‍රිකාවෙන් පැමිණෙන සංචාරකයින්ට ඇතුළුවීමට සීමා කිරීමටද යුරෝපා සංගමයේ අවදානය යොමුවිය.